මාර්ග පරීක්‍ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරියකු තමා ඉදිරියට එන යතුරු පැදියක් අතින් සංඥා කොට නවතා ගත්තේය. යතුරු පැදියේ පැමිණි පුද්ගලයා ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. කෙතරම් මිල මුදල් තිබුණ ද ඔහු තම යතුරුපැදියට ආදායම් බලපත‍්‍රය හෝ තමාට රියැදුරු බලපත‍්‍රය ලබාගෙන නොතිබුණි. එහෙත් තම කාරියට බාධා පැමිණෙන සෑම විටම නුවණ මෙහෙයවා ඉන් ගැලවීමට ඔහු සමත්ය.
තම නුවණ මෙහෙයවා මෙතැනින් බේරී යා හැකි බව සිතූ ඔහු පොලිස් නිලධාරියාට මෙසේ කීය.
”ආනේ රාළහාමි! මං මේ කොල්ලෙකුගෙන් බයික් එකක් ඉල්ලගෙන ටවුමට දුවල යන්න ආවේ” යි පැවැසුවේය.
”ඒ කතාවලින් මට වැඩක් නෑ. තමුන්ටත් බයික් එකටවත් ලයිසන් සහ ඒ මදිවට හෙල්මට් එකකුත් නෑ..” රාලහාමි කීය.
”ලියන්න නම් එපා රාලහාමි, අපි මොකක් හරි කරන්න බලමුකෝ” පැවසීය.
”අන්න තමුසෙට තේරුණා. දැන් තමයි නියම පීල්ලට ආවේ”යි නිලධාරියා කීය.
”හා හොඳයි මම මේක මෙතැනින් ‘ක්ලෝස්’ කරල ඉවරයක් කරල දානවා ලියන්නේ නෑ...... තමුන් අර සෙඞ් එකෙන් පෙට්ට‍්‍රල් ගහන මල්ලිට රුපියල් 500 ක් දීලා යනවා. ආයේ එහෙම මගේ අතට අහුවෙන්න එපා” යැයි තරයේම කියා සිටියේය.
මේ එන්නේ අල්ලසක් ගැනීමට බව වටහාගත් ව්‍යාපාරිකයා ”අද උන්දෑට දෙන්නම් හොඳ ලණුවක්” යැයි සිතින් මුමුණමින් යතුරුපැදිය පදවාගෙන ගිය ඔහු තරුණයාට මෙසේ පැවසීය.
”මල්ලී! අර ඩියුටි කරන රාලහාමි මට කිව්වා මල්ලිට කියන්න කියලා රු. 500ක පෙට්ට‍්‍රල් ගහගන්න කියලා, ඩියුටි ඉවර වෙලා යන කොට දෙන්නම් කියලා.”
එවිට යාබද මාර්ගයේ රාජකාරි කළ නිලධාරියා දෙස බැලූ තරුණයාට නිලධාරියා එය අනුමත කළා මෙන් හිසින් සංඥා කළේය. ව්‍යාපාරිකායා අල්ලස් මුදල වූ රුපියල් පන්සීයක් තරුණයාට දෙනවා වෙනුවට පන්සියයක පෙට්ට‍්‍රල් යතුරුපැදියට ගසා ගත්තේය.
තමාගේ නුවණේ මහිමය ගැන ආඩම්බර සිතින් ව්‍යාපාරිකයා රාලහාමි අසලට ගොස් ”රාලහාමි වැඬේ හරි මම යන්නම්” යැයි පැවැසීය.
නිලධාරියා තරුණයා දෙස බැලූ විට ඔහුද එය අනුමත කර හිසින් සංඥා කළේය. ”හා! හා! යනවා, හැබැයි ආයෙ මේ පැත්ත පළාතෙ එන්න එපා”යි එවරද අවවාද කළේය.
රාජකාරි නිමවී අල්ලස් මුදල ලබාගැනීමට තරුණයා හමුවූ පොලිස් නිලධාරියා ඔහු පැවැසූ වදන් හමුවේ නිරුත්තර විය.
