වයඹ පළාතේ පොල් ඉඩමක හිමිකරු වුවත් ඔහුගේ පදිංචිය බස්නාහිර පළාතේය. වත්තේ මුරකරු අහිංසකයෙකි. වත්තට ආ හොරකු දුටුවත් අවවාද කොට යැවීම හැරෙන්නට ඔහු දඬුවම් කළේ නැත. මෙය වතු හිමියා නොරිස්සුවේය. කීප අවස්ථාවකම මුරකරුගේ මනුස්සකම දුටු ඔහු වත්තට තරමක් සැර අලූත් මුරකරුවකු පත් කළේය. මේ ගැන විමසූ පැරණි මුරකරුට ඔහු කීවේ ‘‘තමුසෙත් නරක නෑ. ඒත් තමුන්ගෙ හිත හොඳ වැඩියි. ඔය මනුස්සකමත් එක්ක මේක කරන්න බෑ’’ කියායි.
පසුගිය සතියේ පැරණි මුරකරු උදේ පාන්දරම වතු හිමියා සොයා ආවේ තුවක්කුවක්ද රැුගෙනය. වතුහිමියා බියවිය.
මං ආවෙ සර්ගෙ අලූත් මුරකරුගෙ තුවක්කුව සර්ට දීල යන්න. එයා ඊයේ ? හොඳටම නිදි. මට ඕනනං මේක ගෙදර ගෙනියන්න තිබුණා. ඒත් සර් නිතර කියන මගේ ‘‘නරක’’ මනුස්සකම තවම තියෙන නිසා මේක සර්ට දීලා යන්න හිතුණා කීමෙන් වතු හිමියාට තරු පෙනුණාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පොල් ඉඩමට මුර කාරයෙක් නැහැ. ඒත් හොරු කඩන්නේත් නැහැ. (දී)
මනුස්සකම තියන අයට හරියන්න කාලයක් යනවා. (දී).
නියමයි (දී)
අයියෝ සල්ලි (දී)
දැන් වත් ලොක්කට තේරුනාද මනුස්ස කමේ වටිනාකම.? (දී)
මුරකරු අහින්සක නිසා තමා මෙපමන කලක් ජීවත්වෙලා ඉන්නේ නැත්නම් ඉතින් හොරෙකුගේ ගොදුරක්වෙලා හුඟක්කල්. (නදී)
අපේ අම්මයි අප්පච්චියි කවදාවත් අපේ ඉඩම් වලට වැටවල් ගැසුවේ නැහැ , වත්තේ පුරාවටම හැම දෙයක්ම වගා කරලා තිබුන, දුප්පත් මිනිසුන් වගේම යමක් වගා කරන්න අකමැති වටේ ඉන්න අය මහා රෑ අපේ වත්තේ තියන මයියොක්ක , ගස් පිටින් ගලවන් යනවා , මුරුංග ගහේ..නමා හැලිලා අතු පාත්වෙලා බිමට නැවිලා තියෙන අතු පින්ම කඩන් යනවා ..උදේට නැගිටලා වත්ත වටේට යාම පුරුද්දක් උණු අප්පච්චි, බිම දිග හැලිලා තියන අමු පස් , මුරුංග කරල් පිටුපස යනවා, ඒ හොරාගේ ගෙදර මිදුලට යන අප්පච්චි ..ඒ අපේ වත්තට පැනපු හොරා බව දැනගෙන ..ආපසු එනවා...? එලවළු මයියොක්ක බතල අනිවාරයෙන් පළ නෙළන දාට අඩගහල ඒ ගෙවල් වලට දෙනවා, ළමයි 7,8,9, හිටිය ඒ ගෙවල් හැමෝගෙම ..අපි ගොඩාක් අසරණ යින්ට එදා ඉදම්ම උදව් කළා ..අපිත් එදා ගොඩාක් දුප්පත්, අපිට කවදාවත් අග හිග කම් ඇති වුණේ නැහැ ..!!! (අ)
මනුස්සකම වැඩිවීමත් ප්‍රශ්නයක් තමයි (නි)
ඔබ ඔබට මෙන් අසල්වැසියාටත් ප්‍රේම කරනවානම් මේ ලෝකය කොයිතරම් ලස්සන තැනක් වෙන්න තිබුනාද? (නි)
රුපවති අක්ක ගේ ගෙවල් තියෙන්නේ කැලවනේ මොන වැටවල්ඩ් ද ..(අ)
අද කාලේ අසලවාසියට ප්‍රේම කරන්න ගියොත් බෙල්ල කැපෙනවා! (ස)
රුපවති කැමති නැද්ද නව කතාවක් ලියන්න ...හොද අලෙවියක් තියෙයි (අ)
ඔවු චානක..? ඇත්තටම අපි කුඩා කල හිටියේ හද්දා කැලයක..හැමෝම ඒ ගමේ දුප්පත් .. එදා ඒ එහෙම වුණත් පරණ මිනිසුන් මියැ දුන පසු අලුත් පරම්පරාව නිසා, ඒ ගමේ තිබු ඒ ලස්සන , වැව්, ඇළ, දොළ , ඔයවල් , කුබුරු , ගහ කොළ පවා මට හදුනා ගන්න වත් බැරි තරමට .. විනාශ කරලා ..?නිවාඩුවට ගියාම මා ඒ ගමටත් යනවා ඉඳහිට. ඇසට කඳුලක් අනිවාර්යයි ඒ විනාශ වුණු අපේ දුප්පත් ලස්සන ගම දකින විට ..? එදා තිබුණු ඒ අදුරේ උනත් කැලයක් මැද තිබුණු ගම්මානයේ සුන්දර ලස්සනක් තිබුණ. මේ ලියන විටත් මට දුකයි මා ඉපදුනු ඒ ගම ගැන සිහි වෙන විට...? ඒ දුප්පත් සොදුරු ගමෙන් දුප්පත් ජීවිත තුලින් අපි විදි අද්දැකීම් අද ජීවත් වෙන කිසි වෙකුට මුළු ජීවිත කාලය වැය කලත් මුදල් කොටි ගානක වියදම් කලත් .. ලබා ගන්න බැහැ..? එත් දුකයි කියන්නේ ඒ ගමට තාමත් ලයිට් නැහැ, සැවොම අදුරේ ..? (අ)
රුපවති මහත්මියට ප්‍රසංසා කල යුතුයි.සිංහලයාගේ සිරිත සිංහලයාට අපහස කරන එක නේ. (අ)
ඉතා හොඳ කතාවක් (නි)
රූපවතී අක්කා සමාවෙන්න හිත රිදුනා නම් (නදී)