පුතුන් දෙදෙනකු හා දුවරු තිදෙනකු බිහිකොට හදා වඩා දීග දී සිටි මේ මිත්තනිය ජීවත්වූයේ ස්වභාවික සම්පත් බහුල ප‍්‍රදේශයකය. සිය සැමියා මියගිය පසු ලොකු පුතාගේ නිවෙස අසලම වූ කුඩා නිවෙසක සිටි ඇය කෑම බීම ගත්තේ ලොකු පුතාගේ නිවසෙනි.
පසුගිය කාලයේ හුදකලාව ගෙවල්වල සිටින කාන්තාවන්ට විවිධ කරදර සිදුවූ නිසා ඒ ගැන කී ලොකු පුතා නිදාගැනීමට තම නිවෙසට ඒමට කී විට ඇය අපූරු කතාවක් කීවාය.
” ඕවා වෙන්නෙ තම තමන්ගෙම වරදෙන්. කවුරු මොනව කීවත් කළත් දොර වහගෙන හිටියම ඉවරයි. මගේ ගෙදරට දොරටත් මහ රෑ කවුදෝ තට්ටු කරනව මම නෙමේ ඇහැ ඇරල බලන්නේ” මෙය ඇසූ ලොකු පුතාට තරුපෙණින මේ නිසාම පසුවදා රෑ මවටත් හොරෙන් සිය පුතා සමඟ රැක සිටියාය.
දොරට තට්ටු කරන හඬ ඇසෙත්ම ඔවුහු විදුලි පන්දම දැල් වූහ. හැමදාම එතැන ලැගීමට එන බල්ලා කැරකෙන විට වලිගය දොරේ වැදීමෙන් මේ හඬ ආවාලූ. මේ ගැන කීමට ඔවුන් දොරට තට්ටු කළත් අම්මා නම් දොර ඇරියේ නැතිලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිත පහන් කරන සිත්විලි වලින් යුත් අදහස් මේ වෙනුවෙන් දමන්නෝ පින්වන්තයෝය. (නි)
අම්මාගේ ඉවසීම බලන්න (නි)
මේ පුතා අද කලේ ඉන්න සමහර පුතාලට හොඳ ආදර්ශයක්,දැන් කලේ මේ වගේ දේවල අහන්න ලැබෙන එක අපෙත් වාසනාව,ඒ වගේම මේ දෙවල් විහිලුවට ගන්න අය ඉන්න එක හරිම අවාසනාවක්,(අ)
අයියෝ සල්ලි
එම මවගේ පුතා හොඳ කෙනෙක්. මව් ගුණ දන්නා කෙනෙක්. ඔබට ගොඩක් පින් සිදු වෙයි. එම මවට කවදාවත් කරදරයක් වෙන්නේ නැතිබව විශ්වාසයි (නි)
කව්රුන් මොනවා කිව්වත් අපේ රටේ තවම ගුනධර්ම රැදිලා තියනවා. කියන තරම් හිතන තරම් පිරිහිලා නැහැ. තවම අපේ කම , ගමේ කම, තියෙනවා. ඒත් පුවත් පත්වල ලොකුවට පෙන්නන්නේ හොදට වඩා නරක දේවල්නේ.(නදී) .
චන්දා, මෙතන තියෙන අදහස් ඔක්කොම සිත් පහන් කරන සුළුයි, නේද? ඒ හින්දා මං එහෙම නොවන දෙයක් ලියන්නම්. අත්තම්මේ, හිතන්න එපා අත්තම්මා කෙනෙකුටවත් අද කාලේ බේරිලා නම් ඉන්න පුළුවන් කියලා. සිත් පහන් නොකලත් අමිහිරි යථාර්තය ඒකයි. (නි)
ඔය වගේ නුවනැසින් බලන අම්මලත් මෙවන් අම්මල ගැන සොයා බලන පුතාලත් රට ජාතියටම වාසනාවක්. (අ)
වාසනාවන්ත මවක්.(අ)
අනේ මම තනියම.කව්රුවත් තනියට හිටියානම්? යටිහිත කතා කරනවා තනියම. මේක අපි කාටත් පොදුයි. හොල්මන් කියන්නෙත් මේ යටි හිත තමයි. (ස)
මේවා කෙසේ සිදුඋනත් බල්ලා නිසා අම්ම ආරක්ෂා විය . (දී)
මම අහල තිබෙන පරණ කතාවක් ඕක
කිරිඅත්තා හිටපු කාලයේ හදිසියේ ගමනක් ගියත් ආ විට දොරට ගහන ශබ්දය කිරි අම්මා හොඳින් දන්නවා. පුතත් ළඟම ඉන්නවනේ! මිනිපිරියක් ගෙදර නැති හින්දා , කිරි අම්මා බය නැතුව දොර අරින්න කිරි අම්මේ!! (නි)
සමන්මලී,එන්නකෝ ඉතින් මෙහෙට. මම මෙහෙ තනියෙන් ඉන්නේ (නි)
වාසනාවන්ත අම්ම කෙනෙක්. කරදරයකදී සොයා බලන පුතුන් සිටියා. බල්ලත් ෙඑනවා ඇත්තේ අම්මගේ ආරක්ෂාවට ගෙදර මුර කරන්න වෙන්න ඕනේ. (ස)
තමන්ගේ මව ගැන හොදින් සොයා බලන මෙවැනි පුතුන් ලබන මවක් ඇත්තටම වාසනාවන්ත මවක්. (ස)
මට හිනා යනවා අනේ