(තණමල්විල - සුජීව ජයවික‍්‍රම)
පාසල් ගමන ද අතරමග නතර කර තිබූ තරුණයකු වන ඔහුට කිසිදු රස්සාවක් කරන්න හෝ හිත නොදුන් අතර රස්තියාදුවේ පසුවෙමින් ඔහේ කාලය කා දැම්මේය.
කුස ගින්දර දැනෙද්දී කොහේ සිටියත් ගෙදරට එන ඔහු තියන දෙයක් ගිල දමා යන්නේය.
‘‘අම්මේ... මට බඩගිනියි. ඉක්මනට බත් බෙදල දෙන්න...’’ දිනක් කලබලයෙන් නිවෙසට පැමිණ හඬ දුන්නේය.
‘‘උඹට ඉතිං රස්තියාදු ගහන්න පුළුවන් නම් මොකෝ ඔය වළං ඇරල තියන දෙයක් බෙදාගෙන කෑවම වෙන්නෙ’’ මව කීවේ ටිකක් කේන්තියෙනි. තවදුරටත් පෙරැුත්ත නොකළ ඔහු කුස්සියට ගොස් වළං විවෘත කර බලද්දී අසුවූයේ බතක් සහ පලා මැල්ලූමකි. ඉන් බත් පිඟානක් බෙදාගෙන මැල්ලූම් සමඟ ගිල දැම්මේ කිසිම රසක් ගුණක් බලමින් නොවේ.
‘‘මොනවද අනේ...අර හදපු මැල්ලූම තිත්ත රහ විතරයි. ඒත් මම කෑව’’ කෑම කෑ පිඟාන සෝදා මේසය මතින් තබන ගමන් ඇසුවේය.
‘‘කොහේද බං මැල්ලූමක් තිබුණේ’’ මව ඇසුවේ පුදුමයෙනි.
‘‘නැත්තෙ මොකද මේ’ හට්ටිය ගෙන මවට පෙන්වමින් කීවේය.
‘‘හත්වලාමයි... උඹ එහෙනම් අර අප්පොච්චිගෙ අතේ උලූක්කුවට බඳින්න හදපු බෙහෙත් පත්තුව එහෙනං කෑව’’ මව ඉහේ අත් ගසාගනිමින් කීවාය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මැල්ලූම් යැයි හිතාගෙන අතේ බඳින පත්තු කාලා
පිටබැද්දර ජයා Thursday, 13 November 2014 12:51 PM
එක අතකට මේක වැරදිලා වුණත් ලෙඩේට නියම බෙහෙත ලැබිල තියෙනවා , මෙයාට තිබිල තියෙන්නේ බඩේ උලුක්කුවක් දැන් ඉතින් අතපය හොලවල වැඩක් පොලක් කරලා ජිවිතේ පටන් ගනීවි කම්මැලිය (අ)
සරත් පර්ත් Thursday, 13 November 2014 05:56 AM
බඩගින්න හැම ගින්නකටම වඩා ලොකුයි කියනවනේ. ආයෙත් ජීවිතේටම මැල්ලුමක් නම් කන එකක් නැහැ (නි)
කමල් Thursday, 13 November 2014 06:44 AM
සමහර පුතාලා රස්තියාදු කාරයින් වීමට මඟ හදන්නේ අම්මලාමයි. ඒ අයට ගෙදරක වගකීම් නොදී , රැකියාවක් කරන්න උනන්දු නොකර අතට පයට කරලා දිදී තියාගෙන ඉන්නවා. (හේ)
ශාන්ති Thursday, 13 November 2014 04:15 PM
කම්මැලි පුතාට හොද දඩුවම.(හේ)
චමින්ද Friday, 14 November 2014 10:24 PM
රෙජි-සිඩ්නි,මැල්ලුම ගැන අම්මාගෙන් අහන්න හොඳ සිහියෙන් හිටියාද දන්නේ නැහැනේ.මොකද පුතා, රස්තියාදුවේ ගිහින්නේ ඇවිල්ලා තියෙන්නේ. (නි)
කුමාර Thursday, 13 November 2014 04:24 AM
මේක නම් ෂුවර් එකට වෙලා තියෙන්නේ තණමල්විල පැත්තේ වෙන්න ඇති.මොකද ඔය පැත්තේ අය වැඩිපුරම ඉන්නේ වෙනම ලෝකෙකනේ.....(අ)
රෙජි-සිඩ්නි Friday, 14 November 2014 03:21 AM
මොළයක් තියෙන කෙනෙක් නම් ඔය වාගේ වැඩක් කරයිද?තිත්ත දැනෙනකොට අහන්න තිබුනේ "අම්මේ මොනවාද මේ මැල්ලුම් කියලා". (නි)