(අලූත්ගම විශේෂ තුසිත කුමාර ද සිල්වා)
මෝටර් රථ අලූත්වැඩියා කටයුතුවල නියුතු අයකුට පසුගියදා කළුතර නගරාසන්නයේ සංචාරක හෝටලයක පැවති වාර්ෂික සුහද හමුවකට මෝටර් රථ අමතර කොටස් වෙළෙඳ ආයතනයකින් ආරාධනාවක් ලැබිණි.
එම ආරාධනාව පිළිගෙන එහි ගිය කාර්මිකයාට එම ස්ථානයේදී තම වෘත්තියේ දන්නා හඳුනන පිරිසක්ද හමුවිය. පැවැති උත්සව සභාවේදී ඔවුනට ත්‍යාග කට්ටලයක් බැගින්ද එම ආයතනය ලබා දී තිබිණි.
කලකින් ලැබෙන මේ සාදයේදී මිතුරන්ද සමග පදමට රත්වන තෙක් මධුවිත පානය කර අවසානයේ තම ගමට පැමිණෙද්දී ?බෝ වී තිබිණ. වෙනදාට හමුවන මිතුරන් සමගද ‘හීන් අඩියක්’ ගසා යන සිතිවිල්ලෙන් කාර්මිකයා ඔවුන් සමගද පැයක් පමණ ගතකර මිතුරු වූ ධීවර කාර්මිකයකුගෙන් ලැබුණ මාළු පාර්සලයක්ද තමාට ලැබුණ කාර්මිකයා ඇඳුම් සහිත ත්‍යාගයද අතැතිව’ උජාරුවෙන් නිවෙසට ගොඩවෙද්දී ඔහුගේ බිරිය නිදිමතේම දොර විවරකර නින්දට ගොස් ඇත.
මධුවිතෙන් සප්පායම්ව සිටි කාර්මිකයා ‘ඇඳුම් සහිත බෑගය’ ශීතකරණයට දමා මාළු පාර්සලය මේසය උඩ තබා නින්දට ගොස් තිබිණි. මාළු පිලිගඳ දැනෙද්දි උදේ බිරියට කාරණය වැටහිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාවක තියනව පුතා රෑ සංගීතයක් බලන්න ගිහින් ගංජා බීලා ඇවිත් අම්ම රොටි හදල ලුණුමිරිස් රොටිය උඩින් තියල වහල තියල තිබ්බලු. කොල්ල ඇවිත් රොටියේ තිබ්බ ලුණුමිරිස් ටික කාල රොටිය හෝදලා පිගන් රාක්කේ නවල තිබ්බලු උදේ බලද්දී (බ)
දවසක් මගේ යාලුවෙක් ගංජා බීල රෑ එනකොට වතුර වළක් හම්බවෙලා. බීවම හැමෝම චන්ඩිනේ. මෙයත් ලොක්කවගේ වතුර වල උඩින් පනින්න ගිහිල්ල කෙලින්ම වතුර වලෙලු. මඩ නාගෙන ගෙදර ගිහිල්ල පහුවදා ඇවිත් බැලුවමලු වැඩේ තේරුනේ එ්ක කකුල් ඈත් කරලා අඩිය තියන්න පුළුවන් වළක් කියල. අද වෙනකම් මිනිහා ගංජා නම් බොන්නේ නැහැ. (බ)
මේ වගේ දේවල් මෙවැනි අයට සුලබව සිදුවෙනවා (නි)
කොයිතරම් හොඳ බිරියක්ද? සිදුවුණ දේ වටහා ගත්තා. මහත්තයාට හොඳ මාළු හොද්දක් හදලා බත් වේලක් දෙන්න ඇති නේද? (නි)
යෝෂිත, ඔයාට නේද ඕක සිද්ධවුණේ?? (නි)