IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


රජ්ජුරුවොයි බල්ලයි දෙන්නම බස් එකේ

මා කියන්නෙ මෙයට වසර 30කට පමණ පෙර වූ සිද්ධියකි. මගේ මිතුරකු වූ ඔහුට හැමෝම පාහේ ආමන්ත්‍රණය කළේ ‘‘රජ්ජුරුවෝ’’ යනුවෙනි. දිනක් රජ්ජුරුවෝ දවසේ රාජකාරි අවසන් වී ගෙදර යන ගමන් ගල්කිස්සේ අවන්හලකට ගොඩවෙලා තිබෙනවා. එහි දොර ළඟ බල්ලෙක් වැතිර ඉඳල රජ්ජුරුවෝ බල්ලට උඩින් පනින ගමන් ‘‘අනේ බල්ලෝ හැමදාම ඔතන ඉන්නව නේද?’’ කියාගෙන ඇතුළට ගියා. ආපහු වැඩේ අවසන් වී නැවත බල්ලට උඩින් පැන ගල්කිස්ස හන්දියට විත් මොරටුව යන බස් රථයකට අත ඉස්සුවා. බසය නතර කළා. රජ්ජුරුවෝ නැග්ගා, බල්ලත් නැග්ගා. අනේ මහත්තයා බහින්න, කොන්දොස්තර කිව්වා. ඒ මොකද ළමයා රජ්ජුරුවෝ ඇසුවා. අනේ මහත්තයා මේකෙ බල්ලො එක්ක යන්ඩ බෑනේ. මම බල්ලෝ අරං ආවේ නැහැ. නැත්තං මේ ඉන්නේ රජ්ජුරුවෝ බල්ලව දැක්කා. බසයේ අනිත් අයත් කියවන්ඩ වුණා. රජ්ජුරුවන්ට වැඩේ තේරුණා. රජ්ජුරුවෝ බසයෙන් බැස්සා. බල්ලත් බැස්සා.


රජ්ජුරුවෝ දෙවන බසයට අත ඉස්සුවා. රජ්ජුරුවෝ නැග්ගා. බල්ලත් නැග්ගා පෙර බසයෙන් වගේම ඒ බසයෙනුත් රජ්ජුරුවෝ බැස්සා. බල්ලත් බැස්සා. දැන් රජ්ජුරුවන්ට වැඩේ තේරුණා. දැන් ඉතින් පයින්ම යනව ගෙදර කියා හිතාගෙන රජ්ජුරුවෝ යනවා. බල්ලත් යනවා. බෙලෙක්කඩේ හන්දියේ දී රජ්ජුරුවෝ බනිස් ගෙඩියක් අරං බල්ලාට දුන්නා. දැන් බල්ලා බනිස් කන ගමන් රජ්ජුරුවන්ගේ පස්සෙන් යනවා.


දැන් නිවසට කිට්ටුවෙද් දී වැස්සක් වැස්සා. රජ්ජුරුවොයි බල්ලයි නිවස ළඟට කිට්ටු වෙනකොට, ‘‘හාමිනේ, ටිකක් තෙමුණා. ඔයා සබන් කෑල්ලයි, තුවායයි දෙන්නකෝ නාගෙනම එන්න’’ දැන් රජ්ජුරුවොත් බල්ලත් දෙන්නම නාල පිටුපස දොරෙන් රජ්ජුරුවෝ ඇතුල් වුණා. බල්ලා එළිපත්තේ නිදා ගත්තා. රාත්‍රී ආහාර අරං බල්ලාට කන්න දෙන්න යනකොට ආ මේ මොකද බල්ලෙක්. හාමිනේ ඇහුවා. ඒක මම පස්සෙ කියන්නං රජ්ජුරුවෝ නිදාගත්තා.


පසුදින පාන්දර සෙනසුරාදා රජ්ජුරුවෝ ගෙදර ඇති කරන බල්ලත් අරගෙන පාර පැත්තට ගොස් ටික දුරක් ඇවිදල ගෙදරට ආවා. අර බල්ලත් ඒ වගේම ගෙදරට ආවා. ඉරිදා දිනයත් පසු කර සඳුදා දිනයේදී රජ්ජුරුවෝ කොළඹ ආවා. සිකුරාදා බලු සිද්ධිය රජ්ජුරුවන් තම මිතුරකුට කීවා. මිතුරා මේකේ ඇත්ත නැත්ත දැන ගන්න රජ්ජුරුවන්ට නොතේරෙන්න ගල්කිස්සේ අර අවන්හලට ගියා. බල්ල එතන වැතිර ඉන්නවා ඔහු දුටුවා.


ආ.... වේටර් ළමයා මේ බල්ලා හැමදාම ඔතනම ද ඉන්නේ.
ඔව් මහත්තයා. ඒ වුණාට සිකුරාදා ඉඳන් බල්ලා නැතිවයි හිටියේ. අද දවල් තමයි ඇවිත් තියෙන්නේ වේටර් කිව්වා. දැන් ඔහුට රජ්ජුරුවෝ  කී කතාව ඇත්ත බව වැටහුණා.
පී. චන්ද්‍රපාල පීරිස්,
මිනුවන්ගොඩ.



අදහස් (0)

රජ්ජුරුවොයි බල්ලයි දෙන්නම බස් එකේ

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 176 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 504 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 533 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 673 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 667 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1098 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 554 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 300 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site