‘‘පුතේ ටැංකිය අස්කරලා දාන්න, හොඳටම වතුර පරණ වෙලා, බලන්න මේ සතා ඉන්නේ කොහොමද කියලා.’’
උදෑසන වැඩට යාමට සූදානමින් එළියේ වෙනත් කටයුත්තක නිරත වී සිටි සිය පුතුට එසේ කියූ පියා යතුරු පැදියේ නැග සිය රාජකාරිය සඳහා පිටව ගියේය.
කාලය ගෙවී ගියේය. දවසේ කටයුතු හවස්වනතුරු නිමාකර, අවසානයේ නිවස බලා එමින් සිටි පියා හට මිතුරන් පිරිසක් හමුවිය.
‘‘හලෝ... කොහොමද බං ඉතිං කාලෙකින්...? කොහෙද අද සෙනසුරාදාත් වැඩද යමං... යමං අද නම් යන්න දෙන්න බෑ. අපිත් එක්ක සෙට් වෙන්නම ඕනෑ’’
අතරමගදී හමුවූ මිතුරන්ගෙන් ගැලවුමක් නොමැති තැන ඔහුට සිදුවූයේ මධ්‍යම රාත‍්‍රියට හෝරා දෙකකට ආසන්න වන තුරුම මිතුරන් සමඟ මධුවිත සඳහා ගත කිරීමටය. මධුවිතෙන් මත් වී ඔහු නිවෙස කරා පැමිණියේ මධ්‍යම රාත‍්‍රියට ඔන්න මෙන්න කියාය.
සිය සැමියාගේ යතුරු පැදියේ හඩ ඇසුණු බිරිය නිදි යහනේ සිටම ඒ දෙසට කන්දීගෙන සිටියාය. මඳ වේලාවක් ගත විය. කිසි හැලහොල්මනක් නැත. තවත් ස්වල්ප මොහොතකින් එළියෙන් ඇසෙන්නට වූයේ මෙවැනි හ`ඩකි.
‘‘අනේ පැටියෝ ඔයා කෑවද... මමනම් හොඳට කෑවා. බලන්න ඔයාගේ බණ්ඩිය පිරිලා නෑනේ... කෝ... කෝ.... ඉන්න මම කවන්න’’
‘‘හරි... හරි... ඔන්න ඔහොම ඉඳගෙන මේ... රට කජු ටිකක්වත් කන්නකෝ.. හරි... ඔයාට දැන් කන්න බැරිනම් යන්නකෝ... මෙන්න මං අතහැරියා...’’
සිය සැමියා විසින් එසේ කාව හෝ බොහෝ වේලාවක් සුරතල් කරනු අසා සිටි බිරිය ඉදිරි ආලින්දයේ විදුලි පහනද දල්වා දොර විවර කළාය.
එසැණින් අත පිස දමමින් සැමියා ගෙතුළට වැදුණේය. එළිමහන මඳක් විපරම් කළ බිරිය දොරවසා දමා ගෙතුළට පැමිණියාය. සියල්ලෙන් සප්පායම් වී පැමිණි සැමියාට ඇඟපත සෝදා ගැනීමට අවැසි අඩුමකුඩුමද සපයා දුන් ඇය මඳ වේලාවකින් නින්දට ගියාය.
පසුදින පහන් විය.
‘‘අනේ අම්මේ මේ බලන්න මේකා මැරිලා... ඊයෙත් හොඳට හිටියනේ.’’ සිය පුතුගේ ශෝකී විලාපයට බියවූ ඇය වහා එළියට දිව ආවාය.
‘‘අනේ බලන්න අම්මේ මේ ගෝල්ෆිෂ් මාළුවා මැරිලානේ.. ඊයේ ටැංකිය අස්කළාට පස්සෙත් හොඳට හිටියනේ.. බලන්න මේකා රටකජු ඇටයක් කටේ හිරකරගෙන මැරිලා තියෙන්නේ අපරාදේ රුපියල් එක්දාස් දෙසීයක් දීලා ගෙනාවේ’’
පුතුගේ කතාවෙන් පසු මවට එක්වරම පසුදින රාත‍්‍රියේ සිය සැමියාගේ දෙබස් සිහියට ආවාය.
