පෞද්ගලික වැඩපළක හිමිකරුවකු වන ඔහු ඉතා පිරිසිදුවට ඇඳුම් අඳින, ප්‍රසන්න පෙනුමක් ඇති කඩවසම් පුද්ගලයෙකි. මනමාලකමක්ද ඇත. තනිකඩයෙකි. 
දිනපතා වැඩපළට යන ඔහු නගරයේ තිබෙන හෝටලයකට ගොඩ වැදී උදේ ආහාරය ගැනීමට පුරුදු වී සිටියේය. 
ඒ අසලම තවත් හෝටලයක වේටර්වරියන් දෙතුන් දෙනකු වැඩ කරනු දුටු ඔහු මෙම සිද්ධිය වූ දින එම හෝටලයට පැමිණ උදේ කෑමට පාන් ඉල්ලා සිටියේය. 
වේටර්වරිය ඔහුට වාඩිවීමට කියා මේසය වෙත පාන් පරිප්පු සහ  සම්බෝල පීරිසියක් ගෙනැවිත් තැබුවාය. 


ඉන් පසු ඔහු වේටර්වරියන් දෙස වරින් වර බලමින් පිඟාන ළඟට ගෙන පරිප්පු හොදි පීරිසිය එක්වරම එයට හලාගෙන පාන් කන්නට වූ නමුත් එහි කිසිම රසක් දැනී නැත. 
එහීදී වෙටර් වරියට කතාකළ ඔහු, ‘‘“නංගි මොකක්ද මේ පරිප්පු හොද්ද? කවුද හැදුවේ?”‍ යැයි ප්‍රශ්න කළේය. 
“‘‘ඇයි සර් අපිම තමයි හැදුවේ මොකක්ද ප්‍රශ්නේ ?”‍
එවිට වේටර්වරිය ප්‍රශ්න කළාය. 
‘‘“කිසිම රහක් නෑනේ.. වතුර වගේ චිහ්”‍ යයි කීවෙය.
මෙහිදී මේසය ළඟට පැමිණි වේටර්වරිය 
‘‘“සර් මම මෙච්චර පරිප්පු ගෙනාවෙ නෑ නේ!”‍ යයි කියමින් පිඟාන පරීක්ෂා කර උස් හඬින් සිනාසෙන්නට වූවාය. 
මෙය දුටු වේටර්වරියන් දෙදෙනකුද එතැනට පැමිණ පිඟාන පරීක්ෂා කර බලා  ඔවුහු ද සිනාසෙන්නට වූහ. 
ලැජ්ජාවටත් කෝපයට පත් වූ ඔහු  ‘‘“මොකෝ මේ තමුසෙලා හිනාවෙන්නේ ...අපි මේවට සල්ලි ගෙවනවානේ” යයි කීය. 
“‘‘සර් අත හෝදගන්න පිඟානට උණු වතුර දාලා තමයි මම ගෙනත් තිබ්බේ. සර් ඒකටම පරිප්පු එක හලාගනනේ”‍  
කරුණු වැටහුණු ඔහු, 
“‘‘දෙයියෝ සාක්කි ඒකේ වගක් මම දන්නෑනේ. සොරි”‍ යයි  කියමින් නැවත පරිප්පු පීරිසියක් ගෙන්වාගෙන පාන් කමින් 
‘‘“ෂා දැන් හොදි රසයි! නියමයි! මේ වගේ පරිප්පුවක් කවදාවත් කාලා නැතැ”‍ යි පවසා ඇත. 
‘‘“සර් මේ නංගිලා දිහා බල බලා ඉන්නවා මිසක් පිඟාන දිහා බැලු‍වේ නෑනේ ඔහොම වුණේ ඒකයි”‍ යැයි ඇය පවසන විට ‘‘ඒක ඇත්ත!! යැයි ඔහුට කියැවුණු බව දැනගන්නට ඇත.

හිඟු‍රාණ නවරත්න සමරතුංග