මුදලාලි නොමැති වේලාවක ඔහුගේ බිරිය විසින් අඩු මිලට අනෝදා ගෙඩි විකුණූ නිසා බිරියට බැණවැදී බිරිය අනෝදා ගෙඩි මිලට ගත් පුද්ගලයන්ගේ නිවෙස්වලට යවා අනෝදා ගෙඩි එකතු කරගත් පුවතක් කන්ද උඩරටින් වාර්තා වේ.
කන්ද උඩරට ව්‍යාපාරිකයකු වන මොහු මසුරු අයෙකි. ඔහු කඬේ නොමැති විට ඔහුගේ බිරිය වෙළඳාම් කටයුතු සිදුකරන අතර සියලූ වෙළෙඳාම් විස්තර පොතක ලිවිය යුතුවේ.
පසුගිය දිනක තම ඉඩමෙන් කඩා ගත් අනෝදා ගෙඩි විකිණීමට කඬේ තබා ඇති අතර එදින මුදලාලි ගමනක් ගිය බැවින් බිරිඳ විසින් කඬේ වෙළඳාම් සිදුකර ඇත.
සවස් භාගයේ පැමිණි මුදලාලි වෙළෙඳාම් පිළිබඳ විස්තර පොත පරීක්‍ෂා කිරීමේදී අනෝදා ගෙඩි අඩු මිලට විකුණූ බව පෙනී ගොස් ඇත.
බිරියට හොඳ හැටි බැනවැදුණු මුදලාලි එම ගෙඩි නැවත එකතු කර ගෙන එන ලෙස පවසා බිරිඳ කඩෙන් පන්නා ඇත. පසුව ගම පුරා ඇවිද ඇති ඇය එම අනෝදා ගෙඩි නැවත සල්ලි දී එකතු කරගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් ඔය මෙතන මහ පුටුවට තරඟයක් නැහැ. අපි කැමති දෙයක් පුවතට සුදුසු විදියට ලිව්වා . එතනින් ඉවරයි. (බ)
අනෝදා හරි රසයි. කටු අනෝදද, වැලි අනෝදද?. මට හිතයි ඔය නෝනා හාමිනේගේ කඩේට යන්න බලන්න. (බ)
පිටබදර ජයා,මගේ මහත්තයාගේ වත්තේ තියෙන කරපිංචා අපේ මුළු ගමටම ඇති.ලංකාවට ආපුවාම මදි නොකියා කන්න මට ඕනෑතරම් තැන් තියෙනවා.මේ සභාවේ බවලතුන්ට බොරු පාට් දාන්න ඔබට ලජ්ජා නැද්ද....? ? ..(රේ)
කරපිංචා වවාගන්න පුලුවන් සිත කාලයට ගේ ඇතුලට ගන්න රස්නේ කාලයට එලියේ තියන්න. මගේ යාලුවෙක් ගේ ගෙදර තියෙනවා ඇමරිකාවේ..(රේ)
මා මෙහි අදහස් දක්වන්නේ මා එසැණට බොහෝ ආදරය කරන නිසයි. ඒ ලොකුකම් පෙන්වන්නට නොව අනෙකුත් අයත් මගේම සහෝදර,සහෝදරියන් ලෙස මා සිතූ නිසයි. අදහස් හුවමාරු කරගැනීමෙන් මා ලැබුවේ ඉමහත් ප්‍රීතියකි. නමුත් පිටබැද්දර ජයා,චන්දී සහ රුපවතී මට එතරම් කැමැත්තක් නැති බව මට පෙනීගිය කරුණකි. සුදර්ශී සහ අනුර මගේ කාර්යාලයේ වැඩකරන දෙදෙනෙකි. මට පහරගසා තිබෙන බව මා දැනුවත් කළේ ඔවුන්ය. කාගේවත් තැනක් ගන්නට හෝ පාඨක සබාවේ මුල් පුටුවට යන්නට හෝ මට ඕනෑකමක් නැත. මා ලිවුවේ හුදෙක් විනෝදයට පමණකි. (නි)
