IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


මළගෙදර ගොස් එද්දී කතකගේ කුඩය ඇතුළෙන් බිස්කට් වැස්සක්

පොද වැස්සට ඉසලූ කුඩයකින් බිස්කට් වැස්සක් ඇදහැළුණු බවට පුවතක් රජරට පළාතෙන් වාර්තාවිය. අවමඟුලකට සහභාගි වූ කාන්තාවකගේ කුඩයකින් කඩා හැළුණු අරුම පුදුම බිස්කට් වැස්සේ තතු මෙසේය. ප‍්‍රදේශයේ අයකු මිය ගියෙන් අවසන් කටයුතු සිදුකළ දා කවුරුත් ලොකු පොඩි කුඩ අතැතිව පැමිණියේ දවස පුරාම වැහි මන්දරාමක් පැවති නිසාය. අවමඟුල් කටයුතු අවසන් වී පිරිස මහමඟට පිවිසි විට සටපට හඬින් පොද වැස්සක් පටන් ගත්තේය. වැස්ස ටික ටික වැඩිවෙද්දී පාරේ යමින් සිටි ගමේ කාන්තාවෝ පිරිසක් අත ඇති කුඩ ඉසලා ගත්තා. එහෙත් වැදගත් පෙනුමැති මැදිවියේ කතක් අතේ ඇති දේදුනුවර්ණ ලොකු කුඬේ අකුලාගන සාරිපොට හිසට දමා අතකින් තදකරගන පය ඉක්මන් කළාය. මේ අවස්ථාවේ කුඩයක් අතේ නැති අසල්වැසි කාන්තාවක් යුද්දෙට නැති කඩුව කොස් කොටන්ටදැයි කීවේය. වැස්සට නැති කුඬේ කොස් ඇට අහුලන්ටද කියා විහිළුවකුත් කර හකුලාගෙන යන කුඬේ උදුරාගෙන උඩට ඔසවා ඉසුලූවාය. බිස්කට් වැස්සක් වැස්සේ ඉන් පස්සේය. ෂොපින් බෑග් එකකට දමා කුඩකූරු අස්සේ රඳවා තිබූ බිස්කට් මුලක් ඉරී මෙසේ වැටී ඇත. හැමෝම උපහාසයෙන් සිනාසුනහ.



අදහස් (0)

මළගෙදර ගොස් එද්දී කතකගේ කුඩය ඇතුළෙන් බිස්කට් වැස්සක්

සචිනි Monday, 30 April 2012 02:10 PM

මේ රටේ ලොකු ලොක්කෝ කරන හොරකම් වල හැටියට ඕක මහ ලොකු හොරකමක් නෙමෙයි

:       0       0

ආනන්ද අභේරත්න Friday, 27 April 2012 12:35 AM

ඒ අම්මට තව බිස්කට් ටිකක් ගන්න සල්ලි දෙන්නයි තිබුණේ.

:       0       0

අසන්ක Friday, 27 April 2012 12:38 AM

මේක අම්මා කෙනෙක්ගේ ආදරේ

:       0       0

කාදි Friday, 27 April 2012 02:39 AM

ඔය බිස්කට් ටිකක් කෑවට කහක් නෑ. ඒකෙන් මැරුණ කෙනාටත් පින් සිද්ධ වෙනවා

:       0       0

කාන්ස් බෝයි Friday, 27 April 2012 04:48 AM

ඕගොල්ලො අම්මලාගේ හැටි දන්නවා නේ? මේ ඒ අයගේ හැටි.

:       0       0

සුරන්ග Sunday, 29 April 2012 02:40 PM

ඇත්තම කියනවනම් හොරකම වැරදි දෙයක්. එත් ඒ අම්මා එහෙම දෙයක් කලේ දරු සෙනෙහසට හා නැති බැරි කමට වෙන්න පුළුවන්. බුදුසරණයි රත්තරන් අම්මේ නුබට...

:       0       0

තිසර Friday, 27 April 2012 07:08 AM

ඇය හරිම මෝඩ වැඩක් කරලා තියෙන්නේ

:       0       0

ලක්ෂාන් Friday, 27 April 2012 07:21 AM

මම හිතන්නේ මේ කාන්තාව දුප්පත්

:       0       0

තිසර Friday, 27 April 2012 07:38 AM

මම හිතන්නේ ඒ අම්මා දුප්පත්. එයාගේ පවුලට කන්න දෙන්න වෙන්න ඇති ගේන්න ඇත්තේ

:       0       0

අමසර Tuesday, 01 May 2012 07:37 PM

ඒ අම්මට ගෙ‍දර අය මතක් වෙන්න ඈති.‍‍එයා දුප්පත් වෙන්න ඈති.

