IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


යාළුවාගේ හෙල්මටය පොලිසියට ගෙනැවිත් ජංජාලයක්

එක්තරා තරුණයකු පැමිණිල්ලක් කිරීමට පොලිසියට ගියේය. ඔහු ගියේ යතුරුපැදියෙනි. එය පොලිසිය ඉදිරිපිට නවතා ඔහු හිස් වැසුමද පොලිසිය තුළට රැගෙන ගියේ එය යාලූවෙකුගෙන් ඉල්ලා ගත් එකක් නිසාය. තරුණයා හිස් වැසුම පසෙක තබා පැමිණිල්ල ඉදිරිපත් කරන්නට විය. ටික වේලාවක් යනවිට එතැනට පැමිණි පොලිස් නිලධාරියකු හිස්වැසුම දෙස හොඳට බලා ”හා බඩු ළඟටම ඇවිල්ලා” කියමින් තරුණයාට දෙකක් ඇන්නේය. හිස් වැසුම මේ පොලිස් නිලධාරියාගේය. එය මෙයට දින කිහිපයකට පෙර කිසිවකු විසින් සොරකම් කර තිබිණ. පොලිස් නිලධාරියා සිතුවේ හිස්වැසුම සොරකම් කර ඇත්තේ මේ තරුණයා විසින් බවය. එහෙත් තරුණයා දිවුරා කිව්වේ මෙය තමා සොරකම් නොකළ අතර යාලූවෙකුගෙන් ඉල්ලා ගෙන පැමිණි බවය. මෙය තමා සොරකම් කළා නම් පොලිසියට ගෙන නොඑන බවද ඔහු කීවේය. ඒ කිසිවක් ගණනකට නොගත් පොලිස් නිලධාරියා රුපියල් දහසක් වටිනා ආරක්‍ෂිත හිස් වැස්මක් සොරකම් කිරීම සම්බන්ධයෙන් එම අවස්ථාවේම තරුණයාට විරුද්ධව පැමිණිල්ලක් සටහන් කළේය. පසුව පොලිසිය විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ හිස්වැසුම ඔහුට දුන් බව කියන තරුණයා ද අධිකරණයට ඉදිරිපත් විය. දෙදෙනාම රුපියල් දහස බැගින් වූ මුදල් ඇප මත මුදා හැරීමට ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් යූ.එස්. කලංසූරිය මහතා නියෝග කළේය.



අදහස් (0)

යාළුවාගේ හෙල්මටය පොලිසියට ගෙනැවිත් ජංජාලයක්

සිල්වා Wednesday, 24 October 2012 01:47 PM

මේකෙන් පේන්නේ නිලධාරීන්ගේ විනයක් නැති කම හා මෝඩ කමයි (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 02:07 PM

ලාභෙට ලැබෙන දේවල් ගන්න හොඳ නෑ..හුඟක් දේවල් හොර බඩු (ස)

:       0       0

නදීෂා Thursday, 25 October 2012 10:11 AM

නීතිය බල්ලට ගිහින්.පොඩි මිනිස්සුන්ට විතරයි දඩුවම්. (නි)

:       0       0

රමිල Wednesday, 24 October 2012 02:41 PM

මම හිතන්නේ මේ ගොල්ලොන්ට වෙනම පුහුණුවක් දෙන්න ඕන ඉවසීමෙන් වැඩ කිරීම පිළිබඳ. (ස)

:       0       0

උදිත් Wednesday, 24 October 2012 02:41 PM

ඔන්න ලංකාවේ අපේ පොලීසිය (ස)

:       0       0

අරුණ Wednesday, 24 October 2012 02:43 PM

ඒකත් කාගෙන් හරි ගත්ත එකක්ද දන්නේ නෑ (ස)

:       0       0

සිල්වා Wednesday, 24 October 2012 08:31 PM

පුලුවන් සුනිල්. හැබැයි අරයගේ පුතාට විතරමයි. (නි)

