ප‍්‍රසිද්ධ ස්ථානයක දෙදෙනකු අතර සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් පොලිසියේ ක්‍ෂණික දුරකථන ඇමතුම් අංකය වන 119 අංකයට ඇමැතීම සඳහා එම ගැටුම අසල සිටි අයකු පොලිසියේ වන්.වන්.නයින් එකට ඇමැතීමට අංකය කියන්න යැයි හඬහා කීමේ සිද්ධියක් මහනුවර ප‍්‍රදේශයෙන් වාර්තාවේ.
මහනුවර ප‍්‍රධාන පෙලේ වීදියක සාප්පු සංකීර්ණයකි. එහි ඇති හෝටලයක් අසල දෙදෙනකු අතර මත ගැටුමකි. එය අතපය විසි කරන තත්ත්වයකට ඔන්න මෙන්න කියා තිබියදී සමාජ බුද්ධිය තරමක් අඩු පුද්ගලයකු එය විමර්ශනය කොට එම කලහකාරි සිද්ධිය නැවැත්විය යුතු බව පැවසීය.
එහෙත් ඔහු අත පොලිසියේ අංකයක් නොවීය. ඔහුට එක්වර මතක්වුයේ වන් වන් නයින්ය. එය ඔහු සිතා සිටියේ පොලිසියේ කිසියම් අංශයක් කියා විය හැකිය.
ඔහු එක්වරම හඬගා කියා සිටියේ මේ ගැටුම වහාම නතර කළ යුතුයි මට හැකි ඉක්මනින් ‘‘වන් වන් නයින්’’ එකේ අංකය දෙන්න යනුවෙනි.
ඒ සමගම බොහෝ දෙනෙකු බඩ අල්ලාගෙන සිනාසෙන අයුරු දක්නට ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කවුරු හරි කියන්න ඉංග්‍රීසි සිංහලට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. "එක" කියල අගට දාන්න. බස් එක, ෆෝන් එක, ඔය වගේම මේ ලියන සිංහල ෆොන්ට් එකත්.(නදී)
නුවර අය ඔහොම තමා (අ)
කව්ද අර ගගෙන් එහා පැත්ත ගැන කතා කළේ? අපේ පැත්තේ අය මෝඩයෝ නෙමෙයි. හොදට දැනගෙන කතා කරන්න. මෝඩ කතා කියන්න එපා. (නි)
රුපවති නුවරම තමයි. හා හා හා දෙයියෝ සාක්කි ආටිකල් එකට වැඩ. කට්ටියගේ අදහස් වලටයි හිනා ගියේ.(නදී)
වෙච්ච සිද්දියට වඩා මෙහි යන සංවාදය මටනම් රසවත්. අපි මේ විදිහටම මේක තියා ගමු නේද? ඉඳල හිටලා ටිකක් සැර ඒවා යනවා එහෙම නැතුවත් බැහැනේ. (නදී)
මගේ නමෙන් එකක් අඩු කරලා අරළු ,බුළු ,නෙල්ලි එපා,ඉතුරු හරිය ඒ විදියටම කරගෙන යන්න.(නදී)
ඔය කාටත් හදීසියකදී වරදින්න පුළුවන්, කොහොමත් නුවර මිනිස්සුන්ගේ පපුව හොදයි. මේක සුළු සිද්දියක් නේ.(නදී)
දන්නේ නැතිකමට ඇයි හිනාවෙන්නේ? අපේ අය හැමදාම බලාඉන්නේ නොදන්නාකමට හිනා වෙන්න තමයි (නි)
ඔහොම තමා හදිස්සියට කොරහට අත දාන්න වත් බැහැය කියනවනේ .(නදී)
මට නම් හිතෙන්නේ අඩු බුද්ධිය තියෙන්නේ බඩවල් අල්ලන් හිනාවුණ අයටයි, මෙතැන මෝඩ අදහස් දාන අයටයි. මොකද ඒ මනුස්සයා තැනට සුදුසු නුවන පාවිචි කරලා තියනවා. අපේ සමහරක් අයගේ ගතිය තමා සිංහල වැරදුනොත් ආඩම්බර වෙනවා, ඉන්ගිරිසි වැරදුනොත් හිනා වෙනවා. ඒක තමයි අඩු මානසිකත්වය (නි)