අදහස් බැලුවහම මෙතන ලියන සමහර අයට පිස්සු වගෙයි පෙනෙන්නේ. සමහර කාන්තාවන්ගේ කයිවාරුව මදිවාට මෙතන හුරතල් වෙන්නත් හදනවා. අපේ රටට ගිය කල? (නි)
මම මෙහි දින ගානකින් කිසිවක් නොලීවේ මගේ ස්වාමියාගේ පියාණන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙන නිසා. පුවත්පතවත් කියවන්න සිත එකලස් නැහැ. අපි දුරු රටක හුදකලා වී ඇති හෙයින් පවුලේ සාමාජිකයින්ගේ සංවේදී සිද්ධීන් එකපාරටම වදින්නේ ඔලුවට. එහෙත් අවාසනාව කියන්නේ මගේ නමින් අදහස් පළකර තිබීමයි. (නි)
ජර්මනියේ කරපිංචා මිටියක් යුරෝ 1 (රුපියල් 150) විතර වෙනවා. සතියක් විතර කෑමට ගන්න පුළුවන්. මෙහෙ මිනිසුන් හම්බකරන සල්ලිත් එක්ක එම මුදල සුළු මුදලක්. කෑම රසවෙන්න කරපිංචා දමන්න ඕනෑ (නි)
සුනිල්,මෙහෙ කරපිංචා පව්මකට මිලදී ගන්න ලැබෙන්නෙත් කුඩා ඉති කිහිපයක් විතරයි. උතුරු ලන්ඩනයේ ඉන්න මගේ සහෝදරිය ඔබ කී විදිහට කරපිංචා දණ්ඩක් පැළකර ගන්න බැලුවා. හරි ගියේ නැහැ. ඉනෝකාගේ යාළුවාගේ සැමියාත් සමහරවිට හිතන්න ඇති ගණන් වැඩියි කියලා. පිටබැද්දර ජයා මොකද මේ කාන්තාවන්ගේ කරපිංචා මිටියට පැටළිලා? (නි)
රූපවතීගේ තැන ඉනෝකා අල්ලාගනී කියලා බයට වෙන්න ඇති පිටබැද්දර ජයාට තරහා ගිහිල්ලා තියෙන්නේ. ඉනෝකා වෙනස්ම කතා කියන නිසා මම නම් දකින්නේ වෙනස්ම සුන්දරත්වයක්. අපි එයාලාට ගරහන්න නරකයි. හැමකෙනාගේම අදහස් වලට ගරුනොකරන අය ගැන කතාකරලා වැඩක් නැහැ. (නි)
ඔන්න පැත්ත ගියත් ඇත්ත කියන කාන්තාවෝ. කොට්ටෝරුවා කොට,කොටා ගිහින් කෙහෙල් ගහට කොටපුදාට හොට පැටළෙනවාලු. (නි)
ඉනෝකා , ඇත්තටම අපේ ගමේ කරපිංචා හැදෙන්නේ කැලේට. මිනිස්සු කියන්නේ වල් කරපිංචා කියලා. අපි නම් ඉතින් ඉපදුනදා ඉඳලා කෑමට ගන්නේ, කැඳ හදන්නේ, සර්පයෙක් කෑ කෙනෙකුට කොටලා ඉස්ම ටික බොන්න දෙන්නේ මේ වල් කරපිංචා තමයි. (නි)
ඔය චන්දියි,රූපවතීයි තවත් කවුදොයි ස්කයිප් එකෙන් එකතුවෙලා ඉන්නවා කිවුවා නේද? කාටද ඇටෑක් එක දෙන්නේ කියලා වෙන්න ඇති. (නි)
ජෙහාන් , සුභාෂ්, මගේ කතාවේ සැඟවුණ අරුතක් නැහැ. ඇත්තම කතාව ඔන්න මම ලියා තිබෙනවා. ඇත්තටම කරපිංචා මේතරම් ගණන් කියලා දන්නවා නම් අම්මපා නොලියා ඉන්නවා. කරපිංචා කොලයක් ගිය දුරක්! (නි)
අනේ මෙහෙම තණ්හාවක්... (නි)
මේකට නම් "දෙය්යෝ සාක්කි" කියන්නම වෙනවා.(ම)