:       0       0

අචින්ත Wednesday, 24 October 2012 03:24 PM

මේක ඉතින් ලංකාවනේ (ස)

:       0       0

සුසන්ත Thursday, 25 October 2012 03:39 PM

අයියෝ සල්ලි

:       0       0

බන්දුල Thursday, 25 October 2012 03:49 PM

බූරු ගැහුවත් එකයි. බූරු ගහනවා බලාගෙන හිටියත් එකයි. ඒ නිසා කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ගාමිණි Thursday, 25 October 2012 04:05 PM

අයියෝ මොනවද මේ? (නි)

:       0       0

හේමන්ත Wednesday, 24 October 2012 03:52 PM

සරා ගොයියාගේ කතාව වගේ. (නි)

:       0       0

රාජා Wednesday, 24 October 2012 03:57 PM

සාමාන්‍ය දැනීම 0 යි. ඒ ළමය හොරකම කලානන් ඒකත් අරගෙන පොලීසි එනවද?. එහෙම දෙයක්වත් තේරුම්ගන්න බැරි පොලීසියක් ගැන කුමන කතාද? (ස)

:       0       0

වරුණ Wednesday, 24 October 2012 10:13 AM

ඕකෙන් පේන්නේ රටේ නීතිය හා පොලීසියේ හොඳ කම.අහක ඉන්න අසරණයන්වත් හොරුන් විදියට හන්වඩු ගහන කුඩු කාරයෝ (ස)

:       0       0

නිලූ Wednesday, 24 October 2012 04:02 PM

දැන් හැමෝම බණින්නේ පොලිසියට. ඇයි මේ දෙන්නට උසාවියෙන් දඩ ගහන එක වැරැද්දක්ද? (නි)

:       0       0

ෂිෆා Thursday, 25 October 2012 10:28 PM

රාළහාමිගේ හිස්වැසුම කියලා කොහොමද ඔප්පු කරන්නේ? (නි)

:       0       0

දයා-සවුදි Wednesday, 24 October 2012 10:08 AM

ඔන්න ඕකතමයි කියන්නේ තමන් ළග නැති දෙයක් අනුන‍්ගෙන් ඉල්ලද්දී ඇත්ත කතා කරලා කරන්න කියලා. (නි)

:       0       0

සුනිල් Wednesday, 24 October 2012 04:18 PM

මම මේ දන්නෙ නැති නිසයි අහන්නෙ. පොලිස් නිළධාරියෙක් අපිට පහර දෙන විට ආත්ම ආරක්ෂාව සදහා අපටත් පෙරළා පහර දීමේ හැකියාවක් නැතිද?????????? (ස)

:       0       0

හිනා හිනා Thursday, 25 October 2012 01:15 PM

නීතියක් නැති රටේ මොන කතාද (දී)

:       0       0

වසන්ත Wednesday, 24 October 2012 11:12 AM

වැරදි කාරයෙක් හෝ නිවැරදි කාරයෙක් හෝ වේවා පළමුව වැරැද්දේ සුල මුල සොයා පසුව වැරදි කරුට දඩුවම් දෙන්න...පොලිස්පති .තුමාගේ අවධානය පිණිසයි (ස)

:       0       0

විපුල් Sunday, 28 October 2012 04:12 PM

මෙයාලගේ ඔක්කොම සද්ද අහිංසක මිනිස්සු ඉස්සරහා තමයි (ස)

:       0       0

හසිත් Wednesday, 24 October 2012 11:26 AM

දෙයියන්ගෙන්ම ලැබුණු සාක්කියක් හෙල්මට් හොරාට (ස)

:       0       0

චින්තක Wednesday, 24 October 2012 11:41 AM

යකාගේ පොලිසීයක්නේ බොලේ (ස)

:       0       0

ප්‍රවීන් Wednesday, 24 October 2012 12:26 PM

එයාලට බරිනම් තමන්ගේ හෙල්මට් එක පරිස්සම් කරන්න අපිට මොන කතාද ?? (ස)

