(තිහගොඩ - උපසේන ලියනගම)
නිරන්තරයෙන් බීමත්ව නිවෙසට පැමිණෙන සිය සැමියාට පාඩමක් ඉගැන්වූ බිරියක් පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ දකුණේ නගරයකිනි.
රජයේ ආයතනයක සේවය කළ ඔහු සුහද සාදවලට බෙහෙවින් ලැදි අයකු නිසා මධුවිත තොලගාගෙන හවස නිවෙසට ඒම සුලබ දැක්මක් විය.
පසුගියදා හැන්දෑවේ හතර ගාතෙන් ගෙදර ආවේ ඔහු කෑමට ඉතා ප‍්‍රිය වූ රට දෙල් ගෙඩියක් ද පොලිතින් උරයක දාගෙනය. ”මේක උදේට තම්බලා දීපන්” බිරියට කී ඔහු වේලාසනම නින්දට ගියේය.
ඔහුට උදේම ඇසුණේ බිරිඳගෙ හඬය. ”අපූරු දෙල්ගෙඩිය, කවුදෝ මේ මනුස්සයට ජම්බෝල ගෙඩියක් දීලා රවට්ටලා. බීගත්තම ඔහොම රැවටෙනවා.” කීවේ බාල පුතාටත් ඇසෙන්නටය. ”එහෙනං අරූ මාව රැවැට්ටුවා” කියමින් සැමියා වෙළෙන්දාට දොස් කීවත් මවත් පුතාත් මහ ? එක්ව දෙල්ගෙඩිය ජම්බෝල ගෙඩියට මාරු කිරීම පිිළිබඳව ඔහු තවමත් දන්නේ නැතිලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා හරිම මෝඩයෙක්නේ. බිරිඳට කියන්න තිබුනේ එහෙනම් දෙනවා ඔය ජම්බෝල ගෙඩිය මන් එ්ක මුදලාලිත් එක්ක විසඳා ගන්නම් කියලා.(නදී)
ජම්බෝල ගෙඩිය දෙකට කපල ඔලුවේ අතුල්ලන්න තිබුනේ වෙරි හිදෙන්න (නදී)
ගෙදර ගෑනිට ළමයින්ට බීල චන්ඩි කම් කරන චණ්ඩියෝ පාරේ යන පොඩි කොල්ලන්ට මාර බයයි. චන්ඩි කම එන්නේ ගෙදර වැටෙන් ඇතුල් උනාමයි. හොඳ වැඩේ ඒ මෝඩයාට.(නදී)
ගෙදර බවලතාට බිමත්ව ඇවිත් චන්ඩි පාට් දාන එක වීර කමක් නෙවෙයි. මෙහෙම බිලා ඇවිත් උදේට වෙරි හිඳුනාම කියන්නේ අනේ මේ ආණ්ඩුවේ පඩිය මාසේ ගැට ගහ ගන්න මදි කියලා. (නදී)
ඇති වෙළෙන්දත් එක්ක රණ්ඩුනොවී බේරුණා (නි)
රෙජි-සිඩ්නි, ඔයත් ඩෝප්කාරයෙක් වගෙයි (නි)
දැන් කාලෙකට කලින් පොඩි ළමයි වගයක් බස් එක ළඟට ඇවිල්ලා පේර බෑග් විකිණූවා. බලනකොට පේර වලට යටින් තියෙන්නේ දෙහි ගැට (නි)
මාලි නම් බොන්න කැමතියි වගේ. ඇත්ත එහෙම ගෑණු අයත් ඉන්නවා. නේද මාලි (බ)
ටිකක් ගත්තට මොකද වෙන්නේ? නේද මාලි? (නි)
ඇඟේපතේ අමාරුවට හැන්දෑවට ටිකක් දාගත්තහම ඔහොම කරන්න වටිනවද මම අහන්නේ? දුකේ බැහැ මේ පිරිමි පරානය ගැන! ගැහැණු කවදත් කපටිකම් වලට හරි දක්ෂයි (නි)
ගෙදර පරිසරය අමිහිරි වූ විට සමහර සැමියන් මිහිරි පරිසර සොයා යනවා. එක අතකට බීමත්කම හොඳයි පර අඹුවන් සොයා යනවාට වඩා. (නදී)