(දුනගහ බටේපොල විජයසිරි)
මැද පෙරදිග වසර දෙකක් රැුකියාවක නියුතුව සිටි කතක් පසුගියදා ශ්‍රී ලංකාවට ආපසු පැමිණියාය.
ඇය කටුනායක ගුවන් තොටුපළින් බැස අසළ තිබූ කුලී රියකින් යාමට ආවත් නිවෙස පිහිටි තැන අමතකවී ගමේ පාරක් පාරක් ගානේ කුලී රියෙන් ගොස් නිවෙස සොයාගෙන ඇත්තේ ඉතා දුෂ්කර ලෙසටය.
මේ අපූරු සිදුවීම ඇසූ ගමේ කතුන් කියන්නේ අවුරුදු දෙකට ගෙදරට එන පාර අමතක වුණා නම් අප අඳුනන්නේම නැතිව ඇතැයි කියාය. ඒ නිසාම ගමේ කතුන් තවම ඇය හමුවන්නට ඇගේ ගෙදර ගියේ නැතිලූ. ඇයද ගෙදරින් පිට ගියේම නැතිලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් ඕක හැදිලා තිබ්බා , ප්‍රන්සයට ආපු පළමු කාලයේ , දැන් එ්ක සුවවෙලා යහළුවන්ගේ විහිලු නිසා.(හේ)
ගෙදරට එන පාර අමතක වුණාට සමාවක් දෙන්න පුළුවන්. රට ආ සමහර කාන්තාවන්ට තමන්ගේ රටේ ළමයි ඔක්කොම අමතක වෙනවා ටික කාලයක් යනකොට. (නි)
ඕක මොකක්ද? අපේ ගොඩාක් දේශපාලකයන් හට උසාවියකදී යම් ප්‍රශනයක් ඇසුවාම, කියන්නේ මට ඒ ගැන මතක නැහැ කියලනේ (නි)
ඕක මොකක්ද මුල අමතකවෙන සිවුපාවුන් සිටින රටක. (නි)
මා කලකට ඉහත කොළඹ රජයේ ආයතනයක සේවය කරද්දී එහි සිටි සහෝදර සේවකයෙක් මාසයක ශිෂ්‍යත්වයක් ලබා ස්විස්ටර්ලන්තයට ගියා. මෙයා ආපසු වැඩට ආවිට එයාට සිංහලත් බැහැ, ඉංග්‍රීසිත් අමතකවෙලා. සිංහල වචන 3,4 කතාකරනකොට ප්‍රංශ, ජර්මන්, ඉතාලි වචන 10ක් විතර වැකියට එකතු වෙනවා. අපි ඉතින් එයා කතාකරලා ඉවරවෙනකම් පාර දිහා බලා ඉන්න පුරුදුවුණා.කාගේත් වාසනාවට එයාගේ ඒ ලෙඩේ කෙටි කාලයකින්ම සුවවුණා (නි)
සමහරවිට මොකක් හරි අසනීප තත්ත්වයක්ක් වෙන්නත්ත් පුළුවන් (ම)
මටනම් එහෙම වෙනෙකක් නැහැ , මම නිතරම ගෙදර අයත් එක්ක ඉන්න නිසා දුර හිටියත් (ම)
මන් දන්නා එක්කෙනෙක් එංගලන්තේ අවුරුදු දෙකක් ඉඳලා ලංකාවට ආපු වෙලේ කොස් ගහක් දිහා බලලා ඇහැව්වලු මේ ගහ මොකක්ද කියලා මේ වගේ ගස් තවත් තියෙනවද කියලත් ඇහැව්වලු.(හේ)
ඒ මෝඩ කමයි.(හේ)
අනේ ඕක සුළු දෙයක් ලංකාවේ , (හේ)
මේක ලෙඩක් මේකට බෙහෙතක් ගන්න.(හේ)
