කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
සිය සැමියා ගොනාටම අන්දවා ඔහුගේම මුදලින් කොල්ලකු සමග වෙනම සුදි දිවියක් ගත කරමින් සිටියදී පොලීසියට මාට්ටුවූ අපූරු මවක පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ පැත්තෙන් ඇසෙයි.
අනේ මගේ නෝනා කවුද කොල්ලෙක් යාළු කරගෙන ගිහිල්ලා අම්බලන්ගොඩ ගේක ඉන්නවායැයි පිටරටක සිට අම්බලන්ගොඩ පොලීසියට දුරකතනයෙන් දැනුම් දුන්නේය. එයා අර කොල්ලාට රැවටිලා ගිහිල්ලා තියෙන්නේ.. අනේ මට එයා සොයලා දෙන්නයැයි ද ඔහු දුරකතනය ඔස්සේ බැගෑපත් වන්නට විය. මේ දුරකතන ඇමතුම දිනකට වරක් පාහේ අම්බලන්ගොඩ පොලීසියට ලැබෙන්නේ කාලයක සිටය. “අනේ සර් මගේ ළමයි අම්මා ඉල්ලනවා. ඒවගේම අර කොල්ලා මගේ නෝනාට කන්න බොන්න දෙන්නේවත් නැතිව දුක් දෙනවා..” යැයිද ඔහුගේ බැගෑපත් ලෙසින් ඉල්ලුවේය.
අන්තිම වතාවට ඔහු පොලීසියට දුරකතන ඇමතුම දුන්නේ සර් කොල්ලා මගේ නෝනාව බලෙන් ඉන්දන් ඉන්නේ අම්බලන්ගොඩ මේ ප්‍රදේශයේ නිවෙසකයැයි ද හෙළි කළේය.
ඒ අනුව මොහුගේ අහිංසක ඉල්ලීම පිළිබඳව සොයා බලන්නට නියම කෙරුණි.
පොලිස් කොස්තාපල්වරයෙක් එම ප්‍රදේශයේ පදිංචිය සදහා කුලියට ආ පවුල් ගැන විස්තර සෙව්වේය. දරුවන් නැති පවුලක් ගැන ඒ අතරින් විශේෂ අවධානය ඔහු යොමු කළේය. එවැනි පවුලක් ගැන තොරතුරක් ආවේය. ඒ අනුව එහි ගිය කොස්තාපල්වරයාට දක්නට ලැබුණේ කොල්ලකුගේ උකුලේ ඔළුව තියාගෙන තොදොල් වෙමින් සිටිනා කාන්තාවකි. වැඩි සද්ද බද්දයක් නොකරම කොස්තාපල්වරයා මේ කාන්තාව සහ කොල්ලා ගැන විස්තර අසාගෙන අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා රේණුකා මහත්මිය එම නිවෙසට කැදවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය.
මේ කාන්තාව අම්බලන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයට එන්නේ මේ අනුවය. “තමුන් කොහොමද රස්සාවක් නොකරන මේ කොල්ලත් එක්ක මේ තරම් සුදියේ ඉන්නේ... ?” උප පොලිස් පරීක්ෂිකා රේණුකා මහත්මිය අසන්නේ නොඅසා සිටීමට බැරි ප්‍රශ්නයක් නිසාමය.
“ආ... ඒක මට සුළු දෙයක් නේ මිස්... මම අඬන්න වගේ මහත්තයාට කතා කරලා කියනවා අනේ මට කන්නවත් විදිහක් නැහැ මේ කොල්ලා මට හරියට කරදර කරනවා එන්න දෙන්නේවත් නැතිව කියලා... එතකොට මහත්තයාගේ හදවත උණුවෙලා මට සල්ලි දානවා. මම කොල්ලත් එක්ක ගිහිල්ලා ඒ සල්ලි අර ගන්නවා. එහෙම කිහිප පාරක්ම ගෙන්න ගත්තා. මහත්තයාට මාසයකට රුපියල් ලක්ෂ හතක් විතර පඩි හම්බ වෙනවා. මම ඉතින් ඒවගෙන් එක පාරකට රුපියල් ලක්ෂයක් දෙකක් ශෝක මූඩ් එක දාලා මහත්තයාට කියලා ගෙන්න ගෙන කොල්ලත් එක්ක ඉන්නවා.. එහෙම ඉන්නකොට තමයි මිස්ලාට අහුවුණේ... යැයි මේ තිදරුමව කීවේ ඇගට පතට නොදැනීමලු.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රට ඉන්න සැමියා නෝනාට පෙම් කරන්නත් සල්ලි දීලා
Pathirana Wednesday, 01 November 2023 03:29 PM
අවංක අහිංසක කෙල්ලෙක්...