උදේ පාන්දර අගනුවරට ගිය බස් රථය නැවතත් බෝගහ හන්දියේ නැවතුම්පොළට ආවේ මැදියම් රැයට ආසන්න වෙමින් තිබියදීය.
හතරමංහන්දියෙන් බැහැල පයින් යන අවසන් මගියාත් ඉන් බැස ගියේය.
දුම්වැටියක් දල්වාගත් රියැදුරුද බසයෙන් බැස ගියේය. ඉන් අනතුරුව කොන්දොස්තර තවමත් දවසේ ආදායම ගණන් බලමින් බසය ඇතුළේය.
”ඒයි මල්ලි වරෙන් ඊයේ කොටයක් තියෙනවා” ටික වේලාවකින් එළියේ සිටි අයෙක් කොන්දොස්තරට කතා කළේය. ඔහු නැවතුම්පොළේ සගයෙකි.
කොන්දොස්තරගේ මුහුණේ මද සිනාවක් ඇඳුනි. එතැන් සිට පැයක් පමණ ගතවූයේ මධු සාදයටය.
පසුදින රාජකාරි කළ යුතු බැවින් රියැදුරු ඒ වනවිටත් දල්වාගත් දුම්වැටියේ ආලෝකයෙන්ම නිවෙස බලා ගොස් සිටියේය.
පැයකින් පමණ මත්පැන් සාදය නිමවූයෙන් කොන්දොස්තරද හිමින් හිමින් නිවෙස බලා යන්නට විය. මෙසේ යන අතර මග ඈතින් එන වාහනයක් දැක අත යොමු කළේ ගමන්මගට පහසුවක් සකසා ගැනීමටය.
පැමිණියේ පොලිස් නිල රථයකි. අතරමංවූ මගියා දුටු නිලධරයෝද වහා රථයට නංවාගත්තේ අවැසි තැනින් බැස්සවීමටය.
ඉඩ ඇති පරිදි පොලිස් නිලධාරීන් අතරමංවූ මගියාට එසේ පිහිටවූ නමුත් මදදුරක් යද්දී නිලධාරිහු එකිනෙකා මුහුණට මුහුණ බලන්නට වූහ.
එයට හේතුව කොන්දොස්තරගේ මුවින් වහනයවූ මත්පැන් ගඳ සහ ඔහුගේ දෑස්වල තිබූ වෙරි ගතියයි. ගතවූයේ තවත් සුළු මොහොතකි. කොන්දොස්තරට දුරකතන ඇමතුමක් ආවේය.
ඒ මිතුරකුගෙනි.
ඊට පිළිතුරු දී දුරකථනය විසන්ධි කළා පමණි.
කෝ මෙහාට දෙන්න බලන්න ඕක එක් නිලධාරියෙක් දුරකථනය ඉල්ලා ගත්තේය.
තවත් මොහොතකින් රථයේ සිටි උසස් නිලධාරියාට දුරකථනය යොමු කළේය.
ගෙදර යන්න ගිය කොන්දොස්තරට නතර වන්න වූයේ පොලිස් කූඩුවේය.
එය මීගහතැන්න පොලිසියයි.
ජංගම දුරකථනය තුළ අසැබි දර්ශන ගබඩා කර තබා ගැනීමේ වරදට පසුදින කොන්දොස්තර තැනට උසාවි යාමට සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජංගම දුරකථනය පුද්ගලික දෙයක්. ඒකේ තිබෙන දේවල් ප්‍රසිද්ධියේ කෙනෙකුට පෙන්වනවා හෝ අඩු වයසේ ළමයින්ට පෙන්වනවා හෝ වෙනත් කෙනෙකුගේ කැමැත්ත නැතිව කෙටි පණිවිඩයක් මගින් යැවීම නීති විරෝධී වියහැකියි. (දිල්)
සෑම් අපි දන්නා නීතියට වැඩිය දෙයක් ඔය පොලිසියේ මහත්වරු හිතු මතේට පාවිච්චි කරනවා හිටපු ගමන්. ඔය ප්‍රශ්නෙත් ඒවගේ දෙයක්. කොන්දොස්තරත් මත නිසාත් අනවශ්‍ය දේ දුරකතනයේ තබා ගත් නිසාත් දඩුවන් ලැබීමට සුදුසුයි.(නදී)
කාගෙවත් ජංගම දුරකථනය බලෙන් ඉල්ලගෙන බලන්න පොලීසියට අයිතියක් තිබෙනවද? (නදී)
අන්තිම පේලියේ තමයි කතාව තියෙන්නේ (දී)
අන්තර්ජාලයත් තහනම්ද? (දී)
පොලිසිය කරන්නේ ඔය වගේ අහිංසක මිනිස්සුන්ට තමා කෝ අර කුඩු වලට කව්රුවත් පොලිසියට ගෙනාවද (අ)
පව් .බිව්වා කියලා පලි අරගෙන.(නදී)
යකෝ මෙහෙම ගියොත් නම් අවුලක්. අවයව තියෙනවාටත් නඩු දමයි.(නදී)
පෞද්ගලික දෙයක් හොයන්න එයාලට කිසිම අයිතියක් නෑ. ඒවා කාටවත් පෙන්නන්න නැත්නම් එයාලට ප්‍රශ්නයක් තියනවද? (නදී)
ගණිකා මඩම් වලට හොරෙන් රිංගන පොලිස් නිළදාරින් තමන්ගේ ජංගම දුරකතනයේ අසභය දේ තිබුන කියලා අත් අඩංගුවට අරගෙන...!! ඒ විස්තරය දැක්කම මට හිතුනේ මෙන්න මෙච්චරයි ......., අනේ හැබෑටම මෙහෙමත් නාටක......? (නදී)