ඔහු... රාත‍්‍රියේ රට කජු කවමින් අතට ගෙන සුරතල් කොට ඇත්තේ ටැංකියේ සිටි මාළුවා වග බිරිය පශ්චාත් මරණ පරීක්‍ෂණය තුළින් නිගමනයකට පැමිණියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ මාළුවා! මතට තිත දැන්වත් තියමුද ඉතින්? (නි)
වෙන මොනවා කියන්නද මේවට? (නි)
වෙරි මරගාතෙන් කොහොමද ටැංකියකින් මාලුවෙක් අල්ලා ගත්තේ? අපිට හොඳ සිහියෙනුත් මාලුවව අල්ලගන්න කොපමණ අමාරුද? (නි)
පහන්, මොනවා හරි ලියමු නේද...? (දිල්)
හොද සිහියෙනුත් ටැංකියෙන් මලුවෙක් අල්ලගන්න අමාරුයි. වෙරිමරගතේ කොහොම අල්ලනද? (දිල්)
හොඳ වෙලාවට මාලුවාට කැව්වේ .... (නි)
බීපු මනුස්සයෙක් කොමඩ් එක කියලා මොබ් බකට් එකේ වාඩිවෙලා.කාර්යය අවසන්වෙලා වතුර ‘ෆ්ලෂ්‘ කරනකොට මොකද්දෝ ඇවිල්ලා ඇගට තදවෙනවලු. මිනිහා කෑ ගහලා, හෝටලේ වේටර් ඇවිල්ලා තමයි තේරුම් කරලා දීලා තියෙන්නේ . (නි)
මං අහන්නේ ඔය බොන මිනිස්සු කරන්නේ ඇත්තද?බිවුවම සිහිය නැද්ද? එහෙනම් එයාලා ගෙදරට එන්නේ කොහොමද? අනේ දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ (නි)
අරගෙන මගේ අදහස බොන මිනිසාව .., ලියමුකො කවි ටිකක් නැති කර හිංසාව .., ලැබගෙන ඇති නමුත් මුන් මිනිසත් භාව..., වෙරි වූ විටදී ඇයි ගන්නේ තිරිසන් භාව...? (නි)
මට මතකයි දවසක් බීපු කෙනෙක් මාළුවන්ට පීනන්න උගන්වනවා මම දුටුවා. (නි)
චන්දි, බිවුවම ටිකක් වෙන්න අමතක වෙනවා. එහෙත් පුරුද්දට ගෙදර එන්න පුළුවන්. (නි)
චන්දි, ගෙදර එන්න මතක තියෙන එක හොදයිනේ, වෙන ගෙවල් වලට යන්නෙ නැතුව (නි)
සුජීව,සරත්, ඔයාලට ස්තුතියි. හැබෑ නේන්නම්,වෙන ගෙදරකට ගියොත් හොදටම ගුටිකන්න වෙනවානේ. ඔන්න සරත්, නැවත නම් බොන්න එපා හොදේ (නි)
දර්ශන කිලෝ ගණන් ගෙනල්ල කන කොට අසරණ නැහැ. දැන් 1200 ක් වියදම් වුන හින්ද ද අසරණ උනේ. (ත)
මම නම් ඔය බොන අයට කැමති බොන අය වෙරි වෙන නිසා නාෙබොන අපිට හුගක් දේවල් කරන්න පුලුවන් නිසායි. (නි)
චන්දිට දැන්නම් හොදටම තේරිලා තියනවා වගේ පෙන්නේ.(දිල්)
මේක වෙන්න බැරි වැඩක් බොරු කතාවක්. ඔච්චර සිහිය නැතිනම් බයිසිකලයේ එන්නේ කොහොමද.(දිල්)
මේක බොරුවක් ද? (ත)
ඔන්න මම මේක කියවල පෙරලි පෙරලි කිචි කවාගත්තා..? (ත)
චන්දී නංගි මට තිබෙන ගැටලුවත් ඒකම තමයි.බිවුවම සියල්ල අමතක වෙනවා නම් ,ඇයි මිනිසුන් ඔය පැරණි දේවල් ඇදගෙන මුළු ගමේම මිනිසුන්ට බැණ වදින්නේ? .මුළු ගමේම තරහකාරයින්ගේ නම් කියලා බණින්නේ? හු කියන්නේ? අනේ දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. ඇයි ඒ පරණ දේවල් අමතක වෙන්නෙ නැත්තේ? (නි)
මම බිව්වේ මගේ සතුටට හද රැනදී.......පාර වැරදුනේ නෑ නිවසට මග තොටදී...... මගේ ගෙයි ගින්න කිසිවිටකදී නැහැ පිට දී.... අනුනගේ මගුලකට තැතිගෙන ඇයි චන්දී.....
