IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


මර නින්දේදී හීනයකට බියවී කන්තෝරුව දෙවනත් කරලා

(වියලුව වාර්තාකරු)
 රාජකාරි වේලාවේදී කාර්යාලීය මේසය මත මර නින්දේ පසුවූ ලිපිකාර මහත්මියක සිහිනයක් දැක බිය වී මුළු කාර්යාලයම දෙවනත් කරමින් කෑ ගැසූ බව කියවෙන පුවතක් වාර්තා වෙයි.


සිද්ධිය මෙසේය.


එය අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි එක්තරා කාර්යාලයකි. දිවා ආහාරය ලබා ගැනීමෙන් පසු සියලු සේවකයෝ තමුන්ට පැවරුණු රාජකාරි යුහුසුළුව ඉටු කරන්නට වූහ.


මේ අතර තවත් කීප දෙනෙකු අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට වූයේ තමන්ට පැවරුණු රාජකාරි කල්තබාම අවසන් කළ නිසාය.  එක්වරම ශාලාවේ කොණක වාඩි වී සිටි ලිපිකාර මහත්මිය මර ළතෝනි දී කෑ ගසා සිට ගත්තේ එහි සේවක පිරිස පමණක් නොව පැමිණ සිටි සේවා දායකයින් ද අන්ද මන්ද කරමිනි.


 මද වේලාවක් තුෂ්ණිම්භූතවී බලා ගත් වනව බලා සිටි ඇය පිරිස දෙස බයාදු බැල්මක් හෙළමින් වාඩි වූවේ තමන්ට සිදුවූ ඇබැද්දියට සමාව අයදින්නට මෙන්ය.


දිවා ආහාරයෙන් පසුව රජකාරි මේසය මතම නින්ද ගොස් සිටි ඇය නපුරු හීනයක්  දැක  දැඩිසේ බියට පත්ව මෙලෙස කෑ ගැසූ බව ඇය ළඟට දිව ආ තම සහෝදර සේවක පිරිසට කියා සිටියේ ‘‘අනේ ඊයේ රෑ බබා ඇහැරලා. මම නිදා ගත්තේම නැහැ. මට ටිකක් නින්ද ගියා’’ යනුවෙන් නිදහසට කරුණක් කියමිනි.


 ‘‘හොඳ ටික’’ යැයි කොඳුරමින් පිරිස යළිත් සිය කටයුතු ආරම්භ කළේ පැමිණ සිටි සේවා දායකයින්ට ද සිනහවකින් සංග්‍රහ කරමිනි.  

 



අදහස් (2)

මර නින්දේදී හීනයකට බියවී කන්තෝරුව දෙවනත් කරලා

අනේමන්දා Thursday, 16 July 2020 01:34 PM

කරන්නන් වාලේ කාර්ය මණ්ඩල වැඩිකිරීමත් සපයන සේවය සැපයීමට අවශ්‍ය සේවක පිරිසට වඩා රැකියාදීමේ අභිලාෂයෙන් බඳවා ගැනීම් නිසා කළයුතු වැඩක් නැති අය ‍මෙලෙස නිදාගන්නවා. මම සේවය කළ කාර්යාලයකට ගොවියන් සම්බන්ධ දිස්ත්‍රික් කාර්යාලයක සිට මාරුවී පැමිණි යතුරු ලේඛිකාවක් (2004 ට පෙර) දිවා ආහාරයෙන් පසුව නිදාගන්නවා. කාර්යාලයේ සියළු දෙනා වැඩ කරද්දී මැය පමණක් නිදාගැනීම නිසා පරිපාලන නිලධාරිනිය ඇය ගෙන්වා ප්‍රශ්නකළා. ඇය කිව්වේ ඇයගේ පෙර කාර්යාලයේ වැඩ නැතිනිසා දහවල් බොහෝ දෙනෙක් නිදාගන්නා බවත්, ඇයට එම පුරුද්ද අත්හැරීම අපහසු බවත්ය.

:       0       82

KamalThursday, 16 July 2020 02:03 PM

රජයේ සේවකයන් ලක්ෂ 15ක් විශ්‍රාමිකයන් ලක්ෂ 5ක්. ඒ කියන්නේ යැපෙන්නන්ද සමග බැලුවොත් ලංකාවේ ජනගහනයෙන් කාලක් ජීවත් වෙන්නේ රජයෙන්... මොවුන්ට පඩි ගෙවීමට මුදල් ණයට ගැනීම හැර වෙන විකල්පයක් නැහැ.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ලොක්කාගේ කතාවෙන් පටිරෝල් වෙලා
2025 අප්‍රේල් මස 24 9 0

මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟු‍ලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 383 1

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 471 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 622 1

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 632 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 714 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 671 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site