බෙලිඅත්ත සිට වලස්මුල්ල දක්වා ධාවනය වන ශ්‍රී ලංගම බසයට බෙලි අත්තෙන් නැගගත්තේ හැඩි දැඩි කාන්තාවකි.
රැකියාවක් ලෙස වෙළඳාම් කටයුතුවල නිරතව සිටි බව දැනගත්තේ ඇය සතු තරාදිය සහිත බඩු මලු වලිනි. බැලූ බැල්මට ඕ පැළඳ සිටි ආභරණ ලක්‍ෂ හත අටක් වටිනා සේය.
බසය මගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණි. ඒ අතර බසය වලස්මුල්ල බස් නැවතුමට මඳක් මෙහායින් නතර කළ සැනින් හොඳට හැඳ පැළඳ සිටි තරුණයෙකු එක්වරම ඈ ළඟට ගොස් ඇයගේ ගෙලේ තිබූ ‘චේන්පට’ කඩා ගෙන දිව්වේය.
ඒ සැනෙන් ඕ “අයියෝ මගේ ලක්‍ෂ පහක චේන් එක කඩා ගෙන ගියා” කියමින් මහ හයියෙන් හඬන්නට විය. එහිදී බසයේ සිටි මගීහු ඇයට කිව්වේ පොලිසියට ගොස් පැමිණිල්ලක් දමන ලෙසයි.
එවිට ඈ කියා සිටියේ “අනේ පුතේ මොකට මං පොලිසි යන්නද? ඕක ඉමිටේෂන් මාලයක්” කියාය. එහිදී සියල්ලෝම ඇය සමග කොක් හඬ නගා සිනා සෙන්නට වූහ.
(වලස්මුල්ල - තිලක් මනම්පේරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් ආදර්ශයට ගතයුතු දෙයක්. අර මනුස්සයා නම් ආයේ කවදාවත් ඔය වැඩේ කරන එකක් නැහැ ඇඳුම් ඇඳගෙන නම්. (නි)
නියම වැඩේ තමයි (නි)
හරිම ප්‍රියජනක සිදුවීමක්. මටත් හිනා! (නි)
ඔය හිනාව තියෙයිද පිහියකින් බෙල්ල ටිකක් කපලම අරගෙන ගියානම් ? (බ)