ගෝල්ඩ්ෆිෂ් මාලුවා මොකාද? ඒ රත්තරන් මාලුවා මාලුවා
මොකක්ද පහන්, වෙන කතාවක් අද හිතුනෙම නැද්ද? බොන අයගේ වැඩ ගැන මොන අදහස්ද? ඔය මතේ හින්දා පවුල් කොච්චර ඉහිරිලාද?දරුවන්ගේ අනාගතය මොනතරම් අඳුරු වෙලාද? (නි)
රූපවති, පරණ දේවල් මතක් වෙන්නේ කාලක් බිව්වම.බෝතලයක් බිවුවිට ඔය කිසිදෙයක් මතක් වෙන්නේ නැහැ. වැටිලා නිදා ගන්න එකයි කරන්නේ. (නි)
මම සැරබීම බොන්නේ නැහැ නමුත් අද බීල බක්ලනවා මොකදවෙන්නේ කියල (අ)
ගෝල්ඩ් ෆිෂ් මාලුවව අල්ලා ගන්න අමාරු නැහැ. අසරණ මාළුවා! වෙන මොනවා කියන්නද මේවට? (නි)
ගත්තත් අනේ පොඩි අඩියක් විනෝදෙට ... අපි හරි අහිංසක මිනිසුන් වටියි රට... ගරහන්නට එපා සොඳුරියෙ නුඹෙයි කට... අමතක වෙලයි දුන්නේ මාළුවට ඇට.... (නි)
ඩේවිඩ් අයියේ ඇයි මේ හැටි දගලන්නේ... බීලා කොහෙද හොඳ පවුලක් නැති වෙන්නේ... රටකජු බිම දමා නැහැ මාමා ගෙට එන්නේ... නැන්දා නේද සැර මොකටද හංගන්නේ.... (නි)
රුවන්, අද බය නැතුව බොන්න. ගෙදර යනකොට කොස් ඇටවත් අරගෙන යන්න (නි)
මාළු රට කජු කන්න කැමතිද? (දී)
බිව්වහම තව මොනවා කවයිද දන්නේ නැහැ ?
මාළුවට රට කජු...නෝනට කොස් ඇට (දී)
නලීන් අයියේ මාළුත් ඔය වගේ ඇම කන්න කැමතියි (දී)
වෙන කවුරුහරි මගේ නමින් ප්‍රතිචාර දමන එක නවත්වන්න (කවුරුහරි ඉන්නවා වගේ මට හරහට ) (නි)
චන්දී, අදහස හොඳ නම් හිනාවෙන්න. ගණන් ගන්න එපා වැඩිය. (නි)
මේක වෙන්න බැරි දෙයක්. රටකජු ඇටයක් කටේ හිරකරගෙන මැරිලා තියෙන්නේ (නි)
දුවේ රූපා, ඔයත් දවසක හොඳට බීලා බලන්න, පරණ දේවල් හොඳට මතක් වෙන හැටි. (නි)
අනේ මේ සමදරාත් ඉතිහාස පොතක් වගේ.සියල්ල දන්නවා.මම අහලාවත් නැති දේවල්. (නි)
"මතට තිත" හැබෑවටම ඒක නාමික වචනයක් පමණද? (නි)
ඔයාලා කලබල වෙන්න එපා. මාලුවාව අමතක වෙන්න තරම් මෙයා අරක්කු බීලා නම් කොහොමද මාළුවා අල්ලා ගත්තේ? (නි)
රුපියල් 2 කට බීලා රුපියල් 10 කට බිව්වා වගේ වෙරි පෙන්වනවා. (නි)
දන්න කෙනෙක් ඉන්නවා නම් එහෙනම් කියන්න බලන්න මාළුවාගේ ගැහැණු සතා මොකාද කියලා (නි)
ඒක දන්නා මාළුවා රට කජු කා ඊයේ රෑ මිය ගියේය. පුරප්පාඩුවට පත් වුණු සරත් අයියා නම හෙළි නොකළේය.අහෝ බේදයකි! (නි)
වීරයා මැරිලා (දී)
සමදරා ඇන්ටි ...කාට කොහොම මොනවා මතක් උනත්.. අමතක උනත් ...කාන්තාවක් හැටියට ..ඔබේ කියමනට මම කිසි සෙත් විරුද්දයි ...මගේ ජීවන ගමනේ අම්ම කෙනෙක් හැටියට මම ඉන්නේ ලොකු වගකීම් රැසක් සමග,ඉස්ථාවරයක, ඒ උතුම් වූ පවිත්‍ර ගමන් මග ඔය නරකාදියෙන් තෙමා ගන්න ඕනද ..? නේද චන්දි නංගි....? (දී)
දෙකක් දාගත්තාම තමයි වීරයා වෙන්නේ (දී)
ඔහේ පලයන්...මෙන්න රුප සුරාමේරා .....දස්ට කොරල වගෙයි.
