මහජනතාවට නොමිලේ සේවා සපයන තම ආයතනයට පරිත්‍යාගයක් ලබා ගැනීමට ගොස් අමාරුවේ වැටුණු නිලධාරියකුට සිදු වූ ඇබැද්දීයකි.
සිද්ධිය මෙසේය.
එය පළාතේ ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා සපයන ආයතනයකි.
ආයතනයේ අත්‍යවශ්‍යම ස්ථාන කීපයක විදුලි පහන් පිළිස්සී තිබෙනු දුටු ආයතනයේ නිලධාරියකු එහි සේවා ලබා ගැනීම සඳහා පැමිණි යමක් කමක් ඇති අයෙකුගෙන් ර්‍ණහැකිනම් එම ස්ථාන සඳහා විදුලි පහන් කීපයක් මිලදී ගෙන දෙන්නැයි” ඉල්ලීමක් කළේ ආයතනයේ සෙසු පිරිසගෙන් ලකුණක් දෙකක්ද දමා ගැනීමේ අරමුණ සිත තුළ රඳවා ගනිමිනි.
ඕක ලොකු දෙයක් දැයි” ඉල්ලීම එක හිතින්ම භාරගත් සේවාලාභියා ද ඉල්ලීම කළ නිලධාරියාම නම් කළ නගරයේ වෙළෙඳසලකට ගොස් රුපියල් තුන් දහසක් පමණ වටිනා විදුලි බල්බ කීපයක් ගෙනවිත් ආයතනයට පරිත්‍යාග කළේ ආයතනයේ සේවය ගැන වර්ණනාවක් ද කරමිනි.
නිලධාරියා ඇතුළු ආයතනයේ පිරිස් ද ඔහුට මුව නොසෑහෙන සේ ස්තුති කොට ඔහුට සමු දුන්නේ කිසියම් අවශ්‍යතාවක් වුවහොත් යළි පැමිණෙන ලෙස ඉල්ලීමක් ද කරමිනි.
පෙර කී ආයතනයේ නිලධාරියා සවස් යාමයේ නගරයේ සුපුරුදු වෙළෙඳසලට ගොඩවූයේ නිවසට ඇවැසි කළමනා කීපයක් මිල දී ගැනීමටය.
අවශ්‍ය කළමනා මිලදී ගැනීමෙන් අනතුරුව බිල සකස් කළ එහි හිමිකරු ර්‍ණසර් උදේ ගෙනිච්ච බල්බ්වල රුපියල් 3000ග00ත් මේකට එකතු කරන්න දැයි ඇසුවේ කොළ කෑල්ලක ලියා තිබු බිලක් ඔහු වෙත දිගු කරමිනි.
මොන බිලදැයි නිලධාරියා විමසද්දී ර්‍ණඇයි මහත්තයා උදේ එක්කෙනෙක් එවල තිබුණේ බල්බ් පහක් ගෙනියන්න කියලා” යැයි වෙළෙදසල් හිමිකරු ඇඟට පතට නොදැනී කියා සිටියේ සුපුරුදු ලෙන්ගතු හිනාවත් ඊට එක්කරමිනි.
සිදුවූවේ කුමක්දැයි තේරුම්ගත් නිලධාරියා ර්‍ණමුදලාලි දැන්නම් එච්චර සල්ලි නැහැ. ගාන මගේ එකවුන්ට් එකේ ලියල තියන්න’ කියමින් වෙළෙඳසලෙන් පිටව ගියේ ර්‍ණමුන් තමයි මිනිස්සු” යැයි තමුන්ටම කියා ගනිමිනි.
වියලුව වාර්තාකරු
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මවාගත් හොඳ හිතෙන් ඔළුවට තොප්පියක්