යතුරුපැදි රියැදුරු බලපත‍්‍රය ලබාගැනීම පිණිස පවත්වන ප‍්‍රායෝගික පරීක්ෂණයකදී අදාළ මෝටර් රථ පරීක්ෂකවරයා විසින් 8 ගසන ලෙස දැනුම් දුන් අවස්ථාවේ එක් බලපත‍්‍ර අයදුම්කරුවෙකු ගැසූ අපූරු අටක් පිළිබඳව කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වේ.
එදා රියැදුරු බලපත‍්‍ර සඳහා ප‍්‍රායෝගික පරීක්ෂණය පවත්වන දිනයකි. න්‍යායාත්මක පරීක්ෂණයට සමත්වූ බොහෝදෙනෙක් මෙම ප‍්‍රායෝගික පරීක්ෂණයට මුහුණදීමට පැමිණ සිටියහ.
මෝටර් රථ දෙපාර්තමේන්තු පරීක්ෂකවරුන් පැමිණි වහාම බර වාහන, සැහැල්ලූ වාහන, ත‍්‍රිරෝද හා යතුරුපැදි සඳහා වෙන වෙනම ස්ථාන බෙදා පරීක්ෂණය ආරම්භ කෙරුණි.
මෙම පරීක්ෂණයට සහභාගී වූ පිිරිස අතර එක්තරා රියැදුරු පාසලකින් පැමිණ සිටි කණ්ඩායමකි. යතුරුපැදි බලපත‍්‍ර ලබාගැනීම පිණිස ඔවුන් පැමිණ සිටියේ රියැදුරු පාසලෙන් ලබාගත් යතුරුපැදියක්ද සහිතවය.
සියලූදෙනා තම ජංගම දුරකථන ක‍්‍රියාවිරහිත කරගන්න යැයි ලැබුණු අණින් පසු ප‍්‍රායෝගික පරීක්ෂණය ආරම්භවූ අතර මුලින්ම ඉහත කී රියැදුරු පාසලෙන් පැමිණි ජැණ්ඩියට හැඳ පැළඳගත් තරුණයෙකුට අවස්ථාව ලැබුණි.
”හොඳයි අට ගහන්න බලන්න” යැයි පරීක්ෂකවරයා ලබාදුන් අවසරය මත ”හරි සර්..” කියමින් යතුරුපැදියට නැග සෙමින් එය පදවාගෙන එම ස්ථානයෙන් ඉවත් වූයේ සියලූදෙනා මවිතයට පත් කරමිනි.
ටික වේලාවක් ගත වුවත් ඔහු ආපසු නොපැමිණි හෙයින් හා ජංගම දුරකතනය ක‍්‍රියා විරහිතකොට ඇති බැවින් ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි හෙයින් පරීක්ෂකවරයා වෙනත් යතුරුපැදියක් යොදාගෙන පරීක්ෂණය නැවත ආරම්භ කළේය.
පැය භාගයකින් පමණ පෙරකී තරුණයා යතුරුපැදිය පැදගෙන පරීක්ෂකවරයා සිටි ස්ථානයට පැමිණි අතර ඔහු ඉතාමත් ජයග‍්‍රාහී ලීලාවෙන් යතුරුපැදියෙන් බසිමින් පැවසූයේ ”ඔන්න සර් හරියටම කිලෝමීටර් අටක් ගියා. මීටරේ බලන්න කියාය.”