රුවන් ඔබ බොරු නමකින් පෙනී සිටින බැටළු හම පොරවාගත් අර කව්දෝ වාගේ යයි මට සිතේ.ඔබ කව්ද කියා අපි දනිමු. (බ)
රූපවතී අදත් පරණ තැටිය දාල. හැමදාම එයාගේ නමින් තව කවුදෝ අදහස් දමනවාලු. (ර)
මෙයාගේ වෙළදාම ඉක්මනින් සුන් (හේ)
සොයුරිය ඉනෝකා., ඔබට උත්තර දීල තියෙන කෙනා කවුද කියල මම දන්නේ නැහැ., නහදුනන අයගේ සිත් රිදවා ලබන සතුට තාවකාලිකයි., මම මේ එසැනට., ලියද්දි කාගේ හෝ සිතක් කුරිරු කමින් පිරිලා මා ලියන දේ අවතක් සේරු කරනවා මගේ නමින් දේවල් ලියල ඒවාට උත්තරත් දෙන්නේ මට මඩ ගහන්නේ එක්කෙනෙක් බවයි මගේ හැගීම., ඔබලා මා ලියනවට අකමැති නම් නොලියා ඉන්නම් ඒ අනුන්ගේ සිත් රිදවීමත වඩා කෙනෙක් සතුටු කිරීමට මා ගොඩක් ආස නිසයි ඉන් කිසිවෙකු ගේ සිත් මගේ නමින් නොරිදේ යැයි මා සිතමි (බ)
අනුර සෙනෙවි ඔබද කිසිවක් නොදැන අනුන්ට දොස් කීමෙන් වලකින්න මට එක එක නම් වලින් දොස් කියන කෙනා කවුද කියා දනිමි මා නැවත පත්තරේට ලියනවා කියපු දවසේ ඉදන් තමයි මා එක්ක නරි පොරේට පැටලුනේ අහිතක් නැහැ කිසි දවසක අපි කරන පව් ගෙවන්නෙත් අපිමයි එක එක නම් වලින් ලියල කිහිප දෙනෙකුගේම සිත් බිදින්නේ ඔබනම් ඒ පවා ගෙවන්නෙත් ඔබමයි, මට මා විශ්වාසයි මෙතන කිසිවෙකුට විරුද්ධව ලියුවේ නැහැ කියා නොකර වැරදි එක එක්කෙනාගෙන් බැනුම් අහල කදුළු හලනවට වඩා හොදයි වැඩක් නැති වෙලාව නෙට් එකෙන් ආටක නාටක බැලුවනම් හිනා වෙන්න පුළුවන් (බ)
කවුදෝ කෙනෙක් මාව කනවැන්දුම් කියලත් ලියල තිබුනා මගේ නමින්ම., එහෙත් මා ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්නේ මගේ සැමියා තාමත් ජිවත් වෙනවා එක එක නම් වලින් මෙතන කුකුල් කොටුවක් කරන ඔබ...? දැන් සතුටින් ඉන්න මින් මතු මා එසැනට නොලියමි (බ)
මාද දෙවියෝ සාක්කියට නොලියමි ..ලංකාදීපය දනී අපි නොදනී ..? කව්ද මඩගහන්නේ කියල ..?මඩ වදින්න පෙර....? මඩගහන අයගේම තමයි මඩ ඇගේ තැවරෙන්නේ... (රේ)
මට එක දෙයක් අහන්න වෙනවා. අපි අනෝදා ගැන කතාකරනවද? නැත්නම් කරපිංචා ගැන කතාකරනවද? (නි)
මගේ මුල්ම කොමෙන්ට් එක මේක. හැමදාම මම ඔයාලගේ කොමෙන්ට්ස් කියවනවා. ගොඩාක් හොද කතා තියෙනවා. හැමෝටම බුදු සරණනයි. (අ)
මෙන්න සහෝදරයෝ (නි)
