ගමේ මුදලාලිගේ ණය පොත නිසා සිදුවන්නට ගිය මහ විනාශයකට නැවතීමේ තිත තැබීමේ අපූරු පුවතක් අසන්නට ලැබුණේ අම්බලන්ගොඩ ප‍්‍රදේශයෙනි. නමින් මිත‍්‍රපාල වුවත් ඔහු මධුවිතට ලැදි හිතුවක්කාරයෙකි. තම දියණියගේ අනිසි පෙම් සබඳතාවක් නිසා කලක් තිස්සේ ගමේ පෙරළි කළ ඔහුගේ හඬ නැවතුණේ ඇය ඔහු සමග රහසේ පැන ගිය පසුය. එහෙත් තමා හොරෙකුට රැවටුණු බවත්, ඔහු එක් දරු පියකු බවත් පවසමින් පසුගිය දා දුව ආපසු ගෙදරට දුවගෙන ආවේ අඬාගෙනය. දෙලෝ රත්වූ මිත‍්‍රපාල කඩිනමින් සුපුරුදු මත්පැනින් උමතු වී තම දුව අමාරුවේ දැමූ පුද්ගලයාගේ ගෙදරට යනගමන් ගමේ කඬේට ද ගොඩවී ”අම්මාපල්ල ඌත් මරාගෙන මාත් මැරෙනවා” කීවේ ඇත්තටමය. කලබලයට පත්වූ මුදලාලි ”මිත‍්‍රපාල මැරෙන්න යනව නම් මගේ කඬේ ණය පියවල පලයං. ගණන රුපියල් තුන්දාස් හයසිය විසිපහයි” කී විට ඔහු ගමන බාල කොට ”අම්මප ඒකත් එහෙමද?” කියමින් නැවතුණාලූ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මරාගෙන මැරෙන්න යද්දී කඬේ මුදලාලි ණය පොත මතක් කරලා
චන්ද්‍රසිරි Friday, 14 September 2012 11:20 PM
මැරෙන්න ඕන ණය සේරම ගෙවලයි .නැත්නම් මතු ආත්මෙදි වන්දි ගෙවන්න වේවි...(ස)
Cooray Nawalage Jude Yohan Saturday, 15 September 2012 02:30 PM
මිත්‍රපාලට නිකම්ම නෙමෙයි දෙමව්පියෝ ඔය නම දාලා තියේන්නේ.. ඒක තමයි ඔය සටන ඔතනින් නැවැත්තුවෙ..!(නු)
චන්ද්‍රසිරි Saturday, 15 September 2012 12:13 AM
හුගත් අයට පස්සෙයි තේරෙන්නේ ඕක පණ යන වැඩක් කියලා. (නි)
නන්දලාල් Friday, 14 September 2012 06:14 PM
අන්න තියෙනවා දිවි නසාගැනීම් වලට හොද පිළිතුරක් (දී)
පනාගොඩ Friday, 14 September 2012 06:44 PM
හොදම විසදුමක් තමයි ඕක (දී)
ආනන්ද ජයරත්න Friday, 14 September 2012 06:48 PM
වරුනට කැමතිනම් සියදිවි නසාගන්න නයකාරයා මැරුනම නය අහොසි වෙනවා (දී)
ලලිත් Friday, 14 September 2012 01:03 PM
බීපුවහම බලු කුක්කොත් සිංහයෝ වෙනවා. මම ඔය වගේ දේවල් හොඳට දැකල තියෙනවා. ඕවා බීපුවහම කියන කතා.. මුදලාලිගේ ණය පොතත් එහෙමමයි...(ස)
රණසිංහ ප්‍රේමලාල් Saturday, 15 September 2012 02:08 AM
දුන ගැන හොයන්න දැන් ඉතින්..
ටෝනි Saturday, 22 September 2012 06:27 AM
මේකේ තව කාටවත් පෙනිච්ච නැති පැත්තක් තියෙනවා. දැන් මේ කෙල්ලව කවුරුවත් බදියිද ? ෂුවර් එකටම නැහැ. දැන් මගෙන් අහයි උඹ එහෙනම් එයාව බැදපන්කෝ කියලා. ඔව් මම එයාට කැමැති නම් එයත් මට කැමති නම් මම අනිවාර්යෙන්ම බදිනවා, මේ ලංකාවේ තියෙන්නේ එහෙම පිටින්ම විකාර. (නි)
Naleem Mohommad Saturday, 15 September 2012 06:43 PM
අප සමාඡයේ සංස්කෘතිය හා සදාචාරය පිරිහීම නිසා මෙවෙනි සිදුවීමි වැලැක්විය නොහැක (නු)
සජී Friday, 14 September 2012 02:32 PM
මට නම් හිතෙනවා ඇත්තටම මරාගෙන මැරෙන්න නෙමෙයි ගියේ කියලා .(ස)
වෙනුර Saturday, 15 September 2012 08:04 AM
තවත් අරක්කු ගැටලුවක්..!!(නු)
අශාන් Friday, 14 September 2012 03:19 PM
මෙහෙම කිව්වට තරහ වෙන්න එපා, සිංහල කට්ටිය. අපේ රටේ සිංහල ගැහැණුන්ට මොළේ නැහැ. ඒක තමයි ඔය ඔක්කොටම මුල. ඕවට අද රටේ පෙන්වන නාට්‍ය වග කියන්ට ඕනෑ. 99% තියන්නේ අසම්මත ප්‍රේමය, මිනීමැරුම්, දෙපිටකාට්ටු වැඩ, කප්පම් ගන්න හැටි, කුලියට මරණ හැටි, තහනම් ගහේ ගෙඩි කන හැටි. නරකද ඔය මැරෙන්න බය නැති කට්ටිය ඕව හදන අයව මරාගෙන මැරුණා නම්. (නි)
විජේ Friday, 14 September 2012 03:29 PM
මෙයාලට නිදහස් අධ්‍යාපනයෙන් උගන්වපු ඒවට ණයයි .මෝඩ ගෑනු ...පව් අසරණ දෙමුපියෝ .(ස)
සමන්ත Saturday, 15 September 2012 09:35 AM
අයියෝ සල්ලි............ .(ස)
වරුණ Friday, 14 September 2012 10:23 AM
ඒ කියන්නේ මුළු රටයි රටේ මිනිස්සු හැමෝමයි ණය කාරයෝ වෙලා ? සියදිවි නසා ගණනවත් විදියක් නෑ....ණය කාරයෝ පස්සෙන් එනවා...(ස)
වරුණ Friday, 14 September 2012 10:25 AM
දුවගේ මගුලට විරුද්ධ වෙන්න කලින් සොයලා බැලුවනම් ඉවරයිනේ..එහෙනම් කෙල්ලත් පැනලා යන්නේ නෑ...
හේමන්ත Friday, 14 September 2012 10:32 AM
මේකට සාක්කි දෙන්න දෙවියෝ ඕන නෑ.හෘද සාක්ෂිය හොඳටම ඇති...(ස)
මාලා Friday, 14 September 2012 09:59 PM
අයියෝ සල්ලි ඒ මරණය හොදටම ඇති
අමිල කටුනායක Friday, 14 September 2012 10:36 PM
සිංහල භාෂාවේ මූර්ධජ නයන්නෙන් පටන් ගන්න එකම වචනේ ඕක...මම ඒ වචනෙටනම් බයයි...(ස)