කුරුණෑගල සිට ඉතාලියට පැමිණි වසර 22ක් පුරා මිලානෝ නුවර ජීවත්වන අයෙකි. පිනට දහමට ලැදි ඔහු නොකඩවා වසර 13ක් මුළුල්ලේ ඉතාලි ලේ බැංකුවට තම රුධිරය පරිත්‍යාග කරයි.
ඉතාම සරල ජීවිතයක් ගතකරන ඔහු තම බිරියත් නැඟණියත් හිතවතුන් කිහිපදෙනකුත් සමග රජයේ හා පෞද්ගලික ආයතන පිරිසුදු කිරීමේ ආයතනයක් පවත්වාගෙන යයි. මෙයට සති දෙකකට පෙර උමං දුම්රිය ස්ථානයක රැඳී සිටින ඔහුට අපේ රටේ තරුණයෙක් මුණ ගැසෙයි.
කටකාර තරුණයා ඔහු අසලට එයි. විස්තර අසයි. නැහැ. මම අලූතෙන් ඉතාලියට ආවේ. කුරුණෑගලින් ගිය පුද්ගලයා කීවේය. ජොබ් එකක් කරනවද? තරුණයාගෙන් තවත් පැනයකි. නැහැ තාම නැහැ. මම නම් ජොබ් එකක් කරනවා. මාසෙකට යුරෝ 1800ක් විතර ගන්නවා. ලංකාවේ මොනවද කෙළේ. එහෙදිත් මොනවත් කෙළේ නැහැ. ඊටද ලැබුණේ කෙටි පිළිතුරකි. හැබැයි නිකම් හිටියත් අම්මා තාත්තා හොඳට කන්න දීලා තියෙනවා. ඒකනේ ඔය උස මහතට ඉන්නේ. එසේ කියූ තරුණයා ස්වල්ප වේලාවකින් නික්ම යනුයේ රැකියාවක් ලැබුණොත් කියන්නම් කියාය.
මෙයට දින කිහිපයකට පෙර කුරුණෑගලින් ගිය තැනැත්තාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත් ඔහුගේ හොඳම මිතුරකු ඉල්ලීමක් කළේ තමා සමග එකම කාමරයේ ඉන්න හිතවතාට රැකියාවක් නොමැති බැවින් ඔහුගේ ආයතනයේ පුරප්පාඩුවක් ඇත්නම් උදවුවක් කරන ලෙසය.
පසුදින තමා හමුවට එම තරුණයා රැගෙන එන්නැයි අලූත් මිතුරාට කියයි. පුදුමයකි යුරෝ 1800ක වැටුපක් ලබන බව කියා පුරසාරම් දෙඩූ අර මිනිහා ඉදිරියේ සිටගෙන සිටී. කිසිවක් නොකී අබේරත්න තම ආයතනයේ රැකියාවක් තරුණයාට පිරිනමයි. තම සේවකයා කලින් කී බොරුව ගැන කිසිවක් අබේරත්න ඔහුගෙන් විමසුවේ නැතත් ලැජ්ජාවෙන් ඇඹරෙමින් අදාළ තරුණයා අබේරත්නගෙන් සමාව ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත තිත්ත උනත් කවදාහරි හෙලි වෙනවා. (ස)
සශික, ඔයාට බොහොම ස්තුතියි. මම ඇත්ත දැනගත්තට පස්සේ මීට වැඩිය දෙයක් පිටිගලට ලියන්නේ නැහැ.එයත් වෙන්නප්පුවට ගරු කරලා කතා කරන්න ඕනෑ මීට පස්සේ. එයා කළ වැරැද්දට වෙන්නප්පුව ගැන වැරදි විදියට ලියපු එකට මම එකඟ නැහැ.වෙන්නප්පුවට ජයවේවා. (නි)
පිටිගල හැම එකකටම වෙන්නප්පුවෙ අයව ගාව ගන්න හේතුව මම කලිනුත් පැහැදිල කළා. ඒ හේතුව තමයි, මිලානෝ ඉන්න පිටිගල වෙන්නප්පුවේ අයකුගෙන් විශාල ණයක් ලබාගෙන එය නොගෙවා පැහැර හැරීම. ඊට ප්‍රතිචාර වශයෙන් වෙන්නප්පුවෙ කොල්ලො සෙට් එකකගෙන් හොඳ හැටි ගුටි කන්න සිදු වීම . ප්‍රෑන්ක් ඔන්න ඕකයි ඇත්ත (නි)
අනේ මහත්තයෝ, මටත් ජොබ් එකක් තියනවා නම් දෙන්න. මම නම් 500£ විතරයි හොයන්නේ (නි)
ප්‍රෑන්ක් ඔබට තේරුන එක හොඳයි. මට මිනිහ ගෑන කනගාටුයි. මෝඩ කම හින්දමයි ඔය මනුස්සයට ඔහොම උනේ.(නදී)
මිලානෝ පිටිගලට මොනවා හරි ප්‍රස්නයක් තියනවා වෙන්නප්පුවේ අයත් එක්ක. හැම ප්‍රස්නේයකටම වෙන්නප්පුව ගැන කියනවමයි. එයාගේ නෝනව වෙන්නප්පුවේ කවුරුහරි අරගෙන ගිහිල්ලද ?(නදී)
කම්පැණි ලොක්කා අපේ කොල්ලෙක් නේ... (නි)
දිසානායක මහත්තයෝ, මොන දේ රැවැට්ටුවත් තමන්ගේ හිත රවට්ටන්න බැහැ නේද? (නි)
දිසානායක මහත්තයෝ මොනදේ රැවැට්ටුවත් තමන්ගේ හිත රවට්ටන්න බෑ නේද? (ස)
බොරුකීම හොඳ නැහැ. එත් සමාව දෙමු. තරුණ ළමයි. ලැජ්ජාවට බොරු කියනවා. මගේ චුටි මල්ලිත් හරිම කඩවසම්. රැකියාවක් නැතිකාලේ එයත් එහෙම කීව මට මතකයි. මම එයාගැන දන්නා නිසා මාසෙට පොඩි මුදලක් දුන්නා.(ස)
අප්පෝ මේ වගේ කට්ටිය පිට රට වල ඕනෑතරම් ඉන්නවා....(ස)
බොරුවට වැඩි ආයුෂ නැහැ කියන්නේ ඔන්න ඔයවගේ වෙලාවට තමයි. (නි)
වෙන්නප්පු අය ඔහොම තමයි. (නි)
ඔයාලා අහලා නැද්ද අර වංසේ කබල් ගාපු කතාව. මේක ඉතාලි පිටපත. (නි)
ශිරෂ් - ඔබ හරියටම හරි' (ස)
සිරස් ඔබත් ඒ වගේ කෙනෙක් නේද? (නදී)
නිහතමානී මහත්මයාට තේරෙන්න ඇති මුලින්ම මෙයා කවුරුද කියලා. (නි)
කන්න නැතත් අපේ කට්ටිය හුඟ දෙනෙකුගේ සෝබනය විතරයි. මට දුකත් හිතෙනවා.(ස)
මොනවා ද අනේ මේ ? (නදී)
සත්ත්‍ය වසන් කරන්න ඝිහින් වෙනදේ දැන් දන්නවනේ..(ස)