(මොණරාගල අතිරේක - කේ.එම්.පි. බණ්ඩාර)
දහනව හැවිරිදි පාසල් පෙම්වතා දහනව හැවිරිදි පාසල් පෙම්වතිය සොයා නිවැසියන්ට හොරා රෑට රෑට ජනේලයෙන් පෙම්වතියගේ ගෙට රිංගා පෙම්සුව විඳීමට ගිය ගමන නොසිතූ මොහොතක පොලිසියට මාට්ටු වී අත්අඩංගුවට පත් වූ බව සියඹලාණ්ඩුව පොලිසිය කියයි.
මෙම පාසල් පෙම් යුවළ එකම පාසලේ උසස් පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටිති. කාලයක් තිස්සේ ආදරයෙන් වෙලී සිටි මෙම දෙදෙනාගේ ආදරය දෝරේ ගලන්නට පටන්ගත් පසුව රාත‍්‍රී කලයේ හමුවීමට යෝජනා කරගන්නේ පෙම්වතියගේ නිවසේදීය.
ඒ මවුපියන් නින්දට ගිය පසුවය. මෙසේ දින ගණනාවක් මෙම හමුවීම දෙදෙනා විසින් සිදු කර ඇති අතර සුපුරුදු පරිදි ජනේලයෙන් ගෙට රිංගන පෙම්වතා ජනේලයෙන්ම ආපසු පලා යන්නේ පෙම්වතියගේ ද උදව් උපකාර ඇතුවය.
ඉකුත්දා (10 දින) රාත‍්‍රියේ ද එසේ පැමිණ ආපසු යන අතරතුරේදී සංචාරක පොලිස් කණ්ඩායමකට පෙම්වතා කොටුවී ඇති අතර සැකකටයුතු හැසිරීම් නිසා ප‍්‍රශ්න කිරීමේදි නොයෙක් පිළිතුරු දී සත්‍ය වසන් කර ඇත. පසුව පොලිසිය හමුවේ සත්‍ය හෙළි කිරීමට ඔහුට සිදු වී ඇත. පොලිසිය විසින් දෙදෙනාගේම මවුපියන් පොලිසියට ගෙන්වා සිද්ධිය පිළිබඳ දැනුම් දි අවවාද කිරීමට කටයුතු කරන බව කියයි. වැඩිදුර පරීක්ෂණ සිදුවේ.
සියඹලාණ්ඩුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කපිල ධර්මප‍්‍රිය සේනාධිපති සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ බෙම්මුල්ල පැත්තේ මගේ යාලුවෙක් හිටියා .කල වයස හරිගියාම මංගල යෝජනා ආවා. බලන්න ගියා .තෑගි හුවමාරු වුනා .අන්තිමට බැන්දේ කම්බි වැටෙන් පමණක් වෙන්වුණු අල්ලපු වත්තේ ගැනු ලමයා. හැබැයි උපන්දාසිට අවුරු 30ක් පමණ වුනත් බඳින්නට යෝජනාවනතුරු කවදාවත් කතාකර නැහැ . (කේ)
චන්න මහත්තයෝ පොලිසිය මේ ළමය අල්ලලා තියෙන්නේ මහපාරේදී. සැකකටයුතු විදියට හැසිරීම තමයි චෝදනාව කොල්ල තවම පුරුදු වෙන නිසා ගොත ගැහිලා එකයි දිගට ප්‍රශ්න කරලා කටින් අල්ලාගෙන තියෙන්නේ බය නැතුව කිවුවනම් යාලුවෙග්ගේ ගෙදර ගියා රෑ වුණා දැන් ගෙදර යනවා කියල කොල්ලා අදත් කොටු පනිනවා.(හේ)
දැන් නිදහසේ කොල්ලෝ රෑ ගමන් යනවා.(හේ)
දෙයියනේ මගේ නමින් මොකක්ද මේ තියෙන්නේ? (අ)
