(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
මුහුණු පොතෙන් හඳුනාගත් බව කියන තිස් හැවිරිදි පෙම්වතිය සොයා පැමිණි විසි හැවිරිදි තරුණයකුට එම කාන්තාවගේ සැමියාගේ පහර කෑමට ලක්ව පොලිස් කූඩුවේද ලගින්නට වීමේ සිද්ධියක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
පෙම්වතිය දරුවන් දෙදෙනකු සිටින විවාහක කාන්තාවක වන අතර පෙම්වතා අවිවාහකයෙකු බව පැවසේ. කාන්තාව මුහුණු පොත හරහා තරුණ පෙම්වතා සමග පෙමින් බැඳෙන අතර සැමියාට හොරෙන් මෙම සම්බන්ධතාව පවත්වාගෙන ගොස් තිබේ.
සැමියා ගෙදර නොමැති දිනයකදී ඇය සිය පෙම්වතාට ගෙදර එනලෙස ආරාධනා කර ඇති අතර ඔහු සැතපුම් සිය ගණනක් ගෙවා යතුරු පැදියකින් කාන්තාව පදිංචි ගමට ආසන්න නගරයට පැමිණ තිබේ.
ස්කූටරයේ නැගුණු කාන්තාව දරුවන් දෙදෙනා සමග පිටව ගොස් වැඩිමහල් දරුවා සිය මහ ගෙදර නතර කර කුඩා දරුවා සමග පෙම්වතා මුණගැසීමට නගරයට ගොස් ඇත. පෙම්වතා හමුවූ කාන්තාව ඔහු සමග රාත්‍රී හතට පමණ නිවසට පැමිණ ඇතැයි පැවසේ.
නාදුනන තරුණයකු සමග කාන්තාව නිවෙසට පැමිණෙන අයුරු දුටු අසල්වාසීන් විමසිලිමත් වී ඇත. අසල්වැසියන් කාන්තාවගේ සැමියා දැනුවත් කර ඇත.
රාත්‍රී එකොළහට පමණ සැමියා නිවෙසට පැමිණ බිරියට කතා කර ඇති අතර, ඇය දොර විවෘත කර නොමැත. ඉන් කෝපයට පත් සැමියා නිවස අසල තිබූ පොල් උල රැගෙන දොර කඩා බිරියගේ පෙම්වතාත් බිරියත් පොලිසියට බාරදී ඇතැයි පැවසේ.
පොලිසිය පසුදින සිද්ධිය පිළිබදව විමර්ශනය කර ඇති අතර බිරිය බාර ගැනීමට සැමියා කැමැත්ත පළකිරීම නිසා බිරිය සැමියා සමග නිවස බලා පිටත්ව ගොස් ඇති අතර තරුණයාටද අවවාද කර මුදා හැර ඇති බව සැලවේ.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මුහුණු පොතේ ප්‍රේම මන්දිරය ගුටි ප්‍රහාරයකින් සුනු විසුනුවෙලා