(මහනුවර විශේෂ චමිල් රූපසිංහ)
අලූත බැඳපු යුවළක් කන්ද උඩරට ඉඳලා මහගෙදර මනමාලයගෙ නිවසේ පදිංචියට ඇවිත් හිටියලූ. අලූත් මනමාලි ගෙදර දොරේ වැඩට ගොඩාක් දක්‍ෂයිලූ. උදෑසනින්ම අලූත් මනමාලි ගෙදර දොර අස්පස්කරල අවුරුද්දට නැකතට පත්තු කරන්න රතිඤ්ඤා වෙන්කරල රතිඤ්ඤ පෙට්ටි ඔතපු කවර ටිකත් ළිපට දාන්න කුස්සියට ගෙනිහින් තිබ්බලූ.
ඔය අතර අලූත් යුවළ බලන්න නෑයෝ කට්ටියකුත් ආවලූ. මනමාල මහත්තයගෙ අම්ම කිව්වලූ අලූත් මනමාලි එක්ක කතා කරන්න දේවල් ඇති මම තේ එකක් හදන් එන්නම් කියලා. මනමාලයගෙ අම්ම කුස්සියට ගිහින් ටික වේලාවකින් ඩෝං කියල මහ සද්දයක් කුස්සිය පැත්තෙන් ආවලූ. ඒ එක්කම මනමාල මහත්තයගෙ අම්ම මූණ පුරාම අලූ ගාගෙන නෑයෝ කට්ටිය හිටපු තැනට ආවලූ.
සිද්ධිය මොකක්ද කියල බැලින්නම් අර රතිඤ්ඤ කොළ අස්සෙ බැරිවෙච්ච රතිඤ්ඤයක් තිබිල ඒ කොළයක් ළිපට දාල අම්ම තේ හදන්න පත්තු කරල ඒ රතිඤ්ඤයක් පත්තු වෙලා සිද්ධිය වෙලා තියෙන්නෙ කියල මනමාල මහත්තයට තේරුම් ගියාලූ. නිවසේ සියලූම දෙනා මනමාලිට ගොඩාක් ආදරේ නිසා ප‍්‍රශ්නයක් වුණෙත් නෑලූ.
අලූත් යුවළ බලන්න ආපු නෑයො කිවුවලූ අලූත ගෙනා මනමාලි සද්දෙ දාලම වැඩ පටන් අරගෙන කියල සියල්ලන්ම සතුටින් හිනා වුණාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන්ගේ අදහස් කියවලා මටත් මගේ අතීතය මතක්වුණා. මගේ මහත්තය මා එක්ක යාලුවෙලා මුලින්ම අපේ ගෙදර ආවේ අප්‍රියෙල් 16. අපේ මිදුලේ ලොකු කැට පිටියක්. ඉතින් අපේ අම්මා මට කිවුවා උයන්න උදවු වෙන්න කියලා. පරිප්පු ටික හෝදන්න දුන්නහම මම ඒක වතුර කළේ ළඟින් තියලා ගිහින් කැට ගැහුවා. මහත්තය ආපු ගමන් අම්මා ඕක කිවුවා. බැන්දම නම් මෙහෙම කරන්න දෙන්න එපා කියලා. මහත්තයා හිනාවුණා. අවුරුදු කාලේ එද්දී අම්මාට අපිව හොයන්න බැහැ.මතක් වෙද්දීත් සතුටුයි . (නි)
සහන මහත්තයෝ අහල තියන විදියට ඉස්සර නම් ගමේ මහතුන්ලා හැදුවේ සීනි කරින්ඥාඥන් නේද?. අපේ ගෙදර ඉස්සරහ ඉස්කෝලේ වත්තේ කැලෙත් ඕවා හදල ලොකු කලවල දාල තිබිලා. යාලුවොත් එක්ක සෙල්ලම් කරනකොට දැකලා කට්ටියම කළේ බින්දා. එදානම් මෑන්ට ආරංචිවෙලා මාව මරන්න පැන්නුවා. තාත්තා වැඩ ඇරිලා එනකොට වෙන වෙන දේවල් කියල මට ගුටි පූජාවක් අරන් දුන්නා. එ්කට ඇබ්බැහි වෙච්ච අපේ බාප්පා කෙනෙක් එදා ඉඳල ටික දවසක් යනතුරු එ් පැත්තේ යන්න තහනම් කළා. සහන් මහත්තයෝ පොඩි ප්‍රස්නයක් අල, පරිප්පු, සැමන්,හන්දියේ කඩෙන්ම උයලද ගෙනාවේ. දැන් නම් කැවුම් කොකිසුත් සුවීට් හවුස් එකෙන්නේ. සුබ අලුත් අවුරුද්දක්. ශ්‍රී ලංකාවාසී ඔබ සැමට. (නදී)
