(පොල්පිතිගම ජයවර්ධන එම්. සෙනෙවිරත්න)
හේනේ කුඹුරේ ගොවිතැන් වැඩකර සෑම දිනකම සවස්යාමයේ පොඩි අඩියක් ගසා වැනි වැනී නිවෙසට එන මොහු බිරියට ද පොඩි තර්ජනයක් දමා වීරයෙක් වීමට අමතක කළේ නැත.
ඔහු ජීවත්වනුයේ වල්අලි ගහනව ජීවත්වන ප‍්‍රදේශයකි. එම ප‍්‍රදේශවාසීහු වල්අලින් තමන් ඇති කරන මීහරක් ගානට දකින්නෝය. ඒ නිසාම වල්අලින්ට ඔවුන් දක්වන්නේ පොඩි බයක් පමණි.
ඉකුත්දා රාති‍්‍රයේ මොහු නිවසට පැමිණියේ හොඳටම බීමතින්ය. බිරියට හා දරුවාට පහරදීමට ද ඔහු එදිනත් අමතක කළේ නැත.
මොහුගේ නිවස පොල් අතු වැසූ එකකි. ඒ අසළ අඩි පාරකි. මිදුලද අඩිපාර දක්වාම දිවෙයි. නිරන්තරයෙන් රාති‍්‍ර කාලයේදී අලි ගමන් කරන ප‍්‍රදේශයකි. එදින ඔහු දැඩි උෂ්ණය නිසාම මිදුලේ නිදාගෙන තිබේ. අධික ලෙස බීමත්ව සිටි ඔහු තද නින්දකට වැටිණි.
මහ රෑ එක්වරම අසල තිබූ මඩ සහිත කුඹුරකට වැටෙන විට ඔහුට ඇහැරුණි. දනි පනි ගා නැගිටින විට ඔහු වල්අලියකු දැක නිශ්ශබ්දව සිටියදී තමාගේ අතක් කැඞී තිබුණු බව ඔහුට දැනුණි. සිදුවී ඇත්තේ වල්අලියා ඇවිත් මළ මිනියක් වැනිව තිබූ මිනිස් සිරුර හොඬවැලෙන් අල්ලා අඩි 30ක් පමණ ඈතට විසිකිරීමකි. වල්අලියා ඔහු ඔසවා ගන්නා බව ඔහුට දැනී නැත. ඔහුට ඇහැරී ඇත්තේ මඩවලට වැටෙන විටදීය. මළ මිනිසෙක් යැයි සිතා වල්අලියා මොහු විසිකර තිබේ. (මළ මිනිසුන්ට වල් අලි පහර නොදෙන බව ප‍්‍රදේශවාසීහු කියති) එසේ නොවන්නට ඔහුට අත්වන්නේ නියත වශයෙන්ම මරණයයි. පසු දින උදේ අසල්වැසියන් පැමිණ සිනාසෙමින් පැවැසුවේ බීල හිටියත් මැරිල වගේ හිටි නිසා පණ බේරුණු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල වල අලි, නයි ඇතුළු සත්තු ගොඩක් පාරේ ඉන්නවා රට පුරාම.(ම)
වල අලි නයි විතරක් පමණක්ද බල්ලෝ කපුටොත් ඒ අතර ඉන්නේ (අ)
මේ සත්තු පාරට එන්නේ වනාන්තර එළි පෙහෙළි කරන නිසා නේද ? (නදී)
හෙට අනිද්දට බලු කපුටු පොර, ජනතාව රැවටීමේ හිවල් කතා ආදිය දැක ගන්න පුළුවන් වෙයි (නදී)
මේ දවස් වල් අලි ඇමෙරිකන් අලි ඉන්දියන් අලි ප්‍රංස අලි ඉංග්‍රීසි අලි හැම එකෙක්ම ගම් වැදිලා (නදී)
නුවණැති අලියෙක් (අ)
අලියා කරලා තියෙන්නේ අලි වැඩක් නේ. අලි යන මග අවහිර කර නිදාගන්නා අයට මේවා හොඳ පාඩම්. බීල හිටියත් මෑන්ගේ ලක් එක නිසා මළේ නැහැ, හොඳ අලියාට පින් සිද්ද වෙන්න ! පස්සෙන්දා, එය නාගෙනම ගෙදර ආව එකත් හොඳයි නේ. මෙයා ඊට පස්සේ බීම නැවත්තුවද ? (නදී)
අමාරිස්, ඇයි ඉතාලි අලි, උනුත් මේ දවස් වල එළියට බැහැලා. (බ)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
බිරිඳට, ළමයින්ට ගහන එක අනුමත කරන්න බෑ. (නදී)