සමහර අය එහෙනම් කැච් අල්ලන්නේ ! (අ)
මේ මනුස්සයගේ ක්‍රියාව අගේ කරන්න ඕනේ. ඒ වුණාට සාමාන්‍ය දැනුමත් වැඩි කරගත්තා නං තමයි හොඳ (අ)
නුවර අපි ෂපාන් එකේ සින්දු කියන්නේ, ප්ලේන් එකේ හුලන් නැති නිසා හුලන් වදින්නයි දොර අරින්ට ගියේ.(නදී)
මම නාරද සමග එකගයි. හරියට හරි නාරද. රුවන්,අර ගගෙන් එහා කියලා කෙනෙක් ලියලා තිබුනා නේද? ඒ කියන්නේ බෙන්තර පාලමෙන් කොළඹ පැත්තට පැන්නම වෙන්න ඇති. අපි එහෙම කියමු රුවන්. මම තව එකක් කියන්නම්. මේ මනුස්සයට හිනහ වුනාට හොද මොලයක් තිබුන නිසානේ පොලිසියට කෝල් කරන්න ගියේ. කොහොම වුනත් අදහස් නිසා ටිකක් විනෝද වුණා (දී)
ශ්රී ලංකාවේ ප්‍රථම වතාවට සිංහලයා මෝඩයා කියල කව්ද අනේ කිවේ?(නදී)
රුපවතිට වලිගෙ පෑගිලා වගෙයි.71 අප්‍රේල් කැරැල්ල 83 ජුලි කලබල(අ)
හැබැයි මේකයි නුවර අය අන්තිම වෙනකම් රට සුද්දට දෙන්නේ නැතුව අල්ලාගෙන හිටියා. ඒත් ගගෙන් එහා අය උන්ට කොටු ගහ ගන්නත් දුන්නා (ගාලු කොටුව, මාතර කොටුව), ඒ උනාට හැම තැනම කියන්නේ නුවර අය රට පාවලා දුන්නා කියලා. හබෑටම් ඇත්ත මොකක්ද?(නදී)
ඒ මනුස්සයා පයිට් එකක් ගහගන්න එක නැවැත්තුව එකම මදිද?(නදී)
ඕක මොකක්ද අදටත් අපේ පැත්තේ කෙනෙකුට ජොනි අන්කල් මාමා කියල කට්ටිය කතා කරන්නේ.(නදී)
මේ රූපවති කියන්නේ වයස කීයක කෙනෙක්ද දන්නේ නැහැ.71 අප්‍රියෙල් කෙරෙල්ල වෙනකොට රූපවතීට වයස කීයද දන්නේ නැහැ.මම එතකොට ඉස්කෝලෙ යනවා. අදහස් දාන්න ඉස්සරවෙලා දන්නා කෙනෙකුගෙන් අහලා හිටියා නම් හොඳ නේද. (නි)
ඉස්සර අපේ අයට මාරුවුණේ වයර් , දැන් මාරුවෙන්නේ දොරවල්. අබුද්දස්ස කාලේ ! (නි)
ඔක මොක්කක්ද නුවර ඉන්නවා ලෝක හොරෙක් (අ)
ඕවා එච්චර ලොකු දේවල් නෙමෙයි අද කාලේ (නි)
අනේ ගුණරත්න මාමේ, මම වැදලා සමාව ගත්තා කියලා හිතන්න. මම ඔයා තරම් බුද්ධිමත් නැතුව ඇති. (නි)
ඔහු ගත් උත්සාහය ගැන සිංහලයෙක් විදියට මම ආඩම්බර වෙනවා. වැරදි කා අතිනුත් වෙනවා ඒකට හිනාවෙන මිනිස්සු අපේ රටේ ඉන්න එක ගැන මම ලාංකිකයෙක් හැටියට දුක් වෙනවා. හිනාවෙන මිනිස්සු ආපසු තමන්ගේ කෙරුවාවන් දිහා හැරිලා බලන්න තමන්ට කීදෙනෙක් හිනා වෙනවද කියලා. (අ)
ඔහු හොද මිනිසෙක් (නි)
මේ අනම් මනම් සද්දේ හින්ආ කතාව අහගන්න බැරි වුනානේ. ඉතින් කොහොම හරි රණ්ඩුව නැවතුනාලුද ? (නි)
ඒ මනුස්සයා තැනට සුදුසු නුවන පාවිච්චි කරලා. කට්ටියම හිනා වෙලා රංඩුව ඉවරවෙන්න ඇති.(නදී)