තවත් රස කතාවක් තියෙනවා ගම්පහ පැත්තෙන්, අවුරුදු ගානක් අරාබි රටක සේවය කරපු කාන්තාවක් තමන්ගේ ගම් පළාතට සේන්දු වෙනකොට ගමේ හිටිය ටිකක් මැදිවියේ පුද්ගලයෙක්ගේ අතේ තිබුන යම් දෙයක් දැකල, "අනේ අය්යේ මොකක්ද ඔය කටු කටු තියෙන ගෙඩිය හරිම ස්වීට් අනේ" ඒ මනුස්සය මොකුත්ම නොකිය යන ගමන් ගම පුරා පට්ට පතුරු ඇරියලු " යකෝ මුන් ගමේ ඉන්නකම් කොස් තම්බ තම්බ කාපු උන් දැන් කොස් ගෙඩිය අදුරන්නෙත් නෑ" කියල . (අ)
එක සාමාන්‍ය දෙයක්, ඒ ගමේ ගෙවල් පාරවල් ඒ අවරුදු 2 වෙනස් වෙලා අලුට් ගෙවල් හදල ඇති. (කේ)
අපි වගේ අවුරුදු 25ක් හිටියොත් කොහොමවෙයිද දන්නේ නැහැ (නි)
මාකාවිට මහත්මයෝ, එවැනි රෝග ලෙහෙසියෙන් සුවකරන්න අමරුයි (නි)
ඕක මොකක්ද? දින සීයෙන් රට බේරාගත් මිනිස්සු අමතකවුණේ සමහරුන්ට? (නි)
පරකඩුවේ එක්කෙනෙක් ගිහින් ඇවිත් කොන්ද අල්ල අල්ල කුස් කුස් ගාන්න ගත්තා. (බ)
අපොයි නැහැ සම්පත් අපි මේ සමහරුන්ගේ මුතුන් මිත්තන් ඉඳලාම මතක් කර ගත්තු ගමන් ! (ම)
අවුරුදු 10 විතර ගියානම් අපේ රටත් අමතක වෙයි.(හේ)
ඕක මොකක්ද අනේ පහුගිය දවස්වල අපේ ගොඩක් අයට මුල අමතක වුන හැටියට (නදී)
ආ ඕවා ඔහොම තමා රටගිය අයට තමන්ගේ අම්මා තාත්තා අමතක වෙනවා. එහෙම එකේ ඒ නෝනට ලංකාවට එන්න මතක තිබ්බ එකම ලොකු දෙයක්. (නදී)
මෙහෙමත් දේවල් වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.(හේ)
මටත් ඔහොම දෙයක් වුනා. 2000 දී විතර ලංකාවට යනකොට මිතුරෙක් ඔහුගේ ඥාතියෙකුට මගේ අතේ මුදල් ටිකක් එව්වා. එය දිය යුතු ලිපිනය මට කිව්ව ගමන්ම මම කිව්වා, අපෝ මං ඔය පාර හොඳට දන්නවා, අපේ ගෙවල් කිට්ටුවමයි, කියලා. පරණ පුරුද්දට ඒ පාරට ගිහින් බලපුවාමයි වැඩේ තේරුනේ. මං ඒ පාරට අවරුදු 8/9 කින් ගිහින් තිබුනේ නැහැ. ඒකේ තිබුනේ රබර් වත්තක්, වෙල් යායක් පන්සලක් සහ ගෙවල් හත අටක් . දැන් බලපුවාම රබර් ගහක්වත්,වෙලක් වත් නැහැ. සෑම මීටර් සීයකටම විතර හරස් පාරවල් තියනවා. ගෙවල් දහස් ගානක් තියනවා. කිසිම කෙනෙක් කිසිවෙකු අඳුනන්නේ නැහැ. අන්තිමට රස්තියාදු වෙලා හොයාගන්න බැරි තැන මගේ මිතුරාට ඔස්ට්‍රේලියාවට කතා කරලා කිව්වා, මං දන්නා පන්නිපිටිය නොවෙයි දැන් තියෙන්නේ, ඥාතියාට අපේ ගෙදර ඇවිත් මුදල් ගෙනියන්න කියලා.(හේ)