:       0       0

හන්සි Monday, 30 April 2012 05:25 PM

සමහරවිට මළ ගෙදර හිටපු කෙනෙක් බිස්කට් ටිකක් ඔතලා දෙන්න ඇති ඒ අම්මට ගෙනියන්න.

:       0       0

රණ Wednesday, 02 May 2012 10:15 PM

ඕව ඔහොම තමයි...

:       0       0

මංජුල බිරැටි Thursday, 26 April 2012 11:32 AM

පෙනුම වැදගත් වුවත් නැති බැරි කමට මොනවා කරන්නද? ගේදොර ඉන්න පොඩි එකාව මතක් වෙන්න ඇති.

:       0       0

සමන් Thursday, 26 April 2012 11:53 AM

මරුනේ...

:       0       0

වනිතා Thursday, 26 April 2012 11:56 AM

ඕක හොරකමක් නෙමෙයි. නැතිබැරි අම්මලට කන්න මොනවාහරි ලැබුණම ඒක ගෙදර ඉන්න පොඩි එකෙක්ට කන්න අරන් යනවා.

:       0       0

දයා Thursday, 26 April 2012 12:34 PM

අනේ,අතේ කීයක් වත් තිබුණේ නෑ ගෙදර එනකොට පොඩි අයට කන්න ගේන්න.ඉතිං මම කන්න ගත්ත එක හංග ගත්තා

:       0       0

නියම සිංහලයා Thursday, 26 April 2012 12:53 PM

හිනා වෙන්න ඕනි ඔය වගේ සුළු දේවල් වලට නෙමෙයි. අද රටේ මහා පරිමාණ හොරකම් කරන අයට

:       0       0

දිනේෂ් Thursday, 26 April 2012 12:53 PM

ඔය අහිංසක මිනිසුන්ට හිනාවෙන්න එපා. ඔය ඕන තරම් ඕන්නැති වැඩ කරන්නේ වෙ වෙන උසස් පුද්ගලයෝ. ඒ අයට හිනවෙන්න

:       0       0

ලාල් Tuesday, 01 May 2012 06:31 AM

මම පොඩි රැකියාවක් කරමින් හිටපු තැනකදි යාලුවෙක් කෑම පාර්සලේ තිබූ බැදපු මාලු කෑල්ල දරුවට ගෙනියන්න සාක්කුවේ දමාගෙන සිටියදි ලේන්සුව එලියට ගන්න විට බිමට වැටුනා. කිසිම කෙනෙකුට මෙතෙක් නොකී ඒ සිදුවීම මට මේ පුවත දකිනවිට මතක් වුණා. මව් සෙනෙහසක මහිමය!!!!!!!!!!!!!!!!

:       0       0

චන්දන Thursday, 26 April 2012 01:58 PM

කොහොම වුණත් පොඩි මිනිහා තමයි තැලෙන්නේ හැමදාම

:       0       0

නුවන් Tuesday, 01 May 2012 08:14 AM

කවුද මේවා දාන්න කලින් ඇපෘ කරන්නේ. මේව පත්තරේ දාල හරි ලොකු වැඩක්නේ කරල තියෙන්නේ. අර මනුස්සය ගමේ ඉන්නෙ කොහොමද. ලොකු මින්ස්සු කරන ඒව උන්ට බයේ ලියන්නෙ නැතුව ඉඳල අහිංසක මිනිස්සුන්ව උපහාසයට ලක් කරනවා. මේව මෝඩ ජෝක්.

:       0       0

අනිල් Tuesday, 01 May 2012 08:49 AM

තමන් ගැන වගේම තමන්ගේ දරුවන් ගැනත් මීට වඩා වගකීමකින් සිතුව නම් මේ අම්මට මෙවැනි අපහසුතාවයකට මුහුණ දෙන්න වෙන්නේ නෑ

:       0       0

වරුණ Thursday, 03 May 2012 09:40 AM

මේ අම්මගේ අසරණ කමට කර වැඩක් වෙන්න ඇති (ස)

:       0       0

සිසිර Thursday, 03 May 2012 11:02 AM

කීයටවත් නොකරව් සොරකමක් දනේ...

