(තිහගොඩ උපසේන ලියනගම්)
දකුණු පළාතේඋප නගරයක සිටප්‍රධාන නගරයදක්වා දිවෙන බස් රථයකි. අතරමග දීඑහි නැඟ ගත්තේ දරුවකු වඩාගත් තරුණ වියේ මවකි. ඇගේ අතේ
විශාල ගමන් මල්ලක් ද විය.
ඇය බසයට නගිත්ම ඉදිරිපස ආසනයේ වාඩිවී සිටි අයකු නැගිට ආසනය දුන් නිසා ඇය කඩිමුඩියේ බෑගය ඉදිරිපස දොර අසලම තබා වාඩි වූවාය.
මොහොතකට පසු වාහනය වංගුවක් ගැනීමට යාමේ දී ඇගේ බෑගය දොරටුව අසලට විසිවී ගියෙන් ඇයට ආසනය දුන් තැනැත්තා එය අල්ලාගැනීමට ගිය ද ඔහුත් සමග බෑගය දොර අසලටම පෙරළිණි.
රියැදුරුට තරු පෙනිණි. ඔහු වේගවත් ලෙස තිරිංග තද කළේ වමතින් හිසට ද තට්ටුවක් දමා විමතිය පළ කරමිනි. මේ නිසාම වැටෙන්නට ගිය මගියා බේරුණු අතර ඉදිරිපස වූ පිරිස මහා විමතියකින් එදෙස බලා සිටිය ද දරුවා උකුලේ තබාගෙන සිටි කාන්තාව නම් සිනාසෙමින් සිටියා ලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අය ඉන්නවා කිසිම කළගුණ සැළකීමක් නැහැ. ඒවා දරුවන්ට කුඩා කල සිට පුරුදු කරන්නෙත් නැහැ. රට අගාධයට යන්නේ මේ වගේ අය නිසා (නි)
මේ වගේ තරුණ මව්වරු අපේ රටේ දැන් හැමතැනම බෝවෙලා ඉන්නවා. ඒ වගේ මව්වරු තමන්ගේ දරුවට පිටිකිරි අරගෙන දෙන්න තියෙන තුට්ටු දෙකත් රූපලාවන්‍යාගාර වලට පූජා කරලා දරුවන් හාමතේ බඩගින්නේ තියනවා කියලා අපි දන්නවා. (නි)
ඒ අම්මත් අර ආණ්ඩුවේ සමහර බැංකු කවුන්ටර් වල ඉන්න නෝනලා වගේ මනුස්සකමට හිනාවෙන්න දන්නේ නැති කෙනෙක් වෙන්න ඇති. (නි)
බැංකු කවුන්ටර් වල ඉන්න නෝනලා ගැන කියනකොට, පිටිගල ඇවිල්ලා බලන්න කිරිබත්ගොඩ ලංකා බැංකුව. ඒක ආණ්ඩුවේ බැංකුවක්ද කියලා හිතෙනවා. ඒ තරම්ම ඔවුන් ආචාරශීලීයි, කරුණාවන්තයි. මේ සටහන ඔවුන්ට තවත් ධෛර්යයක් වේවා! (ර)
පුදුම මිනිස්සු නේද අද අපි අතර ඉන්නේ? (නි)