ඈ දරුවන් හය හත් දෙනකුගේ මවකි. 74 වැනි වියේ පසුවූ ඈ පසු ගිය දිනක මියගියේ පුතුගේ ගෙදර සිටියදීය.
මවගේ අවසන් කටයුතු තම නිවසේදී කළ යුතු බව පැවසූ පුතු ඒ සඳහා සියලූ කටයුතු සූදානම් කර සිරුර ළඟම පිහිටි මල් ශාලාවට භාර දුන්නේය. මේ ගැන උරණ වූ සෙසු දු දරුවෝ මවගේ අවසන් කටයුතු මවගේ මහගෙදරදී සිදු කළ යුතු බව තරයේ කියා සිටියහ. මවගේ සිරුර බෙදාගැනීමට බැරිවූ තැන දු දරුවෝ පොලිසි ගියහ.
කහතුඩුව පොලිසිය ඔවුනට කොතෙක් අවවාද කළත් ඉන් පලක් නොවූ තැන පොලිසිය කියා සිටියේ සිද්ධිය අධිකරණයට යොමු කරන බවය.
සිද්ධිය දුර දිග යන බව දැනගත් දු දරුවෝ පසුව සමාදානයකට එළඹ මවගේ අවසන් කටයුතු එක්වී සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන් මහගෙදර බුරු පිටිය දාන්න වෙන්න ඇති, පව් කාර දරුවෝ.(නදී)
සහෝදරයෝ අතර ප්‍රශ්න... ඉතින් හොදම දේ තමයි මහගෙදරට ගන්න එක. හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්.නැත්නම් වෙන්නේ අනෙක් අයට බලන් ඉන්න. මේකේ ප්‍රතිචාර දාපු අය ගැනත් දුකයි (නි)
ඔහොම වැඩ කරන දු පුත්තු අපේ රටේ කොච්චරවත් ඉන්නවා. බොහොම දෙනෙක් ප්‍රභූ කියා ගත්තු මට්ටමේ මිනිස්සු, උන්ගේ වැඩ නම් බලු සරි.(නදී)
අනේ මෙහෙම දූ දරුවොන් හදපු අර අම්මට පව්. මෙහම අවසන් ගමන් යන්න කිසිම අම්ම කෙනෙක් හීනෙන්වත් හිතන්නේ නැහැ. දූ දරුවන් හදන්නේ මේවගේ සිද්දි වෙන්න නම් නෙමෙයි. මව්වරුන්ගේ දිනයකදී මේවගේ ප්‍රව්ත්ති බලන්න ලැබීම ගැන නම් මට හරි දුකයි.(නදී)
ෂෙරිෆ්, දැන් පන්සලෙන් අනුශාසනා ගන්න එක අමාරු වැඩක්. මොකද හැමදුරුවෝ ඕනෑම වෙලාවක තමන්ගේ දේශපාලනයත් එක්ක කාර්යබහුල වෙලානේ ඉන්නේ. මිනිසා ආගම ධර්මයෙන් ඈත් වෙලා නොව ඇත් කරවලා. (නදී)
පත්තරේට වැටෙනකම් අනේ, රෑට නින්ද යන්නෙ නැහැ අනේ... (නි)
මේ වගේ සිද්දි පත්තරේ ලියනවිට සියලු නම් ගම් ඇතිව ලිව්වනන් වඩා වටිනවා. ඒ දරුවන්ට ආඩම්බර වෙන්නත් එක්ක.(නදී)
හරි ඉතින් ඒ අම්මාගේ මරණය තිබ්බේ කොහෙද? එය පැහැදිලි නැහැනේ. විස්තරය හරියට කියන්නකෝ.(නදී)
මියගිය මවට පින්දීමෙන් ඇගේ ආත්මයට සලකන්න. (නදී)
මෙතනදී ගහ මරා ගන්නෙ නැතිව පොලිසි ගිය එක හොඳයි. නැත්නම් ඉතින් තව කී දෙනෙක් කරදරයට පත්වෙයිද කියල කවුද දන්නෙ? (නදී)
