පොද වැස්සට ඉසලූ කුඩයකින් බිස්කට් වැස්සක් ඇදහැළුණු බවට පුවතක් රජරට පළාතෙන් වාර්තාවිය. අවමඟුලකට සහභාගි වූ කාන්තාවකගේ කුඩයකින් කඩා හැළුණු අරුම පුදුම බිස්කට් වැස්සේ තතු මෙසේය. ප‍්‍රදේශයේ අයකු මිය ගියෙන් අවසන් කටයුතු සිදුකළ දා කවුරුත් ලොකු පොඩි කුඩ අතැතිව පැමිණියේ දවස පුරාම වැහි මන්දරාමක් පැවති නිසාය. අවමඟුල් කටයුතු අවසන් වී පිරිස මහමඟට පිවිසි විට සටපට හඬින් පොද වැස්සක් පටන් ගත්තේය. වැස්ස ටික ටික වැඩිවෙද්දී පාරේ යමින් සිටි ගමේ කාන්තාවෝ පිරිසක් අත ඇති කුඩ ඉසලා ගත්තා. එහෙත් වැදගත් පෙනුමැති මැදිවියේ කතක් අතේ ඇති දේදුනුවර්ණ ලොකු කුඬේ අකුලාගන සාරිපොට හිසට දමා අතකින් තදකරගන පය ඉක්මන් කළාය. මේ අවස්ථාවේ කුඩයක් අතේ නැති අසල්වැසි කාන්තාවක් යුද්දෙට නැති කඩුව කොස් කොටන්ටදැයි කීවේය. වැස්සට නැති කුඬේ කොස් ඇට අහුලන්ටද කියා විහිළුවකුත් කර හකුලාගෙන යන කුඬේ උදුරාගෙන උඩට ඔසවා ඉසුලූවාය. බිස්කට් වැස්සක් වැස්සේ ඉන් පස්සේය. ෂොපින් බෑග් එකකට දමා කුඩකූරු අස්සේ රඳවා තිබූ බිස්කට් මුලක් ඉරී මෙසේ වැටී ඇත. හැමෝම උපහාසයෙන් සිනාසුනහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේවා දාන්න කලින් ඇපෘ කරන්නේ. මේව පත්තරේ දාල හරි ලොකු වැඩක්නේ කරල තියෙන්නේ. අර මනුස්සය ගමේ ඉන්නෙ කොහොමද. ලොකු මින්ස්සු කරන ඒව උන්ට බයේ ලියන්නෙ නැතුව ඉඳල අහිංසක මිනිස්සුන්ව උපහාසයට ලක් කරනවා. මේව මෝඩ ජෝක්.
ඇය හරිම මෝඩ වැඩක් කරලා තියෙන්නේ
මම හිතන්නේ මේ කාන්තාව දුප්පත්
මම හිතන්නේ ඒ අම්මා දුප්පත්. එයාගේ පවුලට කන්න දෙන්න වෙන්න ඇති ගේන්න ඇත්තේ
ඇත්තම කියනවනම් හොරකම වැරදි දෙයක්. එත් ඒ අම්මා එහෙම දෙයක් කලේ දරු සෙනෙහසට හා නැති බැරි කමට වෙන්න පුළුවන්. බුදුසරණයි රත්තරන් අම්මේ නුබට...
ඕක හොරකමක් නෙමෙයි. නැතිබැරි අම්මලට කන්න මොනවාහරි ලැබුණම ඒක ගෙදර ඉන්න පොඩි එකෙක්ට කන්න අරන් යනවා.ඇත්තම කියනවනම් හොරකම වැරදි දෙයක්. එත් ඒ අම්මා එහෙම දෙයක් කලේ දරු සෙනෙහසට හා නැති බැරි කමට වෙන්න පුළුවන්.අනුකම්පා කළ යුතු අවස්ථාවක්. මගේ නම් ඇස් වලට කදුළුත් ආවා.
මේ රටේ ලොකු ලොක්කෝ කරන හොරකම් වල හැටියට ඕක මහ ලොකු හොරකමක් නෙමෙයි
සමහරවිට මළ ගෙදර හිටපු කෙනෙක් බිස්කට් ටිකක් ඔතලා දෙන්න ඇති ඒ අම්මට ගෙනියන්න.
මම පොඩි රැකියාවක් කරමින් හිටපු තැනකදි යාලුවෙක් කෑම පාර්සලේ තිබූ බැදපු මාලු කෑල්ල දරුවට ගෙනියන්න සාක්කුවේ දමාගෙන සිටියදි ලේන්සුව එලියට ගන්න විට බිමට වැටුනා. කිසිම කෙනෙකුට මෙතෙක් නොකී ඒ සිදුවීම මට මේ පුවත දකිනවිට මතක් වුණා. මව් සෙනෙහසක මහිමය!!!!!!!!!!!!!!!!
ඕගොල්ලො අම්මලාගේ හැටි දන්නවා නේ? මේ ඒ අයගේ හැටි.
තමන් ගැන වගේම තමන්ගේ දරුවන් ගැනත් මීට වඩා වගකීමකින් සිතුව නම් මේ අම්මට මෙවැනි අපහසුතාවයකට මුහුණ දෙන්න වෙන්නේ නෑ
ඒ අම්මට ගෙදර අය මතක් වෙන්න ඈති.එයා දුප්පත් වෙන්න ඈති.
