වැරදීමකින් ආ දුරකථන ඇමතුමක් නිසා තම බිරියගෙන් ගුටි කෑ පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතෙන් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු ළඟ ඇත්තේ සාමාන්‍ය දුරකථනයකි. එහි පීකරය හරිහැටි වැඩනොකිරීම නිසා ශබ්ද වැඩි කර ඇමතුම් ලබා ගැනීම සිදු කරයි. අලූත් දුරකථනයක් ඔහුට ලබා ගැනීමට නොහැකිව ඇත්තේ පවුලේ අගහිඟකම් නිසාය. සිද්ධිය වූ දිනයේ ද ඔහුට දුරකථන ඇමතුමක් ආ අතර ශබ්දය වැඩිකර කතා කිරීමට පටන් ගත්තේ ඔහුට අනවශ්‍ය ඇමතුම් නොඑන නිසාය. බිරියද ඒ අසල පුටුවක හිඳ ගෙන සිට ඇත.
දුරකථන ඇමතුමේ එහා පැත්තෙන් කථා කළේ තරුණියකි.
අද එන්නේ නැද්ද මගේ තුනටියේ තෙල් ගාන්න යැයි ඇය අසා ඇත. අන්දුන් කුන්දුන් වූ ඔහු බිරිය දෙස බලා කවුද ඔය යැයි අසා ඇත. ඔහෙට තමුන්ගේ ගෑනිවත් අඳුරන්න බැරිද යැයි තරුණිය එවිට අසා දුරකථනය විසන්ධි කළේ වැරදි අංකයක් යැයි කීමටද පෙරය.
ඇමතුම විසන්ධි වී ආපසු හැරෙද්දීම ඔහු දුටුවේ යක්ෂාවේෂව සිටින බිරියය. වචනයක් කතා කිරීමට පෙර ඇය අත තිබූ දර පොල්ලෙන් මොහුට පහරදී ඇත.
පසුව ඇමතුම ගත් තරුණිය කතා කර සමාව ගනිද්දී මොහු පවසා ඇත්තේ අවුලක් නෑ නංගි දවස් දෙකෙන් ටිකට් කපනවා එතකොට එන්න මගේ කොන්දේ තෙල් ගාන්න යැයි කියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකද්ද ජයෝ , ලංකාවේ බේබදු සැමියන්ගෙන් ගුටි කන අහින්සක නෝනලා කී දෙනෙක් ඉන්නවද ? ඒ මහත්තුරුන්ටත් ඉතින් සංසාරේ ස්ත්‍රී ආත්ම තමයි ලැබෙන්නේ . (කෞ)
පිටබැද්දර ගැහැණු උදවියත් එක්ක හරියට කෙහෙවලු පටලවා ගන්නවානේ. (නි)
පිටබැද්දර ජයා නිසා දැන් මේ පිටුව සිනහවෙන් පිරිලා ස්තුතියි ලංකාදීප. (ර)
හොඳ වැඩේ.(හේ)
අයියෝ වික්‍රම මම හිතුවේ ඔයා මගේ යාලුවෙක් කියලනේ , මොකද මේ පරණ කතන්දර දැන් අවුසන්නේ (කෞ)
සුදර්ශනි, දන්නවා වගේ හොදට ජයා ගැන ඔය පැන්නේ බළලා, මල්ලෙන් එලියට. (බ)
ඇයි ජයා, ඉස්සර කුඩ පාරවල් වැදුනම ගාන තැලුම් තෙල්ම දැනුත් ගාන්නකො. (බ)
මහිලා සමිති මොකටද? මේකේ ඉන්න නෝනලා ටික එකතු වුණාම මදැයි මගේ ඇටකටු කුඩුකරලා දාන්න. දන්නා කෙනෙක් ඉන්නවා නම් මට කියන්න හොඳ කැඩුම් බිඳුම් වෙද මහත්තයෙක් ඉන්න තැනක් (නි)
පිටබැද්දර ඔය කියන තරම් බවලතුන්ට අකමැත්තක් නැහැ. නිකම් බොරුවට බවලතුන්ව අවුස්සලා සියුම් වින්දනයක් ලබන්නේ. ඒවා ඉතින් දන්නෝ දනිති. (නි)
ඉක්මන් කෝපය තමයි පවුල් ප්‍රශ්න ගොඩකට මුල (නි)
ස්පීකරයේ වැරැද්දටනේ සැමියා ගුටි කාලා තියෙන්නේ.පුටුවේ වාඩිවෙලා තියෙන්නේ දර පොල්ලත් අතේ තියාගෙනද? (කෞ)