:       0       0

රකිත Wednesday, 24 October 2012 12:27 PM

පිස්සු පොලිස් කියන්නෙ නිකන්ද.......... (ස)

:       0       0

තිලංක Wednesday, 24 October 2012 05:25 PM

පුදුම වෙන්න කිසිම දෙයක් නැහැ. එයාලා දන්න හොඳම විදියට තමයි ඔය ප්‍රශ්නය විසඳලා තියෙන්නෙ. ඔයින් බේරුනා ඇති. (නි)

:       0       0

හසිත Wednesday, 24 October 2012 05:41 PM

මිනිහා පෙර කළ පවක් පටිසන් දෙන්න ඇති. (නි)

:       0       0

සන්ජීව Friday, 26 October 2012 03:19 PM

ඕක තමයි කියන්නේ පිස්සොත් එක්ක ජිල් බෝල් ගහන්න යන්න එපා කියලා (ස)

:       0       0

වරුණ Thursday, 25 October 2012 06:23 PM

ඔය මොනවා කිවුවත් ලංකාවෙ ඉන්න අයියලාට ගැළපෙන්නෙ ඔය ක්‍රමවේදයම තමයි කියලයි මට නම් හිතෙන්නෙ. සුද්දා වගේ ලතාවට ප්‍රශ්න කරන්න තිබ්බා ලංකාවෙ මිනිස්සුත් සුද්දන් වගේ හැදිච්ච උන් වුණා නම්. අපේ රටටත් වඩා දරුණු පොලිසියක් ඉන්නවා ඉන්දියාවෙ. ඒ අපේ රටටත් වඩා දරුණු මිනිස්සු එහෙ ඉන්න නිසයි. (නි)

:       0       0

ජයී තිසර Saturday, 27 October 2012 03:03 AM

සුනිල්, පොලිස් නිලධාරියෙක් ඔබට ගැසීමට හෝ ඔබට පොලිස් නිලධාරියෙකුට ගැසීමට නීතියෙන් කිසිදු අවසරයක් නැත. පොලිස් නිලධාරියෙක් ඔබට ගැසුවොත් ඒ පොලිස් නිලධාරියාට විරුද්ධව ඔබට නඩු දැමීමට නීතියෙන් අවසර ඇත.මෙයට වඩා කෙටි හෝ නිවරැදි පිළිතුරක් ඇතොත් ලංකාදීපය කියවන නීතිඥවරයෙකුගෙන් එය මමද දැනගැනීමට කැමත්තෙමි. (නි)

:       0       0

ගීතා Wednesday, 24 October 2012 01:23 PM

කිසිම සැක කරුවෙකුට දඬුවම් දෙන්න බෑ වැරැද්ද ඔප්පු කරනකම්. (ස)

:       0       0

ගීතා Wednesday, 24 October 2012 01:26 PM

අපේ පොලීසිය වැඩ පටන් ගන්නෙම දෙකක් ඇනලයි. ඒ නිසා වැදගත් මනුස්සයෙකුට ඕකට යන්න උනොත් අඳුනන කෙනෙක් මාර්ගෙන් යන්න වෙන්නේ.මෙය වෙනස් විය යුතුයි නේද? (ස)

:       0       0

අමරා Wednesday, 24 October 2012 06:30 PM

අපේ පොලිසියේ මහත්තුරු මීට වැඩිය හොදින් කටයුතු කළා නම් කොච්චර හොදද? (නි)

:       0       0

දීපිකා Wednesday, 24 October 2012 01:40 PM

හරි පුදුම වැඩක්නේ (ස)

:       0       0

නිරාන් Wednesday, 24 October 2012 01:42 PM

මෙය මුළු මුනින්ම බලය අයුතු ලෙස භාවිතා කිරීමක් (ස)

:       0       0

මංජු Wednesday, 24 October 2012 06:44 PM

උසාවිත් එකයි පොලොසියත් එකයි ...... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 770 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 749 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2161 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 759 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 975 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 362 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 120 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 270 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 881 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site