පෞද්ගලික සමාගමක සේවය කරන විදේශීක මහතෙක් සහ ඔහුගේ රියදුරු රාජකාරි කටයුත්තක් සඳහා පිටත්වූහ. සාප්පු සංකීර්ණයක් අසලට පැමිණි විදේශිකයා තමා පැමිණෙන තෙක් වාහනයට වී සිටින්නැයි කියා සාප්පු සංකීර්ණයට ඇතුළු විය. වාහනයෙන් බැසගත් රියදුරු මහතාට යතුරුපැදියක් තල්ලූ කරමින් පැමිණෙන හොඳින් හැඳ පැළඳගත් තරුණයකු දක්නට ලැබිණි. ”මොකද සයිකලේ තල්ලූ කරගෙන” රියදුරු මහතා ඇසීය. ”බලන්නකෝ අයියේ පෙට‍්‍රල් ඉවර වුණානේ තෙල් ගහන්න සල්ලිත් නැහැ” තරුණයා පැවසීය. රියදුරු මහතාට දුක සිතී තම මුදල් පසුම්බිය බැලූවිට තිබුණේ වියදමට ගෙනා රුපියල් දහසේ නෝට්ටුව පමණි. නුදුරින් ඉන්ධන පිරවුම්හලක් තිබූ අතර වාහනය අගුලූ දැමූ හෙතෙම ”ෂෙඞ් එක ගාවට යමු” යැයි කියමින් යතුරුපැදිකරු සමග ඉන්ධන පිරවුම්හල වෙත ගියේය. වාහනයකට ඉන්ධන සපයමින් සිටි පොම්පකරුට රුපියල් දහස දුන් රියදුරු මහතා, ”සයිකලේට දෙසීයක ගහන්න” යැයි පැවසීය. එවිටම රියදුරුගේ ජංගම දුරකථනයට විදේශික මහතාගෙන් ඇමතුමක් ලැබිණි. තම මුදල් පසුම්බිය වාහනය තුළ බවත් එය රැුගෙන එන ලෙසත් ඉන් පැවසුනි. ඔහු වාහනය වෙත දිවගිය අතර යතුරුපැදිකරු පොම්පකරු අමතා ”මල්ලී දාහ දෙන්න, සයිකලේ තෙල් ටිකක් තියනවා” යැයි කියමින් දහසේ නෝට්ටුව ලබාගෙන යතුරුපැදිය පණගන්වා පවනට බඳු වේගයෙන් ගියේය. මොහොතකින් පැමිණි රියදුරු මහතා පොම්පකරු අමතා ”මල්ලී ඉතිරි සල්ලි ගමුදැයි” ඇසීය. එවිට පොම්පකරු මෙසේ කීය. ”සර් එක්ක සයිකලෙන් ආපු අනික් මහත්තයා පෙට‍්‍රල් එපා කියලා රුපියල් දාහත් අරගෙන සයිකලේ නැගලා යන්න ගියා?”
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චික් මේ වගේ සත්තුත් ඉන්නවනේ ....පව් ඒ මිනිහා (ස)
මේ වගේ අය නිසා ඇත්තටම අසරණ වෙච්ච මනුස්සයෙකුටවත් උදව්කරන්න හිතෙන්නේ නෑ (ස)
දිය යට ගිනි , පරිස්සමින් !!! (ස)
උදවුවක් කරන්න ආපු කෙනෙකුට මෙහෙම කරන එක වැරදියි. (නි)
මේ වගේ දෙයක් පලකර එක හොඳයි , රටක් හැටියට අපි දැන් ගතිගුණ අතින් පිරිහිලා , ඉතින් එහෙම දියුණුවක් ඇති රටට සෙතක් නෑ (ස)
අයියෝ සල්ලි ....
මේක පිළිගන්නත් අමාරුයි. මෙහෙම හොරු ලංකාවේ හිටියට මෙහෙම උදවු කරන්නේ නම් නැහැ. (නි)
ලෝකෙන් උතුම්ම රට ලංකාවයි. (නි)
ලංකාවේ අපේ ලංකාවේ.... (නි)
මේක ඉතින් ලංකාවනේ! (නි)
උඩින් ඔපේ - යටින් හපේ.... (නි)
ලංකාවේ මිනිස්සුන්ව විශ්වාස කරන්න එපා. මටත් විශාල අත්දැකීම් තියෙනවා. (නි)
ඉතිං කොහොමද අසරණයකුට පිහිට වෙන්නේ..!(නු)
මට මෙයාව හම්බුණොත් ප්‍රෙට්ට්‍රල් දාල ගිනි කූරක් තියනවා (ස)
ඕකෙන් පෙන්වන්නේ මොකද්ද ? හැමෝම බලන් ඉන්නේ කාගේ හරි බෙල්ල කපලා තමන්ගේ ගොඩ වැඩි කර ගන්න .මේ කියන ආශ්චර්‍යය මේ කපේදි දකින්න ලැබෙන්නේ නැ (ස)
අනුකම්පාව භූමි කම්පාවකට පෙරලුන අවස්ථාව (ස)
මට ඇත්තටම හරිම කණගාටුයි.. ඒ මනුස්සයා හමුවුනොත් ඇදගෙන සිටින කළිසම ඔළුවෙ ඔතනවා..!(නු)
මේක තල්ලු කරගෙන ආවෙ තෙල් නැති නිසා නේද? එහෙම නම් ආයෙත් බයිසිකලේ පණගන්වා ගත්තේ කොහොමද?(නු)
මහත්මයාණෙනි.. ඔබ ලොකු පිනක් කරගත්තේ.. මේ මනුස්සයා තවත් පව් එකතු කරගත්තා.. (නු)
දියෙහි යන යන දණ්ඩට පිහිටක් වෙතත් කිසිවිට දුදනන්ට පිහිට නොවෙව් යන බස සැබෑවක් මට (අ)
කමක් නෑ ඕකෙන් පාඩමක් ඉගෙන ගත්තනේ...හොදයි(ස)
අවංක මිනිසුසු බොහොම අඩුයි , මේ සමාජයේ . බොරු කාරයන්ට කවමදාවත් හරියන්නේ නෑ (ස)
මේ වගේ දේවල් වලින් වෙන්නේ උදවුවක් ඕනෑ කෙනෙකුටවත් උදවුවක් නොලැබෙන එකයි. (නි)
හරිම කණගාටුයි කාරණා දෙකක් නිසා.. එකක් තමයි හිත හොද රියදුරු මහතාට වෙච්ච දේ, අනික මේකෙ පළවෙලා තියෙන අදහස් දකින විට... (නු)
මෙහෙම දේවල් වෙනකොට ඇත්තටම අමාරුවේ වැටුන කෙනෙකුටවත් උදව්වක් ලැබෙන්න නෑ ....අනික තමයි අදහසින් එයාගේ මෝඩකම පේනවා (ස)
චන්ඩියට අඳින ගොඩක් අය හිස් කියන්නේ ඕකනේ .(ස)
බොරු නේ අනේ ..(ස)
මේකත් බොරු නේ..(ස)