”මොන සල්ලිද රාලහාමි, මිනිහා රාලහාමි කිව්වා කියලා රු. 500ක තෙල් ගහගත්තා”යි කියන විට තරහා සිතින් පොකැට්ටුව ඇද රු. 500 නෝට්ටුවක් පෙට්ට‍්‍රල්වලට ගෙවා ”ආයෙ මට උන්දෑ අහුවෙන් නැතැ”යි පවසමින් ගියේය.
පසුව මෙම සිද්ධිය පිළිබඳ පුවත ප‍්‍රදේශය පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. එය පොලිස් නිලධාරියා රාජකාරි කළ පොලිස් ස්ථානයට ද ආරංචි විය.
එහි ස්ථානාධිපතිවරයා නීතිගරුක වූවෙකි. සිද්ධිය කනවැකුණු ඔහු ඉදිරියට කැඳවූ සිද්ධියට සම්බන්ධ නිලධාරියා තමාටත් තම සේවා ස්ථානයටත් සිදුවූ අපකීර්තිය ගැන ඔහුට තරයේ අවවාද කර පරීක්‍ෂණයක්ද පැවැත්වීය.
පසුව එම නිලධාරියා ස්ථාන මාරුවීමක් ලැබගෙන ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුනත් වයාපාරිකයා කපටි කමෙන් ජීවත් වෙන කෙනෙක්. එයාටත් හොද පාඩමක් උගන්වන්න ඕනේ. අලල්ස් ගන්න පොලිසියේ නිලධාරීන්ට හොදම වැඩේ. එයාලට ඔයිට වැඩිය පාඩම් උගන්වන්න ඕනේ.(නදී)
අද කාලේ පොලිසියේ කෙනෙකුට ඔහොම කළොත් බොරුවට ගංජා මිටියක් , නැත්නම් කුඩු පැකට් එකක් දාලා බොරු නඩුවකට පටලයි , හොඳම වැඩේ නීතියට අනුව ජිවත් වෙන එක (නි)
හොද වැඩේ (දී)
මිනිස්සුන්ගෙන් අනවශ්‍ය ලෙස සල්ලි ගන්න එපා (දී)
මට හරි හිනා (දී)
කරපු වැඩේ වැරදී. රාලහාමි ගාවදනින් නැමිල බේරිලා එයාටම වලකපපු එක අනුමත කරන්න බැහැ. (දී)
වැරදි වැඩ කරන අයට හොද පාඩමක් (දී)
මොනවා වුණත් රාලහාමි පොකැට්ටුව ඇද රු.500යේ නෝට්ටුවක් පෙට‍්‍රල් වලට ගෙව්වා කියන එක නම් පිළිගන්න අමාරුයි. (නි)
හොද පාඩමක් මේ දේ (දී)
යතුරු පඩියට රාලහාමි ගතමන්ට් එකක් දීලා (දී)
රාලහාමි නැවත ඔය වගේ වැඩ කරන එකක් නම් නැහැ (දී)
සිද්ධිය ළග ඉදලා දැක්කා නම් මම පිළිගන්නවා. (නි)
රාලහාමි හීනෙකින්වත් හිතන්න නැතිව ඇති එයාට මෙහෙම වෙයි කියලා. එයා හිතුවේ ව්‍යාපාරිකයාට පාඩමක් උගන්වන්නනනේ. රාලහාමි කටවහගෙන රාජකාරිය කළා නමි කාට කාටත් නම්බුයි.(නදී)
මේක ඇත්තනම් කව්රු උනත් හොද වැඩක් තමයි කරලා තියෙන්නේ. (ස)
අයියෝ රාලහාමි (දී)
ඔහොම තමයි, ආපස්සට දෙන්න ඕන ඔය අයට.(නදී)
ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ.(නදී)
පොලිසියේ අයට මෙහෙම වෙලා මදි.(නදී)
පොලිසියේ අයට මෙහෙම වෙලා මදි.(නදී)
