(අක්මීමණ - අමිල මධුශංඛ)
රාත‍්‍රි කාලයේ නිවාසවලට ඇතුළුවී කාන්තාවන් නිදා සිටින අයුරු නරඹමින් ඔවුන්ගේ සිරුරු අතපත ගෑ තරුණයෙක් හිනිඳුම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගියදා (13) අලූයම් කාලයේ මෙම පුද්ගලයා තලංගල්ල ප‍්‍රදේශයේ නිවාස පහකට පමණ මෙලෙස ඇතුළුවී ඇති අතර අලූයම කොට කලිසමක් හා කළු කමිසයකින් සැරැුසී ප‍්‍රදේශයෙන් පලායෑමට තැත් කරද්දී ගම්වාසීන් අල්ලා හිනිඳුම පොලීසියට භාරදී ඇත.
අත්අඩංගුවට පත් මෙම තරුණයා වයස අවුරුදු විසිතුනක පමණ පුද්ගලයකු වන අතර ඔහු දෙල්ලව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා පොලොන්නරුවේ සිට බසයකින් පැමිණ දෙල්ලව පිහිටි සිය නිවෙසට යෑමට බස් රථයක් නොමැතිකමින් තලංගල්ල ප‍්‍රදේශයේ සිට ඇති අතර පසුව මධ්‍යම රාත‍්‍රියේ මෙලෙස නිවාස තුළට රිංගා ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇති අතර හිනිඳුම පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩකරන අයට දෙන දඩුවම් වැඩි කරන්නම ඕනෑ (නි)
කව්රු උනත් නියම වැඩේ කරලා තියෙන්නේ.? (ර)
බන්ටි ..ලිපිය හොදට කියවල අදහස් ලියන්න ..මෙය දකුණේ නොවෙයි පොළොන්නරුවේ ඉදල බස් එකකින් ඇවිත් තියෙන්නේ එ කියන්නේ ඔයාගේ ගමෙන්...(බ)
අපේ ගමෙත් ඔහොම කෙනෙක් ඉස්සර හිටියා. එය බලනවා විතරක් නෙවෙයි කරන්නේ ? (නදී)
යවන්න තිබුනේ මැන්චෙස්ටර් වලට අපේ වියදමෙන් හරි ..සතියක් ගතකරලා එන්න ..? ගිය සතියේ තිබුනා මෑන්චෙස්ටර් සිටිඑකේ කාන්තා සහ පිරිමි සම්පුර්ණ ඇදුම් නොමැතිව "උපන් ඇදුමින්"සයිකල් පැදීමේ මහා තරගයක් ..ඒකට දහස් ගානක් දෙනා සහභාගිවෙලා තිබුනා ඉන්ටර්නෙට් එකේ පවා ඒ සයිකල් සවාරිය ගැන විස්තර ෆොටෝ පළකර තිබුනා..ඒකට මෙයාව සහබාගි කලානම් ..හොඳටම නිරෝගී පුද්ගලයෙක් හැටියට ආපසු ලංකාවට පැමිණෙනවා එහෙමත් නැතිනම් කවදාවත් නැවත ලංකාවට නෑවිත් එහෙම නවතිනවා ෂුවර්. අපේ රටේ හැමදේම හංගාගෙන ඉන්න නිසයි මේ සේරම කාමරැල්ලට මුල ..? (නදී)
ගෙවල් 5 කට රිංගුවා කියන්නෙ මිනිහ හොඳ වැඩකාරයා ....(ස)
එය දැකපුවට සසර කලකිරෙන්න ඇති. අහිංසකයා (ම)
අපරාදේ අපේ ගෙදර අව නං මම.... (ර)