චන්දි නංගි හිත රිද්ද ගන්න එපා සමහර අය ආවා ගියාට ප්‍රතිචාර දානවා කිසිම තේරුමක් නැතිව අනික් අයගේ ප්‍රකාශ වලට දොස්කියනව මේවා හොඳ මදි අපි කොයි රටේ හිටියත් ලාංකික සහෝදර, සහෝදරියන් පිරිසක් ඒ වගේම ලංකාදීප පත්තරය හරිම වැදගත් පත්‍රයක් ඒ නිසා ඔබ දිගටම කොමෙන්ට්ස් අපිට දෙන්න අපි අනෝද ගැනත් කරපිංචා ගැනත් කතාකරමු. ඔබලාට ජය . (අ)
සොයුරු ගුණවර්දන, ඔබ වැන්නන් නිසාය ලොව ලස්සන වී ඇත්තේ. ඔබ කාරුණික පුද්ගලයෙක් බව හැඟුණ නිසායි මෙම සටහන ලිවීමට සිතුනේ. (අ)
ගොඩක් ස්තුතියි., ගුණවර්දන සොයුර.., තුෂා කියනවා වගේ ඔබ වැනි පිරිමින් ගැහැණු ජාතියටම ආඩම්බරයක්.., මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ..., මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.., ඔබද මනු ලොව දෙවියෙක් යැයි සිතුනි මට.., ඔබටද පතමි දිර්ඝායුෂ..(රේ)
ඔන්න ලංකාවේ සිටින අයට හොඳ අදහසක් කරපිංචා පිටරට යවන්න. මට තිබෙනවා ගස් දෙකක්. (නි)
මට හිතෙනවා මේකේ ලියන ඔක්කොටොම කරපිංචා කවන්න. (අ)
මම ඉන්න රටෙත් කරපිංචා ඔය ඉනෝකා කියපු මිල ගණන් තමයි. කොහොමටත් රුපවති සහ චන්දි එකිනෙකාගේ පිට කසා ගනිමින් ලියන දේවල් වලට අපිට හිනා වෙලා පන යනවා. (ර)
අනේ පව්... (ර)
මේ මුදලාලි නම් නියම මසුරෙකි. එපමනක් නොව නපුරෙකි. මුදලාලි නෝනා නම් කරුනාවන්ත කාන්තාවක් බව සිතේ. ඈය ගෑන කනගාටුයි.(ර)
මුදලාලි හොද පාඩමක් ඉගෙනගනී දවසක.... (ර)
පිටරටින් එන කරපිංචා මිටියක් පවුමකට මිලට අරන් ආවා කියලා බැනුම් අහපු මිතුරියක් මම දන්නවා. එයා කරපිංචා නැතුව තමයි දැන් කෑම උයන්නේ. කොහොම හරි බැරි වෙලා පවුම් 500ක් කුණු කුඩෙත් එක්ක අතුරුදහන් වෙලා. ලෝබයාගේ බඩු කුඹියා කාපු කනවා කියන්නේ ඕවාට තමයි. (ර)
ඉනෝකා අදත් නයෙක්ද? ඊයෙ රෝස් කුකුලො අද පවුම්...(බ)
ඉනෝක කියන සිදුවීම බ්‍රිතාන්‍යයේ සිදුවූ දෙයක්. බ්‍රිතාන්‍ය පවුමක් සාමාන්‍යයෙන් රුපියල් 215 ක් විතර වෙනව. ඒ රටේ හෑටියට ඒක කරපිංච මිටියක සාමාන්‍ය මිල විය හෑකියි. (බ)
සමහරුන්ගේ කොමෙන්ට්ස් දැක්කකම හිතෙනවා ඇත්තටම නොදන්නා කමද නැත්නම් අනුන් ගරහන එක පුරුද්දක්ද කියල (බ)
අපොයි මේ මුදලාලි හාමිනේට හරියට කන්න අඳින්නවත් ලැබෙනවාද මන්දා ! (බ)
රූපවතී ගැන හරිම කණගාටුයි. නියම දූපත් මානසිකත්වය. ඒක බොළඳයි දිලිඳුයි. ඔය ලිඳෙන් ගොඩ ඇවිත් බලන්න. (ම)
