කතරගම මයිලගම ප‍්‍රදේශයේ කාන්තාවක් සිය මහන මැෂිම සමග රුපියල් 2500ක් සොරකුට ලබා දුන් අපූරු පුවතකි මේ.
දිනය පසුගිය 17 වැනි දිනයි. මෙම නිවසේ රෙදි මහන මැෂිමක් ද ඇති අතර, එය මාස කීපයක පටන් කැඞී යෑම නිසා කිසිදු වැඩක් නොකර ඇත. මෙම නිවසේ 17 වැනි දින සිට පදිංචි වී සිට ඇත්තේ ගෙදර කාන්තාව පමණි.
උදෑසන තරුණයකු නිවසේ කාන්තාව අසලට පැමිණ ”නෝනා පරණ රූපවාහිනී, අයිස් පෙට්ටි, අයන් ගෙදරදී හදා දෙනවා. තියෙනවා නම් හදලා දෙන්න පුළුවන්” යැයි කියා ඇත.
සිය කැඩුණු මහන මැෂිම පිළිබඳව සිහියට පැමිණි කාන්තාව ”මල්ලි මට අම්මා දෑවැද්දට දුන්නු මහන මැෂිම කැඩිලා, පුළුවන්නම් හදලා දෙන්න” යැයි පැවසීය. ”ගන්න නෝනා දැන්ම හදලා දෙන්නම්” යැයි පැවසූ තරුණයා කාන්තාව සමග ගේ ඇතුළට ගොස් කැඩුණු මහන මැෂිම පෙන්වීය. එය පරික්ෂා කළ තරුණයා පැවසුවේ, ”නෝනා මේකෙ වීල් බැලන්ස් එක ගිහින්. අලූතින් දමන්න ඕනෑ” කියාය.
කාන්තාව ”මල්ලි කීයක් විතර යයි දැ” යි තරුණයාගෙන් විමසීය. ”නෝනා කතරගම කඬේ කෑලි තියෙනවා. රුපියල් 3000ක් යනවා. දැන්ම හදලා ගෙනත් දෙන්න පුළුවන්, මැෂින් එක ගලවා ගෙන ගෙනියන්න වෙනවා” යැයි තරුණයා පැවසීය. කාන්තාව ”අනේ මල්ලි මම ළඟ රුපියල් 2500ක් තියෙනවා. මැෂිම ගලවා ගෙන යන්න ඉතිරි 500 මම හදාගෙන ආපුවම දෙන්නම්” යැයි පැවසීමත් සමග තරුණයා මැෂිම ගලවා ගෙන ගිය අතර, කාන්තාව ලබාදුන් රුපියල් 2500 ද රැගෙන තරුණයාගේ දුරකතන අංකයක් ද ලබාදී ඇත.
මැෂිම ගලවා ගත් තරුණයාත් මැෂිමත් අද වන තුරුත් පැමිණියේ නැති අතර, ලබාදුන් දුරකතන අංකයට කෝල් සිය ගණනාවක් දුන් නමුත් අදටත් එය අක‍්‍රීය වී ඇත. ගෙදර තිබුණු රුපියල් 2500ත් අම්මා දුන් මහන මැෂිමත් නොමැතිව කාන්තාව අදටත් හූල්ලා හූල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතර හරි ගාල්ලේ ටවුමට ගිහින් බලන්න හොරා අල්ලා ගන්න පුළුවන්.ෂුවර් දකුණේ පොරක්. ඔය වගේ වැඩ අනිත් පළාත් වල දන්නා අය හරියට නැහැ (නි)
අනේ ඉතින් ගිය දේ ගියාවේ. අපි දෙන්න කට්ට සම්බෝලයක් හදාගෙන බතල ගෙඩියක් තම්බන් කාල දරු දෙන්නා හදන ඔහේ ඉඳිමු පනේ කියල ගමය මහගෙට කියල සුසුමක් හෙලුවලු. අනේ මගේ හැඳිමිට.(නදී)
වෙලාවට අක්ක අරන් ගියේ නැත්තෙ ..(අ)
එතන ඒ කාන්තාවගෙයි චන්ද්‍රෙගයි මෝඩකමට දකුණෙ මිනිස්සු පලි නෑ.(නදී)
එතන ඒ කාන්තාවගෙයි චන්ද්‍රෙගයි මෝඩකමට දකුණෙ මිනිස්සු පලි නැහැ.(නදී)
උපාලිගෙ කතාව නියමයි! (නි)
නෝනගේ මැෂිම ගෙනිච්චහම මහත්තයා ...... මහන්නේ ..? (නි)
දැන්වත් රට ගැන හිතපල්ලා මිනිසුනේ! (නි)
ලස්සනයි උපාලි මෙය ඔබේ කතාවක් නේද?(නදී)
දැන් ඉතින් අතින් තමයි මහගන්න වෙන්නේ (නි)
ඉස්සර කාලේ සංචාරක වෙළෙන්දෝ වගයක් එක රටකට ඇවිත් ඒ රටේ ඉන්න බොහොම අහංකාර රජතුමාව හමු වුනාලු. ඔවුන් පියාඹන අශ්වයන් ගෙනත් දෙන්න තමන්ට පුළුවන් බව රජුට දැනුම දුන්නලු. රජ්ජුරුවෝ පියාඹන අශ්වයින් ගෙන ඒමට රන්කාසි දහස් ගණනක් වෙළෙන්දන්ට දුන්නා. ඒවත් අරන් උන් ගියා ගියාමයි ආපහු ආවේ නැහැ. මේක දැනගත් පුරෝහිත රජුට කිව්වා ලෝකයේ ලොකුම මෝඩයන්ගේ ලැයිස්තුවක් හැදුවොත් අංක එකට එයා රජුගේ නම දානවා කියලා. රජු කිව්වා හොඳයි බැරි වෙලාවොත් වෙළෙන්දෝ ආපහු ආවොත් මොකද කියලා. පුරෝහිත කියනව, "එහෙනම් මම ඔබ වහන්සේගේ නම කපලා උන්ගේ නම් ටික මුලින්ම ලියනවා" කියලා. මේ දේ අදත් සිදුවෙනවා. (නි)
උපාලිගේ කතාව 100% ඇත්ත! (නි)
මෙවැනි මල්ලිලාට මෙවැනි නෝනලා වාසනාවන්. (නි)
හරියටම හරි මේ කතාව නම් (නි)
වාර්තාවටත් වඩා උපාලිගේ කතාව හොඳයි නේද? (නි)
ඔය වගේ ඉස්සර කාලේ එක ගම මහගේ කෙනෙක්ව වෙළදාමේ ආපු මුදලාලි කෙනෙක් රවටලා තිබුනා. (නදී)
ඔයින් බේරුනා ඇති. වෙන මැෂිමක් හදන්න ගියා නම් නෝනා විනාසයි (නි)
දැන් ලංකාවේ වැඩි පිරිසකගේ ප්‍රධාන ආදායම් මාර්ගය හොරකම සහ වංචාවෙන් කඩා වඩා ගැනීම. මාසයක් දුක් විඳලා රස්සාවක් කලොත් ඒ ලැබෙන පඩියෙන් සතියක්වත් ජීවත් වෙන්න අමාරු නිසා මිනිස්සු විකල්ප ආදායම් මාර්ග තෝරා ගන්නවා. (නි)
මේ වගේ අහිංසක මිනිසුන්ව රවට්ටලා හම්බකරන සල්ලි වලින් මම දන්න විදියට, අනේ අඩුමගානේ හොද බත් වේලක්වත් කන්න පුළුවන් වෙයිද සැකයි (නි)