මොහුට උපහාස නොකර මානසික වෛද්‍යවරයෙක් යොමුකරන්න, ලංකාවේ දැන් මෙවැනි මානසික රෝගීන් එන්න එන්නම වැඩි (බ)
නිවසේ ගෘහිනිය රැට නිදා ගන්න කලින් ගෙදර දොර ජනෙල් අගුල් දාලද කියලා පරික්ෂා කරලා නෙවෙයිද නින්දට යන්නේ. මෙතැන් ගෙවල් 5 කටම මේ පුද්ගලයා ඇතුල් වෙලා කියන්නේ වටේට ආවරනයක්වත් නැතිව බවලතුන්ට නිදා ගන්න සිද්ධ වුන තැන් වෙන්න ඇති. (ස)
මේවා ලංකාවට ආවේනික වුණු හේතුත් තියෙනවා ..නුගත් කම මත් කුඩු ..රාගය? අනික් පැත්තෙන් වෙනත් රටවලට වඩා අපේ රටවල දුප්පත් මිනිසුන්ට සැප පහසු නිවාස නැහැ, අතුපැල් නිවාස අඩු ආදායම් ඇති මිනිසුන්ගේ බාගෙට නිමවී ඇති නිවෙස් වලම විතරයි මෙවැනි දේවල් සිදුවෙන්නේ ..? කවදාවත් අපි අහලා නැහැ ..ලක්ෂපති තරු පහේ නිවසක ගේට්ටුවෙන් ..තාප්පෙන් පැනල ..බල්ලෝ දෙතුන් දෙනෙන්ක් ඉන්න නිවසකට ඊයේ රෑ අන්න ග්‍රීස් යකෙක් පැනලා කියලා ..? ඒවගේ නිවෙස් වලට පනින්නේ ග්‍රීස් යක්කු නෙවේ ..පාතාලයෝ සහ මිනීමරුවෝ ...හොරු ,,පුද්ගලික පලිගැනීම් කාරයෝ ..? ඒටික අපි තේරුම් ගන්න ඕනේ මේ ගෙන්දගම් පොලවේ පය ගහල ජීවත්වෙනකොට? දරුවෝ ඉන්න සෑම දෙමාපියෙක්ම අද තම පව්ලට ශක්තිමත් නිවසක් හදාගන්න පව්ලේ ආරක්ෂාවට ..?විශේෂයෙන් ශ්‍රී ලාංකිකයෙකු හැටියට ..මේවාගෙන් ආරක්ෂාවෙන්න ..? (ස)
මේක ලංකාවටම පොදු ප්‍රශ්නයක් නෙවෙයි, දකුණේ කොල්ලන්ගේ ප්‍රශ්නයක්, ඒ නිසා දකුණේ යට විතරක් මොකක් හරි පුනරුත්තාපන වැඩසටහනක් දියත් කිරීමයි වටින්නේ (ම)
මේ වගේ මානසික ලෙඩ්ඩු සම්බන්ධයෙන් කාන්තාවන්ට ඉවසන්න අනුකම්පා කරන්න කියල අපිට පිරිමි හැටියට කියන්න පුලුවන්ද ? මෙහෙම අනුකම්පා කලොත් අන්තිමේ ස්ත්‍රී දුෂකයන්ටත් අනුකම්පා කරන්න වේවි. මොකද ඒකත් එක්තරා මානසික ලෙඩක් නේ කියල කියන උදවිය හෙට අනිද්දට පහල වේවි. (නදී)
ඇත්තම තමයි මේක මෙහෙට ආවේනික ලෙඩක් වෙන්න ඕනා. රෑට නෙවෙයි දවලට බස් එකක යන එකත් කාන්තාවන්ට ප්‍රශ්නයක්. පාඨක හිතවතුන් දැක්කද පසුගිය දවසක මහරගම පිටකොටුව බස් එකේ තරුණියක් ලඟින් වාඩි වෙලා නොහොබිනා ලෙස හැසිරුණු ජේත්තු කාරයෙකුට සිදු වුන දේ ගැන වීඩියෝ ක්ලිප් එකක් අන්තර් ජාලයේ ප්‍රචාරය වුනා. (නදී)