එක ගැහැණියක් අරාබි ගිහින් ඇවිල්ලා ගෙදර කතාකරන්න ගත්තලු අරාබි භාෂාව. සැමියා බිරිඳගේ කණට එකක් දුන්නහම හොඳට සිංහල කතාකළාලු (නි)
මේ දෙස හාස්‍යයෙන් බැලිය යුතු නැහැ. ඒ තරමටම ගෘහ සේවයට යන අපේ සමහර සොයුරියන් නූගත් සහ නොදැනුවත්. අසරණකම නිසාමයි රට යන්නේ.(හේ)
අපේ පැත්තේ කාන්තාවක් රට ගිහින් ඇවිල්ල දවසක් අපේ ගෙදර උයපු පොලොස් යවපුහම එයා අහල මොකද්ද කියල? ඉතින් ඒ අන්කල් පැහැදිලි කරලා දීල කොස් වල පොඩි එක කියල. ඒ ගමන් අර කාන්තාව ආ බේබි කොස් කියල.(නදී)
ධම්ම ඕයා හරි.(හේ)
අපෝ ඕක මොකක්ද? අපේ ගමේ කෙනෙක් මාස 3ක් කුවේට් ඉඳල ඇවිත් ඉදගන්නේ බිම විතරයි. වචන 5න් 5 ට අල්ලා කියනවා මල විකාර කෝටියයි. අන්තිමට මිනිහයි, ගෑනියි ළමයි දෙන්නයි දාල වෙන ගෑනියක් අරන් යන්න ගියා. (නදී)
මටත් මෙහෙම වුනා.(හේ)
ඔය සිද්ධිය ගැන වැඩිය හිතන්න එපා.ඔය වගේ දේවල් නිතරම දකින්න ලැබෙනවා.(හේ)
මමත් කතාවක් කියන්නම්. මුදියන්සේ මාමත් ගියා රට රැකියාවකට. ඉතින් වැසිකිළි බර නිදහස් කරන්න වුණේ ඉංග්‍රීසි ක්‍රමයට හදපු පෝච්චියේ.ලංකාවට ආ ගමන් ගියේ අපේ පරණ එකට (නි)
රට යන අපේ කාන්තාවෝ එවන මුදලින් තමයි අපි ජීවත්වෙන්නේ. නැත්නම් ගන්න ණයවලින්. එනිසා අදහස් දමද්දි ඒ ගැනත් හිතන්න. සමහර කාන්තාවන්ට එහෙදි වෙන දේවල් වල හැටියට මේ වගේ දේවල් පුදුමයක් නෙමෙයි. (නි)
රට රැකියාවට ගිය අය දන්නවා ඒ දුක. කරුණාකර ඒ අයට හිනාවෙන්න එපා.අනුකම්පා කරන්න.ගෘහ සේවයට ආ අය විඳින දුක දන්නවා නම් එහෙම කියන්නෙ නැහැ. මෙහෙ ඉන්න අයට තමන්ගේ දුක කියන්න කවුරුත් නැහැ (නි)
ඔය අමතකවීම් කියන දේ සමහරුන්ට තමන්ගේ මුල් පවුල් පසුබිම් අතීතය ආදී හීනමානය ඇති වෙන කරුණු අනෙකුත් අයගෙන් වසන් කරන්න ඕනෑ වෙනකොටත් සිදුවෙනවා. (නි)
අපේ ගමේ වයසක මෑන් කෙනෙක් සතියක ඉන්දියා වන්දනාවේ ගිහින් ඇවිල්ලා සිංහලෙන් අපි කතාකළාම හින්දියෙන් උත්තර දෙන්නේ. (නි)
මංමුලාවී පාර අසාගෙන යන ගමනේ.(හේ)