කන්ද උඩරට පොලිස් ස්ථානයක සේවයට මෙම පොලිස් පරීක්ෂකවරයා ගියේ ස්ථාන මාරුවක් නිසාය. මේ ප‍්‍රදේශයේ හිතවතකුගේ පියා මියගිය බව දැනගත් ඔහු යහළුවන් දෙදෙනකු සමග සිවිල් ඇඳුමෙන් එහි ගියේය.
එම නිවසේ මඳක් රැඳී සිටි ඔහු පියාගේ ආදාහනය සිදුකිරීමට නියමිත ස්ථානයට ගියේ හිතවතා එහි සිටින බව දැනගත් හෙයිනි.
එතැන වැඩ කරමින් සිටි අයට සිසිල් බීම රැගෙන ආ නිසා හිතවතා පොලිස් නිලධාරීන්ට ද බීම පිරිනැමීය. එහෙත් බීම වීදුරුව කට ළඟට ගත් පොලිස් පරීක්ෂකවරයා එය පසෙක තැබුවේ මදක් විමතියෙනි.
එතැන සිටි මිතුරන් සැඟවෙද්දී වීදුරුව ඉවකළ හිතවතාට තරු පෙනිණි. සිසිල් පැන් බෝතලවල දමා තිබුණත් එහි වූයේ ප‍්‍රාදේශීය මට්ටමින් පෙරන මත් වතුරය. පොලිස් පරීක්ෂකවරයා නිවෙසින් පිටවන තුරුම හිතවතා සමග වචන දෙක තුනකට වඩා කතා කළේ නැතිලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිනා යනවා (දී)
කසිප්පු කියන්නේ හොද බීමක්නේ.... (නි)
මෙහෙමත් මිනිස්සු (දී)
මේක සුලු දෙයක්නේ අනේ. (නි)
දෙයියෝ සාක්කි! (නි)
කසිප්පුවන්ට කසිප්පු දෙන්නේ නැතිව ඔරේන්ජ් බාර්ලි දෙන්නද ? (ස)
කසිප්පු, විස්කි.... ඔය කොයි එකෙත් තියෙන්නේ මත්පැන් රස විතරයි. (නි)
වවුලගේ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා තමයි ඉන්න වෙන්නේ. (නි)
වරුණ ඔබහරි ඒක ඉතාම පිළිකුල් සහගත ක්‍රියාවක් .මුස්ලිම් ආගමේත් යුදෙව් ආගමේත් තියන ඉතාම හොද සිරිතක් තමයි පය 24 ඇතුලත අවසාන කටයුතු කරනඑක .හොදට හොදයි කියලත් කියන්න එපායැ.(නදී)
කොකාගේ උනත් සුද පේන්නේ ඉගිලෙනකොටලු නේ..!!!(ස)
අන්න වැඩ (දී)
අරක්කුවත් දුන්න නම් පිළිගන්න තිබුණා. (නි)
සීල් නම් එපා. සුදුවා තමයි හොද... (නි)
පොලිසියට කසිප්පු අරහං. ඔන්න විස්කි නම් කමක් නැහැ. (නි)
දැන් අරක්කු ගිනි ගණන් නිසා කසිප්පු පෙරන එක ලාභයි. (නි)
ඇයි ඇල්ලුවේ නැත්තේ ....(ස)
දැන් මළ ගෙවල්වල කසිප්පු, බූරුවෝ ගැහිලි ගජරාමෙට යනවා. ඒව සඳහා වෙනම ම පිරිසක් පළාතෙම ඉන්නවා. සමහර අය මළගෙදරට අනුග්‍රහයත් දක්වනවා.. (ස)