රථවාහන වරදක් සම්බන්ධයෙන් රුපියල් දෙදහස් පන්සියයක දඩයක් ගෙවන්නට සිදුවන නඩුවකින් බේරෙන්නට දේශපාලක ලේකම්වරයකුගේ සහාය පැතූ තරුණයකුට ලේකම්වරයා ඇතුළු පිරිස මධුවිතෙන් සන්තර්පණය කරන්නට රුපියල් දහ හතර දහසක් වැය කරන්නට සිදුවීමේ පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවේ.
පුංචි පහේ ස්වයං රැකියාවක නිරත තරුණයෙකි. දේශපාලකයකුගේ ලේකම්වරයකු දැන හැඳිනගත්තේ ස්වයං රැුකියා ආධාර ලබාගැනීමට ගිය අවස්ථාවකදීය. ආධාර මුදලක් ලැබුණේ ඔහුගේ සුදුසුකම් නිසාය. නමුත් එය ලේකම්වරයාගේ මැදිහත්වීම මත ලබාදුන් බවට ලේකම්වරයා තරුණයාට ඇඟවූයේය. ‘‘ ඕනෑම අවස්ථාවක ඕනෑම උදවුවක් ඉල්ලන්න. මම කරලා දෙනවාමයි’’. මේ ලේකම්වරයා තරුණයාට සපථ කළේය.
රිය බලපතක් නැති මේ තරුණයා යතුරුපැදියේ යද්දී පොලීසියට අසුවිය. දඩ පති‍්‍රකාවක් ලියවිණි. ඔහුට සිහිවුණේ ලේකම් මිතුරාය. දුරකථන ඇමැතුමක් දුන්නේ සිදුවූ විපත කියමිනි. වැටලීම කළ පොලිස් නිලධාරියාගේ නම හා අංකය ද දැනගත් ලේකම්වරයා එදිනම සවස් යාමයේ ප‍්‍රදේශයේ හෝටලයක් අසලදී හමුවන ලෙසට තරුණයාට උපදෙස් දුන්නේය.
තම ව්‍යාපාරයේ දවසේ ආදායම එක්රැස් කරගෙන එන අතර ඔහු ලේකම්වරයා කී කොළඹ මහනුවර මාර්ගය අයිනේ පිහිටි හෝටලය අසලට ගියේය. දහවල් වැටලීම කළ පොලිස් නිලධාරියා සමග ලේකම්වරයා එහි සිටියේ තවත් මිතුරන් කීප දෙනකු සමගය.
”මල්ලී ඔයාගේ වැඬේ හරි. මම සාජන් මහත්තයා එක්ක කතා කළා. බය වෙන්න එපා. ” ලේකම්වරයා තරුණයාට දැන්වීය. පොලිස් නිලධාරියා එය සහතික කරන අන්දමින් හිස සෙලවූයෙන් තරුණයා ඒ බව විශ්වාස කළේය. දඩ පති‍්‍රකාව ඉරා දැමීමට පොලිස් නිලධාරියා කාරුණික විය.
‘‘එහෙනම් අපි මොනවා හරි කරමු’’. ලේකම්වරයා තරුණයාට යෝජනා කළේය. කිසිත් කර කියා ගත දෙයක් නොවූ තරුණයා ඊට එකඟවිය. හය දෙනකුගෙන් සමන්විතවූ පිරිස එකින් එක බෝතලය බැගින් හිස් කරන්නට වූයේ කටගැස්ම පීරිසියෙන් පීරිසිය අලූත් වෙද්දීය. හෝරා දෙක තුනක් ගත වෙද්දී සැර බෝතල පහකට වග කියන්නට මේ පිරිස සමත්විය. අවසානයේ රාති‍්‍ර ආහාරය ද ඇණවුම් කෙරිණි. අමද්‍යපයකු වූ තරුණයා ඇල්වතුර වීදුරුවකින් ගත සතපා ගෙන අවසානයේ බිල ගෙවීය. එය රුපියල් දහ හතර දහස ඉක්මවා තිබිණි.