බෙදා හදා ගෙන කෑම (දී)
දරුවන්ගේ යුතුකම් ඉෂ්ට කරන ගමන් අපේ පාලුව කාන්සිය මකා ගන්න එසැණට ලියනවා ඇත්තටම ඒක අපිට පුදුම සතුටක් .., මං නැවතත් කතෘ තුමා ඇතුළු සියලු දෙනාට ස්තුති කරනවා ., දිර්ඝායුෂ පතනවා (දිල්)
මට නම් හිතෙන්නේ මේ මනුස්සයට වෙරි මරගාතේ නෝනවයි, මාලුවවයි මාරු වෙලා.. (ත)
කවුද මේ මගේ රූපට සුරාව තොලගාන්න කියන සමදරාව? හොදට හිටීවි. අපේ එකීට අතීතය මතක් වුණොත් මම කපෝති (නි)
අනේ දිසෝ, මට වෙලාවකට හිනාව නවත්තාගන්න බැහැ,මේ ලියලා තිබෙන දේවල් දැක්කහම (නි)
සරත් මල්ලිව මම දන්නවා (නි)
මොකද දිසෝ, ''අතීතයට'' ඔයතරම් බය? (නි)
නෙල්ලි රසය දැනෙනවලු.... අන්තිම හරියලු මහා භයංකාර... (නි)
ඔය පෙත්තා කියලා තියෙන්නේ බය කියන්නේ මොකක්ද කියලා (නි)
දිසෝ, ලැජ්ජයි, බයයි කියලා කොහොම කියලා දෙන්නද? දෙයියෝ සාක්කි! නොදන්නවා වගේ අහන හැටි...? (නි)
නිතර බොන යාලුවෙක් නොබීපු දවසක ප්‍රවෘත්ති බලමින් හිටියා. බිරිදත් ලඟින් වැඩිවෙලා සතුටි හිටිය. බලන්න ඔයා අද කොච්චර හොඳද හැමදාම මෙහෙම ඉන්නකෝ. ඒ වෙලාවේ කිව්වේ විදුහල්පති තුමෙක් ළමයෙක් පාසලට දාන්න අර අල්ලසක් ඉල්ලපු ප්‍රවෘතිය. මිතුරා විහිළුවට කිව්වා නොබී ඉන්න නම් මටත් අල්ලසක් ඕනේ කියල. ඇය තව කොන්දේසියක් එකතු කළා. දැන් මිතුරා බොන්න නැතිව ඉන්නවා. (අ)
බොන්නේ නැතුව ඕනෑ අල්ලසක් ගන්න. හැබැයි ගෙදර නෝනාගෙන් ප්‍රවේශමෙන්. (නි)
ඔයබෝන්නේ නැත්තේ අල්ලසකට යටවෙලා නේ...(දිල්)
චන්දි, බඩගිනියි කියලා මාළුවාගේ කටේ තිබෙන රටකජු කෑල්ලට වැඩේ දෙන්න එපා හොඳද? (නි)
මීට පස්සේ මම මාළු ටැංකිය හෝදන්න කලින් බීලා ඉන්නවා. එතකොට පහසුවෙන් මාළු ටික අල්ලන්න පුළුවන් (නි)
මාළු ටැංකිය හෝදන්න කලින් බීලා ඉන්න ව පේනවා. ඔය කොමඩ් එක නේ මනුස්සයෝ?(දිල්)