ඕව ඔහොම තමයි...
මේ අම්මගේ අසරණ කමට කර වැඩක් වෙන්න ඇති (ස)
කීයටවත් නොකරව් සොරකමක් දනේ...
මවු සෙනෙහස නම් උත්තරීතර ආදරය ලැබීමට මේ අම්මගේ දරුවෝ කොච්චර වාසනාවන්ත ඇත්ද?
අන්න නියම පුතෙක්. ප්‍රභාත් මේ ඔබ ගැනයි. නියම කමෙන්ට් එක
පෙනුම වැදගත් වුවත් නැති බැරි කමට මොනවා කරන්නද? ගේදොර ඉන්න පොඩි එකාව මතක් වෙන්න ඇති.
ඔය බිස්කට් ටිකක් කෑවට කහක් නෑ. ඒකෙන් මැරුණ කෙනාටත් පින් සිද්ධ වෙනවා
මේක අම්මා කෙනෙක්ගේ ආදරේ
ඒ අම්මට තව බිස්කට් ටිකක් ගන්න සල්ලි දෙන්නයි තිබුණේ.
අන්න නියම පුතෙක්. ප්‍රභාත් මේ ඔබ ගැනයි. නියම කමෙන්ට් එක
අපේ ගෙදර එදා බිස්කට් තිබුනේ සල්ලිවලට ගන්න නෙවෙයි. ඕන කෙනෙකුට ඕන තරම් කන්න පුළුවන්. ගෙනියන්නත් පුළුවන්. මේ අම්ම හොද අම්ම කෙනෙක්. එයාව අපහසුතාවයට පත්වෙච්ච එක ගැන මටත් කණගාටුයි. ඒ අම්ම වෙනුවෙන් කමෙන්ට් කරපු අයට පින් සිදු වේවා
හිනාවෙන්න නෙවෙයි.අනුකම්පා කළ යුතු අවස්ථාවක්. මගේ නම් ඇස් වලට කදුළුත් ආවා.
ඒ අම්මා බඩගින්නට මළ ගෙදරින් බිස්කට් ගත්තා කියන එකේ වැරැද්දක් මම නම් දකින්නේ නෑ. මොකද කන්නනේ ඒවා දෙන්නේ
මේවට හිනාවෙන්ඞ නෙවෙයි අඩන්නයි ඕනේ .......අපේ මිනිස්සුන්ගේ අසරණකමට මේවා වෙන්නේ.මේ කාන්තාවගේ හෝ දරුවන්ගේ එදා වේල ඔය බිස්කට් ටික විතරක් වෙන්නත් පුළුවන් ...මේ අහිංසක මිනිස්සුන්ව හිනාවට ලක්කරන එක වැරදියි ....හිනා වෙන්ඩ සුදුසු මිනිස්සු මේ රටේ ඕනෑතරම් ඉන්නවා .......
අම්මල ඔහොම තමයි, ලැබෙන පොඩිම කෑමක් වුනත් ඔතන් ගෙදර අරන් එනව පොඩි උන්ට කන්න. මගේ අම්ම ටීචර් කෙනෙක්, ඉස්කෝලේ ලමයින්ගේ උපන්දිනේට දෙන කේක් කෑල්ල ඔතන් එනව අපිට කන්න, අම්ම තාත්ත එක්ක අපි පවුලේ 6 දෙනයි, අපිත් කේක් කෑල්ල 6ට කපන් කන්න පුරුදුවෙලා හිටියේ. හිතාගන්න පුලුවන්නේ හම්බෙන කොටස, අම්ම තාත්ත ඒ අයගේ කෑලිත් අපට දෙන්නේ.......( *ගෙදරට ගේන කේක් ගෙඩිය පොලුගහල කනවට වඩා අමුතුම සුන්දරත්වයක් තියෙනව අර පුන්චි කේක් තීරුව කනකොට ) ඕක තමයි දෙමව්පිය සෙනෙහස....... මටනම් ඔය කතාවට උපහාසයක් හෝ හිනාවක් ඇතිවෙන් නෑ...... මැරිච්ච රත්තරං අම්මව මතක්වුනා විතරයි......
කොහොම වුණත් පොඩි මිනිහා තමයි තැලෙන්නේ හැමදාම
ඔය අහිංසක මිනිසුන්ට හිනාවෙන්න එපා. ඔය ඕන තරම් ඕන්නැති වැඩ කරන්නේ වෙ වෙන උසස් පුද්ගලයෝ. ඒ අයට හිනවෙන්න
හිනා වෙන්න ඕනි ඔය වගේ සුළු දේවල් වලට නෙමෙයි. අද රටේ මහා පරිමාණ හොරකම් කරන අයට
අනේ,අතේ කීයක් වත් තිබුණේ නෑ ගෙදර එනකොට පොඩි අයට කන්න ගේන්න.ඉතිං මම කන්න ගත්ත එක හංග ගත්තා
ඕක හොරකමක් නෙමෙයි. නැතිබැරි අම්මලට කන්න මොනවාහරි ලැබුණම ඒක ගෙදර ඉන්න පොඩි එකෙක්ට කන්න අරන් යනවා.
මරුනේ...