මොහු අට ගැසීම යන්න වටහාගෙන ඇත්තේ කිලෝමීටර් අටක් පැදවීම බව තේරුම් ගත් පරීක්ෂකවරයාට උඩ බිම බැලූවේ කීමට කිසිවක් කටට නොආ බැවිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරු බලපත්‍රය ගන්න යනකොට රියදුරු පාසලෙන්ම අට ගහන්න කියාදෙනවා. මෙයා වෙන විදිහකින් ලයිසන් එක ගන්න ආවාද දන්නේ නැහැ. (නි)
මම දැනගත්ත ..මම මහත්තයට කීවා මේ අට ගැන එයා මට තේරුම් කරලා දුන්න "ෆිගර්ඔෆ් එයිට්" හිනා ගොඩයි..අර කොන් අතරින් රිංගල යන එකනේ ..! අද යමක් අලුතින් ඉඅගන ගත්ත ..තැන්ක්ස් දෙවියෝ සාක්කි ..!! (බ)
දැන් ඉතින් ඉන්න තැනත් එක්ක බොහොම පැහැදිලිවම මෙයා කව්ද කියලා හදුන්වලා දීලා නේ තියන්නේ. හැම කෙනාම එක වාගේ නෙමයි නේ,(ම)
දැන් අට ගහන්නේ ලයිසන් ගත්තාට පස්සේ ඇයි දැකලා නැද්ද පාරේ යනකොට අස්සෙන් දාලා යන අය (ම)
මම මෙතන සිද්දිය දැක්කා. මෙයා ගම්පහ බණ්ඩාරනායක විදුහල ගාව ආනන්ද මාවතේ ඉන්නේ . ඇත්තටම මෙයට විහිලුවට කියන්නේ ඉබ්බා කියල (ම)
අනේ ..මොකද්ද අට ගහනවා කියන්නේ ..මම දන්නේ නැහැ දන්නා කෙනෙක් කියල දෙන්න. මම මෝටර් සයිකල් පදින්න දන්නේ නැහැ, අපේ අප්පච්චිට පුට් බසිකලයක් පමණයි තිබුනේ අපි තරුණ වයසට එනකම්ම..? අද මට මෝටර් රථ බලපත් තිබුනත් ..ඒ ..පුහුණු වලදී වගේ නොව. මේ කියන මෝටර් බයිසිකල් අට ගැන මොකුත්ම දන්නේ නැහැ..?මොකද්ද ඒක දැනගන්න කැමතියි කියල දෙන්න පාඨක මහතෙක් මහත්මියක් වේනම්..? (ස)
අපේ මල්ලි කෙනෙක් ඉන්නවා ඉබ්බාගමුවේ සම්පත් කියලා. එයාට වුනු දෙයක් වගේ .(ම)
ෂුවර් එකටම මෙයා දේශපාලන ඇත්තෙක් (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මෙයා මට පෙනෙන විදියට ෂොට් එකක් ගහලා වගෙයි ඇවිල්ලා තියෙන්නේ. (නි)
අට ගහන්න පුරුදු කරන්නේ පුහුණු පාසලෙන්නේ.ඉතින් ඔහොම දෙයක් වෙන්නේ කොහොමද.විස්වාශ කරන්න අමාරුයි. (ස)
ඒ අටත් නරකම නැහැ (නි)
අට ගැහුවට වැඩක් නැහැ .මෙයාලට කියල දෙන්න පාරේ බයිසිකල් පදවන අයට ඇති අවදානම. කෙසේ වෙතත් ,කිලෝමීටර් අට ගැහිල්ලනම් කොක් හඬලා සිනාසිය යුතු කරුණක් !! (බ)
අට ගහන්න කලින් කිලෝ මීටර් 8 ගිය ඔහුට ලයිසන් එක දෙන්නම ඕනේ (ම)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)
ඉබ්බාගමුවේ එකෙක් වෙන්න ඇති. ඔලුව අස්සේ ගහගෙන තමයි ඉන්නේ ,ඒ වුනත් මේ වගේ මෝඩ දෙයකදී. එළියට එනවා මේ වගේ කට්ටියගේ කතා පිටරට. අයට හිනා (බ)
මේ වගේ දේවල් තව කොපමණ ඇද්ද? (නි)
ඒ කියන්නේ රියදුරු පාසලෙන් අට පිළිබඳව මේ තරුණයාව දැනුවත් කරලා නැහැ මට පෙනෙන විදියට? ඔක්කොම සල්ලි වලට යටවුණ සමාජයක මේවා ඉතින් ඒතරම් ගණන් ගන්නත් බැහැ (නි)
අට ගහන්නේ මෙහෙමයි කියලා දෙකක් ඇන්න නම් හරි (ම)
"කියන්නා කොහොමකීවත් අහන්නා සිහි බුද්ධියෙන් අහන්න ඕනි "කියන්නේ ඕකට වෙන්න ඇති' (ම)
මිටියක් ගෙන්න කියල සල්ලි දිපුවහම අර තනමල් විල මිටියක් ගෙනාවේ .සර් හරි අමාරුවෙන් හොයාගත්තේ කිව්වලු (බ)
මේක නම් විශ්වාස කරන්න අමාරු කතාවක්. (ම)
ව්හි ලු කතාවකට හොඳයි බොරු කතන්දර ට්‍රයල් එන ඕන කෙනෙක් 8 ගහන්න දන්නවා ලර්නර්ස් තියෙන්නේ එකටනේ (ම)
මැදමුලනේ බය්යෙක් වත් ද ඔ_ඔ (ම)
මෙයා ෂුවර් එකටම පොළොන්නරුවේ කෙනෙක් වෙන්න ඕනෑ. (නි)