වෙරිකාරයා බොරුකාරයා කියනවනේ. (නි)
අනුමානයක් නැහැ. කිඹුලෙක් හොයනවා ඇති (නි)
සමදරා ආරියදාස ..!! බඩගිනි දැනුනට මියෙන තරම් ., තණ කොළ නුබුදති සිංහ පැටව්..!!(දිල්)
මමත් පොඩ්ඩක් වත් කැමති නැහැ බොන අයට.(නදී)
මොන සිංහ ගැනද මේ අපේ කට්ටිය කතා කරන්නේ? (නි)
චන්දි නංගි,සමදරාට ලියන්න එපා.මම නම් හොදටම දන්නවා මේ නමින් පෙනී සිටින්නේ කවුද කියලා (නි)
කකුල් හතරේ සිංහ පැටවු කරන වැඩ කොහොමද දෙපා සිංහ පැටවු කරන්නේ? (නි)
අපේ කළු කොට හේරත් හුග දවසකින් නැහැ (නි)
මම ඉන්නවා.. (නි)
දිසෝ.., සරත් ඇත්තෙත් නැහැනේ ..!! හොයන්නකෝ පොඩ්ඩක් කොහිල කටු ඇන ගෙනද දන්නේ නැහැ ...?රුපක්කේ කෝල් එකක් වත් දාල බලන්නකෝ අපේ යාළුවො සෙට් එකේ එක්කෙනෙක් හරි අඩු උනොත් හරි නෑ (දිල්)
කෝල් එකක් දීලා බැලුවා.ගැහැනු කට හඬකින් මොනවද කියනවා ඇහෙනවා.බනිනවද දන්නෙත් නැහැ. අමුතු භාෂාවක් (නි)
ඉගිලෙන මාළුවන්ට කැව්වා නම් මීට හොදයි. (නි)
අනේ හේරත්, එහෙනම් ෂුවර් එකටම සරා අමාරුවක වැටිලා ඇති. හපොයි දෙයියනේ! අපේ සරා චීන කෙල්ලෙකුටවත් පැටලුනාද ...? (නි)
සරාට කොහොම හරි කව්රු හරි වැටිලා නම් ඒක සමරන්නම ඕනෑ (නි)
මල්සරාට ප්‍රේම ලෝකෙ කූඩුවක් තනා... වාසනාවේ මල් බලන්න අපට හැකි වුණා.... (නි)
මමත් ඕකම හිතුව චන්දි..කොහිල වලට වඩා කොපමණ සහනයක්ද ? බස් එකේ සීට් එකක් කියල හිතන්න ඇති ..අපේ සරත් මල්ලිම තමයි හිටියේ .. වැඩ ඇරිලා යන ගමන් ...චයිනීස් කෙල්ලක් එක්ක ..? සරත් වැඩේ කැතයි ...වැඩේ කැතයි ..?අන්න අරහේ අඩනවා ...? (අ)
කොට්ටාවට යන්න කලින් බස් එකෙන් බැස්සුවා...ච්යිනීස් කාලා අන්න අරහේ පයින් යන ගමන් අඩනවා .ඔයාලට සෙල්ලම්...මගේ මුණ නිල වෙලා...පිම්බිලා..(නදී).
