බස් නැවතුම්පොළේ සිටි තරුණියක් වෙනත් ප්‍රදේශයකට ගෙන ගොස් දින දෙකක් නිවෙසක රඳවා තබාගෙන දූෂණය කර පසුව අතරමග ගෙනැවිත් දමා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත. මූලස්ථාන පොලිස් පරීක්‍ෂක උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්‍ෂිකා මංගලිකා සූරිආරච්චි මහත්මිය එම තරුණිය ගෙන්වා වැඩිදුරටත් ප්‍රශ්න කර තිබේ.
එහිදී අනාවරණය වූ කතාව පෙර රජ දවස සිදු වී ඇති කතාවකට බෙහෙවින් සමානය. එම අතීත කතාව මෙසේය.
විශ්වවිද්‍යාල වරම් ලබා සිටි ඇය විසි හැවිරිදි තරුණියකි. අනෙක් මිතුරියන්ට මෙන් ඇයට ද පෙම්වතෙක් සිටියේය. පෙම්වතා දුර බැහැර සිටි නිසා ඔවුන් දෙදෙනා වැඩිපුරම ආදරය කළේ ජංගම දුරකතනය හරහාය. බොහෝ දිනවල රාත්‍රි නිදිවරාගෙන කතාබහ කළාය.
මේ අතර දිනක් රාත්‍රි ඇගේ ජංගම දුරකතනයට මග හැරුණු ඇමතුමක් ලැබිණි. එහා කෙළවරෙන් කතාකළ පුද්ගලයා කතාකළේ ප්‍රේමාන්විත හඬකිනි. එහෙත් එය තමාගේ ජීවිතයේ කිසියම් වෙනසක් ඇති කරනු ඇතැයි ඇය සිතුවේ නැත. කෙටි වේලාවකින් පිළිසඳර අවසන් විය.
පසු දින රාත්‍රියේ ද එම අංකයෙන්ම ඇමතුම ලැබිණි. එදින පෙර දිනයට වඩා වැඩියමක් දෙදෙනා කතාබහ කළහ. ටික දිනක් යන විට ඇයට මේ නොදුටු මිතුරා පිළිබඳ ආලවන්ත හැඟීමක් පහළවූවාය. එහෙත් තම පෙම්වතා සමග ද ආදරයෙන් කතාබස් කිරීමට ඇය අමතක කළේ නැත.
පසුගිය සතියේ දිනයක ඇය නිවසින් පිටවූයේ නගරයේ පිහිටි පාසලකට යන බව පවසාය. එසේ පැමිණ බස් නැවතුම්පොළේ සිටියදී “ඔයා කොතැනද ඉන්නේ” දුරකතනයෙන් කතා කළ අය විමසා සිටියේය. “මම ඉන්නේ මෙතැන” ඇය තමා සිටින තැනත් තමා හඳුනා ගැනීමේ සලකුණුත් පැවසුවාය. විනාඩි කිහිපයක් ඇතුළත ආගන්තුක කුරුල්ලා ඇය වෙත පියඹා ආවේය. දෙදෙනා බස් රථයක පිටුපස අසුනේ තුරුළු වී සිටියහ.
පැය එකහමාරක පමණ ගමනකින් පසු ඔවුන් බසයෙන් බැස ත්‍රිරෝද රථයක නැගී නිවසක් වෙත ගියහ. දින දෙකක් පමණ එම නිවසේ සිටි ඇය ආපසු නිවසට පැමිණ තාත්තා සමග පොලිසියට ගොස් පැමිණිල්ලක් කළාය. ඇය කියා සිටියේ තමා බස් නැවතුම් පොළේ සිටියදී තරුණයෙකු බස් රථයක නංවාගෙන ගොස් නිවසක රඳවාගෙන මත්වෙන්නට යමක් දී පිහියක්ද පෙන්වා දූෂණය කළ බවය. අධිකරණ වෛද්‍ය නිලධාරියා ද ඇය දූෂණය වී ඇති බවට වාර්තා කළේය.
තම පෙම්වතියගේ ප්‍රේමය සත්‍ය ප්‍රේමයක්දැයි බැලීමට පෙම්වතාට උවමනා විය. ඒ සඳහා ඔහු උපායක් යෙදුවේය. මිතුරෙකුට ඇයගේ දුරකතන අංකය දී “මචං මේකට කතාකරලා බලපන්. දැන් කාලේ කෙල්ලො විශ්වාස කරන්න බෑ බං” කීවේය. මිතුරා ද ඔහු ඉදිරිපිට දීම දිනක් එම අංකයට කතා කළේය.
එහෙත් පසුව ටිකෙන් ටික ඔහු නැතිවේලාවට දිගටම මිතුරා ඇය හා කතා කළේය. ඇය ද එසේ කතා කිරීමට කැමති වූවාය.
පසුව ඔහු මුළු හදින්ම ඇයට පෙම්කොට මිතුරාට ද කොකා පෙන්වා ඇය සමග මධුසමය ගතකර ඇත. ඇය පොලිසියට සහ නිවසේ අයට පවසා ඇත්තේ අසත්‍ය බවද අනාවරණය විය දැන් ඇයට ඔහු ද නැත.
