මාතර නගරයේ නව මාර්ග සංඥා පද්ධතිය ක‍්‍රියාත්මක වෙද්දී කොළඹ දෙසට යන වාහන නතර වූයේ රතු එළිය වැටීම සමඟය. ඉදිරියෙන්ම වූයේ පෞද්ගලික බස් රථයකි. යළිත් කහ එළිය දැල්වී ක්ෂණයකින් කොළ එළිය ද වැටුණි. එහෙත් ඉදිරිපස වූ බස් රථය ධාවනය නොවූයෙන් ඊට පිටුපසින් ඇති වාහනවල රියැදුරන් කලබල වී නළා හඬ නඟන්නට වූයේ මහත් කරච්චලයක් ඇති කරමිනි. යතුරුපැදිකරුවන් බසයට එහා පැත්තේ ඉඩ ඇති තැනින් ඉදිරියට ගියත් වෙන කිසිම වාහනයකට යාමට බැරි වූයේ පාර මැද නතර කර තිබූ බසය හෙල්ලූනේවත් නැති බැවිනි. බැරිම තැන තම රියෙන් බැස්ස වාහන රියැදුරෙක් ඉදිරියට ආවේ බස් රථයේ රියැදුරුට හොඳවැයින් දෙකක් කතා කිරීමේ අදහසිනි. එහෙත් ඔහු දුටුවේ බස් රියැදුරු සුක්කානමට ඔළුව ගසාගෙන නිදා සිටින අයුරුයි. බස් රියැදුරු අවදි කර පෙර කී රියැදුරා තම වාහනය කරා යන විට ආයිත් වැටි තිබුණේ රතු එළියකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හසිත් කිවුව එක නම් ඇත්ත. (නි)
අනේ කියන බොරු. (නි)
ජපානයේ මෙහෙම වුණා නම් ජීවිත කාලයටම රියදුරු අසුනක හිදගැනීම තහනම්. (නි)
පිස්සු කතා... (නි)
මේක බොරුවක් (ස)
හපොයි.. එයා කලින් දවසේ කසාද බැන්දේ. නිදිමත ඇති. (නි)
නිදිමතේ රිය පදවලා අනතුරක් නොවීම ගැන සතුටු වෙමු. (නි)
බොරු බයිලා.මේ වගේ මට්ටු වෙන දේවල් කරන ඔය වගේ මෝඩයෝ ලංකාවේ නැහැ දැන්.(ස)
මේක පිළිගන්න පුලුවන් රියදුරා විතරක් ඇතුළේ හිටියා නම්. (නි)
මටත් ඔය දේ වෙලා තියෙනවා. (නි)
බස් එකේ හිටියේ රියදුරා විතරමද? (නි)
ෂුවර් එකටම තිතට මතේ ප්‍රතිඵලක්ද දන්නේ නෑ (ස)
බොරුද කොහෙද? (නි)
මෙහෙම දේවල් වෙන්න පුලුවන්. පුද්ගලික අංශයේ රියදුරන් කොහොමත් අවිවේකිනේ. (නි)
මේ වගේ අවස්ථා මම දැකලා තියෙනවා (ස)
අපේ රියදුරන් රතු එලියට නිදාගන්නේ නෑ .පුළුවන්නම් රතු සිග්නල් එකත් කඩාගෙන යයි..(ස)
මගීන් හා කොන්දොස්තර වරයෙක් නැති බස් එකක් වෙන්න ඇති නේද ??? නැත්නම් කතාව අතේ මාට්ටු (ස)
රුපියල පස්සේ දුවන අය නිසා නිදා ගන්නවත් වෙලාවක් නෑ ....හොඳ වෙලාවට ඔහොම උනේ...යන ගමන් නින්ද යනවනම් (ස)
කෙටි නින්දක් හරි අරගෙන ජීවිත බේරගත්ත එක ලොකු දෙයක් , ඕස්ට්‍රේලියාවෙනම් දුර ගමන් සේවා යද්දි කෙටි නින්දකට ස්ථාන නම් කරලා තියෙනවා (power nap) රියදුරු මහත්තයා මාර්ගයෙන් ඉවතට ගෙන නිදාගත්තනම් තමයි වැඩියම හොඳ ? (ස)
මේ වගේ ඩ්‍රයිවර්ල ලංකාවේ නෑ (ස)
මේවනම් බොරු කතා (ස)