වයස හරි තමයි එත් ගෑනු කෙනෙක් නඩත්තු කරන්න ක්‍රමයක් නැතිව නඩත්තු කරන්න සිද්ධ වෙන වැඩ වයස හරි නිසා කරන්න ගිහින් වැටෙමුකෝ අමාරුවේ. ඊට පස්සේ පොලිසිය නෙවෙයි ගෑනු ළමයාගේ හතර වරිගයම පස්සෙන් පන්න ගෙන එනකොට තේරේවි. (කේ)
මගෙත් පොඩි ආදර පලහිලව්වක් තිබුනා උසස් පෙළ කාලයේ. අතට අහු වුනාම එයාගේ තාත්ත ඇහුවේ " හොඳයි හෙට මගේ දුව බැඳලා දුන්නොත් මම දැන් මේ කන්න බොන්න අඳින්න දෙන විදියට සලකන්න පුලුවන්ද " හැබැයි තමන්ගේ අම්මලා තාත්තලාගේ සල්ලි වලින් නෙවෙයි " කියලා. කාරණාව තේරුම් අරන් මමත් එයාත් උසස් පෙළ හොඳින් සමත් වෙලා උසස් අධ්‍යාපනයට යොමු වුනා. හැබැයි අපි එක මග ආයෙමත් ගියේ නැහැ . දැන් එයා විවාහ වෙලා සැමියා දරුවන් එක්ක බොහොම හොඳින් ඉන්න බව මගුල් ගෙදරකදී හමු වෙලා දැන ගත්තා.මමත් ගුණ යහපත් නෝනා කෙනෙක් සොයා ගෙන හොඳින් ඉන්නවා. කවදා හරි මගේ පුතාටත් එයාගේ තාත්ත දීපු අවවාදය තමයි දෙන්නේ. " ගෑනු කෙනෙක් තුන් වේලක් කනවා කියල දැනගෙන ආදරය කරන්න " (අ)
මට නම් පොලිසියෙන් ගැටළු තිබුනේ නැහැ.පැන්නේ අල්ලපු වත්තටනේ (නි)
18 න් පස්සේ කොහෙද ළමයි ? ළමය කියන එකට රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුව දීපු අර්ථදැක්වීම බලන්න කුමාරි. ශිෂ්‍යයා සහ ළමයd කියන්නේ දෙන්නෙක් කුමාරි. (ම)
පොලිසියේ අසික්කිත කම...(බ)
ජනේලයෙන් රිංගපු එක හරි නෑ. හැබැයි මෙතන ඉන්න හුඟ දෙනෙකුට මෙහි අමුත්තක් නැති පාටයි. (ම)
වයස ගැන හිතන්න එපා අනේ. මේ උසස්පෙළ ළමයි. මේ දේ වෙලා තියෙන්නේ ලංකාවේ. යුරෝපයේ නෙමෙයි. හෙට අනිද්දාට කොල්ලා වෙන අතක් බලාගත්තොත් කෙල්ලගේ අනාගතයම ඉවරයි. බුද්ධිමත්ව විසඳියයුතු ප්‍රශ්නයක්. (නි)
ග්‍රිල් එකක් නැති ජනේලය දමල තියෙන්නේ පනින්නමද මන්ද? ඔය ජනෙල් වලින් රිංගපු කතන්දර ගොඩක් අහන්නේ ලැබෙන්නේ ඇත අතීතයෙන්, හේතුව ඒ කාලේ ආදරය කලේ අද කාලේ වගේ රෙස්ට් වල , හෝටල් කාමර වල පෙම්සුව විදිමින් නොවෙයිනෙ. (අ)
ලක්ෂ ගානක් ඉල්ලා නඩත්තු නඩුවක් එහෙම දැම්මානම් කොල්ලට තරු විසි වෙනවා. ආයෙ උපනුපන් අාත්මෙක රෑට ගෙවල් වලට රිංගන එකක් නැහැ. (අ)
මෙහෙම කරන්න පොලිසියට අයිතියක් තියෙනවාද (අ)