පැන්චිගේ, ගම කොට්ටාවද .?කටේ තියෙන්නෙම කොට්ටාව ,(නදී)
නෑ අනේ කොට්ටාවට එහා...හෝමාගම අක්කේ...එතකොට ඔයා?(නදී)
දැන් පැන්චිටත් හරියන්නේ නැහැවගේ මම බලාගෙන හිටියා හිටියා නැහැ නැවතිල්ලක් ...(අ)
මං අම්බලන්ගොඩ ,අලුත්වල .., මං හෝමාගම යනවා ,මගේ යෙහෙලියන් තුන් දෙනෙක් ඉන්නවා මාගම්මන, හෝමගම (අ)
දැන් එතකොට ඇට හිරවෙලා මැරුණු මාළුවා ගැන කාටවත් මතක නැද්ද? (නි)
දැන්නම් මේ අදහස් දාන කාන්තාවෝ බෝතලයක් බීලා වගෙයි, කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ අදහස් දාන්නේ. (නි)
මෙතනත් ඒ පාර ළිද ළග සංගමයක් පටන්ගත්තා වගේ? (නි)
බීමත් මිනිස්සුත් කරන වැඩ ? (නි)
මොකද ක්‍රිෂාන්, මම ලියන ඒවාට නලියනවද? (නි)
අලුත්වල චන්දි .... හිත හොඳ අපේ නංගී.... සිනා මුව රැන්දී.... සැමට තිලිණෙකි නැතුව වන්දි... (නි)
මේ රූපා, මගෙන් මුකුත් අහගන්න එපා ලුණු ඇඹුල් ඇතුව. අම්බලන්ගොඩ චන්දිට මට ලියන්න එපා කියන්න ඔයා කවුද? මම සමදරා ආරියදාස, වැඩිහිටි කාන්තාවක්, (නි)
මේ වයසක මිනිස්සුත් දෙන වදයක්...? (නි)
දත් තිස් නවයක් විරිත්තලා... අපේ ආච්චි හිනා වෙලා... අපේ ආච්චි වැඩකාරී... රූපට බැටදේවී... පත්තරේ ලිව් දේ කියාවාලා පිස්සුව ඩබල් වෙලා// (නි)
සමදරා නැන්දේ ඔයාම කියනවනේ ඔයා වැඩිහිටි කාන්තාවක් කියල ..හැබෑටම වැඩිහිටි කාන්තාවකට ගැලපෙන වචනද ඔයා කියන්නේ කාන්තාවක් විදියට අදහස් පල කරන්න ...? අපි බෙල්ල ගහල ගියත්? අපේ ලියා පදිංචි නමෙන් තමයි බෙල්ල කපන්නේ ...?ඒක තමයි එඩිතර කම ....? (දිල්)
චන්දි නංගියෝ ..අපේ සරත් කොයි ..? කොහාට හරි වෙලාද කියල මට සැකයි ...?(දිල්)
සමදරා, කරුණාකරලා අසත්පුරුෂකමින් මිදී සත්පුරුෂභාවයෙන් අදහස් ලියන්න (නි)
අපි සරත් ගැන සෙව්වට ,එයා අපි ගැන හොයන්නේ නැහැ. (නි)
දුවේ රූපා, අපි යාලු වෙමු. කට්ටියම එකට ඉඳලා හිනා වෙමු (නි)
ස්තුතියි බට්ටෝ ., සිනහ සයුරේ ගිලිලා ,එන්න හිතෙනවා බට්ටව සොයාල ..!!(නදී)
මේ රුපා මට පණ්ඩිත කම් කතා කරන්න එපා. මගේ වදන් හොඳ නැත්නම් එසැණ ඒ ගැන බලි ගනීවි. අනුන් කොටවන කතා කියන්න එපා. ඔයා හින්ද මට චන්දිත් නැතිවුණා (නදී)
කෝ අහලකවත් - නැතිද පොලෝසියක් - පොලුත් ගහනවා -බෙලිත් කපනවා. සරා හැංගිලා- බෙදනවා සම්බල්.. ලංකාවේ ගෑනු -කයියට පොල් ගානූ...නවතා ඩොන් සීනු - සිනහ දසංපානූ..(නදී)
සරත් අයියා කොයි - දොර මුල්ලේදොයි...(නදී)
