‘‘කාගේද මේක’’
පවනට බඳු වේගයෙන් අගනුවර බලා ගමන් ගන්නා බසයක අසුනක ඇන්දකට හේතුවූ කොන්දොස්තර බසයේ මගින් සියල්ලටම පෙනෙන පරිදි පොල් ගෙඩියක් ඉහළට එසවූයේය.
හොඳින් ලෙලි ගැසු එහි මුඩුවද නොවීය. ගෙඩිය පුරාම ඇති කෙඳි පවා ශුද්ධ කර තිබුණේ පූජා වට්ටියකට තැබීමට පරිද්දෙනි.
”ආ මල්ලි මේක ඔයා ළඟම තියා ගන්න. එසේ කියමින් කොන්දොස්තර” මොහොතකට පෙර තම ආසනය යටින් රෝල් වෙමින් තිබූ පොල් ගෙඩිය තමාට දුන් මගියාට භාර දුන්නේය.
ඔහු එය නැවත ආසනය යටින් තැබුවේය.
විටෙක රෝල් වී ගොස් ඉදිරි අසුනේ සිටි තම බිරියගේ පාදයේත් විටෙක තමාගේ පාදයේත් ගැටෙමින් එහෙට මෙහෙට රෝල් වෙද්දී මේ රුපියල් හැටක් නොවේ දැයි දෙදෙනාටම සිතී තිබුණි.
එසේ බස්රථය අගනුවර දක්වා පැමිණියේය.
පොල්ගෙඩිය තවමත් රෝල් වෙමින් තිබේ. එක්වරම බසයේ පිටු පසින් ‘‘දඩාස්’’ යන හඬක් ඇසුණේය.එය තවත් පොල් ගෙඩියකි. එය වැටී තිබුණේ මගී භාණ්ඩ අසුරන ඉහළ රාක්කයේ සිටය. මොහොතකින් එක් අසුනක සුවසේ නිදා සිටි මගියෙක් නැගිට්ටේය.
ආසන යටින් එබී එබී ඔහු කුමක්ද සොයන්නට විය.
එකක් තියෙනවා, අනේ ඔය ඕකදෙන්න.
නින්ද ගොස් සිටියදී පාදයෙන් ගැලවී ගිය පාවහන් යුගලම ඔහු එසේ එකතු කර ගත්තේය.
ඔහු නැවත මගී ආසන යටට එබෙන්නට විය. මොකද ආයෙත් එබෙන්නේ. දැන් දෙකම හම්බ වුණා නේද?
ඔහේ සෙරෙප්පු කීයක් දානවද කුකුල් දෙකට. මැදිවියේ අයකු එසේ අසද්දී ඔහු මෙසේ කීවේය.
මම මේ බැලූවේ මල්ලේ පොල් ටික කට ගැලවිලා එහෙමෙහේ ගිහින්. එසේ කියමින් එක් පොලයක් අහුලා ගත්තේය. නැවතත් ආසන යටට එබෙන්නට විය. ඒත් සමඟ බසයේ පාපුවරුව අසලින් තවත් දඩාස් යන හඬක් ඇසුණේය.
එහිද පොල් ගෙඩියකි.
එය වැටී තිබුණේ හොඳින් හැද පැළඳගත් කාන්තාවකගේ අත් බෑගයෙනි.
බසයේ සී සී කඩ ගිය පොල් අතරින් ඇය එක් ගෙඩියක් අත් බෑගයට ඔබාගෙන තිබිණි. හදිසියේ බැස යද්දී මල්ලෙන් පොල් ගෙඩිය එළියට වැටී තිබිණි.
ඔය නාන්න යන කොට එහෙම අනුන්ගේ වතුවලින් පොල් අහුලන කට්ටියට බසයේ කියලා ගානක් නෑ. ඇරත් පොඩි ගාණක් යැ අද රුපියල් හැටක්නේ. පොල් ගෙඩියක්.