ජීවිතේ මල් අම්ම ඉන්නකම්. අමිමා මැරැකට පස්සේ දරැවෝ කචල්.(නදී)
පොලිසියට තිබුනේ අම්මගේ දේහය දවස් 7 කට පසුව අනෙක් දරුවන්ට බාර දෙන්න (නි)
වත්තල හැදල ගමේ වැලිඅමුන පාරේ ඔය වගේ වැඩක් කලා. වයසක අම්මගේ ඉඩන් කැල්ල ලියවාගෙන වයසක අම්මව මහලු මඩමට දමාපු සල්ලිකාර පුතෙක්.(නදී)
දෙමවුපියෝ ජීවත් වෙලා ඉන්න කාලේ එයාලගේ දුක සැප හොයල බලන්නේ නැතිව මැරුණම විතරක් රටට පේන්න මිනිය බෙදාගන්න පොරකනවා. අනේ මෙහෙමත් දරුවෝ. දෙමවුපියන්ට සළකන්න ඕනෑ එයාල ජීවත්වෙලා ඉන්නකොට මිසක් මැරුණම නෙමෙයි. (නි)
මේ දරුවො ගැන මට පුදුමයි. අපේ ආච්චි මැරුණු වෙලේ මිනිය තියන්න ගෙයක් නැති වුණා. මහ ගෙදර, එකම පුතා (අපේ මාමා) විකුණලා බෑණගෙ ගෙදර පදිංචිය, බෑණා මිනිය බාර ගන්න බැහැ කිව්වා. ලොකු දුවත් මිනිය ගෙදර ගෙනියන්න බැහැ කිව්වා. පොඩි දුව වුණ අපේ අම්මා මිනිය අපේ ගෙදර ගේන්න හැදුවත්, අපේ තාත්තා රණ්ඩු කරලා ඒක නැවැත්තුවා. පව් අපේ ආච්චි! (නි)
මෝඩ කම ප්‍රදර්ශනය කරන්ඩ එපා, ළමයි හැදුවේ අම්ම මුලින් හිටපු මහා ගෙදර මරණය ගන්ඩ. අනික ළමයි සැලකුවේ නෑ කියලත් නෑ නේද?, පොලිසි ගිය එක විතරයි මධ්‍යස්තව හිතනකොට වැරදි. (ස)
එක හොදා අඩුම ගානෙ ප්‍රසිද්දියක් වත් ළමයින්ට ලැබුණනේ. (ස)
මෝඩ හරක් ටිකක්. (නදී)
ඉස්සරනම් මේ වගේ ප්‍රශ්නයකදී ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් අනුසාසනා ලබාගන්නවා පොලීසියට නොගොස්, නමුත් වරතමානේ මිනිසා ආගම ධර්මෙන් ඈත්වෙලා, අනේ අපේ හෙළයට වෙච්ච නස්පැත්තිය. (ස)
අම්මා ඉන්න කාලේ කොහොම සැලකුවද දන්නේ නැහැ. (ස)
ජීවත්ව සිටියදී උදවු කළ කෙනාට තමයි මිනිය අයිති (නි)
ඉන්නකම් අම්මා බෙදාගන්න දැගලුවා නම් සතුටුවෙන්න තිබුනා සළකගන්න තියෙන ආසාව කියලා. ඒත් මෙහෙම රණ්ඩු වෙන්නේ රටේ ලෝකෙට සැලකුවේ මම කියලා පෙන්නලා නම්බු නාම ගන්න වෙන්න ඇති. මව සිටිය නිවසටම දුන්නා නම් ඉවරයි. (නි)
මමත් ගියා ඊයේ පෙරේදා ඔය වගේ මළ ගෙදරකට. අම්මා ඔත්පලවෙලා අවුරුදුගණනක් හිටියා. දරුවෝ 4ගෙන් තුන් දෙනෙක් පැත්තවත් බැලුවෙ නැහැ. මැරුනට පස්සේ ඇවිල්ලා ඉතිරි තුන්දෙනත් ඒගොල්ලන්ගේ දරුවෝ එක්කම (නි)
හේරත්,වැදූ මව විතරක් නොවෙයි, මිය ගිය මවටත් කරන්නේ නිගාවක් (නි)
වැදූ මවට සැනසීමක් නැහැ කියන්නේ ඕකටයි. ඒ අම්මට නිවන් සුව. (නි)