(බණ්ඩාරවෙල සුජීව චින්තක සෝමරත්න)
වයසින් වසර විසිහයක් වූ ඔහු කඩවසම් තරුණයෙකි. ඌව පළාතේ ප‍්‍රදේශයට ආසන්න සරුසාර ගම්මානයක ස්වයං රැකියාවක් කරමින් සිටි ඔහු සහකාරියක් වශයෙන් මනාලියක් සොයා ගැනීමට අදහස් කළේය. තම මිතුරන් සමග මනාලියන් කිහිප දෙනකුම සොයා ගියේය. එහෙත් ඔහු බලාපොරොත්තු වූ පරිදි සොයන මනාලිය රාජ්‍ය සේවිකාවක් නොවූ හෙයින් ඒ සියල්ල මග හැරිණි.
දිනක් මෙම තරුණයා කිතුල් හකුරු මුලක් සොයා ගැනීමට අසල ගම්මානයකට ගියේය. මනාලිය සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් අසල නිවසකට ගොඩ වැදුණේය.
නිවෙස් හිමියාත් ඔහුගේ බිරියත්, එකම දියණියත් එක්ව ගෙවත්තෙන් ලබාගත් ගම්මිරිස් වගාව අව්වෙන් වේලමින් සිටි දුටු මෙම තරුණයා අවට ගස් දෙස හිස ඔසවා බැලීය. නිවෙස වටා තිබූ පුවක් ගස් දෙසීයක් පමණ ඉදුණු පුවක් වලූවලින් ගහනව තිබෙනු දුටු ඔහු විශ්මයට පත්විය. දළ වශයෙන් පුවක් අස්වැන්නේ වටිනාකම රුපියල් ලක්ෂ දෙක ඉක්මවා යයි.
අවට පරිසරයේ සියලූම ගස් වටා වේලී තිබුණු ගම්මිරිස් ඉදුණු ගෙඩිවලින් සමන්විත වී තිබුණි. ඔහු විසින් එහි අස්වැන්න සිතින් තක්සේරු කරනු ලදුව දළ වශයෙන් ලක්ෂ දහයකට තක්සේරු කළේය.
බිම වේලමින් තිබූ ගම්මිරිස් ප‍්‍රමාණය කිලෝ සීයය ඉක්මවා තිබුණි. වියළන ලද ගම්මිරිස් කිලෝව රුපියල් එක්දහස් දෙසීයක් පමණ වූ අතර ඉන් පමණක් රුපියල් ලක්ෂ දහයක් ඔවුනට ලබාගත හැකි බව මෙම තරුණයාට වැටහිණි.
තමා මනමාලියක වශයෙන් තෝරා ගැනීමට උත්සාහ කළේ රාජ්‍ය සේවයක නියුතු තරුණියකි. රාජ්‍ය සේවයක නියුතු තරුණියක් උපයා ගන්නා මුදලට වඩා ඇයගේ පියා සතු උපයන මුදල වැඩි බව තරුණයා සිතට ගති. හකුරු මුලක් ගෙනියන්නට පැමිණි මෙම තරුණයාට ඒ බව මතක නැති විය. ගෙහිමියා උපයනු ලබන මුදල සිතට ගත් ඔහු ‘මාමේ මං තකහනිියක් දුවගෙන ආවේ මාමගේ දුව බඳින්නයි. ආයි මොටද මේක කල් දාන්නේ? හෙටම කච්චේරියට ගිහින් මම මාමගේ දුව බඳින්න කැමතියි කියා මාමට පැවසීය. පසුදිනම විශේෂ අවසරයක් මත විවාහය සිදුවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කඩිමුඩියේ ගැහැණු ළමයින්ව විවාහ කරලා දෙනවද? ඊටත් යෝජනාවකින් (නි)
ගම්මිරිස් දීලා මිරිස් ගත්ත වගේ වෙයිද දන්නේ නෑ.(හේ)
ගොඩක් කැත, කාටවත් දෙන්න බැරි කෙල්ලෙක් වෙන්න ඕනේ.... නැත්තම් ඉතින් ඔහොම දෙයිද පහුවදාම.(හේ)
පිටබැද්දර ජයා, මොහු බිරියගෙන් කන්න අඳින්න බලාපොරොත්තු වෙන කෙනෙක්. මොහු බිරියට කන්න අඳින්න දෙන් නෑ. ඇගෙන් කනවා අඳිනවා මිසක්. (බ)
ලංකාවේ ගොඩක් පිරිමි ඔය විදිහ තමයි අවරුදු 10ක් යාලු වෙලා ඉදලත් එහලම උපාධියක් තියන මගෙනුත් බදිනකොට දවාදී ඉල්ලුවා .මට මිනිහ එපා වුණා ලෝක ලජ්ජාවට බැඳ ගත්තේ (ම)
