(මීරිගම විශේෂ – පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රෑ කෑමට පාන් ගෙඩි දෙකක් කිලෝමීටරයක් දුරින් පිහිටි බේකරියකින් ගෙන්වා ගැනීමට රුපියල් පන්සියයක් වියදම් කරන්නට සිදුවූ පුවතක් පසුගියදා නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.
රටම දන්නා වියතෙකුගේ නිවහනකි. රාත්‍රී ආහාර වේලට පාන් කමුයැයි යෝජනාවක් කෙරිණි. දින ගණනාවක් තිස්සේ බතින් පමණක් සප්පායම්වන්නට සිදුවීම නිසා දෙමහල්ලෝ මේ තීරණය ගත්තේ ඒකමතිකවය.
ඒ අනුව ප්‍රදේශයේ නමගිය බේකරියකට ඇමතුමක් ලබාදී පාන් රාත්තලක් ලබාගැනීමට අවශ්‍ය බව දැන්විය. එවිට කියවුණේ එක් පාන් ගෙඩියක් වෙනුවෙන් තම ජංගම රථය එවන්නට බැරි බවය. අඩු තරමේ පාන් ගෙඩි දෙකක්වත් ගන්නේ නම් එවිය හැකි
බවත්ය.
ඒ අනුව මේ වියතා පාන් රාත්තල් දෙකක් ඇණවුම් කළේ එකක් පසුදා උදේ ආහාරයට ගන්නා අදහස ඇතිවය. ඇණවුම පරිදි ත්‍රිරෝද රියක් පැමිණියේය. පාන් ගෙඩි දෙක සමග බිල්පතක් ද විය. පාන් ගෙඩියක් රුපියල් එකසිය පනහ ගානේ දෙකට රුපියල් තුන්සියයකි. ප්‍රවාහන ගාස්තුව සමග මුළු මුදල රුපියල් පන්සියයක් බව එහි දැක්විණි.
කිසිවක් කරකියා ගත නොහැකි වූ මේ වියතා තමන් ගැටයකට අහුවුණු බව තේරුම් ගත්තේය. කිසිත් නොදොඩා රුපියල් පන්සියය ගෙවනු ලැබීය. ත්‍රිරෝදය ගිය පසුව ඔහු පාන් ගෙඩි දෙක කිරා බැලීය. එහි බර ග්‍රෑම් හයසියයක් තරම් විය. ඇඳිරිය ඉවත් කරන තුරාවට ආයේ නම් පාන් නොකන තීරණයක් ගත් ඔහු පැවසුවේ ප්‍රවාහන ගාස්තුව රුපියල් දෙසියයක් ලබාගැනීම ගැන දුකක් නැති නමුත් රුපියල් එකසිය දහයකට මිල කෙරෙන පාන් ගෙඩි දෙකට රුපියල් තුන්සියයක් අය කිරීම සාධාරණ නැති බවයි.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රෑ කෑමට පාන් ගන්න රුපියල් 500 ක් ගිහින්
kithsiri Thursday, 23 April 2020 04:25 AM
ගැටයක් නෙමෙයි. මේක සාමාන්‍ය ගාන. මාත් එක සැරයක් ගෙන්නාගත්ත... ලොකු සැන්විච් පාන් 2 ට රු.300/-. ට්‍රාන්ස්පෝර්ට් 200/-. ඒ එක්ක තව ස්නැක්ස් ටිකක් ඕඩර් කළා ප්‍රවාහන ගාස්තුව එකම නිසා. ගේන්න කලින් බිල හම්බවෙනවනේ.
thilak Thursday, 23 April 2020 10:39 AM
පාන් රාත්තලේ බර අඩු වීම පිළිබඳව පාරිභෝගික අධිකාරියට පැමිණිලි කල යුතුයි. ලංකාව කිසි දවසක දියුණු රටක් බවට පත් නොවන්නේ මෙවැනි ගසා කන්නන් නිසයි.
lalithm Friday, 24 April 2020 07:41 PM
ලංකාව දියුණු වෙන්නේ නැති හේතු ගොඩක් නිසා. පළමුව කිසිම දෙයක වටිනාකම එකතු කිරීම දන්නේ නැහැ. සේවයකට මිලක් තියෙන්නේ ඕනේ. හැම දෙයක්ම නිකම් දෙනකම් කට ඇරගෙන නියාලු වෙන්නේ නැතිව ස්වාධීන ජීවිතයක් ගෙවන්න පුරුදු වෙනකම් දියුණු වෙන්න බැහැ . පේනවනේ රු.5000/= කට නිවට වෙන ගණන කොච්චරද කියල? පින්බත් කාලම කාලකන්නි වෙලා.