”අද ඔයාගේ තේ එක බිව්වාම මට මගේ පුංචිම පුංචි කාලේ මතක් වුණා” සිය බිරිය උදෑසන නිදි යහන අසලටම ගෙනැවිත් දුන් තේ කෝප්පයේ අඩක් හිස් කළ සැමියා සිනාසෙමින් එසේ කීය. බිරිය ද සිනාසුණාය. නිවැසියන්ට, අසල්වැසියන්ට සහ හිතවතුනට හොර රහසේ හැංගි හැංගි පවත්වාගෙන ගිය පේ‍්‍රමයට මවුපියන්ගේ ආශිර්වාදය ලැබ ඔවුහු විවාහ වූහ. ආදරයෙන් ගත කළ නිවෙස දරු සුරතලයෙන් ද ඔපවත් වීය. සැමියාගේ කටයුතු සිය දවසේ දේවකාරිය සේ සලකා ඉටු කළ ඇය උදෑසන මෙසේ සැමියා අතට ගෙනැවිත් දෙන තේ කෝප්පයේ සිට නිවසේ සියලූ හැඩ වැඩ මනාව ඉටු කළා ය. මෙසේ ජීවිතය ගත කරන ඇයට උදෑසන සැමියා තේ කෝප්පය බී තමා දෙස ආදරයෙන් බලා පැවසූ දේ එදින බිරියගේ දෙසවනේ රැවුපිළිරැවු දුන්නේය. ඇය වෙනදා මෙන් සැමියා අඩක් ඉතිරි කළ තේ කෝප්පය සෙමින් තොල ගෑවාය. ඇගේ දෑස් උඩ ගියාය. දෙතොල් එකිනෙක ඇලී ගියේය. මෝල්ටඞ් මිල්ක් යැයි සිතා සැමියාට එදින තේ වෙනුවට ඇය වත්කොට දී තිබුණේ දරුවාට කැවීමට තිබූ ත‍්‍රිපෝෂ පැකට්ටුවේ පිටිවලිනි. ඒත් සමගම සැමියා තේ කෝප්පය අඩක් පානය කොට පැවසූ දෙය ඇයට නැවත සිහි වූවාය ”අද ඔයාගේ තේ එක බිව්වාම මට මගේ පුංචිම පුංචි කාලේ මතක් වුණා”
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම හරිම ප්‍රේමයෙන් පිරුණු සුන්දර කථාවක්. පවුල් ජීවිතයක් මේ විදිහට තමයි ගත වෙන්න ඕනෑ. (නි)
මට හිනා යනවා (දී)
අයියෝ තේක (දී)
නොදන්නා කම (දී)
බිරිඳට ආදරේ ඇති සැමියෙක් (ස)
ප්‍රණීත ආහාර වේලක් (ස)
මට නම් ත්‍රී පොෂ තියා වතුරවත් නෑ...!(නු)
මේක කෑමක් කරලා තියෙන්නේ..!(නු)
ඉවසිලිවන්ත සෙනෙහෙබර සැමියෙක්.. මම වගේමයි..!(නු)
මම ත්‍රිපෝෂ වලට හරි ආසයි (ස)
ත්‍රි පොෂත් හොද කෑමක් (දී)
වස විස නොවී හොද වෙලාවට ත්‍රිපෝෂ වුණේ. (නි)
හොඳ සැමියෙක් (ස)
කමක් නැහැ අගුණ නැහැ
ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෑ .(ස)
ගැලපෙන දෙන්නා දෙමහල්ලෝ , කරෝලිස්ගේ කියමන නම් හොඳයි .(ස)
මේවට දෙයියෝ සාක්කි දෙනවද ? මමනම් දන්නේ නෑ .(ස)
කවුරු වුණත් හොද සැමියෙක්. (නි)
වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් (ස)
අනේ හරි මාන්දමිකයි (ස)
ශුවර් එකටම අම්මා මතක් වෙන්න ඇති (ස)
ඕකත් වැඩක්ද ? සීනි වෙනුවට ලුණු දාන්නේ (ස)
ඉතා ප්‍රේමණීයයි...! සිහියෙන් කටයුතු කිරීම වටියි. (නි)
එතකොට කිරි පිටි කියලා පාන්පිටි කලවම් කරලා දුන්නොත් මොන කාලේ මතක් වේවිද දන්නේ නෑ නේද ?? (ස)