ඔහු අලූත්ම වෑන් රථයක හිමිකරුය. පසුගිය දිනක මහාචාර්යවරයෙක් පවුලේ උදවිය සහ හිතවතුන් සමඟ මෙම වාහනයෙන් උතුරේ සංචාරයක නිරතවිය. මෙම වාහනයම තෝරා ගැනීමට හේතුව වූයේ එහි ගාස්තුව සාධාරණ වීමත්, රියැදුරු මහතාද ලංකාවේ ඕනෑම පාරක් දන්නා බව කීමත්ය. අනුරාධපුරයට පැමිණි ඔවුහු විවේකයක් ගැනීම සඳහා නැවතුනහ. අනුරාධපුයේ වටරවුම් විශාල ප‍්‍රමාණයක් ඇති බැවින් පාරවල් දන්නා බව කිව් රියැදුරු මහතාට උතුරු දකුණ මාරුවී, යාපනයට යන මාර්ගය කාටත් හොරා අසල සිටි අයකුගෙන් දැන ගැනීමට සිදුවිය. යාපනයේ සිරි නැරඹූ ඔවුහු ”කයිට්ස්” බලා පිටත්වූහ. මාර්ගය අසල කළපුවේ ඉස්සන් අල්ලන කොටු දක්නට ලැබුණු අතර මහාචාර්යවරයාගේ බිරිය ඒවා මොනවාදැයි විමසුවාය. ”මැඩම් ඔය ඉස්සෝ අල්ලන කොටුනේ” රියදුරු මහතා පැවසීය. අර මැඩම්ට පේනවද ඒ තමයි ඉස්සෝ කොටුවල හිරවෙලා ඉන්න ඉස්සෝ”. ඔහු තවත් පැහැදිලි කරමින් කීය. ”ඇත්තටම ඒ ඉස්සෝදැයි ඇය දැස් විදහාගෙන විමසුවාය. මහාචාර්යවරයාද කුතුහලෙන් එදෙස බැලීය. ”අපි ළඟට යමු” ඇය කීවාය. රියදුරු මහතා ඉස්සන් පැහැදිලිව දැකගත හැකිවන පරිදි වාහනය තවත් කිට්ටු කළේය. ඉස්සන් කොටුවල හිරවීතිබුණේ ඉස්සන් නොව පාසි, තණකොළ සහ කුණුරොඩුය. ”ෂෝක් ඉස්සෝ ටික ආශාවේ බැහැ” මහාචාර්යවරයාගේ බිරිය සිනහවෙමින් කීවාය. රියදුරු මහතාට සිනහගිය අතර මහාචාර්යවරයා ඉවත බලාගෙන කට කොනින් සිනාසෙනු දක්නට ලැබිණි.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මහාචාර්යවරයාට ඉස්සන් පෙන්වූ අපූරු රියැදුරා
බෙනට් Friday, 12 October 2012 03:08 PM
කවුද අප්පා මේ කතාව පත්තරේට කිවුවේ ... මට තාම හිනාව නවත්වා ගන්න බෑ... (ස)
තරිදු Monday, 15 October 2012 01:20 PM
පිස්සුද කොහෙද? (නි)
තිලංක Saturday, 13 October 2012 05:55 PM
මෙවැනි හරයක් නොමැති දේ පළ කිරීම සම්බන්දයෙන් කතෘ මණ්ඩලය මීට වඩා සොයා බැලිය යුතුය. (අ)
අතපත්තු Sunday, 14 October 2012 09:22 PM
ප්‍රනාන්දු මහත්තයෝ, ජාතික වටිනාකමක් ඇති දේවල් වලට මෙහෙම විහිලු කරන්න එපා. (නි)
ලලිත් කටාර් Saturday, 13 October 2012 12:38 PM
හහ්.. හහ්... මොනවා කරන්නද?(නු)
දුලාංජන් Sunday, 14 October 2012 01:31 PM
මේවා ඇත්ත කතාද ? (ස)
චමිල Tuesday, 16 October 2012 03:30 PM
කතාවට වඩා හිනා යන්නේ කට්ටියගේ අදහස් වලට :-) (ස)
රසික Tuesday, 16 October 2012 10:40 AM
උඩ ඉන්න දේවියන්ගෙන් සාක්ෂි අහන්න තරම් වටිනා දේවල්ද? (ස)