ඕක නම් ඇත්තටම බොරුවක්.(නදී)
සරත් අය්යා රතු පස්වල හාමුදුරුවොත් එක්ක අම්බලන්ගොඩ වැඩියාලු. යක්ෂ (ලොකු බංඩි ගේ)නාග පොඩි බංඩිගේ යුද්දය වලක්වන්න (නදී)
අන්න අර පැත්ත ගිනි අරන්. ඉබ්බා මොකද බලන් ඉන්නේ.. සමදරාගේ ත්‍රී වීල් එකයි රුපගේ ඩක්කුවයි හැප්පිලා. පොල් ලෙලි හැම තැනම... (නදී)
පෙත්ත මල්ලි ..වයසක අත්තම්ම කෙනෙක් ..ඇක්සිඩන්ට් එකක් වෙලා ඉස්පිරිතාලෙට අරන් ගිහින් ..දොස්තර මහත්තය ඇහුවලු ?මොකද අම්මට... ?කියන්න බලන්න මොකද උනේ කියල ..? අනේ බුදු දොස්තර මහත්තයෝ ඇහි පිල්ලන් ගහන වේගෙන් ලොකූ...සින්දුවක් ඇවිත් ඇගේ හැප්පුනා කීවලු ...? බලනකොට ඒ අත්තම්මව හප්පලා තියෙන්නේ ත්‍රීවිල් එකක්...? (නදී)
රුපයි..සම්දරයි ..රන්ජනියි.. අර කට්ටිය නෙවෙයිලු. (නදී)
මේකේ කතා කියවන්න අන්න කනත්තේ නිදියපු අයත් නැගිටලා කට හෝදන්නේ නැතුව එනවලු...දැක්කද?(නදී)
රූපවති නැන්දට "සින්දුවක් ඇවිල්ලා ඇගේ හැපුනත්" ගානක්වත් නැහැ නේද? (නි)
මේ පෙත්තයි, පෙරේරායි දෙන්නම එක්කෙනෙක්ද කියලා මට පොඩි සැකයක් ඇති වුණා. මම හරිද පෙත්තෝ? (නි)
අනේ සමදරා.., මන් ලියන අදහස් අපේ කතෘතුමා මෙහි පල කරනතුරු .. ඔයාල කාටවත් මේ චන්දි නැති වෙන්නේ නැහැ ..!! ප්ලීස් , අපි හැමෝම සමගියෙන් මෙහි අදහස් දාමු (රුප අක්කයි , සමදරයි දන්නා දෙන්නෙක්ද මන්දා-හැම තිස්සෙම පොර කිකිලියෝ දෙන්නෙක් වගේ)නේද පෙත්තෝ (නදී)
චන්දි දුවේ, මට නැන්දා කියලා කියන්න. මම ආසයි එතකොට. (නි)
චන්ඩි ඕගොල්ලෝ වගේ නෙවි මම හැමදාම මේ රටේ හිටියේ. වෙන රටවල් ලොකු කරල කියනකොට තරහයි. අපේ පවුලේ ගොඩක් රට වෙනුවෙන් යුද්දේ කරපු අය. බෝම්බවලින් මැරුණු/තුවාලවුණු අයත් ඉන්නවා. රුපට අපේ රටට ගරහන්න එපා කියන්න, වෙන ඕන දෙයක් (නදී)
මමත් රට යන්න ආසයි. ඉතාලි වගේ රටවල් හොදයි. එන්ගලන්තයේ යන්න අපි ඉංග්‍රීසි දන්නේ නැහැනේ (නි)
මේ කතා වලින් ගෝල්ඩ් ෆිෂ් මාළු කුණ අරගෙන දාන්නත් බැරි වුණා. (නි)
අපරාදේ නැන්දේ..., අර රට කජු එක (නි)
පැන්චි මගේ පුතේ, රටකජු කෑල්ල අරන් තියලා ඇති. ඔයාට ඕනෑ නම් කන්න (නි)
සමදරා.., ඔයා ලංකාවේම ඉන්න.., මොකද ඉතාලි යන්න ආසාවක් ආවේ දන්නේ නැහැ නේද...?(දිල්)
සමදරාට හැමෝම රැවටුනා.ඒත් මුලින්ම මම දැනගත්තා මේ අපේ රැලේ හොදම කවියෙක් තමයි කියලා (නි)
මෙතන හිටිය අපි හැමෝටම අමතක උනා..ඔය මාළු කුණ.(දිල්)