(උණවටුන - ඩී.ජී. සුගතපාල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටු වෙන්න එපා. වෙන හොඳ කෙනෙක් හොයාගන්න (නි)
මෝඩ කොල්ලෙක්. ඔයවගේ කෙල්ලන්ට මොකට ආදරේ කරනවද ? (හේ)
දැන් කාලේ කාන්තාවන් විස්වාස කරන්න බෑ. පිරිමිත් එහෙම තමයි,(හේ)
මාර වැඩ තමයි වෙන්නේ දැන්.(හේ)
මෑන් වැරදි විදියටයි ගෑණු ළමයව පරීක්ෂා කළේ. කසාද බන්දලම යාලුවට දුන්නා නම් හොඳ නරක කියල දේවි. (බ)
අනේ හැබෑට මෙහෙමත් චපල ගැහැණු! (නි)
මට නම් හිතෙන්නේ මේ තරුණයා සතුටු වෙන්න ඕනෑ ලොකු කාලයක් නොගිහින් තමන්ට ඉතා ආදරේ යැයි සිතූ පෙම්වතියගේත්, තමන්ට ඉතා විශ්වාසවන්ත යැයි සිතා සිටි මිතුරාගේත් වෙස් මුහුණු ගැළවිච්ච එකට. මේවා හැමෝටම හොඳ පාඩම්. ළඟින් සිටි පමණින්, කරට අත දැමූ පමණින්, ආදරය යැයි කියූ පමණින් කවුරුත් හොඳ පුද්ගලයන් නොවෙති. පමණට වඩා විශ්වාසය විනාශයට මුලය. (නි)
අවුරුදු විසි ගණන්වල දුරදිග නොබලා කරන අනුවණ ක්‍රියා වල වන්දි ගෙවන්න වෙන්නේ, ඒවා ගැන පසුතැවිලි වෙන්න සිදුවන්නේ වයස තිහ එහෙම පහුවුණාට පස්සේ. සෑම ක්‍රියාවකටම ඊට සමාන වූ ප්‍රතික්‍රියාවක් ඇත. (නි)
මගේ අම්මෝ රුපවතියේ බලන් ගියාම ඔයත් බුරු හත් දෙනක්ගේ වයසක කෙනෙක්නෙ , ඕව ඔහොම තමයි රුපවති අක්කේ අද කාලේ කෙල්ලන්ට ඕව ගැන ඒ හැටි ගානක් හෙට හෙට තව එකෙක් අල්ල ගනියි , අද කාලේ කොල්ලොත් මෙලෝ රහක් නැහැ අක්කේ පොත්ත සුදු කෙල්ලෙක් ටිකක් ඇඹරිලා කට කොනකින් හිනා වුනාද ඉතින් පස්සේ වැටෙනවා (බ)
සුභ සහ යස වගේ.(ම)
අපේ කාලේ අපි අධ්‍යාපනය ලැබුවේ පරිසරය සහ සමාජයත් සමග එකට ගැටෙමින් ... අද කාලේ ළමයින්ට ඇත්තේ පොත පත අධ්‍යාපනය පමණි සමාජ දැනුම නැති බැවින් ..ඇසුරු සැනින් ..හැගීම් සමග වහල්වී මුළු අනාගතේම අදුරු අගාධයකට තමන්විසින්ම ..තල්ලු කර දමනේ? ඒ සමාජ දැනුම නැති ..මෝඩයින් පිරිසක් රටේ ජීවත්වෙන නිසයි ..? (බ)
මුල් පෙම්වතා වැදගත් කමට නොකර හිටපු දේ වෙන කෙනෙක් ලවා ඉටු කරගෙන...ඔන්න ඕකයි ඇත්ත...(බ)
කොහේ වෙන හොඳ අය හොයන්නද? (නි)
පතිවෘත්තාව දැන් මෙච්චර ලාබවෙලාද? (නි)
මේ වගේ අයද දැන් විශ්ව විද්‍යාලයට යන්නේ? හපොයි රටේ අනාගතය. (බ)
ඕව මොනවද මම දන්නා කෙනෙක් ඉන්නවා එයාගේ දුවගේ හොදම යාලුවත් එක්ක යාළුවෙලා එයාව බදින්න වුන කෙනෙක් එයාගේ පළමු බිරිද වෙන්වෙලා මේ ළමයා බදින්න දුන්නා දැන් ගෑනු දෙන්නම එකම ගෙදර තියන් ඉන්නේ මේ ළමය මේ පාර ඒ ලෙවල් කරනවා මේ ළමය ලොකුයි
ඕවා මොනවද? මට මගේ යාලුවෙකුට එයාගෙ දුවටත් වැඩිය බාල කෙල්ලෙක් බඳින්න වුණා ෆොන් එකෙන් සෙට් වෙලා... එතකොට එයාගෙ බිරිඳ එයාව අතහැරලා ගිහිං හිටියේ...