චන්ද්‍රසිරි Saturday, 13 October 2012 01:00 PM
ඉස්සගේ ඇස් ලොකු වී තිබෙන්නේ ඇයි.? (අ)
චන්ද්‍රසිරි Friday, 12 October 2012 03:52 PM
ඉස්සා දිහා ඉස්සී ඉස්සී බලන්න ඕනෑ. (නි)
රංජිත් Friday, 12 October 2012 11:17 AM
බලු නගුටයි, ඉස්සායි මොනවද මේ කථා! උඩ ඉන්න දේවියන්ගෙන් සාක්ෂි අහන්න තරම් වටිනා දේවල්ද? (ස)
රිස්වාන් - සවුදි Sunday, 14 October 2012 03:04 PM
ටිකක් හිනා ගියා. ඉස්සන්ට මිරිස්කුඩු,කොත්තමල්ලි කුඩු ටිකක් දාලා තිබුණා නම් කතාවට මීට වඩා හිනා වෙන්න තිබුණා. (නි)
සනත් Friday, 12 October 2012 11:59 PM
මගේ තුන් හැවිරිදි දරුවා කිවුවා දවසක් අන්න බායි බස් එකක් කියලා. බැලින්නම් ඒක ටාටා බස් එකක්. (නි)
වරුණ Friday, 12 October 2012 12:24 PM
ලංකාදීපය දිනලා තියෙන්නේ මේ වගේ කතා නිසයි. (නි)
upali Saturday, 13 October 2012 09:05 PM
චන්දුසිරි ඉස්සගෙ ඇස් ලොකුවෙලා තියෙන එක රහසක්..!(නු)
පිටිගල Friday, 12 October 2012 12:36 PM
කකුල් පහේ අලියෙක්ව දැක්කා නම් මොනවා නොකියයිද? (නි)
ෂෙරීෆ් Friday, 12 October 2012 12:43 PM
නරක නැහැ. හිනාවෙන්න පුලුවන් (නි)
US Monday, 15 October 2012 10:16 PM
මට නම් තේරෙන්නේ නෑ මොනවද මේ පත්ත්‍රවල දමන දේවල්. ඒවායේ වටිනාකමක් ඇත්තෙම නැහැ. (අ)
තිලක් Saturday, 13 October 2012 08:11 AM
දැන් අපි කිචි කවා ගන්නම්. (නි)
රාජා Sunday, 14 October 2012 05:00 PM
මේ කතාව ලියලා තියෙන්නෙ ඉස්සෙක්ද එතකොට? (නි)
මංජුල Saturday, 13 October 2012 09:26 AM
ජෝක්ස් ....(ස)
අතුල Friday, 12 October 2012 07:52 PM
මේක හරිම බොලදයිනේ. (නි)
අමන්දා Wednesday, 17 October 2012 02:31 PM
මහාචාර්ය කෙනෙක් නම් රවට්ටන්න බැහැ (නි)
උපුල් Friday, 12 October 2012 08:15 PM
අපි හිනාවෙන්න ඕනි කෙතනටද ? (ස)
ඉන්දික Monday, 15 October 2012 12:05 PM
ඉස්සෙක් (ස)
සම්පත් Friday, 12 October 2012 08:09 PM
මොනවද අප්පා මේ ? (නි)
Cooray Nawalage Jude Yohan Friday, 12 October 2012 09:24 AM
එතකොට ඉස්සා කොහෙද ? (ස)
සතිශ් Friday, 12 October 2012 08:41 PM
චන්ද්‍රසිරි, ඉස්සන් දිහා බලන්න ඕනෑ ඉස්සරහට නැමිලා. (නි)
ප්‍රනාන්දු Saturday, 13 October 2012 05:18 PM
කකුළුවො අල්ලන්නයි කොටු හදලා තියෙන්නේ.. දඹුළු ගියානම්.. ගලපල්ලෙන් වෝටර් කමින් පිත්තල මුට්ටියට ටාන් ටාන්..!(නු)