බස්නාහිර පළාතට ආසන්න ගමකි. රෑ බෝවී තිබිණි. මිනිහාට මිනිහා හඳුනා ගන්නට බැරි තරමට කළුවරය. අඹ ගසක් යට සිටි කාන්තාවකගේ මාලය කඩාගත් අයෙක් හැල්මේ දිව යන්නට විය. කාන්තාව ”මෙන්න මගේ මාලය කඩාගත්තා” යැයි කෑ ගසමින් ඔහු පසුපස දිව ගියාය. වැඩිදුරක් යන්නට ලැබුණේ නැත. කඩාගත් මාලය ඔහු අතින් බිම වැටිණි. පසුපසින් දිව ආ කාන්තාව සැනෙකින් මාලය අහුලා ගත්තාය. මාලය කඩාගත් සොරා කොහි දැයි ඇය වට පිට බලන්නට වූවාය. බිම වැටුණු මාලය සොයා ගන්නට ඔහු ද බිම සෝදිසි කරමින් සිටියේය. අඩ අඳුර වුවද ඇයට ඔහු හඳුනා ගත හැකි විය. ”හත්දෙයියනේ මේ තමුසේ නේද?” ඇය වහා පැන ඔහු අල්ලාගන්නා ගමන් විමැසීය. මාලය කඩාගෙන තිබුනේ අන් කව්රුවත් නොව ඇගේ සැමියාය. සැමියාගේ ජංගම දුරකතනයට ඊට ටිකකට කලින් ඇමතුමක් ලැබිණි. ඒ වෙලාවේ ජංගම දුරකතනය තිබුනේ ඇය අතේය. අනේ ඔයා ආවේ නැත්තේ ඇයි? මොකද වුණේ? අද එන්නේ නැද්ද? යනුවෙන් අසද්දී ඇය මුවින් නොබැන සිටියාය. ඒ ජරමරය අස්සේ සැමියා මිරිකි මිරිකී සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න අහන්න එපා . පේන්නේ නැද්ද බොහොම අමාරුවෙන් ''දෙයියෝ සාක්කි '' ඇදගෙන යන්නේ..!!
මේක මනංකල්පිත කතාවක්.....සිංහලෙන් ක්ව්වොත් "ඇත්තටම හරි නෑ "
කන්න හිතුණු වෙලාවට කබරගොයත් තලගොයා වෙනවලු...
හසීගේ කතාවට මට හිනහයි. හැබැයි මටත් පිළිගන්න වෙන්නේ ඒ කතාවමයි
බොහොම හොදයි.බොහොම හොදයි.මට කියන්න වචන නෑ
මේක නරක තත්වයක්
ළඟදිම ඇනගනියි වගේ............
හසී ගෙ කතාවට ඕං මං එකගයි...
බිරිදව අදුනගන්න බැරි උනේ මෙයා දවල්ට ගෙදර යන්නෙම නැද්ද දන්නෙ නෑ
කිව්වට තරහ වෙන්න එපා දැන් නම් කිසිම රහසක් නැහැ.
නියමයි නේද වැඩ ..
මිනිහ අන්ඳුනගන්න බැරි කරුවලේ කොහොමද බිම වැටිච්ච මාලෙ දැක්කෙ?
කතාව තේරෙනව අගේට මිනිහා බිරිදගෙ මාලෙ කඩාගෙන හොර පෙමට යන්න හදන්න ඇත්තෙ.. අහිංසකගෙ කියමන හරි.
අනේ.. අනේ පව් අර මිනිහා...
කතාවෙ හැටියට මාල කඩන්න ගිහින් තියෙන්නෙ බිරිදට දුරකථනය දීල.. මේ වැඩෙන් මිනිහට තුවාල දෙකයි... නියමයි... (මාල කඩන බවත් මාට්ටු, හොර පෙමත් මාට්ටු)
මල් කොහා කියන කතාව ඇත්ත....
අද කථාව වෙනස් ආකාරයක් ගත් නිසා හොදයි. පියවර ගැලපීම පිළිබද තව උනන්දු වන්න. සුභ පතමි.
මෙහෙම දෙයක් වෙන්න බැ...
මේක පොඩ්ඩක් තේරෙන විදියට ලියන්න බැයිද?
ඇත්තටම මෙහෙම දෙයක් සිද්ධ වෙන්න පුඵවන්ද ?