ඔහු දෙදරු පියෙකි. වන්නි වන පෙතේ පහස විඳිමින් හැදී වැඞී ගොවිතැන ජීවිකාවෘත්තිය කරගත් ආදර්ශමත් ගොවියෙකි. පුතා ඉතා ඉහළට ඉගෙනගෙන ලොකු රස්සාවක් ලබා කොළඹ කොන්ක‍්‍රීට් වනාන්තරයේ ස්ථිර පදිංචිකරුවෙක් විය. තම බිරිඳගේ අභාවයෙන් පසු පියා ගමේ මහ ගෙදර පදිංචිව සිටියේ අවිවාහක සිය වැඩිමල් දියණිය සමගිනි. ඔහු පසුගියදා අසනීප විය. පුතාට දැන්වූ පසු වහාම පැමිණියේය. පියා කැටුව කොළඹ ගියේය. සතියක් දෙකක් ප‍්‍රතිකාර කළත් පලක් නොවීය. පියා සඳහටම ඇස් පියා ගත්තේය. පියාගේ අවසන් කටයුතු කොළඹදී සිදුකිරීමට පුතා තීරණය කළේය. තමා ඇසුරු කරන නාගරික සමාජයේ අවඥාවට ලක්නොවන පරිදි සැරසීමට දේහය ප‍්‍රධාන පෙළේ මල්ශාලාවකට බාර දෙනු ලැබීය. පියාගේ මෘත කළේබරය ටයි කෝටි කලිසම් අන්දවා අංග සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සරසා තිබුණේ පුතාගේ ඉල්ලීම පරිදිය. අවසන් කටයුතු සිදු කළ දා ගමේ පවුලේ ළඟම ඥාතීහු පිරිසක් අවමගුලට සහභාගි වූහ. ඒ අතර තම වැඩිමල් සොහොයුරිය ද වූවාය. ඇය වාහනයෙන් බැස්ස ගමන් බුදු අප්පච්චී ඔය ගමන යන්නටද කොළඹ ආවේ කියාගෙන දේහය අසලට පැමිණියාය. එක් වරම දුටු දසුනින් ඇය විශ්මයට පත්වී ඇඬීම නතර කළාය. පෙට්ටිය පැදකුණු කරමින් මිනිය පරීක්ෂා කළේ මේ මගේ අප්පච්චී නොවෙයි ද යනුවෙන් හෙමින් මුමුනමිනි. පසුව පියා බව දැනගත් ඇය දෑතින් හිස බදාගෙන ‘අනේ අප්පච්චී දඹදිව යන්නටවත් ඇන්දෙ නැති ෂූට් එකක් ඇයි එළොව යන්න ඇන්දේ. බුදු අප්පච්චී නැගිටපන්කෝ එක විනාඩියකට නැගිටලා හැඩ වැඩ බලලා ඔය ගමන යන්ඩකෝ අප්පච්චී. අද හරි හැඩයි. දොස්තර මහත්තයෙක් වගේ’ මෙසේ විලාප නගමින් අඬා වැටුන ලොකු අක්කා මල්ලීගේ උපදෙස් පරිදි කීපදෙනෙකු විසින් ඔසවාගෙන ගොස් කාමරයකට දමා දොර වැසුවාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට වෙලා තියෙන්නේ මේ හෙණේ තමයි.අපි ජාතික ඇදුමට ගරු කළ යුතුයි
චමින්ද හරි. අද කාලේ ලෝකෙට පරකාසේ. ගෙදරට මරගාතේ. තමන්ගේ ආදරණීය දෙමාපියො මහළු මඩම් වල දුක් විදිනවාත ඒත් පුතා ඒ වයසක තාත්තට එහෙම නොකර උපකාර කරලා තියෙනවා කියලා හිතන්න පුලුවන්ත.
දැන් කාලේ මිනිස්සු හොයන්නෙම වැරදි, කොච්චර හොද කලත් අන්තිමට සුළු වැරද්දක් දැක්ක ගමන් කලින් කරපු හොද වැඩ ඔක්කොම වහල පොඩි වැරැද්ද ලොකුවට පුම්බනවා, අසනීප උණු වෙලාවේ ගෙදර එක්කන් ගිහින් බෙහෙත් කල එකම ඇති පුතාට නිවන් දකින්න..