මමත් දකුණේ තමා. නමුත් ඒ පුද්ගලයා තමා බුද්දිමත්. හිනා උන හැමෝම මෝඩයෝ. (අ)
සමාව නම් දෙන්නම්.දැන්වත් හොඳ කොල්ලෙක්ව හොයාගෙන පිළිවෙලක් වෙයන් දුවේ. (නි)
සරත් මල්ලි මාව...මිනිමරුවෙක් කරන්න එපා ....? ඕකව වැවටනම් දමන්න බැරියැයි මට බය ඕක වැවේම ඉන්න ආදොටික එකතුකෙරුවොත් ...?ඒ පාපෙන් මට ගැලවීමක් නැහැ කොල්ලෝ ....? (නදී)
මේකත් හරියට 71 අප්‍රේල් කැරැල්ල ඇති වුනේ කුමන මාසෙද කියලා ගුරුතුමී ළමයින්ගෙන් ඇහැව්වා වගේ තමා.(නදී)
අහන්නත් දෙයක්ද ? නුවර අය කොහොමත් ඔහොම තමා. (නි)
ඕක අහන්න දෙයක්ද? මේ ඊයේ පෙරේදා ගුවන් යානයක දොර ටොයිලට් එකේ දොර කියලා දර අරගෙන මුත්‍රා කරන්න ගියෙත් නුවර කෙනෙක්නේ (නි)
කොහෙද යන මෝඩයෝ දෙන්නෙක් නිසා දළදා වහන්සේ වැඩ වසන නුවරටයි අපහාසේ (නි)
දැන් ඒ පාර නුවර කට්ටිය හීනෙනුත් ඇවිදිනවා කියන්නේ නුවර පොලිසියට විශේෂ රාජකාරි යොදවන්න වෙවී රෑට හීනෙන් ඇවිදින අයව ඇහැරවලා ගෙවල් වලට යවන්න.(ස)
මීට ඉස්සෙල්ල හීනෙන් අවිදලලද නුවර එක්කෙනේගේ කකුල් දෙකම කැඩුනේ.(ස)
මේවා සාමානන්‍යයෙන් සිදු වෙන්නේ ගඟෙන් එහා පැත්තේ! ඕකට ෂුවර් එකට බෙන්තර ගඟෙන් එහා පැත්තේ පින්වතෙක් සම්බන්ද ඇති.(ස)
අපේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ ලෝකේ සිහියකින් නොවේ. (ස)
අපේ මිනිසුන් ජීවත් වෙන්නේ ? එදිනෙදා ජීවිතේ සාමාන්‍ය දැනුම වත් නැතිවයි. ඒක නිසා මෙතරම් විශාල අපරාද රැල්ලක් රටේ හබාගෙන යන්නේ ඒ නුගත් කම නිසයි. නැතිනම් ප්ලේන් එකේ දොරක් කඩයිද අර යොදයා. මහත ඇගක් තිබුනට මදි අබ ඇටයක්වත් තරම් මොලයක් නැතිව. නැතිනම් එයා ලංකාවේ ඉදන් ඔච්චර දුරක් යනකොට ටොයිලට් පාවිච්චි කලේ නැද්ද ? මේ මනුස්සයත් වන්,වන්, නයින් නම්බර් වත් අහල නැතිද ?සමාජේ විෂමයි.(නදී)
නුවර පැත්තේ අයනේ ගුවන් යානයේ වැසිකිලිය කියලා ප්‍රධාන දොරටුව අරින්න හදන්නේ.(නදී)
රූපවතී අක්කේ මේ දෙන්නම මාළු පෙන්නන්න කියල නුවර වැව ලගට එක්ක ගිහිල්ලා වැවට තල්ලුකරලා දාන්න.(නදී)
ආනේ ඕක ඔච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයිනේ. මේ පාරත් ගුඩ් ෆ්‍රයිඩේ ආවේත් සිකුරාදමනේ. තව මොන කතාද?(නදී)
නෑ පණ්ඩුක ඒයා නුවර තුම්පෙන්.(නදී)
අපේ මිස් කෙනෙක් අපෙන් ඇහුවා ජුලි කලබල ඇති උනේ මොන මාසෙද කියල ඒකට මට හිනා ගියාම මට බැන්නා.(නදී)
අතේ තිබුනේ සිංහල දුරකතනයක් (නි)
සුද්දා ගල විද්දේ නැත්නම්, නුවර මැණිකෙලා තවම 119 එකේ ඒක හොයනවා.(නදී)