මටත් තියෙනවා මේ වගේ අත්දැකීම්. හරිම මිහිරි අත්දැකීම්. ඒවායේ රසය දැනෙන්නේ දැන්. මම නම් දැන් මේ වගේ දේවල් කරන්නේ නැහැ. (නි)
අපි කළ ඒ දේවල් වල මිහිරි මතක තවමත් තිබෙනවා. එත් පොලිසියට නම් අහුවුණේ නැහැ (නි)
කොල්ලගේ පියා ලොකු දේශපාලකයෙක් වෙන්න ඇති සමහරවිට. (නි)
මමත් මොණරාගල දිස්ත්‍රික්කයේ අවුරුදු 17 පමණ සේවය කළා. සියඹලාණ්ඩුව ප්‍රා.ලේ. කොට්ඨාසය දිවයිනේ ළමා අපචාර බහුල ප්‍රදේශයක්. ඒවා පිළිබඳ සැලකිලිමත් වීම ඉතා හොඳයි. (බ)
මෙතන තිබෙන ඔක්කොම අදහසුත් හරි, චරිත ඔයාගේ අදහසත් හරි. මේ දරුවෝ දෙන්නා ඔයාගේ අදහස කියෙව්වා නම් එයාලා යථාර්ථය තේරුම් ගනීවි. ඔයාගේ අදහසට මගෙන් මල් මිටක් (නි)
මට තියෙන ප්‍රශ්නය මොකද මේ ලංකාවේ ළමයින්ට ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් හැදෙන ලෙඩේ කියලා.මෙතන රාගය මිසක් ආදරය නැහැ.බටහිර රටවල වෙසෙන ශ්‍රී ලංකික දරුවෝ මීට වැඩිය ශීලාචාරකමට හැදෙනවා. අනේ අනිච්චන්! (නි)
අපේ රටේ පොලිසිය හරිම කාර්යක්ෂමයි. මේ වගේ පොඩි දෙයක්වත් වෙන්න ඉඩදෙන්නේ නැහැ.මේවා ගම්වල සාමාන්‍ය දේවල් (නි)
මල්ලියේ " ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නැහැ" කියන්නේ ඕකටනේ... ඉක්මනින් ක්‍රමය වෙනස් කළා නම් හරිනේ. (නි)
ගැහැණු ළමයාග් මව්පියන්ට පුදුම නින්දක්නේ යන්නේ. නිකම්වත් සැකයක්වත් ,අඩු ගානේ ජනේලෙන් ගෙට එද්දී සද්දයක්වත් ඇහිලා නැත්තේ මොකද? (නි)
දෙදෙනාම වැඩිහිටියන්. ඉතින් මොකක්ද පොලිසියට තිබෙන ප්‍රශ්නය. (නි)
වැඩිදුර පරික්ෂණ විදියට මොනවද දන්නෙ නැහැ සිදුකරන්නේ? (නි)
දෙදෙනාගේ වයස හරි නම් අපි මොකටද කරදර වෙන්නේ රාළහාමි. (නි)
මේක නීතිවිරෝධී වැඩක්. අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සම්බන්ධව මෙලෙස සදාචාර විරෝධී මැදිහත්වීමක් කරන්න පොලිසියට අයිතියක් නැහැ. මෙය වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ පුද්ගලික කාරණාවක්. මෙය පොලිසියට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගතයුතු කරුණක්. ඔය කියන පෙම්වතා රාත්‍රී අයාලේ යාම පමණයි සැකකටයුතු දෙයකට තිබෙන්නේ. පහුගිය කාලේ නම් උසාවියෙන් මෙහෙමදේට වැරදිකාරයෝ වුණ අයට සුළු දඩයක් ගැහුවා. (නි)