අනේ මං වගේ මෝඩයෙක්. දඬේ ගෙව්වා නම් මට මෙච්චර අමාරුවක් වෙන්නේ නැහැ නේද?. තම මිතුරකුට කී මේ තරුණයා තම ස්වයං රැුකියාව යළි ඉදිරියට ගෙන යන්නට මුදල් සොයන්නට ණය මුදලක් ලබාගැනීම සදහා කටයුතු කරමින් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑ නෑ මේකේ හොඳ පැත්ත තමයි පොලිස් පොතේ නම නැති වීම. මටම හිනා. (ස)
ලයිසන් නැතිව රිය පැදවීමට දඩය 2500/=??? මෙවැනි යල් පැනගිය නීති නිසා තමයි ලයිසන් නැතුව යන්නේ කිසි බයක් නැතිව. (නි)
කොල්ලට තිබුනේ මෙන්න මගේ ළඟ තියෙන්නේ 2500/= කියල එක දීල එන්න ...පව් අසරණය (ත)
මේක තමයි ශ්‍රී ලංකාවේ යතාර්තය. (නි)
පොලිස් සහ දේශපාලන අයට කවදාහරි ඕවා වමාරන දවසක් එයි (නි)
අනේ මෝඩ කොල්ලා..ලේකම්ටත් ,සාජන්ටත් බිල ගෙවා ගන්න කියල හෙමින් මාරුවේන්නනේ තිබුනේ ! (ස)
දෙසපලකයන්ගේ හෙන්චයියලා එක්ක යන අයට ඔහොම උනාට කමක් නැහැ.(නදී)
ලොකු අය සමග (අපට නොගැලපෙන) කරන ගනුදෙනුවල අවසානය මෙයයි. (ස)
දිනක් දඩය වශයෙන් රු 500 ගෙවනු වෙනුවට රාළහාමි මට කීවේ පෙට්‍රල් ලීටර 5 ක් ගසන ලෙසය. එකල ලීටරයක මිල රු 125 වූ නිසා මා ඔහුට කිවේ දඩ කොලය දෙන ලෙසය.(නදී)
ඊයේ පෙරේදා ගහක් කපලා අර ගහට යටවෙලා මලෙත් ඔන්න ඔය කියනවා වගේ පොලිසියේ හාදයෙක්ලු.(නදී)
මේ වගේ මෝඩ වැඩකරන බොහොම මිනිස්සු ඉන්නවා. රුපියල් 1000. දඩය බේරගන්න රුපියල් 4000ක විස්කි බෝතලයක් පොලිස් නිලධාරින්ට දෙනවා. මේ බව කියන්නේ පොලිස් නිලධාරින්මයි (නි)
අහිංසකයන්ගේ සල්ලි වලින් කන ඒවා දිරවන්නෙ නැහැ. මේ වගේ එක්කෙනෙක් නිසා මුලු පොලීසියේම ගෞරවය නැති වෙනවා. ඔහෙලා බිව්වේ අර අහිංසකයගේ දරු පැටවුන්ට කන්න දෙන්න වියදම් කරන්න තිබුන සල්ලි වෙන්න පුලුවන්. සල්ලි නැද්ද වියදම් කරගෙන බොන්න? ලැජ්ජයි. (නි)
කෙටි පාරවල්වලින් යන්න හදන අයට ඔහොම වෙනවා.(ස)
මගේ යාලුවෙකුටත් මෙහෙ එහෙම වෙන්න ගිහින් පොලීසිය ලග.. දැන් මල් පෝච්චි 5ක් තියනවා. “නයා ගේ පරිත්‍යාගයකි“ කියලා.. සමහර වෙලාවට අපි ඒකත් මතක් කරනවා.. හි හි...(ස)
ලයිසන් ගන්නවත් ඔච්චර මුදලක් යන එකක් නැහැ. ලේකම් තුමාටම කියල ඉස්සෙල්ලා වගේම ණයක් ගන්නයි තියෙන්නේ.(ස)
අදෝමැයි. (ස)
ඔය පොලිස් කාරයා ආයෙම ඔය කොල්ලව අල්ලනවා. තවත් දත් ගලවන්න පුළුවන් කියලා හිතාගෙන.(නදී)
මල්ලියේ නරක මිතුරන් හමු වන්න එපා...(ස)
මීට සමාන උගුල්වලට අහුවුන කීපදෙනෙක් ගැන මම දන්නව. මතක තියාගන්න, ඔබ අහුවුන කට්ටියේ හැටියට ඔය තරමින් බේරුනා ඇති. (නි)
අසරණයන්ගෙන් මෙහෙම ගසාකන සමාජ දුෂකයන්ට පාචනය කොළරාව වත් හැදෙන්නේ නැහැනේ.හැබැයි පෙනහළු නම් දිය වෙනවලු. (නි)