(පුත්තලම ජූඞ් සමන්ත)
නිවාඩු දිනයකි. හලාවතxමාදම්පේ පැත්තේ ගමක පදිංචි තරුණයින් දෙදෙනකුට අපූරු අදහසක් පහළ විය. ”රා බොමුද” එක් තරුණයකු යෝජනා කළේය. යෝජනාව ස්ථීර විය. දෙදෙනාම තිප්පොළකින් රා බෝතල් කීපයක්ද රැුගෙන ගමන් කරන්නේ ගමේ වැව් බැම්ම මතටය.
කිසිවකුගෙන් බාධාවක් නැත. වැවේ කිසිවකු නැත. තරුණයෝ දෙදෙනා හිතේ හැටියට රා බෝතල් කීපය අවසන් කරන්න පටන් ගත්හ. ”වැවට බැහැලා නාමුද?” නැවතත් යෝජනාවකි. එයද ස්ථීර විය.
”ඒත් නාන්න අඳින්න රෙදි කොහෙන්ද?” ගැටලූවකි. ”කව්රුවත් නැහැනේ. අපි දෙන්නා විතරනේ. ඔන්න ඔහේ නිකම්ම බහිමු....” අනිකා යෝජනා කළේය. එම යෝජනාවද ස්ථීර විය. පසමිතුරෝ දෙදෙනා උපන් ඇඳුමින් වැවට බැස්සාහ. රා මත නිසා වැවේ සිටිනා වේලාව ගැනද දෙදෙනාගෙන් එකෙකුටවත් නිනව්වක් නැත. ඇති තරම් වැවේ දිය කෙළියේය. ඊට කිසිවකුගෙන් බාධාවක් නොවීය. ඉර අවරට ගොස් තිබුණි. ”හොඳටම හවස් වෙලා. ගොඩට යමු.” එක් මිතුරෙක් යෝජනා කළේය. දෙදෙනාම උපන් ඇඳුමින් වැවෙන් ගොඩට පැමිණියහ. දෙදෙනාටම ”රා” මත හිඳුණේ ගොඩට පැමිණි පසුවය.
එක් මිතුරකුගේ ඇඳුම් අතුරුදන් වී තිබුණේ ඔහුගේ ජංගම දුරකතනය ද සමගය. ”දැන් ඉතිං කුමක් කරන්නද...” යැයි වැව් බැම්මේ ඇති කුඹුක් ගසකට මුවා වී කල්පනා කළ මිතුරන් දෙදෙනා ඉතිරි වී තිබූ ඇඳුම් ටික බෙදාගෙන එතැනින් පිටවී ඇත.
තම මිතුරෙකු උපන් ඇඳුමින් වැවේ දිය කෙළින බව දැනගත් අයෙකු විසින් මෙම සොරකම සිදුකර ඇති බව දින කීපයකට පසුව දැන ගන්නට ලැබුණිු
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඳුම් සොරකම් කළ යාළුවා ලෝවැඩ සඟරාවේ මේ කවිය අහලා නැතුව ඇති. "කෙළියට කඩක් සඟවා යහළුවකු ගෙනේ එළිකොට නැවත දුන් මිනිසෙකුට එතෙකිනේ විළි වැස්මක් නොලදින් දෙව්වුවත් අනේ කෙළියටවත් නොකරව් සොරකමක් දැනේ" (නි)
දැන් ඉන්න අය දන්න ලෝ වැඩ සඟරාව. (නදී)
කිත්සිරි මහත්මයට ස්තුති කරනගමන් මට කියන්න හිතෙන්නේ රා බීපු දෙන්න පන්සලක් පල්ලියක් ළඟින්වත් ගිහින් නැතුව ඇති කියල. (ස)
පිරිහීමට හේතුවක්- සුරාපානයක්. (ස)
කිත්සිරි මහතාට ස්තුතියි අදහස් දැක්කුවට. (නදී)
බීලා මේ නිගා කරන්නේ මිනිසාගේ පෞරුෂයට නේද? (බ)
මේක පරාක්‍රමබාහු කතාවේ 2 කොටස මරු මැරෙන්න වෙන්නේ හිනාවෙලා (නදී)
ධම්ම මහත්තයෝ, ගෙදර තියෙන්නේ ඔහොමද ? (නදී)
හොඳ රා ටිකක් බොන්න ලැබෙනවානම් නිරුවතින් ගෙදර ගියාම මොකෝ මුහුණ වහ ගෙන යන එකනේ ඇත්තේ. (ස)
කිත්සිරි මහතාට ස්තුතියි. කවිය දුටුවාම පාසල් කාලය මතක් වුනා. (බ)
මේක නම් නියම විහිළුවක් තමයි (නි)
ස්තුතියි පරණ දේවල් මතක් කළාට කිත්සිරි මහත්තයෝ අපේ කාලේ ලෝවැඩ සඟරාව කට පාඩමෙන් කිවුවට, 80% කට වඩා දැන් ඉන්න ළමයෙකුගෙන් ඇහුවොත් ඒක මොන පාටද නැත්නම් කන දෙයක්ද කියල අහයි එක පාරටම අපෙන් (බ)
අනේ පවු නේද? (නි)
අර කතාව මතක් උනා, මනුස්සයෙක්පන්සලේ ඇබිත්ත මනුස්සය ඔහොම නිරුවතින් නානකොට හාමුදුරුවෝ වැඩම කරනවලු දිය යට අතපත ගානකොට පරණ බේසමක් හමු උනාලු එකෙන් විලි වහගෙන නැගිට්ටලු .හාමුදුරුවෝ කිව්වට පස්සෙලු දන්නේ බේසමේ අඩිය නැහැ කියල (බ)
පස මිතුරෝ යනු සතුරු මිතුරන්ට නේද? (බ)
කිත්සිරි මහතාට බොහොමත්ම ස්තුතියි. මටත් කවිය දුටුවාම පාසල් කාලය මතක් වුනා. (ර)