ගුණරත්න....? ඔයා ඔල්මාද ගුණරත්න...?(71 ජුලි කැරැල්ල ) අප්‍රීල් නෙවේ යෝදයෝ .....?ඔයත් නුවර නේද ? මම හිතුව හරි ...? (දී)
ඔහු ගත් උත්සාහය ගැන සිංහලයෙක් විදියට මම ආඩම්බර වෙනවා. වැරදි කා අතිනුත් වෙනවා ඒකට හිනාවෙන මිනිස්සු අපේ රටේ ඉන්න එක ගැන මම ලාංකිකයෙක් හැටියට දුක් වෙනවා. හිනාවෙන මිනිස්සු ආපසු තමන්ගේ කෙරුවාවන් දිහා හැරිලා බලන්න තමන්ට කීදෙනෙක් හිනා වෙනවද කියලා. (නදී)
මමනම් හිතන්නේ හිනාවෙන් හරි කාගේ කාගේත් තිබිච්ච ලේ රත්වීම ඉක්මනට ම බැස්ස ගත්තනේ.(නදී)
මේ මනුස්සය ඉංග්‍රීසි දන්නෙ නැතුව ඇති... වන් වන් නයින් කියන්නෙ ස්ථානයක් කියල හිතන්න ඇති... පව්...!!!(නදී)
අපේ සීයටත් ඉංග්‍රීසි බැහැ, ඒත් ඉස්සර කාලේ රාජකාරියකට රජයේ ලොකු මහත්තයාගේ කාමරය ලග හිටගත් විට එන්ට කිවුවම ඇතුලට ගිහින් ලිය කියවිලි පෙන්නුවහම බලලා ඉංග්‍රීසියෙන්ම කථා කරලා තව මහත්තයෙක් ව පෙන්නුවලු සීය ලියකියවිලි ඒ මහත්තයාට දිලා වැඩේ කරගත්තාලු, පසුව ඒ මහත්තයා සීයගෙන් ඇහුවලු හොදට ඉංග්‍රිසි පුළුවන් නේද ගොවියෙක් උනාට කියලා, සීයා කිව්වලු මම දන්න ඉංග්‍රීසියක් නැහැ කියලා. එහෙනම් ලොකු මහත්තයා එක්ක ඉංග්‍රිසි කථා කලේ කෙහොමද අහුවලු. මෙහෙම කථාව ගිහින් පස්සේ තමයි දැනගෙන් තියෙන්නේ ලොකු මහත්තයා එන්ටර් කියලා ඉංග්‍රිසියෙන් කියලා තියෙන්නේ කියලා. අපේ සීයට සිංහලෙන් තමයි හිතිලා තියෙන්නේ එන්ට කියනවා කියලා.(නදී)
නුවර පැත්තෙ ඉන්නෙ හිත හොද මීනිස්සු. ඒකයි රංඩුව දුරදිග යන්න කලින් විසදන මගක් හෙව්වෙ. කලබලේට එහෙම දෙයක් කියවෙන්න ඇති. ඒක සිනාවෙන්න තරම් දෙයක් නෙවෙයි. (ස)
එකයි. එකයි. නවයයි. (ස)
අපේ සීයල පහලින් ගිහිල්ලා කඩුගන්නාවේ ගල විදලා නුවර කට්ටියට කොළඹ එන්න පාර හදලා දුන්නනේ. ඊට පස්සේ නුවර කට්ටිය කොළඹ එන්න ආවලු . කැලණියේ රේල් ගේට්ටුව වහලා තියනවා දැකලා කොළඹ වහලා කියලා ආපහු ගියාලු (නි)
කට්ටියගෙන්ම මම මේ අහන්නේ. ඩෙවල් බීෆ් කිව්වහම මම දන්නවා .මම අහන්නේ මේ මස් මොනවද කියලා (නි)
යොහාන් ඔබගේ කටේ මසුරන් දාන්න වටිනා කියමනක්. නුවරම නෙවෙයි ඇමැතිලාගේ පුත්තුන්ට වෙන සහ කරන කියන දේවල් ඇහුවම අනේ අපොයි ලංකාවට ගිය කලක් නේද?(නදී)
සිහිනුවණින් ජීවත් වෙන කෙනෙක් නම් එහෙම අහන එකක් නෑ. (දී)
මේකේ තියන කොමෙන්ට්ස් බැලුවම තේරෙනවා වැඩි දෙනෙකුගේ හිතේ තියෙන කියාගන්න බැරි හිතේ අමාරුව. (අ)