වෙලාවට මනමාලි නැන්දම්මාගේ මුනේ දැලි ගාන්න කලින් නන්දම්මා මුනේ දැලි ගානගෙන ඇවිත් නේද? (නදී)
මහින්ද ,කේක් ගෙදර හැදුවේ නෑ කියල කිව්වේ .ප්‍රමාද හෝ මුද්‍රණ දෝෂ ගණන් ගන්න එපා .බීරංග ගහපු හැටි ,ගමේ අවුරුදු ඉවරවෙන්නේ අවුරුදු උත්සවේ ගෝරියකින් කෙනෙකු රෝහල් ගත කිරීමෙන් හෝ සුදු පොලට පොලිසියෙන් පැනීමෙන් හෝ බීපු කට්ටිය ගහගෙන රෝහල් ගත කිරීමෙන්ය .මගේ මතක ඕව තමයි මට වයස 7/8 කාලේ (බ)
මට නම් මතක් වෙන්නේ අවරුදු කාලෙට වෙලේ ඉපනැල්ලේ ක්‍රිකට් ගහපු හැටි, ඔන්චිල්ලා පැදපු හැටි. ගෙදරට හොරෙන් සල්ලි වලට කැට ගහපු හැටි. කැවිලි හදන්ට උදව් කරන්ට එන මුතු මැණිකට හොරෙන් පැණි හට්ටියට ඇඟිල්ල ගහල ඇඟිල්ලේ දැවටුන පැණි ලෝන එක. පැණි වළලු(උඳු වැල්) යාළුවොත් එක්ක එකතුවෙලා හොරකන් කරගෙන ගිහිල්ල කන එක. මතකයට නගන්න හොඳම කාලයක්. අද දරුවන්ට ඒ රසවත් අතීතය අහිමිවෙලා තියෙන එක ගැන හරිම වේදනාවක් තියෙන්නේ. ඇයි එහෙම උනේ කියල හිතෙනවා. (නදී)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් ද ඉන්නේ ? ඔයත් අර 64 දෙනාගෙන් එක්කෙනෙක්ද ? ඔය 64 දෙනකුට බැංකුවක් දාල දුන්නලු නේද ? වාර්තා වල හැටිය සී ෂෙල්ස් ඉන්නේ රාජ්‍ය සේවාවන් සඳහා ලංකාවෙන් යවපු අය පමණයි. ආණ්ඩුවෙන් පඩි අරගෙන මේකේ පම්පෝරි නොගහ තමුන්ගේ රස්සාව කරන්න අපෙන් ගන්න අධ්‍යාපනයට ණය නැතුව. (බ)
ලංකාවේ කොහෙවත් මෙහෙම එකක් වෙලා නැහැ.(නදී)
හොඳ අම්මා කෙනෙක් තමා හමුවෙලා තියෙන්නේ (නි)
අනුරුද්ධ,මම දැනට නම් මෙහෙ තමා කාලයක සිට ඉන්නේ.ඔයා තවම ලාබාල වැඩියි වගේ.මේ ගැන අධ්‍යයනය කරන්න.මම නම් . ලබපු අධ්‍යාපනයටත්, බීපු මව්කිරි වලටත්, මව්බිමට උපරිමයෙන් සේවය කරලා ලංකාවට බරක් නොවී මෙහෙ ඇවිල්ලා කාගේවත් බෙලි නොකපා මෙහි කරන රැකියාවෙන් ලැබෙන වැටුප ඩොලර් වලින් මව්බිමට විදේශ විනිමය ලෙස එවමින් විදේශ සේවයේ යෙදී සිටින ලක්ෂ සංඛ්‍යාත සේවාදායකයින් අතරින් කෙනෙක්. (නි)
දනුක මහත්තයෝ, මමත් කැන්දන් අාවේ නම් උඩ රට මැණිකේ කෙනෙක් තමා. දැන් දරුවෝ දෙන්නත් බදින වයසේ. එත් .බින්න බහින්න ගියානම් තමා ඒවා එහෙම වෙන්නේ. අනික ඔයා ගේ හිත ගත්තේ එක්කෙනයි නම් එයත් අරන් ඉක්මනට තමාගේ රාජයේ ඔටුනු පලදාගන්න. ඔබට සුබ අනාගතයක්. (නදී)