මේකෙ තියෙන වරද මොකද්ද ? අපේ මිනිස්සුන්ගේ තියෙන දූප්පත් මානසිකත්වය තමයි මේ....ඔය ජාතික ඇදුමට ගරු කරමු කියන අය තමන්ගේ මංගල දිනයටවත් සරමද අදින්නේ....ඒ නිසා බොරු සෝබන පුරාජේරු නැතිව ඇත්තට මුහුණ දෙනවනම් අන්න ඒක තමයි හරි....අපේ රටවල තියෙන මේ ආකල්ප වලින් මිදෙන තාක් අපිට දියුණුව නම් දුරයි..
නරකට වැඩිය මිනිස්සු කරන හොද දේ දකින්න අපි පුරුදු වෙන්න ඕනි
චමින්ද කියපු එක හරි, දැන් කාලේ මිනිස්සු හොයන්නෙම වැරදි, කොච්චර හොද කලත් අන්තිමට සුළු වැරද්දක් දැක්ක ගමන් කලින් කරපු හොද වැඩ ඔක්කොම වහල පොඩි වැරැද්ද ලොකුවට පුම්බනවා, අසනීප උණු වෙලාවේ ගෙදර එක්කන් ගිහින් බෙහෙත් කල එකම ඇති පුතාට නිවන් දකින්න..
තමාටා සමාජෙය් කැපීපෙනන්නට අවශ්‍ය වු විට තම අවශ්‍ය තාවය මුදුන් පමුණුවා ගැනිමේ අරමුණින් මේ දේ කරන්නට ඇත. මිනිසුන්ගේ ආධ්‍යාත්මයේ පිරිහිමේ තරමයි මේ . ඉතිහාසෙය් මිනිසුන් තමාගේ නම සමාජය තුල හා මිනිස් හදවත් තුලට ගෙන ගියේ වටිනා යමක් සමාජයට දීම තුලින්ය. ඒ සියල්ලේ ඵල ප්‍රයෝජන අපට අදටත් ලබන්නේ එන නිර්මාන(දාගැබ් වැව් ආදිය ) නිසයි.මෙය අද සමාජයට වටහා දිය යුතුය.
හැමදේම නරක විදිහට දකින එක වැරදියි. මෙයාගේ තාත්තට කලිසම් කෝට් අන්දපු එකේ පොඩි වැරද්දක් ඇති. එත් එයා තාත්තාව එක්ක ගිහින් ඇප උපස්ථාන කරලා තියනවා. එකම මදිද? වයසක අම්ම තාත්ත අමතක වෙන යුගයක? සමහර විට මෙයාම වෙන්න ඇති තාත්තාව දඹදිව යවන්නත් ඇත්තේ? කලිසම් කෝට් අන්දපු එක ගැන මෙහෙම හිතමු. මම හද්ද පිටිසර ගමේ කොල්ලෙක්. මම කොලබ වැඩ කල. කොලබ ගෙවල් හැදුව. දැන් ඉන්නේ පිටරට. මම ගමේ ඉන්නකොට එලියට යනකොට අදින්නේ සරම. එත් මට සරම ඇදගෙන වැඩට යන්න බෑ. ලෝකයට වෛර කරන්න එපා. ලෝකයේ වැරදීම හොයන එපා. මේ ලෝකේ හොද කියල දේවලුත් තියනවා.
මරු
පිස්සු නේ ?????
පුතා ඉගෙන ගත් පුද්ගලයෙක්ද කියලා සැකයි
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ ඕවට තමයි. ජීවත් වෙලා ඉද්දි නොසලකන නොබලන දුදරුවන්ට දෙමාපියන් මතක් වෙන්නේ හොදට සලකන්නේ මැරුණම. ඒ ඔවුාන්ට තියන ආදරේට නෙවි. ජීවත් වෙලා ඉන්න තමන්ගේ පන්පොරියට. අහෝ මෙහෙමත් දරුවෝ
මල්ලි හරි....තැනේ හැටියට තමයි ඇනේ ගහන්න ඕන..
පට්ට පට පට.....
කැලේ මාරු කරාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ නොවෑ ......
පිස්සු පීකුදු..
මෙයා පුතෙක් නෙමේ....
මිනිය ගමටම අරන්යන්න තිබුණේ...