ෂා! නියම වැඩක් තමයි දීලා තියෙන්නේ.(නදී)
ජරාව කන ඒවායින් කියෙන් කියද හෙළිදරවු වෙන්නේ.ඕක ඉතින් අමුතු දෙයක් නොවේනේ. හැමදාම සිදුවෙන දෙයක්නේ. (ස)
නියම කතාවක් .(නදී)
ඒක පරණ කතාවක්.(නදී)
මේක මෑතකාලීන චිත්‍රපටියක කොටසක්නේ (ස)
ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ නෙමෙයි. ගහෙන් වැටුනු ගොනාට මිනිහා ඇන්න වගේ.(නදී)
සරා ගොයියා හරි මිනිහා කියන එකට නම් රාලහාමිව ගැලපෙනවා.(නදී)
අලවුවේ පොලිසියේ මහත්වරු මේ ගැන සොයා බැලිය යුතුයි. (නි)
රු 500 ගත්තාද දුන්නාද (දී)
අයියෝ වෙච්ච දෙයක් (දී)
නම්බුව සල්ලි වලට යට කරන්න එපා (දී)
අයියෝ සල්ලි (දී)
රාලාහාමි දැන්වත් වැරදි වැඩ නොකර ඉන්න (දී)
අනේ රාලහාමි (දී)
පිරවුම් හලටත් දඩුවම් කරන්න මොකද මේ පළමු වෙනි ක්‍රියාව නොවෙයිනේ. මේ රාලහාමි ගන්න අල්ලස් මුදල් භාර ගන්නේ ඒ පිරවුම් හලයි (දී)
නියම දඩුවම තමයි දීලා තියෙන්නේ (දී)
අදනම් නියම කතාවක් තියෙන්නේ (දී)
පෙට්රල් ගහලා පොලිසියට ගිහිල්ලා පමිනිලිත් කරලා නියමයි (දී)
අන්න මිනිස්සු (දී)
පොලිසියට ආණ්ඩුවෙන් පැදියක් තියෙනවා නේද, ඒක මදි වෙලාද (දී)
අන්න කරනවානම් වැඩේ (ද)
බොහෝ විට බොහෝ දෙනා කරන වැඩක් තමයි මේක (දී)
වැරැද්ද පිලි ගන්නේ ඒ වෙන මොනවා කරන්නද (දී)
වැරදි වැඩේ වැරදිමයි, අර මනුස්සයාට දඩ ගහන්නේ නැද්ද (දී)
මාරු කලේ මොකටද, මෙවන් වැරදි කරන අනෙකුත් අයට පාඩමක් වෙන්නත් එක්ක අයින් කලානම් ඉවරයි (දී)
මේ කතාව අහල තියෙනවා මිට අවු. 4කට කලින්. අර 'සුපර් සික්ස්' කියන බයිස්කෝප් එකෙත් ඔයවගේ සිද්ධියක් තිබුනා, හිඟන්නෙකුට අල්ලස් මුදල දෙන්න කියන.(නදී)
වැරදි කරන අයට හොද පාඩම් (දී)
ඔය කතාව ඉස්සල්ලා අහලා තියෙනවා. ඔහොම වෙලා මදි.(නදී)
මේක එහෙම්ම තියෙනවා සන්ඩේ කියන හින්දි ෆිල්ම් එකේ. (නදී)
මේක ඇත්තනම් කව්රු උනත් හොද වැඩක් තමයි කරලා තියෙන්නේ.(නදී)
අයිය්පෝ සල්ලි (දී)
සමාජයේ සිදුවන දේ චිත්‍රපටි වල පෙන්වනවා. චිත්‍රපටි වල පෙන්වන දේ සමාජයේ සිදුවෙනවා. (නි)
හොරා පොලිස්ට හොද වැඩේ. (නි)
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කළ ඉතාමත් අවංක මහත්මයෙක් ඔහුගේ ධුර කාලයේ පැවැති අල්ලස් හා දූෂණ නිවාරණ වැඩසටහන් වලදී මෙවන් කතා සෑම තැනකදීම ප්‍රකාශ කළා. (නි)