මහින්ද සොයුර, ඕවා ගණන් ගන්න එපා.මෝඩකමට බෙහෙත් නැහැ කියනවනේ? අපේ රටේ සමහර මිනිස්සු තවමත් බලන්නේ දේශපාලන පාට කණ්ණාඩි තුළින් වීම රටේ අභාග්‍යය කියලා හිතෙන්නේ නැද්ද? සොයුර, ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)
කතා දෙකක් නැහැ. හොඳ නැන්දම්මා! (නි)
කොහොම වුණත් ඒ දෙන්නගේ කුමන්ත්‍රණය නම් හරි ගියේ නැහැ නේද? (නි)
ඔය නැන්දම්මා ලේලි ප්‍රශ්නය තියෙන්නේ ලංකාවේ සහ ඉන්දියාවේනේ. හේතුව අර ලබු ගෙඩියේ තොවිලය වගේ ඔක්කොම එකට ඉන්න එක. බැන්දහම වෙනම ඉන්න ඕනෑ කියලා මම නම් කියන්නේ. නැති ප්‍රශ්න හදාගෙන ජීවත්වෙන්නේ මොකද? හැමදාම ජීවත්වෙන්නේ නැහැනේ.ඉන්න ටිකේ සතුටින් ඉන්න ඕනෑ. (නි)
නැන්දම්මා , ලේලිය කියන වචන ගෙදරට හොඳ නැත . අම්මා සහ දුව කියන වචන ඒ වෙනුවට වඩා සුදුසු . අපේ ගෙදර එම වචන භාවිතා වෙනවා. ඒ වගේම ඒ විදියට ක්‍රියා කරනවා. දැන් වසර 20ක් වෙනවා ගැටළු නැත. ඒ අතින් මම , බිරිද, අම්ම හරිම වාසනාවන්තයි (බ)
දයාබර සොයුර..අජිත් ...ඔබහරි... අපේ රටට ජාතියට මෙපමණ විනාශයක් වීගෙන යන්නේ එවැනි පටුවිදියට හිතනා කුහක සිතුවිලි ඇත්තන් නිසා බව අතීත සිදුවීම් තුලින්... .ලබපු අත්දැකීම් ...ගැන හිතනවිට එවැන්නන් ගැන හිතෙන්නේ කනගාටුවක්....එ්ත් එක්කම ජාතියේ අවාසනාවක්දෝ... කියලත් හිතෙනවා..ඔබ ඇතුළු ජාති හිතෛෂී සැමටම ද සුබ අලුත් අවුරුද්දක් නිරතුරු පතමි.(බ)
හා.හා...මාතෘකාවෙන් පිටයනවා කීපදෙනෙක්. අදාල දෙය විතරක් ගන්න.පිටරට ඉන්න හැමෝම කරන්නේ මිල කළහැකි සේවයක් නෙමෙයි. (නි)
ඕයිං ගීයා ඇති අතක් පයක් නොකැඩි (බ)
අපේ අන්කල් කෙනෙක් මම පොඩිකාලේ රතිඤ්ඤා පත්තුකරනකොට ඇවිල්ලා රතිඤ්ඤා එකක් ඉල්ලුවා. සිගරට් එකෙන් රතිඤ්ඤා එක පත්තුකරලා සිගරට් එක විසිකරලා රතිඤ්ඤාව කටේ ගහගත්තා.රතිඤ්ඤේ පිපුරුවා. මුහුණ විනාශයි. තොල්දෙක ඉදිමිලා ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනිච්චා. වාසනාවට හොඳ වුණා. (නි)
ඇති ඔයින් බේරුණා... (නි)
අපෝ! අපේ අයියා කෙනෙක් කන්ද උඩරටින් බැඳපු මනමාලි නම් හරි කම්මැලියි. එයා ගෙදර බාලයා නිසා ඔක්කොම එයාගේ අතට පයට වැඩ කරලා දීලා. දැන් එයාගේ අවිවාහක ලොකු අක්කා තමයි ඉවුම් පිහුම් සහ ළමයා බලාගැනිල්ල ඇතුළු ඔක්කොම ගෙදර වැඩ කරන්නේ. ඒ අතින් මේ මනමාලි ගොඩක් හොඳයි. (නි)
රතිඤ්ඤා එක පත්තු කරලා ගිනිපෙට්ටිය විසිකරලා රතිඤ්ඤා එක සාක්කුවට දාගත්ත කතාව මතක්වුණා. (නි)
ලේලිලා නැන්දම්මලා එකට - පත්තු කරන්නේ කාලතුවක්කු නොවේද (නි)
