(තණමල්විල - සුජීව ජයවික‍්‍රම)
පාසල් ගමන ද අතරමග නතර කර තිබූ තරුණයකු වන ඔහුට කිසිදු රස්සාවක් කරන්න හෝ හිත නොදුන් අතර රස්තියාදුවේ පසුවෙමින් ඔහේ කාලය කා දැම්මේය.
කුස ගින්දර දැනෙද්දී කොහේ සිටියත් ගෙදරට එන ඔහු තියන දෙයක් ගිල දමා යන්නේය.
‘‘අම්මේ... මට බඩගිනියි. ඉක්මනට බත් බෙදල දෙන්න...’’ දිනක් කලබලයෙන් නිවෙසට පැමිණ හඬ දුන්නේය.
‘‘උඹට ඉතිං රස්තියාදු ගහන්න පුළුවන් නම් මොකෝ ඔය වළං ඇරල තියන දෙයක් බෙදාගෙන කෑවම වෙන්නෙ’’ මව කීවේ ටිකක් කේන්තියෙනි. තවදුරටත් පෙරැුත්ත නොකළ ඔහු කුස්සියට ගොස් වළං විවෘත කර බලද්දී අසුවූයේ බතක් සහ පලා මැල්ලූමකි. ඉන් බත් පිඟානක් බෙදාගෙන මැල්ලූම් සමඟ ගිල දැම්මේ කිසිම රසක් ගුණක් බලමින් නොවේ.
‘‘මොනවද අනේ...අර හදපු මැල්ලූම තිත්ත රහ විතරයි. ඒත් මම කෑව’’ කෑම කෑ පිඟාන සෝදා මේසය මතින් තබන ගමන් ඇසුවේය.
‘‘කොහේද බං මැල්ලූමක් තිබුණේ’’ මව ඇසුවේ පුදුමයෙනි.
‘‘නැත්තෙ මොකද මේ’ හට්ටිය ගෙන මවට පෙන්වමින් කීවේය.
‘‘හත්වලාමයි... උඹ එහෙනම් අර අප්පොච්චිගෙ අතේ උලූක්කුවට බඳින්න හදපු බෙහෙත් පත්තුව එහෙනං කෑව’’ මව ඉහේ අත් ගසාගනිමින් කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් ෂුවර් එකට වෙලා තියෙන්නේ තණමල්විල පැත්තේ වෙන්න ඇති.මොකද ඔය පැත්තේ අය වැඩිපුරම ඉන්නේ වෙනම ලෝකෙකනේ.....(අ)
බඩගින්න හැම ගින්නකටම වඩා ලොකුයි කියනවනේ. ආයෙත් ජීවිතේටම මැල්ලුමක් නම් කන එකක් නැහැ (නි)
සමහර පුතාලා රස්තියාදු කාරයින් වීමට මඟ හදන්නේ අම්මලාමයි. ඒ අයට ගෙදරක වගකීම් නොදී , රැකියාවක් කරන්න උනන්දු නොකර අතට පයට කරලා දිදී තියාගෙන ඉන්නවා. (හේ)
එක අතකට මේක වැරදිලා වුණත් ලෙඩේට නියම බෙහෙත ලැබිල තියෙනවා , මෙයාට තිබිල තියෙන්නේ බඩේ උලුක්කුවක් දැන් ඉතින් අතපය හොලවල වැඩක් පොලක් කරලා ජිවිතේ පටන් ගනීවි කම්මැලිය (අ)
කම්මැලි පුතාට හොද දඩුවම.(හේ)
මොළයක් තියෙන කෙනෙක් නම් ඔය වාගේ වැඩක් කරයිද?තිත්ත දැනෙනකොට අහන්න තිබුනේ "අම්මේ මොනවාද මේ මැල්ලුම් කියලා". (නි)
රෙජි-සිඩ්නි,මැල්ලුම ගැන අම්මාගෙන් අහන්න හොඳ සිහියෙන් හිටියාද දන්නේ නැහැනේ.මොකද පුතා, රස්තියාදුවේ ගිහින්නේ ඇවිල්ලා තියෙන්නේ. (නි)