එක්තරා තරුණයකු පැමිණිල්ලක් කිරීමට පොලිසියට ගියේය. ඔහු ගියේ යතුරුපැදියෙනි. එය පොලිසිය ඉදිරිපිට නවතා ඔහු හිස් වැසුමද පොලිසිය තුළට රැගෙන ගියේ එය යාලූවෙකුගෙන් ඉල්ලා ගත් එකක් නිසාය. තරුණයා හිස් වැසුම පසෙක තබා පැමිණිල්ල ඉදිරිපත් කරන්නට විය. ටික වේලාවක් යනවිට එතැනට පැමිණි පොලිස් නිලධාරියකු හිස්වැසුම දෙස හොඳට බලා ”හා බඩු ළඟටම ඇවිල්ලා” කියමින් තරුණයාට දෙකක් ඇන්නේය. හිස් වැසුම මේ පොලිස් නිලධාරියාගේය. එය මෙයට දින කිහිපයකට පෙර කිසිවකු විසින් සොරකම් කර තිබිණ. පොලිස් නිලධාරියා සිතුවේ හිස්වැසුම සොරකම් කර ඇත්තේ මේ තරුණයා විසින් බවය. එහෙත් තරුණයා දිවුරා කිව්වේ මෙය තමා සොරකම් නොකළ අතර යාලූවෙකුගෙන් ඉල්ලා ගෙන පැමිණි බවය. මෙය තමා සොරකම් කළා නම් පොලිසියට ගෙන නොඑන බවද ඔහු කීවේය. ඒ කිසිවක් ගණනකට නොගත් පොලිස් නිලධාරියා රුපියල් දහසක් වටිනා ආරක්‍ෂිත හිස් වැස්මක් සොරකම් කිරීම සම්බන්ධයෙන් එම අවස්ථාවේම තරුණයාට විරුද්ධව පැමිණිල්ලක් සටහන් කළේය. පසුව පොලිසිය විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ හිස්වැසුම ඔහුට දුන් බව කියන තරුණයා ද අධිකරණයට ඉදිරිපත් විය. දෙදෙනාම රුපියල් දහස බැගින් වූ මුදල් ඇප මත මුදා හැරීමට ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් යූ.එස්. කලංසූරිය මහතා නියෝග කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියක් නැති රටේ මොන කතාද (දී)
දැන් හැමෝම බණින්නේ පොලිසියට. ඇයි මේ දෙන්නට උසාවියෙන් දඩ ගහන එක වැරැද්දක්ද? (නි)
මම මේ දන්නෙ නැති නිසයි අහන්නෙ. පොලිස් නිළධාරියෙක් අපිට පහර දෙන විට ආත්ම ආරක්ෂාව සදහා අපටත් පෙරළා පහර දීමේ හැකියාවක් නැතිද?????????? (ස)
පුදුම වෙන්න කිසිම දෙයක් නැහැ. එයාලා දන්න හොඳම විදියට තමයි ඔය ප්‍රශ්නය විසඳලා තියෙන්නෙ. ඔයින් බේරුනා ඇති. (නි)
මිනිහා පෙර කළ පවක් පටිසන් දෙන්න ඇති. (නි)
අපේ පොලිසියේ මහත්තුරු මීට වැඩිය හොදින් කටයුතු කළා නම් කොච්චර හොදද? (නි)
උසාවිත් එකයි පොලොසියත් එකයි ...... (නි)
පුලුවන් සුනිල්. හැබැයි අරයගේ පුතාට විතරමයි. (නි)
නීතිය බල්ලට ගිහින්.පොඩි මිනිස්සුන්ට විතරයි දඩුවම්. (නි)
සාමාන්‍ය දැනීම 0 යි. ඒ ළමය හොරකම කලානන් ඒකත් අරගෙන පොලීසි එනවද?. එහෙම දෙයක්වත් තේරුම්ගන්න බැරි පොලීසියක් ගැන කුමන කතාද? (ස)
අයියෝ සල්ලි