කොන්දොස්තර එසේ කියද්දී මල්ලෙන් පොල් හැළුණු කාන්තාව දුම්රිය පොළ දෙසට වේගයෙන් ඇවිද ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරියසේන, හිතන් ඉන්නේ මේ 1960 කියලද? (නදී)
මම පොල් ගන්නේ රුපියල් 350 කට විතර. (නදී)
ගණන් ගන්න එපා අනේ, ඔව්ව ඔහොම තමා. පද්මේගේ කතාව මටත් ඒවගේම තමා. අපේ ගමෙන් එනකොට පොල්, කොස්, දෙල් එහෙම අරගෙන තමා එන්නේ. ඇත්තටම හරිම ෂෝක්. අපේ ළමයිට ඒවායේ කිසිම අගයක් දැනෙන්නේ නැහැ. දැන් කලේ හැදෙන ළමයි (අ)
නිලූ කියලා කවුද මගේ නමින් කොමන්ට් දානවා, කරුණාකර ඔය ජරා වැඩේ නවත්වන්න.(නදී)
පොල් අපිත් ගන්නේ නැහැ .ගෙදෙට්ට ගේන්නේ ගාපු පොල් සිලිසිලි බෑගයක. අපේ අම්මල දුන්න "හිරමනය " කුනුලොරියට දුන්නා . අපට කොයන්ද .ඕවට වෙලාවක් "අලුත් අවුරුද්දට" විතරයි පොල්ගාන්නේ නේද ආනේ . (අ)
චන්ඩි අක්කේ මම වැඩ කරන තැන නෝනා ලඟත් තියෙන්නේ ඉලෙක්ත්‍රික් පොල් ගාන මැසිමක්. (අ)
මටත් පෙන්නේ අරියසේනට එලව පොල් පෙනිලාද කොහෙද සද්දයක් වත් නැත්තේ (අ)
මන් දන්නා විදිහට සෞදි වල පොල් ගෙඩියක් රියල් 10,15, වෙනවා අපේ නම් වලින් ලියන කෙනා ඒක නොදැන ලියලා. පව් තමා.අනුන්ගේ නම් වලින් ලියන ඒවගේ පල විපාක ඔහොම තමා.(නදී)
ආරියසේනට එලොව පොල් පෙනිලා.(නදී)
2014-01-22 01:56:09 මගේ නමින් ලියපු කෙනාට පොඩ්ඩක් වැරදිලා මේ රටවල් වල පොල් ගාන්නේ නැහැ. එහෙම යන්ත්‍ර මෙහෙ නැහැ. මට ඔයා ගැන මාර දුකයි.(නදී)
මම ඇමරිකාවේ ලොක්කෙක්. ඒ වුනාට රැට ෂෙඩ් එකේ පෙට්‍රල් ගහනවා.(නදී)
නිලූ 150 ක් අපේ පැත්තේ.(නදී)
ඇත්ත නේන්නම් දැන් පොල් ගෙඩියක් කීයද? සල්ලිවලටවත් ගන්ඩ පොල් නැති වෙලේ නිකන් ලැබුණු පොල්ගෙඩිය නේ.(නදී)
යන්නේ කොහෙද මල්ලේ පොල්.(නදී)
ඒකනේ චන්දි අක්කේ, මන් හිතන්නේ ආරියසේන මහත්තයාට වැරදීමක් වෙන්න ඇති. රුපියල්,සත,මාරු වෙලා වගේ. (නදී)
මම ඉන්න ගෙදර පොල් ගාන යන්ත්‍රයත් ඉලෙක්ට්‍රික්.(නදී)
සබරගමුවේ පොල්මිල අද රුපියල් 60 /= දක්වා ඉහල ගිහින්. රිලා රංචු නිසා ඇට්ටි ගෙඩියක් වත් ඉතුරු නොකරන කාලේ කුමන මිල පාලනයක්ද ? (නදී)
අනේ ආරියසේන., මට මේ දැන්ම පොල් 1000ක් විතර එවනවද...?සත 50 යිනෙ .(නදී)
අනේ ආරි මට පොල්ගෙඩි 50ක් විතර අරගෙන දෙනවද ? (නදී)
මෙහෙ සෞදි වල පොල් ගෙඩියක් රුපියල් 100යි .(නදී)
අනේ පවු මට මතක් වෙන්නේ අපේ සීයා.අම්මගේ තාත්ත.අපිව බලන්න එනකොට පොල්ගෝනියක්ම ලෙලි ගහගෙන කට හොඳට බැඳගෙන කළුතර ඉඳන් කොළඹට බස් එකේ ගේනවා.අම්මයි තාත්තයි නම් කියනවා එනකොට මුකුත් ගෙන්න එපා කියල.එත් පවු සීයා ගොඩක් දේවල් උස්සගෙන එනවා.සීයා දැන්නම් නැහැ.සීයා නිවන්ම දකින්න ඕන..... (දී)
පොල් ගෙඩියක් සත පනහක් විතර වෙනවා.(දිල්)
මටත් ඔහොම දෙයක් උනා, හැබැයි පොල් නෙමෙයි දෙල්. බෑග් එකෙන් දෙල් ගෙඩියක් එලියට ගිහිල්ලා ඉස්සරහම ඉන්න කෙනෙක් කාගේද මේ දෙල් ගෙඩියක් රෝල් වෙවී තියෙන්නේ කියාපුවාමයි මම දැනගත්තේ. මම හිටියේ බස් එකේ පිටිපස්සෙම සීට් එකේ. (දී)