ගමේ මුදලාලිගේ ණය පොත නිසා සිදුවන්නට ගිය මහ විනාශයකට නැවතීමේ තිත තැබීමේ අපූරු පුවතක් අසන්නට ලැබුණේ අම්බලන්ගොඩ ප‍්‍රදේශයෙනි. නමින් මිත‍්‍රපාල වුවත් ඔහු මධුවිතට ලැදි හිතුවක්කාරයෙකි. තම දියණියගේ අනිසි පෙම් සබඳතාවක් නිසා කලක් තිස්සේ ගමේ පෙරළි කළ ඔහුගේ හඬ නැවතුණේ ඇය ඔහු සමග රහසේ පැන ගිය පසුය. එහෙත් තමා හොරෙකුට රැවටුණු බවත්, ඔහු එක් දරු පියකු බවත් පවසමින් පසුගිය දා දුව ආපසු ගෙදරට දුවගෙන ආවේ අඬාගෙනය. දෙලෝ රත්වූ මිත‍්‍රපාල කඩිනමින් සුපුරුදු මත්පැනින් උමතු වී තම දුව අමාරුවේ දැමූ පුද්ගලයාගේ ගෙදරට යනගමන් ගමේ කඬේට ද ගොඩවී ”අම්මාපල්ල ඌත් මරාගෙන මාත් මැරෙනවා” කීවේ ඇත්තටමය. කලබලයට පත්වූ මුදලාලි ”මිත‍්‍රපාල මැරෙන්න යනව නම් මගේ කඬේ ණය පියවල පලයං. ගණන රුපියල් තුන්දාස් හයසිය විසිපහයි” කී විට ඔහු ගමන බාල කොට ”අම්මප ඒකත් එහෙමද?” කියමින් නැවතුණාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි ඒ මරණය හොදටම ඇති
මේකේ තව කාටවත් පෙනිච්ච නැති පැත්තක් තියෙනවා. දැන් මේ කෙල්ලව කවුරුවත් බදියිද ? ෂුවර් එකටම නැහැ. දැන් මගෙන් අහයි උඹ එහෙනම් එයාව බැදපන්කෝ කියලා. ඔව් මම එයාට කැමැති නම් එයත් මට කැමති නම් මම අනිවාර්යෙන්ම බදිනවා, මේ ලංකාවේ තියෙන්නේ එහෙම පිටින්ම විකාර. (නි)
අප සමාඡයේ සංස්කෘතිය හා සදාචාරය පිරිහීම නිසා මෙවෙනි සිදුවීමි වැලැක්විය නොහැක (නු)
මිත්‍රපාලට නිකම්ම නෙමෙයි දෙමව්පියෝ ඔය නම දාලා තියේන්නේ.. ඒක තමයි ඔය සටන ඔතනින් නැවැත්තුවෙ..!(නු)
අයියෝ සල්ලි............ .(ස)
තවත් අරක්කු ගැටලුවක්..!!(නු)
දුන ගැන හොයන්න දැන් ඉතින්..
හුගත් අයට පස්සෙයි තේරෙන්නේ ඕක පණ යන වැඩක් කියලා. (නි)
මැරෙන්න ඕන ණය සේරම ගෙවලයි .නැත්නම් මතු ආත්මෙදි වන්දි ගෙවන්න වේවි...(ස)
සිංහල භාෂාවේ මූර්ධජ නයන්නෙන් පටන් ගන්න එකම වචනේ ඕක...මම ඒ වචනෙටනම් බයයි...(ස)
ඒ කියන්නේ මුළු රටයි රටේ මිනිස්සු හැමෝමයි ණය කාරයෝ වෙලා ? සියදිවි නසා ගණනවත් විදියක් නෑ....ණය කාරයෝ පස්සෙන් එනවා...(ස)
වරුනට කැමතිනම් සියදිවි නසාගන්න නයකාරයා මැරුනම නය අහොසි වෙනවා (දී)
හොදම විසදුමක් තමයි ඕක (දී)
අන්න තියෙනවා දිවි නසාගැනීම් වලට හොද පිළිතුරක් (දී)
මෙයාලට නිදහස් අධ්‍යාපනයෙන් උගන්වපු ඒවට ණයයි .මෝඩ ගෑනු ...පව් අසරණ දෙමුපියෝ .(ස)
මෙහෙම කිව්වට තරහ වෙන්න එපා, සිංහල කට්ටිය. අපේ රටේ සිංහල ගැහැණුන්ට මොළේ නැහැ. ඒක තමයි ඔය ඔක්කොටම මුල. ඕවට අද රටේ පෙන්වන නාට්‍ය වග කියන්ට ඕනෑ. 99% තියන්නේ අසම්මත ප්‍රේමය, මිනීමැරුම්, දෙපිටකාට්ටු වැඩ, කප්පම් ගන්න හැටි, කුලියට මරණ හැටි, තහනම් ගහේ ගෙඩි කන හැටි. නරකද ඔය මැරෙන්න බය නැති කට්ටිය ඕව හදන අයව මරාගෙන මැරුණා නම්. (නි)
මට නම් හිතෙනවා ඇත්තටම මරාගෙන මැරෙන්න නෙමෙයි ගියේ කියලා .(ස)
බීපුවහම බලු කුක්කොත් සිංහයෝ වෙනවා. මම ඔය වගේ දේවල් හොඳට දැකල තියෙනවා. ඕවා බීපුවහම කියන කතා.. මුදලාලිගේ ණය පොතත් එහෙමමයි...(ස)
මේකට සාක්කි දෙන්න දෙවියෝ ඕන නෑ.හෘද සාක්ෂිය හොඳටම ඇති...(ස)
දුවගේ මගුලට විරුද්ධ වෙන්න කලින් සොයලා බැලුවනම් ඉවරයිනේ..එහෙනම් කෙල්ලත් පැනලා යන්නේ නෑ...