:       0       0

ප්‍රභාත් Thursday, 26 April 2012 03:40 PM

අම්මල ඔහොම තමයි, ලැබෙන පොඩිම කෑමක් වුනත් ඔතන් ගෙදර අරන් එනව පොඩි උන්ට කන්න. මගේ අම්ම ටීචර් කෙනෙක්, ඉස්කෝලේ ලමයින්ගේ උපන්දිනේට දෙන කේක් කෑල්ල ඔතන් එනව අපිට කන්න, අම්ම තාත්ත එක්ක අපි පවුලේ 6 දෙනයි, අපිත් කේක් කෑල්ල 6ට කපන් කන්න පුරුදුවෙලා හිටියේ. හිතාගන්න පුලුවන්නේ හම්බෙන කොටස, අම්ම තාත්ත ඒ අයගේ කෑලිත් අපට දෙන්නේ.......( *ගෙදරට ගේන කේක් ගෙඩිය පොලුගහල කනවට වඩා අමුතුම සුන්දරත්වයක් තියෙනව අර පුන්චි කේක් තීරුව කනකොට ) ඕක තමයි දෙමව්පිය සෙනෙහස....... මටනම් ඔය කතාවට උපහාසයක් හෝ හිනාවක් ඇතිවෙන් නෑ...... මැරිච්ච රත්තරං අම්මව මතක්වුනා විතරයි......

:       0       0

චන්දික Thursday, 26 April 2012 03:42 PM

මේවට හිනාවෙන්ඞ නෙවෙයි අඩන්නයි ඕනේ .......අපේ මිනිස්සුන්ගේ අසරණකමට මේවා වෙන්නේ.මේ කාන්තාවගේ හෝ දරුවන්ගේ එදා වේල ඔය බිස්කට් ටික විතරක් වෙන්නත් පුළුවන් ...මේ අහිංසක මිනිස්සුන්ව හිනාවට ලක්කරන එක වැරදියි ....හිනා වෙන්ඩ සුදුසු මිනිස්සු මේ රටේ ඕනෑතරම් ඉන්නවා .......

:       0       0

දිනේෂ් Thursday, 26 April 2012 03:50 PM

ඒ අම්මා බඩගින්නට මළ ගෙදරින් බිස්කට් ගත්තා කියන එකේ වැරැද්දක් මම නම් දකින්නේ නෑ. මොකද කන්නනේ ඒවා දෙන්නේ

:       0       0

චම්පික Thursday, 03 May 2012 12:21 PM

මවු සෙනෙහස නම් උත්තරීතර ආදරය ලැබීමට මේ අම්මගේ දරුවෝ කොච්චර වාසනාවන්ත ඇත්ද?

:       0       0

නිශාන්ත Thursday, 26 April 2012 04:20 PM

හිනාවෙන්න නෙවෙයි.අනුකම්පා කළ යුතු අවස්ථාවක්. මගේ නම් ඇස් වලට කදුළුත් ආවා.

:       0       0

මළ ගෙදර ඇත්තෙක් Thursday, 26 April 2012 06:16 PM

අපේ ගෙදර එදා බිස්කට් තිබුනේ සල්ලිවලට ගන්න නෙවෙයි. ඕන කෙනෙකුට ඕන තරම් කන්න පුළුවන්. ගෙනියන්නත් පුළුවන්. මේ අම්ම හොද අම්ම කෙනෙක්. එයාව අපහසුතාවයට පත්වෙච්ච එක ගැන මටත් කණගාටුයි. ඒ අම්ම වෙනුවෙන් කමෙන්ට් කරපු අයට පින් සිදු වේවා

:       0       0

බණ්ඩාරනායක Monday, 30 April 2012 12:56 PM

ඕක හොරකමක් නෙමෙයි. නැතිබැරි අම්මලට කන්න මොනවාහරි ලැබුණම ඒක ගෙදර ඉන්න පොඩි එකෙක්ට කන්න අරන් යනවා.ඇත්තම කියනවනම් හොරකම වැරදි දෙයක්. එත් ඒ අම්මා එහෙම දෙයක් කලේ දරු සෙනෙහසට හා නැති බැරි කමට වෙන්න පුළුවන්.අනුකම්පා කළ යුතු අවස්ථාවක්. මගේ නම් ඇස් වලට කදුළුත් ආවා.

:       0       0

හසිත Thursday, 03 May 2012 01:03 PM

අන්න නියම පුතෙක්. ප්‍රභාත් මේ ඔබ ගැනයි. නියම කමෙන්ට් එක

:       0       0

හෙන්රි Thursday, 26 April 2012 10:30 PM

අන්න නියම පුතෙක්. ප්‍රභාත් මේ ඔබ ගැනයි. නියම කමෙන්ට් එක

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්
2024 ඔක්තෝබර් මස 22 301 0

ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ.


බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා
2024 ඔක්තෝබර් මස 21 917 0

සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියක


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා
2024 ඔක්තෝබර් මස 19 607 0

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන් හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක්


කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා
2024 ඔක්තෝබර් මස 19 608 0

කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.


සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා
2024 ඔක්තෝබර් මස 19 192 0

වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.


ගුලි දෙක මාරුවී ඉහ මොළ රත් වෙලා
2024 ඔක්තෝබර් මස 19 224 0

මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 90 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 788 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 543 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site