බූරු ගැහුවත් එකයි. බූරු ගහනවා බලාගෙන හිටියත් එකයි. ඒ නිසා කරන්න දෙයක් නැහැ. (නි)
අයියෝ මොනවද මේ? (නි)
ඔය මොනවා කිවුවත් ලංකාවෙ ඉන්න අයියලාට ගැළපෙන්නෙ ඔය ක්‍රමවේදයම තමයි කියලයි මට නම් හිතෙන්නෙ. සුද්දා වගේ ලතාවට ප්‍රශ්න කරන්න තිබ්බා ලංකාවෙ මිනිස්සුත් සුද්දන් වගේ හැදිච්ච උන් වුණා නම්. අපේ රටටත් වඩා දරුණු පොලිසියක් ඉන්නවා ඉන්දියාවෙ. ඒ අපේ රටටත් වඩා දරුණු මිනිස්සු එහෙ ඉන්න නිසයි. (නි)
රාළහාමිගේ හිස්වැසුම කියලා කොහොමද ඔප්පු කරන්නේ? (නි)
ඕක තමයි කියන්නේ පිස්සොත් එක්ක ජිල් බෝල් ගහන්න යන්න එපා කියලා (ස)
සුනිල්, පොලිස් නිලධාරියෙක් ඔබට ගැසීමට හෝ ඔබට පොලිස් නිලධාරියෙකුට ගැසීමට නීතියෙන් කිසිදු අවසරයක් නැත. පොලිස් නිලධාරියෙක් ඔබට ගැසුවොත් ඒ පොලිස් නිලධාරියාට විරුද්ධව ඔබට නඩු දැමීමට නීතියෙන් අවසර ඇත.මෙයට වඩා කෙටි හෝ නිවරැදි පිළිතුරක් ඇතොත් ලංකාදීපය කියවන නීතිඥවරයෙකුගෙන් එය මමද දැනගැනීමට කැමත්තෙමි. (නි)
මෙයාලගේ ඔක්කොම සද්ද අහිංසක මිනිස්සු ඉස්සරහා තමයි (ස)
හරි පුදුම වැඩක්නේ (ස)
ඔන්න ඕකතමයි කියන්නේ තමන් ළග නැති දෙයක් අනුන‍්ගෙන් ඉල්ලද්දී ඇත්ත කතා කරලා කරන්න කියලා. (නි)
වැරදි කාරයෙක් හෝ නිවැරදි කාරයෙක් හෝ වේවා පළමුව වැරැද්දේ සුල මුල සොයා පසුව වැරදි කරුට දඩුවම් දෙන්න...පොලිස්පති .තුමාගේ අවධානය පිණිසයි (ස)
දෙයියන්ගෙන්ම ලැබුණු සාක්කියක් හෙල්මට් හොරාට (ස)
යකාගේ පොලිසීයක්නේ බොලේ (ස)
එයාලට බරිනම් තමන්ගේ හෙල්මට් එක පරිස්සම් කරන්න අපිට මොන කතාද ?? (ස)
පිස්සු පොලිස් කියන්නෙ නිකන්ද.......... (ස)
කිසිම සැක කරුවෙකුට දඬුවම් දෙන්න බෑ වැරැද්ද ඔප්පු කරනකම්. (ස)
අපේ පොලීසිය වැඩ පටන් ගන්නෙම දෙකක් ඇනලයි. ඒ නිසා වැදගත් මනුස්සයෙකුට ඕකට යන්න උනොත් අඳුනන කෙනෙක් මාර්ගෙන් යන්න වෙන්නේ.මෙය වෙනස් විය යුතුයි නේද? (ස)
ඕකෙන් පේන්නේ රටේ නීතිය හා පොලීසියේ හොඳ කම.අහක ඉන්න අසරණයන්වත් හොරුන් විදියට හන්වඩු ගහන කුඩු කාරයෝ (ස)
මෙය මුළු මුනින්ම බලය අයුතු ලෙස භාවිතා කිරීමක් (ස)
මේකෙන් පේන්නේ නිලධාරීන්ගේ විනයක් නැති කම හා මෝඩ කමයි (ස)
ලාභෙට ලැබෙන දේවල් ගන්න හොඳ නෑ..හුඟක් දේවල් හොර බඩු (ස)
මම හිතන්නේ මේ ගොල්ලොන්ට වෙනම පුහුණුවක් දෙන්න ඕන ඉවසීමෙන් වැඩ කිරීම පිළිබඳ. (ස)
ඔන්න ලංකාවේ අපේ පොලීසිය (ස)
ඒකත් කාගෙන් හරි ගත්ත එකක්ද දන්නේ නෑ (ස)
මේක ඉතින් ලංකාවනේ (ස)
සරා ගොයියාගේ කතාව වගේ. (නි)