IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මෙලොවින් පරලොව යන්න ගිහින් යහතින් ආපහු ඇවිදින්

ගමේ සොහොන් පිටිය දෙසින් දහඩිය පෙරාගෙන හති දමමින් අසල පිහිටි නිවසකට පැමිණි අයකු ලණුවක් ඉල්ලීම  නිසා ඔහු ජීවිතයට හානියක් සිදුකර ගැනීමට ඉඩ ඇතැයි යන බියෙන් එම ගෙහිමි කාන්තාව අසල්වැසියන්ගේ නිවෙස් වෙත දිවගොස් උදව් උපකාර ඉල්ලා සිටි පුවතක් පිළිබඳව බිංගිරියට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබුණි.

අසන්නට ලැබුණ පරිදි සිද්ධිය මෙසේය. පසුගිය දිනෙක දැඩි අව් රශ්මිය  පවතින දහවල් කාලයේ යතුරුපැදියකින් පැමිණි අයෙකු තම යතුරුපැදිය පාර අයිනේ නවතා සොහොන් පිටිය මැදින් පිටුපස කැලය දෙසට පියවර තබන අයුරු කාන්තාවට දැකගන්නට ලැබුණි. සොහොන් පිටියට ඇතුළු වූ පුද්ගලයා ඉන් ටික වේලාවකට පසුව සොහොන් පිටිය ආසන්නයේම පිහිටා තිබුණ නිවෙසක් වෙත හති දමමින් දහදිය පිස දමමින් ගොස් එහි සිටි කාන්තාවගෙන් ලණුවක් ඉල්ලා ඇත. කුමන අවශ්‍යතාවක් වෙනුවෙන්ද ලණුවක් ඉල්ලන කාරණාව ගැන කීප විටක්ම එම පුද්ගලයාගෙන් ගෙහිමි කාන්තාව  අසා ඇතත් ඔහු එයට නිසි පිළිතුරක් දී නැත. කිසියම් කලකිරීමක් ඇතිවි  ජීවිතය හානි කරගැනීමට විය  හැකියැයි සිතා ලණුවක් නැති බව පවසා ඇත. එයට විකල්පයක් වශයෙන් කැලයෙන්ම වැලක් සොයා ගැනීමේ අදහසින් ඔහු නැවතත් කැලය දෙසටම ගියේය. කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් මහත් සේ බියට පත්ව සිටියාය.

ලණුවක් ඉල්ලීමට පැමිණි පුද්ගලයා කාන්තාව නිතර දෙවෙලේ දැක ඇති අයෙකි. එම නිසා කිසියම් විදියකින් ජීවිතයට හානියක් කරගැනීමට සූදානම් වන බව වැටහුණ කාන්තාව ඔහුගේ ජීවිතය බේරා ගැනීමට  දැමිය හැකි උපක්‍රම සියල්ලක්ම දැම්මාය.  වැඩි වේලාවක් ගතවෙන්නට පෙර මුලින්ම වෙන්නට යන සිද්ධිය දැනගත් කාන්තාව අහල පහල තිබෙන නිවෙස් වෙත දුව ගොස් ජීවිතය අවසන් කරගැනීමට සැරසෙන පුද්ගලයා බේරාගැනීමට උදව් උපකාර ඉල්ලා කෑ ගැසුවාය. දෙවනුව හිතවතුන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් ඔහු බේරා ගැනීමට සොහොන් පිටියට එන ලෙස ආරාධනා කළාය.

කාන්තාවගේ තරම දන්නා ඇතැම් අය මේ පුවත විශ්වාස නොකර සිටි අතර සමහර අය පුද්ගලයා පිළිබඳ වගතුග සොයා බලා මොන දේකට මෙවැනි දෙයක්  කරගැනීමට අදහසක් පහළ වුණාදැයි හේතු කාරණා ගැන කතා කරන්නට විය. කෙසේ වෙතත් ගමේ හිතවත් අය කීප දෙනෙක් සිද්ධිය බැලීමට අදාළ සොහොන් පිටිය වෙත පැමිණ තිබුණි. පුද්ගලයෙක් නොමැති යතුරුපැදියක් පාර අයිනේ නවතා තිබෙන ආකාරයද ඔවුන්ට දැකගන්නට ලැබී ඇත. කාලය ටිකෙන් ටික ගතවී යනවිට පැමිණ සිටි පිරිස විශ්මයට පත් කරමින් මෙලොවින් පරලොව යන්නට ගිය පුද්ගලයා සියැසින් දැකගන්නට ලැබුණි. ඔහු පැමිණියේ ගසකින් බිමට කඩා වැටුණ විශාල දර අත්තක් වැල් පොටක ආධාරයෙන් පාර දෙසට ඇදගෙනය. පසුව එම දර අත්ත යතුරුපැදියේ පිටුපස වැල්පොටින් බැඳගෙන පාර දිගේ ඉදිරියට ගොස් යතුරුපැදිය පණගන්වාගෙන නගරය දෙසට ගියේ බලා සිටි අයගේ මුවඟට හසරැලි එක්කරමිනි.

බිංගිරිය වික්ටර් සෝමවීර

 



අදහස් (0)

මෙලොවින් පරලොව යන්න ගිහින් යහතින් ආපහු ඇවිදින්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 296 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 329 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 603 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 639 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1083 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 907 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 457 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 280 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 431 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site