(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
වී වේළන මාගල මීයා කා විනාශ කළැයි නිවසේ වහලය මුදුණේ යට ලීයේ සිටින මීයා මැරීමට කොස්සක් රැගෙන පුටුවකට නැගීමට ගිය වයෝවෘද්ධ කාන්තාවක පුටුව පෙරළී වැටී ඇතැයි කියන සිද්ධියක් කෑගල්ල ප්‍රදේශයේ තරමක් දුෂ්කර ගම්මානයකින් වාර්තා විය.
මෙලෙස පුටුව පෙරළී වැටී ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි සිව්දරු මවකි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
වයෝවෘද්ධ කාන්තාවගේ සැමියාට වී ලාස් හයක කුඹුරු ඉඩමක් ඇති අතර මෙම කුඹුර වගා කර ලබා ගන්නා වී ටිකෙන් ඊළඟ කන්නය දක්වා යැපෙන නිසා ඔවුන් කිසිම දවසක වෙළෙඳ පොළෙන් හාල් ගෙනාවේ නැත.
සෑම කන්නයකම කුඹුරු කරන නිසා නිවසේ කුඹුරු වැඩට ගන්නා බඩු භාණ්ඩවල අඩුවක්ද නැත.
මෙම කාන්තාව මාවනැල්ල ප්‍රදේශයේ ඥාතිවරයෙකුගේ නිවසකට ගිය අවස්ථාවේදී රුපියල් 800 ක මුදලක් ගෙවා අසල්වැසි නිවෙසකින් වී වේළීමට තල කොළ වලින් වියන ලද මාගලක්ද ගෙනාවේය.
පසුගිය ගිය කාලේ අධික වර්ෂාපතනය නිසාම මාගල් එල්ලා තිබුණි. දිනක් රාත්‍රි කාලයේ මීයෝ මාගල කපන ශබ්දය කාන්තාවට ඇසුණි. පසු දින පොඩි පුතා ලවා එල්ලා තිබුණු මාගල් තුන බිමට ගත්තේ මීයෝ වැඬේ දීලා ඇද්දැයි බැලීමටය. කීවාක් මෙන් මාගල මීයන් කා විනාශ කර දමා ඇති අයුරු කාන්තාවට දැකගන්නට ලැබුණි. ඇය සෑම පුරපසළොස්වක පෝයකටම විහාරස්ථානයේ සිල් සමාදන් වෙමින් දැහැමි දිවි පෙවතක් ගත කළද මීයන් මාගලට කළ විනාශය උහුලාගත නොහැකිවිය.
මුදුන් යටලීයේ සිට මීයෙක් තමන් දෙස බලා සිටින අයුරු කාන්තාව දුටුවේය. මාගල කෑවාට මීයාට හොද වැඩක් කරන්නෙමියි හිතා කාමරයක තිබු කොස්ස ගෙන මීයා මැරීමේ අදහසින් පුටුවකට නැගීමට සුදානම් වෙනවාත් සමඟම පුටුව සමඟ කාන්තාවද බිම වැටුණි.
පුටුව පෙරළුණු ශබ්දය ඇසී දුව ආ බාල ලේලිය අම්මා බිම සිටින අයුරු දැක නැගිට්ටවා බීමට තේ කොප්පයක්ද සාදා දී ඇත.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මීයෙක් යකා නටලා