රුපවති නෝනා දාන අදහස් විතරද ඇත්ත? අනිත් අයගේත් අදහස් වලට ගරු කරන්න පුරුදු වෙන්න බලන්න. (ර)
ටිකක් විශ්වාස කරන අමාරුයි. අද කාලයේ ගං වල වුනත් මුදලාලි හාමිනේලා මෙහෙම ගම වටේට යාවි කියලා හිතන්න අමාරුයි . අනෙක හොඳයි ඒ ගිහින් බලනකොට ඒවා ඔක්කොම නොකා ඉතිරි වෙලා තියේවිද ? (බ)
ඔන්න දැන් කියාවි මේක මම ලියපු දෙයක් නෙවෙයි කවුද මගේ නමින් ලියලා යනුවෙන්. අන්තිමේ වෙන අයව තමයි අල්ලන්නේ. (ර)
ඉනෝකාගෙ කථාව හරි. කරපිංචා නැති රටක ඉන්නකොට හිතෙනවා ලංකාවට ගිහින් කරපිංචා රට පටවන්න. (බ)
රුපවතියි ඉනෝකයි සහෝදරියෝද මන්ද? (බ)
කරපිංචා නෙමේ අනෝදා (බ)
එච්චර කල් නොකා ඉඳලද? (ම)
මම ඉන්න ඩුබායි වල නම් කරපිංචා මිටියක් රුපියල් 35ක් විතර වෙනවා. ලාබයි නේද? (නි)
ඉනෝකා, ලංකාවට ආ වෙලාවක එන්න අපේ ගම පැත්තේ. දෙන්නම් කරපිංචා මදි නොකියන්න. (නි)
මට නම් අල්ලන්නේ නැහැ මේ අපේ පිටබැද්දර ජයාගේ කතාව. (නි)
පිටබැද්දර ජයා, මොකද ඉනෝකාට විතරක්? අපිත් කනවා (නි)
අනේ පවු ඒ මුදලාලි හාමිනේ. (නි)
හැමෝම තම තමන් ඉන්න රට ගැන හරි, අනුන් කියපු දෙයක් ගැන හරිනේ කතාව. මුදලාලි කළ වැඩේ කැතයි කියලාවත් කියමු අඩු ගානේ (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
පුදුමාකාර තණ්හාවක්නේ! (නි)
අනේ මම දැනුයි දුවලාගේ ස්විස් ගෙදර ඉඳලා මගේ රටේ ගෙදරට ආවේ.දැන් ඔයාලාට රාත්‍රී 7 විතර වෙලා ඇති.උදේ පාන්දර ගුවන් තොටුපොළට යන්න ඉස්සර වෙලා මහත්තයාගෙන් බැනුම් අහගෙන කොමන්ට් කලේ.දැනුයි බලන්න වෙලාව හම්බුනේ.මගේ කොමෙන්ට් එකේ අන්තිම හරිය බලන්න.හදිසියටයි පැටලුනේ. මම පස්සේ වෙලාවක කියන්නකෝ.(අ)
වෙලාවට ඒක සිදුවෙලා තියෙන්නේ කන්ද උඩරට .නැත්නම් බලන්න තිබුන නිලමේලගේ කුමාරිහාමිලගේ උදහස් අදහස් ?(අ)
චන්දි,අනුන්ට ඉරිසියා කිරීමෙන් වලකින්න.අනුන් මොනවා ලීවත් ඔයාට මොකද? (අ)
දැන් මෙහි පලවෙන අනිකුත් අයවලුන්ගේ අදහස් සමහරුන්ට දීරවගන්න බැරුවා වාගෙයි.ඕනෑම කෙනෙකුට තේරෙනවා නිරීක්ෂණය කරනවිට.අනේ මන්ද..? (බ)
පිරුනු කලේ දිය නොසැලේ, නොපිරුන කලේ සුලගටත් සැලේ..සමහරුන්ගෙ පුරාජේරු දැක්කම ඒක මතක් වුණා (බ)
කවුරු හරි අනෝදා ගෙඩියක් හරි කාලා තිබ්බ නම් තමයි වැඩේ වරදින්නේ හාමිනේට. (බ)