ජනෙල් දොරවල් අරින්න ඕනෑ නැහැ. බස් එකේ යන ලාංකික කාන්තාවට වෙන අතවර කොච්චරද? (නි)
මෙහෙම අයට මානසික රෝගීන් කියල අනුකම්පාව දැක්වීමට යාමෙන් සිදු වෙන්නේ අගතියට පත් කාන්තාවන්ට සිදු වුණ ලැජ්ජාව නිසා මානසික ආතතිය හැදීම. (ම)
ප්‍රශ්නය තිබෙන්නේ ලංකාවේ දැන් මෙවැනි මානසික රෝගීන් එන්න එන්නම වැඩිවෙන එක. ලෙඩ්ඩු ලෙඩ්ඩු කිය කියා අනුකම්පා කළොත් මට හිතෙන්නේ අපේ ගැහැණු දරුවෙකුව කවදාවත් බස් එකක යවන්න බැරි රටක් වේවි මේක. (නි)
මේක මානසික රෝගයක් ඇත්තටම. නමුත් ප්‍රශ්නය එය ලංකාවටම ආවේණික රෝගයක්ද කියලා. වෙන කොහෙවත් මෙතරම් අහන්න ලැබෙන්නේ නැහැ. කවදා අපේ කාන්තාවන්ට නිදහසේ පාරේ යන්න, නිවසක ගේට්ටුවක් ඇරලා තියන්න, ජනේලයක් ඇරලා නිදාගන්න ලැබෙයිද මන්දා.
අනේ ඉතින් බලලා ඇති වුණාම යනවනේ. ලොකු කරදර නැහැනේ. පව් අහිංසකයා! (නි)
මේක මානසික රෝගයක් අපහාස නොකර ඩොක්ටර් කෙනෙකුට යොමු කරමු.(බ)
මෙහි අදහස් දමන අයට ඇස් කණ්ණාඩි අරන් දෙන්න ඕනෑ මේ කතාව කියවා තේරුම් ගන්න. මේ තරුණයා රෑ වෙලා ගෙදර යන්න බස් නැවතුමේ සිද්ධිය සහ ගෙවල් අතරේ වුණ දෙයයි බලා අදහස් ලියන්න (නි)
බෙලහීනතාවයකින් පෙළෙන මනුස්සයෙක්. වහාම මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න. (නි)
ලංකාව කොච්චර රස්නය රටක් උනත් දොරක් ජනේලයක් අසාවකටවත් ඇරලා නිදාගන්න බැහැ මිනිස්සුන්ට . එච්චරට රට සොර සතුරෝ සහ මානසික රෝගීන්ගෙන් පිරිලා .(ම)
මේ ප්‍රදේශයේ මිනිස්සු රෑට නිදා ගන්නේ ගෙදර දොර ජනෙල් වහල නෙවෙයි වගේ. (ම)
ඇත්තටම මේ ගමේ මිනිස්සු රෑට දොර ජනෙල් වහල නෙවේද නින්දට යන්නේ. එක ගෙදරක නම් මදැයි මුළු ප්‍රදේශයේම බවලතුන්ගේ ඇඟ පත අත ගාලා ගිහින්නේ . (ස)
මම වගේ කෙනෙක්ද ? (නදී)
දකුණේ කෙනෙක් නේ..කියන්න දෙයක් නෑ. ඉතින් මානසික අසහනකාරයෝ තමයි ඔක්කොම. (ස)
මේ මනුස්සය මානසික ලෙඩෙක්ද කොහෙද? මෙවැනි උන්මන්තකයින් තමයි ජාතික අපරාධ බොහොමයකට මුල පුරන්නේ. (ස)
මේ ප්‍රදේශයේ ගෙවල් වල නිවැසියන්ට රාත්‍රී දොර ජනෙල් වහලා නින්දට යන පුරුද්දක් නැද්ද ? එක ගෙදරක් නම් කමක් නැහැ ගෙවල් 5ක්. (ර)
මොහුට උපහාස නොකර මානසික වෛද්‍යවරයෙක් යොමුකරන්න .(ම)