ගහක් කොළක් ආදරයෙන් රැකබලාගන්න පුලුවන් නම් හොඳ අස්වැන්නක් ලබාගන්න පුළුවන්.එහෙම කෙනෙක් තමන්ගේ පවුලත් ආදරෙන් රැකබලාගනී කියා ඔහු හිතුවා හරියට හරි (නි)
සාරෝ අසාරෝ.......!(හේ)
හැබැයි මිනිහට ගණන් බැහැ වගෙයි. අනෙක් දේවලුත් තක්සේරු කළේ ගම්මිරිස් කිලෝව වගේ නම් මිනිහට දෙවියන්ගේම පිහිටයි. (නි)
ඒක ඇත්ත.මම දන්නා දුවෙකුට ගේ දොර ඉඩකඩම් තිබෙනවා.බලන්න එන මනාලයෝ කෙල්ල දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ.දේපල දැක්ක ගමන් කැමති වෙනවා.දැන් දු කියලා කාටවත් මේ දේපොළ මගෙයි කියන්න එපා කියලා. (නි)
පිරිමි විතරක් නෙමෙයි ගැහැණු උදවියත් ඉන්නවා සල්ලි මත්තේ බඳින. අපේ ගමේ තරමක් අමාරුවේ ජීවත්වුණ පවුලක දුවෙක් මහන්සියෙන් ඉගෙනගෙන දොස්තර කෙනෙක් වුණා. ගෙදරදී නොලැබුන සැප සම්පත් බැන්දාට පසුව ලබන්න හිතාගෙන ලොකු ව්‍යාපාරයක් අයිති මුදලාලි කෙනෙකුගේ නාස්තිකාර පුතාව බැන්දා. ගිටාර් එකක් අතින් අරන් කාර් එකේ යාළුවො එක්ක රවුමේ යන , කිසිම දෑතේ ශිල්පයක් නොදැන තාත්තගේ සල්ලි වලින් වැජඹුන පුතා විවාහයෙන් පසුවවත් සෙලක්කාර ගති අතහැරියේ නැහැ. පුතාගේ හැටි දන්නා කපටි මුදලාලිත් රජයේ රැකියාව ඇති ලේලිට කැමති වුණේ ව්‍යාපාර බංකොලොත් වුණත් ලේලිගේ පඩියෙන් පුතාට ගොඩයන්න පුළුවන් නිසා. කොහොමහරි දැන් අන්න දොස්තර නෝනා ආපහු ගෙදර ඇවිත්. නඩත්තු ඉල්ලලා දරුවෙක් එක්ක ගැහැණු කෙනෙක් මහත්තයාට නඩු දාලා! (නි)
බිරිඳට කන්න අන්දින්න දුන්නොත් ලොකු පුදුමයක් ! (කේ)
කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගේ ගැහැණු දරුවාව කඩිමුඩියේ ගෙදරට දුවගෙන ආ හාදයෙකුට පංගාර්තු කරන මව්පියන් ඉන්න රටකද අපි දැන් මේ එතකොට ඉන්නේ? (නි)
හැමදාම පලදාව ඇත්නම් හොඳ වේ. මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ රටේ දෑවැද්ද බලන් ඉන්න (ම)
නෝනාගේ පානෙන් එලිය බලන්න ඉන්න පිරිමියෙකු බඳින්න ලැබෙන කාන්තාවට දෙවියන්ගේම පිහිටයි.(ම)
බින්න බැස්ස වගේ නෙවෙයි ගම්මිරිරිස් වලට දැවිල්ල හැදෙනකොට. (නදී)
මේ මිනිස්සු අපේ රටේ ගම්මු වෙන්න බැහැ. මොකද ලංකාවේ ගම්වල දෙමව්පියෝ මේ තරම් ඉක්මනට ළමයින්ගේ විවාහ තීන්දු කරන්නේ නැහැ. එහෙත් කතන්දරේ රසවත්. (ම)
නියම ප්‍රායෝගික මනුස්සයෙක්.(හේ)
පිරිමි මට අහන්නත් ලැජ්ජයි (නි)
දුව බැන්දට පසු මාමා මෙහෙම කියන්න ඇති නේද. "අනේ බෑණො, මේ මගේ වතුපිටි නොවෙයි .අපි ඒවා බලාකියා ගන්නවා විතරයි" (නි)
අනේ මෙහෙම තණ්හාකාර පිරිමි? (නි)
බැන්දට පස්සේ ඒවා ලැබුනද දන්නෙ නැහැ (නි)
මම දැකල තිබෙනවා ස්ථිර මාසික ආදායමක් නැති බහුතරයක් පිරිමි බඳින්න සොයන්නෙම ආණ්ඩුවේ රැකියාවක් කරන තරුණියක්. විශේෂයෙන් ව්‍යාපාර කරන මුදලාලිලා. එතකොට ව්‍යාපාර බංකොලොත් වුණත් බිරිඳගේ ආදායමෙන් ජීවත්වෙන්න පුළුවන්නේ ! (නි)