කතා දෙකක් නැහැ. හොඳ නැන්දම්මා! (නි)
ඔක්කොම දොස් භංගයි..! (නි)
නවාංජන, ඇත්තටම ඇති ඔයින් ගියා.(බ)
ඉදිරි ජීවිතේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. නැන්දම්මා හොඳ නම් ලේලිට හොඳින් ඉන්න පුළුවන්. හැබයි ලේලිත් නැන්දම්මට හොඳට සලකන්න ඕන. (බ)
වාසනාවන්ත මනමාලියක්. සාමාන්‍යයෙන් රතිඤ්ඤා නැතිවුණත් අලුත බැඳපු පුතාලා ඉන්නා තැන අපේ රටේ අම්මලාගේ අතින් වෙඩි පත්තු වෙනවානේ. (නි)
හුඟක් වෙලාවට ලේලිලාව නැන්දම්මලට පෙන්නන්න බැරි එක හේතුවක් වෙන්නේ ඉහවහා ගිය කම්මැලිකම. අද ගැහැණු ළමයි බහුතරයක් සාමාන්‍ය තරමටවත් උයන්න පිහන්න දන්නේ නැහැ. ගෙදර අස්පස් කරන්න මහගෙදරින් අම්මලා අක්කලා එනතුරු බලාගෙන ඉන්න ගැහැණු ළමයෙක් අපේ කාර්යාලයේ ඉන්නවා. (නි)
කුමාරි නම් තවමත් කඩේ යනවා නොවැ (නි)
සමහරවිට ..නෑයො ගියාට පස්සේ .....අලුත් මනමාලිට තරු පෙනෙන්න ඇතිලු.......එත් කම්මැලි නැතිව ගෙදරදොරේ වැඩකරන නිසා ...ඒවා බැලන්ස් වෙන්නත් ඇතිලු.....ඒකනිසා ගෙදරදොරේ වැඩ පුරුදු පුහුණුව කාටකාටත් හොඳයිලු (බ)
දනුක මම හිතන්නේ කාර්යාලයේ අර ළමයාගේ සමහරක් වැඩ කටයුතු කරන්න ඔයා එනකන් බල ඉන්නවත් ඇති කියල හිතෙනවා. (බ)
නැන්දම්මා ලේලි කියන්නේ දිට්ට ධම්මවේදනීය කර්මයක් වගෙයි. ලේලියෙක් කවදාහරි නැන්දම්මෙක් වෙනවානේ (නි)
මම පුංචි කාලේ උණ වෙඩි ගැහුවා.කුස්සි කෑල්ලේ ආච්චි ගොම ගානවා මට අද වගේ මතකයි.අම්ම සාරි ඉරලා තමයි ජනෙල් වලට දැම්මේ.හිස් සිගරට් පැකට් අරගෙන ඇවිල්ලා තුනට කපලා ජනෙල් රෙද්දේ මැද්දට දාල නෙරිය හදනවා.අම්මා හදන කැවුම් මිශ්‍රණය අමුවෙන් කනතරම් රසක් කැවුම් බැඳපුවහම නැහැ.ගමේ මහතුන් සහ විජය කියලා දෙන්නෙක් හිටියා. කසිප්පු බැරල් ගණන් බොන්නේ.හැබැයි මාව දැක්කහම සුදුමහත්තයා කියලා ඔලුව අතගානවා.අවුරුද්දට ඒ කාලේ හොඳම කෑම තමයි අල පරිප්පු සැමන්. ගෙදර හැදුවේ නැහැ. කඩෙන් තමයි ගෙනාවේ.තව ලස්සන විස්තර තියනවා කියා නිමකළ නොහැකි.ස්තුතියි. (නි)
මහින්ද කිතුල්ගොඩ මහතා , ඇත්තම කියන්න එහෙම බලාපොරොත්තුවක් තිබුනා කියලා කාර්යාල සඟයෙකුගෙන් දැනගෙන මම කකුල් දෙකට වැඳලා මාරු වුණා. මගේ යාළුවන් දෙන්නෙක් උඩරට පළාතෙන් බැඳලා ඉගෙනගත්ත පාඩමට පස්සේ මම ඒ පළාතෙන් කටයුත්තක් කරගන්න බොහොම බයයි. ඒගොල්ලන්ගේ ගෙවල් වල ඔක්කොම පාලනය කරන්නේ නෝනාගේ පවුලේ බවලත්තු ටික. (නි)
පහන්ගේ මතකය අපේ සිත් පහන්කළා. රසවත් අදහසක්. (නි)