ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
තම හොඳම මිතුරාගේ පියාගේ අවමංගල්‍ය අසා මල් වඩමක්ද රැගෙන එහි යන්නට ගිය මිතුරන් දෙදෙනකු අතර මගදී මල්වඩම ගඟකට දමා හිස් අතින් එම නිවෙසට යාමේ පුවතක් ගාල්ල දිසාවේ ගමකින් වාර්තා වේ.
ඔවුහු ඉතාම කුළුපග මිතුරෝ තිදෙනෙකි. ඉන් එක් මිතුරකුගේ මහ ගෙදර පිහිටා තිබුණේ ඔවුන් පදිංචි ප්‍රදේශයේ සිට සැතපුම් ගණනාවක් දුරිනි. ඔහුගේ වයසක පියා හිටිහැටියේ අසනීප වූ බවට මවගෙන් ලද පණිවුඩයක් නිසා මිතුරා පියාට උවටැන් කිරීම සඳහා ඔහුගේ මහ ගෙදරට ගියේය. ටික දිනකට පසු වෙනත් මිතුරකුගෙන් අනෙක් දෙදෙනාට දැනගන්නට ලැබුණේ අර මිතුරාගේ පියා මියගිය බවය.
තමන්ගේ අතිජාත මිතුරාගේ පියාට අවසන් ගෞරව දක්වා එන්නට එහි යාමට මේ මිතුරෝ දෙදෙනා කතිකා කරගත්හ. ඒ අනුව එක් මිතුරකුගේ යතුරු පැදියෙන් දෙදෙනාම මළ ගෙදර යාමට පිටත්ව ගියහ.
ටික දුරක් යද්දී මේ දෙදෙනා කතා කළේ මළ ගෙදරට මොනවා හෝ රැගෙන යායුතු බවය. එක් මිතුරකු යෝජනා කළේ මල්වඩමක් රැගෙන යමු කියාය. අනෙක් මිතුරා ද ඊට කැමැති විය. ඒ අනුව ඔවුන් පසුකරමින් සිටි නගරයේ මල් කඩයකට ගොඩ වූ දෙදෙනා මුදල් දී මල්වඩමක් සූදානම් කරගත්හ.
තවත් ටික වේලාවකට පසු මිතුරා මල්වඩමත් රැගෙන මිතුරාගේ නිවස බලා ගියේය. විශාල ගඟක් හරහා වැටි තිබුණ පාලමෙන් ද එගොඩට ගිය ද ඉන් එහාට මිතුරාගේ ගෙදරට යාමට මොවුන් හරිහැටි දැන සිටියේ නැත.
මෙම මිතුරන් දෙදෙනා කලින් එම මිතුරාගේ මහ ගෙදරට ගොස් තිබුණේ නැත. ඒ නිසා ඔවුන් ඒ අසල වූ නිවසක් ළඟ නවතා එක් මිතුරෙක් එහි ගොස් මිතුරාගේ විස්තර කියා නිවසට යන පාර ඇසීය.
නිවෙස් හිමියා පාර කියූ අතර ඔහු කීවේ මිතුරාගේ පියාට දැන් තරමක් සුව බවය.
ඒ කියූ දෙයින් මේ මිතුරෝ දෙදෙනාම මහත් අසීරු තත්ත්වයට පත් වූහ.
යතුරුපැදිය ආපසු හරවාගෙන ගඟ ළඟට පැමිණි ඔවුහු වටපිට බලා කවුරුවත් නැතිවූ තැන මල්වඩම ගඟට වීසි කළහ.
පසුව දෙදෙනා මේ කිසිවක් නොවූ අයුරින් අසල වෙළෙඳසලකින් බිස්කට් පැකැට්ටුවක් ද රැගෙන ගොස් මිතුරාගේ පියාගේ සුවදුක් විමසා ආපසු පැමිණියහ.
මේ සිද්ධිය රහසක් ලෙස තබාගත්ත ද පසුගිය දිනක එක් මිතුරකු මේ සිද්ධිය හෙළි කළේ තවත් මිතුරන් පිරිසක් සමග තේ බොමින් සිටියදීය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මල් වඩම ගඟට විසිකර ‘‘මළ ගෙදරට’’ බිස්කට් අරන් ගිහින්
සුජීව Friday, 21 April 2023 10:42 AM
සෑම කෙනෙක් ගාවම දුරකථන තියන රටක මෙවැනි සිදුවීම් බොරුවට ලියන බව පෙනේ.