ජීවිතේට එක වරක් මමත් මත්වතුර බිවුවා මගේ මෝඩ යාලුවෙක් නිසා. මගේ මෝඩකමට බිවුවා. අපොයි අම්මෝ! මතක් වෙද්දීත් ඔලුව රිදෙනවා. මට නම් කිසිම සිහි විකල්වීමක් වුණේ නැහැ.හැබැයි ශරීරය වාරු මදි වුණා (නි)
සමදරා,ඔයාට පුලුවන් නම් ඔය සිල් රෙද්ද ගලවලා කනත්තට විසි කරලා ගිහින් අපේ රටේ අසරණ දරු පැටව් දුෂණය කරන, ගැබිණි මව්වරුන් දුෂණය කරන, තම ස්වාමියාව බිරිදව මරන, අසරණ දරු පැටවුන් මහමග දමලා යන , අපේ රටේ ජාතික සම්පත් විනාශ කරන,අපේ දරුවන්ගේ හෙට දවසේ ඉරණම කුඩුකාරයින්ට විසදන්න ඉඩ තැබූ වන්ට විරුද්ධව රටේ මිනිසුන්ගේ හැදියාව සහ සදාචාර මිනිස්කම් ගොඩනැගීමේ මෙහෙවරක් පටන් ගන්න (නි)
රූපා ඔයා මොනවා කියනවද කියලා මට තේරෙන්නේ නැහැ. අපි ඕගොල්ල තරම් උගත් නැහැ, හැබැයි ළමයෝ ඔය එංගලන්තේ කාන්ත විමුක්තිය නම් මෙහෙ ලංකාවේ ගෑණුන්ට උගනන්න විතරක් හදන්න එපා. එදාට මම සිල් රෙද්ද ගලවනවා... (ස)
ඒ කියන්නේ ,සමදරා දවස් 365ස් දවසෙම සිල් රෙද්ද පොරවාගෙනද ඉන්නේ? හැබැයි කෙක්ක වගේ එල්ලී එල්ලී යන විදියට නම් උගත්කම අඩුයි කියලා හිතෙනවා (නි)
"සිල් රෙද්ද ගලවලා කනත්තට විසි කරලා" -අනේ රූපෝ,.මම මොකුත් කියන්නේ නැහැ (නි).
"හැමෝටම අමතක වුණා..ඔය මාළු කුණ" -රූපක්කේ, මම ඒක ඉස්සරහා තියාගෙන පිළිකුල් භාවනාව වඩන්න පටන්ගත්තා. (නි)
චන්දි අක්කේ, රූපවතී අක්කේ, ඔය සමදරාගේ තත්ත්වයට අපි වැටෙන්න හොද නැහැ (නි)
චන්දි අක්කේ ,රුපවති අක්කේ,ඔයාලා සමදරාට ලියන්න එපා.එයාගේ මට්ටමට ඇයි අපි වැටෙන්නේ.එයාට මානසික රෝගයක් මන් හිතන විදිහට.(දිල්)
චන්දිට කොච්චි - පෙත්තට ඔරු- නයාට අඳු කොළ - රුපට සමදරා...(දිල්)
ළමයිනේ සිල් රෙද්ද උතුම් වස්ත්‍රයක්. ඒකට අවමන් නොවෙන විදියට අදහස් ලියමු (නි)
මම තරමක් උගත්. ප්‍රාදේශීය සභාවේ වැඩ කරන්නේ. අපි ගම්වල දුවලා පැනලා, ගඟේ නාලා හැදිච්ච කෙල්ලෝ. ඔය ගැහැණු අය චූයින්ගම් කන, ඩෙනිම්/කලිසම් අඳින, සිගරැට් බොන, කාර් එලවන සමාජ ක්‍රමය මේ ගම් වලට ගැළපෙන්නේ නැහැ. අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න රූපා, නිලූ, චන්දි. ස්තුතියි (නි)
මේ රූපා, දැන් මම සුදු ඇන්දට මම නිල්, රතු, කොළ පාට තුනම ඇඳලා තිබෙනවා. මට එක දේශපාළුවෙක්වත් ලොකු නැහැ. හැබැයි රට අසංවර කරන්න ඉඩ දෙන්නේ නැහැ (නි)
මත් බවෙන් ඉඳන් ඔයින් ගියා ඇති..... (ස)
පාට පාට සමදරා - අනේ මගේ සමදරා. - දැක්කම මට නිදිවරා....බොන්න හිතෙයි පැහුණු රා...(අ)