(මාවනැල්ල පරණගම සෙනෙවිරත්න)
ඇය හැඩකාර තරුණියකි. රක්ෂණ නියෝජිතවරියක ලෙස කටයුතු කරයි. ත‍්‍රිරෝද රථ රියදුරකු ඇය හමුවී ජීවිත රක්ෂණයක් ලබාගත්තේය.
ත‍්‍රිරෝද රථ රියැදුරු රක්ෂණ වාරික මුදල් ගෙවීම ද නිසි අයුරු සිදුකරන ලදී. ඔහු මුදල් ගෙවූයේ රක්ෂණ නියෝජිත තරුණියටය.
මේ අතර එක් මසක වාරික මුදල ගෙවීමේ දී ඔහු රුපියල් දාහක් අඩුවෙන් ගෙව්වේ ඉතිරි මුදල හැකි ඉක්මණින් ගෙවන බවට පොරොන්දු වෙමිනි. එහෙත් ඔහු පොරොන්දු වූ පරිදි එම මුදල ගෙව්වේ නැත. රක්ෂණ නියෝජිත තරුණිය කිහිප විටක් ඔහු හමුවී ඉතිරි මුදල ගෙවන ලෙස ඉල්ලා සිටින විට මුදල ගෙවීම පසෙක තබා ඇගේ ආදරය ඉල්ලා කන්නලව් කිරීමට පටන්ගෙන ඇත.
එය ඇයට බලවත් හිසරදයක් වීම නිසා මින් ඉදිරියට ඔහුගේ රක්ෂණ වාරික ගෙවීම අදාළ සමාගම වෙත ගොස් සිදුකරන ලෙස දන්වා ඔහුගෙන් ගැලවීමට පියවරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ ත්‍රීවීල් එකේ පසුපස ලියා තියෙන වැකිය මොකක්ද දන්නේ නැහැ (නදී)
ජීවිත රක්ෂණයක් ගන්න කියල තරුණියට කිට්ටු කළේ මුල සිටම මේ අදහස තිබුන නිසා වෙන්න ඇති. (නදී)
අනේ රක්ෂනය. (නදී)
අනේ.. රක්ෂනය. (ර)
සමහර විට ඇයගේ රුවට ආශා හිතුන නිසාම ඔය රක්ෂණයට බැදෙන්න ඇත්තේ. (ර)
ඔය රක්ෂණ නියෝජිතවරියන් රක්ෂණය ගැන තරුණයන් සමග කතාකරන්නේ මායම් 64 ම පෙන්නලා. ඉතින් මේ තරුණයාගේ හිත ඇදිලා ගිය එක අහන්නත් දෙයක්ද? (නදී)
මාවනැල්ලේ අය හොඳ ආදරවන්තයෝ. (බ)
මලේ රුවට තරුණ බඹරු ඇදෙන්නේ (නදී)
මේවගේ හැඩකාර ටිකක් විසේ තියෙන සුළු කාලයකින් දික්කසාද වූ රක්ෂණ නියෝජිත තරුණියක් ගමේ සාරවත් කඩේක මුදලාලිට රක්ෂණයක් විකුනන්න දින කිහිපයක්ම ඇවිත් කරදර කළා. මේක ආරංචි උන මුදලාලිගේ බිරිඳ ඇවිත් මේ ඔයාගේ රක්ෂණය හින්ද මගෙයි දරුවගෙයි ආරස්සාව නැති වෙන්න පුළුවන් මීට පස්සේ කඩේ පැත්ත පලාතෙවත් එන්න එපා කියල අවවාද කළා (බ)
ත්‍රීරෝද රථයේ පිටුපස ලියලා තියෙන්නේ ''ගන්න රක්ෂණය දෙන්න ආදරය " කියලාද බලන්න (නි)
ජිවිත රක්ෂණය කරන්න බැ. ආරක්ෂණය කරන්න පුළුවන්. රක්ෂනයි අරක්ෂනයි දෙකක් (දී)
කොහොමද කැස්ස හංගාගෙන ඉන්නේ? කැස්සයි ආදරයයි හංගන්න බැහැ රක්ෂණය කරලා. (නි)
වරික විදිහට ගෙවෙන්නද (දී)
රක්ෂණය වටිනාම ,සම්පතකි.(හේ)
හරි කෙල්ලෙකුට සෙට් වුනානම් ත්‍රි විල් රියදුරුට ජිවිත රක්ෂණයේ සරණම තමයි , හොඳ වෙලාවට වැදගත් තරුණියක් වැදගත් විදියට සිද්ධිය කෙලවර කරා.(හේ)