මටත් පේන්නේ පිටබද්දරට ළඟදීම හොඳ තෙල් සාත්තුවක් පාඨක බවලතුන්ගෙන් ලැබෙන්න වගේ. (කෞ)
ගුටි කාපු සැමියා කෙසේ වෙතත් අපේ පිටබැද්දර උන්නැහේ නම් ඔය මහිලා සමිති ලඟින් යනකොට මොබයිල් එකේ 119 අමතන්න ලැස්ති වෙලා යන්න.(කෞ)
හරි දැන් එතකොට පිටබැද්දර ජයාගේ ගෙදර බවලතුන්ගේ තත්වය කොහොමද ? මේ වගේද මීට වෙනස්ද? (කෞ)
ඔන්න දැන් අපේ පිටබැද්දර මහතාට මුළු ලෝකෙම බවලතුන්ට මඩු වලිගෙන් තලන්න අවස්තාවක්! (කෞ)
අද ඉන්න බොහොම කාන්තාවන්ගේ කියලා පිටබැද්දර ජයා කියන්නේ ගුටි කාපු අත්දැකීමෙන් වද්ද? (කෞ)
දැන් ඉතින් හතර වටින්ම ඇහෙන්නේ මිස් කෝල් නිසා ඇතිවුණ පැටළිලි. ඒ නිසා මේ බිරිඳත් කලබල වෙන්න ඇති. මතක නැද්ද පසුගිය දවසක එක පිරිමියෙක් බිරිඳ සහ දරුවා මුහුදට තල්ලු කළා , මිස් කෝල් එකෙන් යාලුවුණ තරුණියව බැඳගන්න. මේවාට කාන්තාවන්ට විතරක් දොස් කියන එක වැරදියි. (නි)
අනේ ඉතින් මෙහෙමත් බිරින්ඳෑවරු ඉන්නවද මගෙ අම්මේ! හරි වැරැද්ද නොසොයා දුක් මහන්සිවෙලා පවුල ගොඩගන්න දඟලන ස්වාමියාට නේද මේ නිරපරාදේ තඩිබාලා තියෙන්නේ? සංසාරේ කොයි ලොව යන්නද නගේ නුඹ හදන්නේ? අද ඉන්න බොහොමයක් කාන්තාවන්ගේ තත්වය ඕක තමයි (නි)
පිරිමින්ට නම් ඉතින් ගෙදරින් පිට නෝනලා ඉන්නකොට කොහොමත් ඉවසන්න වෙනවානේ ලලිත්. (කෞ)
පුටුවේ වාදී වෙලා දර පොලු අතේ තියන් ඉන්නවා ඇහුවාමයි.(කෞ)
මෙහෙම කිසිද ඉවසිමක් හා වගවිභාගයක් නැති බවගත්තු පිරිලා නිසා තමයි අද වෙනකොට උසාවි වල දික්කසාද නඩු පෝලිමේ තියෙන්නේ (ම)
ඉනොකා ඇයි ඔයා දන්නේ නැද්ද එක්තරා කොට්ටාසයක් සැමියාව හත් දෙනෙක්වම පංගු දාගන්නවා කිසිම ප්‍රශ්නයක් නැතුවම.(කෞ)
මේකත් පිටබැද්දර උසාවියටම යොමු කළා නම් හොඳයි. (නි)
මොකද මේ කාන්තාවන්ගේ වැරදි විතරක් වාර්තා වෙන්නේ? පිරිමි ඔක්කොම එකපාරටම මාර්ග ඵල ලබලාද? පිටබැද්දර මහතා දැන් මේවා කියවලා පරලවෙලා ඇති. (නි)
ඒ කාන්තාව තම සැමියාට ගොඩක් ආදරෙයි වගෙයි (නි)
පේනවා නේද...?මොනවා බෙදා හදාගත්තත් තමන්ගේ සැමියාව පංගු දාගන්න මේ ලෝකේ කිසිම ගැහැණියක් කැමති නොවන බව. හදිසිවෙලා පහරදීලා තියෙන්නේ ඒකයි. (නි)
දෙයියෝ සාක්කි තීරයේ බවලතුන්ගේ අඩුපාඩු දැකලා පිටබැද්දර ජයාගේ රුධිර පීඩනයත් වැඩිවෙලා ඇති දැන්. අන්තිමේදී සිද්ධාර්ථ තෙල් කුප්පියක් අරගෙන සබාවේ උදවියට එයාව බලන්න තමයි යන්න වෙන්නේ. (නි)
මනුස්සයා පිට ඉන්නේ !!!! තුනටියේ තෙල් ගා ගන්න විතරයි ගෙදරට එන්නේ එහෙමද ? අනේ අනිච්චං....(බ)