රෝගාතුරව සිටිය දී පුතාගේ නමට හැර වූ විශ‍්‍රාමික ගුරුවරියගේ විශ‍්‍රාම වැටුප මව මියගොස් මාස හයක පමණ කාලයක් ලබාගත් පුත‍්‍රයකු බැංකු නිලධාරීන්ට හසුවීමේ පුවතක් පසුගිය සතියේ අහුන්ගල්ල ප‍්‍රදේශයෙන් වාර්තා විය.
මෙම පුත‍්‍රයා ද රාජයේ රැුකියාවක් කරයි. අවසාන කාලයේ දී රෝගාතුරවී සිටි මව බලාගත්තේ ඔහුය. ඒ නිසා මව පුතාගේ නමට විශ‍්‍රාම වැටුප හරවා තිබුණි. නියමිත දින බැංකුවට ගොස් වැටුප ගෙන මවගේ අවශ්‍යතා ඉටුකළ පුතා සතුටින් විසීය.
මව මීට මාස හයකට පමණ ඉහතදී මියගියාය. එහෙත් ඒ බව අදාළ අංශවලට දන්වා විශ‍්‍රාම වැටුප ගැනීම නතර කිරීමට පුත‍්‍රයා උනන්දු නොවීය. ඔහු කිසිවක් නොදන්නා මෙන් බැංකුවට පැමිණ විශ‍්‍රාම වැටුප අරගත්තේය.
මේ ගැන පරීක්‍ෂාවෙන් සිටි අයෙකු අදාළ වංචාව ගැන බැංකු කළමනාකරුට දැනුම් දුන්නේය.
මෙම මාසයේ ද විශ‍්‍රාමික ගුරුවරියගේ පුත‍්‍රයා විශ‍්‍රාම වැටුප් ගැනීමට බැංකුවට පැමිණියේය. එය දුටු කළමනාකරු ඉදිරිපස දොර වසන ලෙස ආරක්‍ෂක නිලධාරියාට දන්වා ඔහු කොටුකර ගත්තේය. අනතුරුව පුත‍්‍රයාගෙන් ප‍්‍රශ්න කළේය.
‘‘තමන් කොහොමද මියගිය අම්මාගේ විශ‍්‍රාම වැටුප තාමත් ගන්නේ’’ කළමනාකරුගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ බියට පත් පුත‍්‍රයා වරද පිළිගත්තේය.
මේ ගැන පොලිසියට කීමට පෙර නීති විරෝධීව ගත්ත මුදල් වහාම ගෙවනවා. ඔහු කළමනාකරුගේ නියෝග අනුව වංචනිකව ගත් මුදල් ගෙවීමට එකඟ විය.
ඒ අනුව බිරිඳට දුරකථන ඇමතුමක් දී රාත‍්‍රං බඩු එම බැංකුවටම උකස් කොට විශ‍්‍රාමික මවගේ විශ‍්‍රාම වැටුපෙන් ගත් මුදල් ගෙවීමට මෙම පුත‍්‍රයා කටයුතු කළේය. ඒ නිසා වැඬේ පොලිසි නොගොස් ගොඩින් බේරා ගැනීමට හැකිවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකුව මුදල් ආපසු ගත්තට ඒවා රජයේ මුදල් නිසා නැවත ප්‍රා. ලේ. ට යවා ඇද්ද ?(දිල්)
හැම අවුරුද්දෙම විශ්‍රාම කාර්යාලයෙන් පෝරමයක් එනවා එක පුරවලා යවන්න ඕනි විශ්‍රාම වැටුප් ගන්න කෙනා සහ ග්‍රාම සේවක ප්‍රාදේශීය සභාව තව දොස්තර කෙනෙක් මේ කෙනා ජීවතුන් අතර ඉන්නවාද කියලා .එහෙම සහතික කළාම ආයේ ගෙවන්න පටන් ගන්නේ නැත්නම් ගෙවන්නේ නැ.සමහර බැංකුවේ අයත් සල්ලි ගන්න අවස්ථා තියෙනවා (දිල්) .
මෙය වංචාවක්. බැංකු කළමනාකරුගේ ක්‍රියාමාර්ගය වැරදි. (ර)
සල්ලි ඉදිරියේ ගොඩක් අයට තමන් කරන්නේ මොකක්ද කියලා අමතක වෙනවා. (නි)
සමහරවිට අම්මා මැරුණා කියලා පුතාට අමතකවෙන්න ඇති හිතේ අමාරුවටම !!! (නි)
නෙලුම්,හරි.මට හිතෙන්නේ මුදල් අම්මා වෙනුවෙන් පින් අතේ වැඩට දෙන්න ඇති..(හේ)
විශ්‍රාමිකයාගේ අත්සන සහිත විශ්‍රාම වැටුප් පෝරමය බැංකුවට ලැබීමෙන් පසුව තමයි සාමාන්‍යයෙන් ගිණුමට විශ්‍රාම වැටුප බැර කරන්නේ. එහෙම නොලැබී මෙහෙම කොහොම ගිණුමට බැර වුනාද මන්දා .(දිල්)
පරලොවට යුතුකම් ඉටුකරන්න වෙන්න ඇති (නදී)
විශ්‍රාමිකයෙකු මියගිය පසු ඒ පිළිබදව දින 7ක් තුල වාර්තා කිරීම ග්‍රාම නිලධාරී සතු වගකීමකි. ඇයි ග්‍රාම නිලධාරී වාර්තා නොකලේ. (නදී)
මේ ආකාරයටම විශ්‍රාමිකයාගේ මුනුපුරෙක් තම සීයා වෙනුවෙන් තැපැල් කන්තෝරුවෙන් විශ්‍රාම වැටුප් ලබා ගැනීමට බලය දී තිබුනා. එම විශ්‍රාමිකයා මිය ගියේ විශ්‍රාම වැටුප් ගෙවන දිනට පෙර දින රාත්‍රියෙයි. මුණුපුරා පසුදින උදයේම වැටුප ගත්තා. ලස්සනම වැඩේ අල්ලපු ගෙදර ඉන්නා තැපැල් මහත්තයාටවත් පහුවෙනිදා දවල් වනතුරු මරණය දැන ගැනීමට ඉඩ නොතැබීමයි. (නදී)
පුතාට ආතතිය හැදිලා ඇති (නි)
අතාරින්න එපා. ලංකාවේ ලොකුම හොරකම අහුවෙලා තියෙන්නේ. එල්ලුම්ගස් යවලම තමයි නවතින්න ඕනෑ. (බ)
වැඩේ වැරදියි තමා. ඒත් අපේ ලොකු ලොක්කො වැරැද්ද පිළිගනීද ? ගත්තෙම නැහැ කියයි (නි)
පරීක්ෂාවෙන් සිට කළමනාකරුට දැනුම් දුන්නේ බැංකු නිලධාරියක්ද? මේ වාගේ දේවල් බැංකු වල ඉදහිට සිද්ධවෙනවා. (නි)
බුද්දිමත්,වැදගත්,හොඳ කළමනාකාර මහත්මයෙක්.(නදී)
බැංකු කළමනාකරුට එසේ කිරීමට නීතියක් තිබේද ? විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකට මරණ සහතිකය යවා වැටුප නවතාගත යුතුයි. වංචා කර ගත මුදල පිලිබඳ තීන්දු ගැනීම වැටුප් අධ්‍යක්ෂ තීන්දු ගතයුතුයි (නදී)
බැංකු මැනේජර්ට ද ගෙවල තියෙන්නේ ? (බ)