මේ ගැහැණු ළමයාගේ දෙමාපියන් නිදි පෙති බිලා නින්දට යනවාවද්ද ? පුදුමයිනේ රාත්‍රියේ කවුරුහරි ගෙට ඇතුළු වුණාම සද්දයක්වත් ඇහුනේ නැති එක. (නි)
එතකොට මේ හාදයා මෙහෙම දවස් ගානක් ගෙට රිංගද්දී දෙමාපියන්ට සද්දයක් ඇහුනේ නැහැ සැකයක් ඇති වුණෙත් නැහැ කියන එක ටිකක් විශ්වාස කරන්න අමාරුයි. තරුණ දුවෙක් ඉන්න ගෙදරක වැඩිහිටියන් මෙහෙම ගොරව ගොරවා නිදාගනීවිද? (නි)
අද කාලයේ සමහර දෙමාපියන් තමන්ගේ ළමයින් අමාරුවේ වැටිලා පොලිසියෙන් කිව්වාම තමයි ඒ ගැන දැනගන්නේ. එතෙක් ඒ අය " නිදි " (නි)
අපේ කාලේ පොලිසිය හරි හොඳයි (නි)
ඉස්සර කාලේ ගෘහ මුලිකයා නිදාගත්තේ පිලේ. ගම්මුලාදෑනී ගෘහ මුලිකයන් රෑට ගමේ ඇවිදින්න යනවා,පිරිමි හේනේ පැල් රකින්න ගිය ගෙවල් වලට ආරක්ෂාව තියෙනවද බලන්න. මේ කියන කොලුවා සිම්බලාණ්ඩුව පැත්තේ ගම්මුලාදෑනියෙකුගේ පුතෙක්ද දන්නෙ නැහැ (නි)
වයස හරි කියලා ගෙහිමියාගේ අවසර නැතුව පුද්ගලික නිවසකට ඇතුළු වෙන්න නීතියෙන් අවසර ලැබෙන්නේ නැහැනේ. ඇතුළුවුණ කාරණාවට වයස හරි ගිය එක වෙනම දෙයක්. පොලිසිය කටයුතු කළේ අන්න ඒ අවසර නැතුව නිවසකට ඇතුළු වුණ හේතුව මත වෙන්න ඇති. එහෙම නැතුව ඒ මිනිස්සු නීතිය නොදන්නවා වෙන්න බැහැ. (නි)
ඒ කාලේ පොලිසි තිබුණානම් ජනේලයෙන් රිංගලා චිත්‍රා ළඟට යද්දී අපේ ගාමිණී කුමරු පොලිසියට කොටුවෙනව සිකුරුයි (බ)
හැමදාම හොර වැඩ කර කර ඉන්න බෑ අහු වුණ දවසට සේම ඉවරයි (ම)
මේ වගේ දේවල් සාමාන්‍ය දේවල්.වයස හරි නිසා එච්චර හිතන්න දෙයක් නැහැ.ඒත් අද සමාජයේ තරුණ පරපුරේ තියෙන අසහනයට විසදුමක් දෙන්න ඕනෑ. හෝටල් කාමර ගානේ රිංගනවා කියලා ඔවුන්ට බැන්නට උද්‍යානයකට ගිහිල්ලා කතා කර කර හිටියොත් පොලිසියෙන් අල්ලගෙන යනවා (නි)
මට මතක් වෙනවා මගේ අතීතය. (නි)
සෑම්, කාලෙකට පස්සේ හොඳ ප්‍රශ්නයක් අහලා. මම අහන්න හිටියෙත් ඕකම තමයි. අපේ මිනිස්සු තාමත් හණමිටි අදහස් කරේ තියාගෙන යන නිසා නේද මේ වගේ වැඩ වෙන්නේ? කොල්ලෙකුට කෙල්ලෙකුට නිදහසේ ආදරය කරන්න බැහැ. ඉතින් රෑට හොරෙන් හරි පනින්න වෙනවා තමයි. මම නම් යනවා පොලීසියට විරුද්ධව මානව හිමිකම් එකට (නි)
හමු වෙන්න ඉස්සෙල්ල නෙවේ, හමු වුණාට පස්සෙ ආදරය දෝරේ ගලන්නට පටන්න්න අැති. :-) (ම)