(නයිනමඩුම - චන්දන ප‍්‍රනාන්දු)
වසර ගණනාවක් ඉතා යහපත්ව නිවෙසක සේවය කළ කාන්තාවක් අල්ලපු ගෙදර තාවකාලිකව සේවය කළ පෙදරේරු තරුණයකුට නිවැසියන්ට හොර රහසේ කන්න බොන්න දී මුදල් ද දුන් පුවතක් පසුගියදා වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය. රජයේ වැදගත් රැුකියාවක නියුතු පවුලක කාර්ය බහුලත්වය නිසාම හිතවතකුගේ මාර්ගයෙන් මෙයට වසර කිහිපයකට පෙර නිවසේ වැඩකටයුතු කර ගැනීමට කාන්තාවක් සොයාගෙන තිබේ.
එම සේවිකාවත් නිවැසියන්ගේ සිත් දිනාගෙන බොහෝ හොඳින් සිටියත්, ගෙදර උයන පිහින කෑමවල මෙන්ම මුදල් ද නිතරම අස්ථාන ගත වීම ගැන සිතා ගත නොහැකි වීම නිසා එම ගෙදර සිටි වැඩිමහල් දරුවන් එසේ කරනවා යයි සිතාගෙන සිටියත්, එම කරුණ නිතරම වීම නිසා සොයා බැලීමේදී ඉහත පෙදරේරුවා සේවිකාව රවටා මෙලෙස කෑම බීම හා මුදල් ගෙන ඇති බව හෙළිකරගන්න හැකිවී තිබේ.
දිගු කාලයක් තමන් ළඟ සේවය කළ නිසාත්, සේවිකාවගේ පවුල් පසුබිම අසරණ තත්ත්වයක සිටි සේවිකාවට විරුද්ධව නීතිය ඉදිරියට නොගිය නිවැසියන් වංචාකාර පෙදරේරුවාට විරුද්ධව පොලිසියට පැමිණිලි කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවටත් දෙය්යෝ සාක්කිද? (ස)
ඇත්තටම කරන්න ඕනේ ඒ සේවිකාවට කසාදයක් කරලා දෙන එක.(හේ)
මේසන් බාස් හොඳ වැඩ කාරයෙක් වගෙයි. මම හිතුවා මේ බවලතා පොඩි දානයක් දුන්න කියලා. බලාගෙන යනකොට මේ බාස් නේ ඉල්ලන් කලා තියෙන්නේ! අවුරුදු කිහිපයකට "මහගෙදරට" යැවුවොත් බඩගිනි වෙන එකක් නැහැ.... (ස)
ඇත්තටම කරන්න ඕනේ ඒ සේවිකාවට කසාදයක් කරලා දෙන එක.(ස)
මේසන් බාස්ට විරුධව නීතිමය පියවරක් ගැනීම අපහසුය , ඔහු කියාවි මම කෑම බිම සහ මුදල් හොරකම් කරේ නැහැ මට ගෙනත් දුන්න කියල , මෙහෙකාරිය බාල වයස්කරියක් නෙමේ නම් , පෙදරේරුව නීතිය ඉදිරියේ වැරදි කාරයෙක් නොවේ (ස)
සමීර ඔබ හරි (ස)
සේවිකාය කරන දෙය හසුනොවී කරන්න තව පුරුදුවෙන්න ඕනෑ. තමන් වැඩකරන ගෙදරට ලොකු පාඩුවක් සිදුනොවෙන්නත් ඕනෑ. එච්චරයි (නි)
කරන්න ඕනේ ඒ සේවිකාවට මේසන් බාස්ව කසාද බන්දල දෙන එක.(බ)
ගෙහිමියට තියෙන්නේ බලු කපුටු දානයක් දුන්න කියල සිත හදාගෙන ,ඉදිරියේදී සිදුවන දේවල් ගෙන විමිසිලිවත්ව ඉන්න එකයි (ස)
අපරාදේ! අපිට ඕවා සෙට්වෙන්නේ නැහැනේ? (නි)
කතා දෙකක් නෑ. හොද බාස් (නදී)